Jump to content

ඩොක්සිසයික්ලින්

විකිපීඩියා වෙතින්
ඩොක්සිසයික්ලින්
Systematic (IUPAC) name
(4S,4aR,5S,5aR,6R,12aS)-4-(Dimethylamino)-3,5,10,12,12a-pentahydroxy-6-methyl-1,11-dioxo-1,4,4a,5,5a,6,11,12a-octahydrotetracene-2-carboxamide
සායනික දත්ත
Trade names ඩොරික්ස්, ඩොක්සිහෙක්සල්, ඩොක්සිලින් ඇතුළු අනෙකුත්
AHFS/Drugs.com Systemic: Monograph
Mouth: Monograph
MedlinePlus a682063
Licence data US Daily Med:link
Pregnancy cat. D (AU) D (US)
Legal status Prescription Only (S4) (AU) POM (UK) -only (US)
Routes මුඛ මාර්ගයෙන්, අන්තශ්ශෛරිකව[1]
Pharmacokinetic data
Bioavailability ~100%
Protein binding 80–90%
Metabolism නොගිණිය යුතු
Half-life පැය 10–22
Excretion Mainly faeces, 40% urine
Identifiers
ATC code ?
Chemical data
Formula C22H24N2O8 
  • CN(C)[C@@H]3C(\O)=C(\C(N)=O)C(=O)[C@@]4(O)C(/O)=C2/C(=O)c1c(cccc1O)[C@H](C)[C@H]2[C@H](O)[C@@H]34
  • InChI=1S/C22H24N2O8.H2O/c1-7-8-5-4-6-9(25)11(8)16(26)12-10(7)17(27)14-15(24(2)3)18(28)13(21(23)31)20(30)22(14,32)19(12)29;/h4-7,10,14-15,17,25,27-29,32H,1-3H3,(H2,23,31);1H2/t7-,10+,14+,15-,17-,22-;/m0./s1 YesY
    Key:XQTWDDCIUJNLTR-CVHRZJFOSA-N YesY

 N (what is this?)  (verify)

ඩොක්සිසයික්ලින් යනු බැක්ටීරියා සහ ඇතැම් පරපෝෂිතයන් නිසා ඇතිවන ආසාදන වලට ප්‍රතිකාර කිරීමේදී භාවිතා කරන ප්‍රතිජීවකයකි.[1] එය බැක්ටීරියා නියුමෝනියාව, කුරුලෑ, ක්ලැමීඩියා ආසාදන, මුල් කාලීන ලයිම් රෝගය, කොලරාව, ටයිෆස් සහ සිෆිලිස් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි.[1] එය මැලේරියාව වැළැක්වීමට සහ ක්විනීන් සමඟ ඒකාබද්ධව මැලේරියාවට ප්‍රතිකාර කිරීමට ද භාවිතා කරයි.[1] ඩොක්සිසයික්ලයින් මුඛයෙන් හෝ නහරයකට එන්නත් කිරීමෙන් ලබා ගත හැක.[1]

පොදු අතුරු ආබාධ අතරට පාචනය, ඔක්කාරය, වමනය සහ අව්වේ පිළිස්සීමේ අවදානම වැඩි වීම ඇතුළත් වේ.[1] ගර්භනී සමයේ පළමු ත්‍රෛමාසිකයේදී හෝ කුඩා දරුවන්ගේ දත් ස්ථිර ලෙස දුර්වර්ණ වීමට හේතු විය හැකි බවට ගැටළු මතු වී තිබේ.[1] සාමාන්‍ය මාත්‍රාවලින් ලබා දීමෙන් ළමුන් තුළ එය සිදු නොවේ.[2] මව්කිරි දීමේදී භාවිතය බොහෝ විට ආරක්ෂිත වේ.[1] ඩොක්සිසයික්ලයින් යනු ටෙට්‍රාසයික්ලයින් පන්තියේ පුළුල් වර්ණාවලී ප්‍රතිජීවකයකි.[1] මෙම පන්තියේ අනෙකුත් කාරක මෙන්, එය ප්‍රෝටීන් නිෂ්පාදනය නිෂේධනය කිරීමෙන් බැක්ටීරියා මන්දගාමී කරයි හෝ විනාශ කරයි.[1][3] එය ප්ලාස්ටිඩ් ඉන්ද්‍රියිකාවක් වන ඇපිකොප්ලාස්ට් ඉලක්ක කර ගනිමින් මැලේරියාව විනාශ කර දමයි.[4][5]

ඩොක්සිසයික්ලයින් සඳහා 1957 දී පේටන්ට් බලපත්‍රය ලබා ගත් අතර 1967 දී එය වාණිජමය භාවිතයට පැමිණියේය.[6][7] එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ අන්තර්ගත කර ඇත.[8] ඩොක්සිසයික්ලයින් සාමාන්‍ය ඖෂධයක් ලෙස ලබා ගත හැකි අතර සාමාන්‍යයෙන් මිල අඩුය.[1][9] සංවර්ධනය වෙමින් පවතින රටවල තොග මිල පෙත්තකට ඇමරිකානු ඩොලර් 0.01 ත් 0.04 ත් අතර වේ.[10] ඇමරිකා එක්සත් ජනපදයේ, දින දහයක ප්‍රතිකාර සඳහා 2019 වන විට ඇමරිකානු ඩොලර් 3.40 ක් පමණ තොග පිරිවැයක් දැරීමට සිදුවේ.[11] කෙසේ වෙතත්, 2014 දී, සැපයුම් ගැටළු හේතුවෙන්, එම මුදලට එය ඇමරිකානු ඩොලර් 60–200 දක්වා අලෙවි විය.[1][12] 2017 දී, එය එක්සත් ජනපදයේ බහුලවම නිර්දේශිත ඖෂධ අතරින් 113 වන ස්ථානය වූ අතර, බෙහෙත් වට්ටෝරු මිලියන හයකට වඩා තිබුණි.[13][14]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Doxycycline calcium". The American Society of Health-System Pharmacists. 23 September 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය Aug 18, 2015.
  2. Ravindra, D; Huang, G; Hallett, K; Burgner, DP; Gwee, A; Silva, MJ (1 July 2023). "Antibiotic Exposure and Dental Health: A Systematic Review". Pediatrics. 152 (1). doi:10.1542/peds.2023-061350. PMID 37264510.
  3. Nelson, ML; Levy, SB (December 2011). "The history of the tetracyclines". Annals of the New York Academy of Sciences. 1241 (1): 17–32. Bibcode:2011NYASA1241...17N. doi:10.1111/j.1749-6632.2011.06354.x. PMID 22191524.
  4. McFadden GI (March 2014). "Apicoplast". Curr. Biol. 24 (7): R262–3. doi:10.1016/j.cub.2014.01.024. PMID 24698369.
  5. Schlagenhauf-Lawlor, Patricia (2008). Travelers' Malaria (ඉංග්‍රීසි බසින්). PMPH-USA. p. 148. ISBN 9781550093360. 1 August 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 August 2019.
  6. Fischer, Janos; Ganellin, C. Robin (2006). Analogue-based Drug Discovery (ඉංග්‍රීසි බසින්). John Wiley & Sons. p. 489. ISBN 9783527607495. 1 අගෝස්තු 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2017.
  7. Corey, E.J. (2013). Drug discovery practices, processes, and perspectives. Hoboken, N.J.: John Wiley & Sons. p. 406. ISBN 9781118354469. 1 අගෝස්තු 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2017.
  8. World Health Organization (2019). World Health Organization model list of essential medicines: 21st list 2019. Geneva: World Health Organization. hdl:10665/325771. WHO/MVP/EMP/IAU/2019.06. License: CC BY-NC-SA 3.0 IGO.
  9. Hamilton, Richard J. (2011). Tarascon pharmacopoeia (12th ed.). Sudbury, MA: Jones & Bartlett Learning. p. 79. ISBN 9781449600679. 1 අගෝස්තු 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2017.
  10. "Doxycycline". International Medical Products Price Guide. 30 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 January 2018.
  11. "NADAC as of 2019-09-11 | Data.Medicaid.gov". Centers for Medicare and Medicaid Services (ඉංග්‍රීසි බසින්). 30 December 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 September 2019.
  12. "Officials Question the Rising Costs of Generic Drugs". New York Times. Oct 7, 2014. 28 October 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 September 2015.
  13. "The Top 300 of 2020". ClinCalc. 12 February 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2020.
  14. "Doxycycline - Drug Usage Statistics". ClinCalc. 8 July 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2020.
"https://si.wikipedia.org/w/index.php?title=ඩොක්සිසයික්ලින්&oldid=787033" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි