ටෙලිග්‍රෑම් විවෘත ජාලය

විකිපීඩියා වෙතින්
විවෘත ජාලය
Other namesTON, ටෙලිග්‍රෑම් විවෘත ජාලය (කලින්)
Original author(s)නිකොලායි ඩුරොව්, පවෙල් ඩුරොව්
සංවර්ධක(යෝ)TON පදනම, ටෙලිග්‍රෑම් (තවදුරටත් සහභාගී නොවේ)
Repositorygithub.com/ton-blockchain
ක්‍රමලේඛන භාෂා(ව)C++
බලපත්‍රයGNU LGPL අනු.2
වෙබ් අඩවියton.org
පසුම්බියට උදාහරණය
පසුම්බි වෙත ප්‍රවේශය සඳහා රහස් වචන 24ක් භාවිතා කරයි, ඒ අනුව පසුම්බියේ බිටු-256 පුද්ගලික යතුර ගණනය කරයි.

විවෘත ජාලය (ඉංග්‍රීසි: The Open Network) හෝ කලින්, ටෙලිග්‍රෑම් විවෘත ජාලය (ඉංග්‍රීසි: Telegram Open Network) යන දෙකෙහිම කෙටි යෙදුම (ඉංග්‍රීසි: TON) යනු බ්ලොක්චේන් පාදක විමධ්‍යගත පරිගණක ජාල තාක්‍ෂණයකි. මෙම ව්‍යාපෘතිය මුලින් ටෙලිග්‍රෑම් කණ්ඩායම විසින් සංවර්ධනය කළ නමුදු 2020 වෙසක් මාසයේදී, එ.ජ. සුරැකුම්පත් හා විනිමය අධිකාරය සමඟ නඩු කීමෙන් පසු ඉවත් විය.

මෙයට TON අථත්‍ය යන්ත්‍රය (TVM හෝ TON VM) අයත් වේ. [1]

ඉතිහාසය[සංස්කරණය]

2013 දී ටෙලිග්‍රෑම් මැසෙන්ජර් නිකුත් වූ දා සිට, එහි ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් අවධාරණය කරන ලද්දේ ක්‍ෂණික පණිවිඩ මෘදුකාංගයෙහි වෙළඳ දැන්වීම් අඩංගු නොවන බවයි. එ.ජ. සුරැකුම්පත් හා විනිමය අධිකාරය (SEC) v. Telegram suit (2020) ආශ්‍රිත ලේඛනවලට අනුව, 2017 වන විට, ස්වයං අරමුදල් සහිත ආරම්භක සමාගමට සේවාදායක සහ සේවා සඳහා ගෙවීමට මුදල් අවශ්‍ය විය. ඩුරොව් ව්‍යාපාර ප්‍රාග්ධන මූල්‍යකරණය ගැන සලකා බැලූ නමුත් ගැටළු විසඳන තෙක් එයට නොයාමට තීරණය කළේය.[2] 2017 උඳුවප් මස මැද බ්ලූම්බර්ග් සම්මුඛ සාකච්ඡාවේදී, ඩුරොව් ප්‍රකාශ කළේ ටෙලිග්‍රෑම් 2018 මුල දී මුදල් ඉපැයීම ආරම්භ කරන බවයි.[3] සමාගම විසින් විවෘත ජාලය (ඉංග්‍රීසි: The Open Network) හෝ ටෙලිග්‍රෑම් විවෘත ජාලය (ඉංග්‍රීසි: Telegram Open Network) (TON) නමින් බ්ලොක්චේන් ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව සහ එහි ඒකකය ග්‍රෑම් (ඉංග්‍රීසි: Gram) (ක්‍රිප්ටෝමුදල්) බව ටෙච්ක්‍රන්ච් තහවුරු කර ඇත.[4]

2018 දුරුතු මාසයේ දී, පිටු 23 කින් යුත් ධවල පත්‍රිකාවක්[5] සහ පිටු 132 කින් යුත් සවිස්තරාත්මක තාක්‍ෂණික පත්‍රිකාවක්[6] ව්‍යාපෘතියට යම් ආලෝකයක් ලබා දුන්නේය. ලේඛන වලට අනුව, ඩුරොව්ස් විසින් දැනට පවතින ටෙලිග්‍රෑම් පරිශ්‍රීලක පදනම TON වෙත ආකර්ෂණය කර ගැනීමට සහ ක්‍රිප්ටෝමුදල් බොහෝ සෙයින් ප්‍රවර්ධනය කර, එය විශාලතම බ්ලොක්චේන් සේවාවක් බවට පත් කිරීමට සැලසුම් කර ඇත. වීචැට්, ගූගල් ප්ලේ හෝ ඇප් ස්ටෝර් ආදියට[7][8] සමාන වන විමධ්‍යගත යෙදුම් සහ සේවා වේදිකාවක් ලෙස TON විස්තර කර ඇත. තවද, පරිමාණනයට මෙන්ම තත්පරයකට ගනුදෙනු දස ලක්‍ෂ ගණනක් හැසිරවීමට ඇති හැකියාව හේතුවෙන් වීසා සහ මාස්ටර්කාඩ් වැනි ගෙවීම් සේවා සඳහා විමධ්‍යගත විකල්පයක් ලෙස ද දක්වා ඇත.[9][10][11] TON සඳහා කේත සමුදාය සාදන ලද්දේ ටෙලිග්‍රෑම් MTProto (ru) හි සංවර්ධකයා වන නිකොලායි ඩුරොව් විසිනි. කෙටුම්පත සහ පවෙල් ව්‍යාපෘතියේ ප්‍රසිද්ධ චරිතය බවට පත් විය. [11]

ග්‍රෑම් පෞද්ගලික විකිණීම[සංස්කරණය]

මැසෙන්ජර් සහ බ්ලොක්චේන් ව්‍යාපෘතිවල සංවර්ධනය සඳහා අරමුදල් සැපයීමට පෞද්ගලික ග්‍රෑම් පිරිනැමීමක් හරහා ආයෝජන ආකර්ෂණය කර ගැනිණි.[12] මෙයට පියවර දෙකක නෛතික පරිපාටියක් භාවිතා විය. TON දියත් කළ පසු ආයෝජකයින්ට ටෝකන ලැබීමට සැලසීම සඳහා ග්‍රෑම් මිලදී ගැනීමේ ගිවිසුම අනාගත ගිවිසුමක් ලෙස ව්‍යුහගත කරන ලද අතර අලෙවි කරනු ලැබුවේ ප්‍රතීත ආයෝජකයින්ට පමණක් බැවින් 1933 සුරැකුම්පත් පනතේ නියාමනය ඩී යටතේ සුරැකුම්පත් ලෙස ලියාපදිංචියෙන් මෙම පිරිනැමීම නිදහස් කරන ලදි. තවද, TON ක්‍රියාත්මක වූ පසු ග්‍රෑම් සඳහා උපයෝගිතා තිබිය හැකි නිසා සුරැකුම්පත් ලෙස නොසැලකිණි.[13] ගිවිසුම කෙටුම්පත් කරන ලද්දේ ප්‍රධාන එ.ජ. නීති සමාගමක් වන ස්කැඩන් විසිනි.[14]

පිරිනැමීම වට දෙකකින් යුක්ත වූ අතර, ඒ සෑම එකක්ම ඩොලර් දස ලක්‍ෂ 850 ක් විය. රුසියානු තාක්‍ෂණික ප්‍රවෘත්ති අඩවියක් පළමු වටය ගණනය කළේ ඩොලර් සිය කෝටි 2.25 ක ටෝකන; ඩොලර් 0.38 බැගින්, අවම මිලදී ගැනීම ඩොලර් දස ලක්‍ෂ 20 ක් ලෙස ය. දෙවැන්න, ඩොලර් සිය කෝටි 640 ක ටෝකන; ඩොලර් 1.33 බැගින්, අවම මිලදී ගැනීම ඩොලර් දස ලක්‍ෂයක් ලෙසයි.[15][16] 2018 බක් මස වන විට, සමාගම එවකට පැවතුනු ICO හරහා ඩොලර් සිය කෝටි 1.7 ක් රැස් කර ඇති බව වාර්තා විය.[17] කෙසේ වුවද, සමාගමේ නිලධාරීන් ICO සම්බන්ධයෙන් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැත. 2018 වසන්තය වන විට, එකම නිල තොරතුරු මූලාශ්‍ර වූයේ ටෙලිග්‍රෑම් විසින් එ.ජ. සුරැකුම්පත් හා විනිමය අධිකාරය වෙත ගොනු කළ D ආකෘති පත්‍ර දෙකයි.[18]

සංවර්ධනය[සංස්කරණය]

TON හි සංවර්ධනය සමස්ත කාලය පුරාවට විනිවිද නොවන සහ සම්පූර්ණයෙන්ම හුදකලා අන්දමකින් සිදු විය.[9] 2018 අවසාන කාර්තුවේ දී ප්‍රධාන ජාලය දියත් කිරීම සඳහා අත්හදා බැලීමේ ජාලය දෙවන කාර්තුවේ දී දියත් කිරීමට මුලින් නියමිතව තිබුණ නමුත් සන්ධිස්ථාන කිහිප වතාවක් කල් දැමිණි. 2019 දුරුතු මාසයේ දී testnet දියත් කරන ලද්දේ සැලැසුමෙන් අඩ වසරක අපගමනයකිනි.[19] වෙසක් මාසයේදී සමාගම විසින් TON බ්ලොක්චේන් ජාල අනුග්‍රාහකයේ සැහැල්ලු අනුවාදය නිකුත් කරන ලදි.[20] බිනර මාසයේදී සමාගම විසින් ගිට්හබ් වෙත TON නෝඩ් සඳහා වන සම්පූර්ණ මූලාශ්‍ර කේත නිකුත් කරන ලද අතර, එමඟින් පූර්ණ නෝඩයක් දියත් කිරීමට සහ testnet ගවේශනය කිරීමට අවස්ථාව උදා විය.[21][22] මේ අනුව, TON ප්‍රධාන ජාලය දියත් කිරීම වප් මස 31 වන දිනට නියමිත විය.[23][24]

SEC සහ ටෙලිග්‍රෑම්[සංස්කරණය]

සුරැකුම්පත් හා විනිමය අධිකාරයට ග්‍රෑම් පෞද්ගලික අලෙවිය ගැන කනස්සල්ලක් ඇති වූ බැවින් නොබෝ දිනකින් ටෙලිග්‍රෑම් සමාගම සම්බන්ධ කර ගෙන මාස 18 ක් පුරාවට සාකච්ඡා කළ ද දෙපාර්ශ්වයම අවබෝධයකට පැමිණියේ නැත.[තහවුරු කර නොමැත] TON දියත් කිරීමට සති කිහිපයකට පෙර, 2019 වප් මස 11 වන දිනයේ දී සුරැකුම්පත් හා විනිමය අධිකාරය ග්‍රෑම් බෙදා හැරීම වැළැක්වීම සඳහා තාවකාලික සීමා කිරීමේ නියෝගයක් ලබා ගන්නා ලදි. නියාමකයා පවසා සිටියේ ආරම්භක ග්‍රෑම් ගැනුම්කරුවන් ප්‍රාරක්‍ෂකයින්ට සමානව ක්‍රියා කරන බවත්, බෙදා හැරීමෙන් පසු ග්‍රෑම් නැවත විකිණීම සුරැකුම්පත් ලියාපදිංචි නොකළ බෙදාහැරීමක් වනු ඇති බවත් ය.[25]

ටෙලිග්‍රෑම් සහ සුරැකුම්පත් හා විනිමය අධිකාරය අතර දීර්ඝ නෛතික සටනකින් පසු, ග්‍රෑම් විකිණීම, ආරම්භක ගැනුම්කරුවන්ට බෙදා හැරීම සහ අනාගතයේ නැවත විකිණීම යන්න ග්‍රෑම් ද්විතීයික වෙළඳපොළට බෙදා හැරීම ලියාපදිංචි නොකළ සුරැකුම්පත් පිරිනැමීමක තනි "පරිපාටියක්" ලෙස බැලිය යුතු බවට වන එ.ජ. සුරැකුම්පත් හා විනිමය අධිකාරයේ දැක්මට නිව් යෝර්ක් දකුණු දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ විනිසුරු පී. කෙවින් කැස්ටල්[26] එකඟ විය. නිකුත් කරන "සුරැකුම්පත්" සමන්විත වූයේ ගිවිසුම් කාණ්ඩ, අපේක්‍ෂණ සහ උනන්දුවක් දක්වන මහජනතාවට ටෝකන විකිණීම සහ බෙදා හැරීම වටා වන අවබෝධතා මත මිස ග්‍රෑම් මතම නොවේ. මෙහි දී, ආරම්භක ගැනුම්කරුවන් ටෝකන පරිභෝජනය කිරීම වෙනුවට නැවත විකිණීමට සැලසුම් කරන ප්‍රාරක්‍ෂකයින් ලෙස ක්‍රියා කර ඇත. එක්සත් ජනපද පුරවැසියන් ද්විතීයික වෙළඳපොළේ ග්‍රෑම් මිලදී ගැනීම වැළැක්වීමට ටෙලිග්‍රෑම් සතුව මෙවලම් නැති බැවින්, එක්සත් ජනපදයේ සහ ඉන් පිටත සිටින ගැනුම්කරුවන් සඳහා ග්‍රෑම් බෙදාහැරීමේ සීමා බලාත්මක විය.[27][28][25]

අධිකරණ තීන්දුවෙන් පසුව, ටෙලිග්‍රෑම් විවෘත ජාලයේ කණ්ඩායම නිවේදනය කරන ලද්දේ 2020 බක් මස 30 වන දිනය වන විට ව්‍යාපෘතිය දියත් කිරීමට නොහැකි වනු ඇති බවයි. TON සමඟ ටෙලිග්‍රෑම් හි ක්‍රියාකාරී මැදිහත්වීම අවසන් කරන බව 2020 වෙසක් මස 12 වන දින, පවෙල් ඩුරොව් නිවේදනය කළේය.[29][30] පොසොන් මස 11 වන දින, සමථයකට පත් වෙමින් ග්‍රෑම් මිලදී ගැනීමේ ගිවිසුම්වල "අවසන් කිරීමේ මුදල්" ලෙස ඩොලර් සිය කෝටි 1.22 ක් ආපසු දීමට සහ සුරැකුම්පත් සහ විනිමය අධිකාරය වෙත ඩොලර් දස ලක්‍ෂ 18.5 ක දඩයක් ගෙවීමට මෙන්ම ඉදිරි වසර තුන තුළ සංඛ්‍යාංක වත්කම් නිකුත් කිරීමට සැලසුම් කර ඇත්නම්, සුරැකුම්පත් හා විනිමය අධිකාරයට දැනුම් දීමට ද සමාගම එකඟ විය. විනිසුරුවරයා පොසොන් මස 26 වන දා බේරුම්කිරීම අනුමත කළේය. "නව සහ නව්‍ය ව්‍යාපාර අපගේ ප්‍රාග්ධන වෙළඳපොළ වලට සහභාගී වීම සාදරයෙන් පිළිගන්නා නමුත් ෆෙඩරල් සුරැකුම්පත් නීතිවල ලියාපදිංචි අවශ්‍යතා ඔවුන්ට උල්ලංඝනය කළ නොහැකියි" යනුවෙන් සුරැකුම්පත් හා විනිමය අධිකාරයේ ප්‍රකාශකයා සඳහන් කළේය. ටෙලිග්‍රෑම් පසුව TON අත්හදා බැලීමේ ජාලය වසා දමා ඇත.[31]

2020 දී, ටෙලිග්‍රෑම් විසින් TON ආයෝජකයින්ට ඩොලර් දස ලක්‍ෂ 770 ක් ආපසු ගෙවා ඩොලර් දස ලක්‍ෂ 443 ක් 10% පොලියට වසරක ණයක් බවට පරිවර්තනය කර එහි මුළු වගකීම ඩොලර් දස ලක්‍ෂ 625.7 ක් දක්වා උත්තරණය කර ඇත. 2021 මැදින් මස 10 වන දින, සමාගම විසින් 2021 බක් මස 30 වන විට ආපසු ගෙවිය යුතු ණය පියවා ගැනීම සඳහා ඩොලර් සිය කෝටියක් වටිනා වසර 5 ක බැඳුම්කර නිකුත් කර ඇත.[32][33]

ටෙලිග්‍රෑම් ලිපිය[සංස්කරණය]

2020 වෙසක් මස දී, ව්‍යාපෘතිය උදෙසා ටෙලිග්‍රෑම් හි කැපවීම අපැහැදිලි වූ විට, අනෙකුත් ව්‍යාපෘති මෙහි තාක්‍ෂණය දියුණු කිරීමට පටන් ගන්නා ලදි.[34]

2021 උඳුවප් මාසයේදී පවෙල් ඩුරොව් මෙසේ ලිවීය.

ටෙලිග්‍රෑම් පසුගිය වසරේ දී TON වෙත සමුදෙන විට (https://telegra.ph/What-Was-TON-And-Why-It-Is-Over-05-12) අනාගත පරපුරේ සංවර්ධකයින් යම් දිනක මහා බ්ලොක්චේන් වෙළඳපොළ වේදිකාවක් පිළිබඳ අපගේ දැක්ම සමඟ ඉදිරියට යනු ඇතැයි යන බලාපොරොත්තුව ප්‍රකාශ කළෙමි..

එබැවින් ටෙලිග්‍රෑම් කේතන තරඟවල ශූරයින් නිදහස් TON ව්‍යාපෘතිය අඛණ්ඩව සංවර්ධනය කිරීම දැකීමට මා තුළ පෙලඹීමක් ඇති විය; එය ඔවුන් ටොන්කොයින් (https://t.me/toncoin) ලෙස නැවත නම් කර ඇත.

අප සාදන ලද තාක්‍ෂණය සක්‍රියව විකාසය වෙමින් පැවතීම ගැන මම ආඩම්බර වෙමි. පරිමාණනය සහ වේගය සැලකීමේ දී, බ්ලොක්චේන් ක්‍ෂේත්‍රයේ අනෙක් සියල්ලට වඩා TON තවමත් වසර ගණනාවක් ඉදිරියෙන් සිටියි. මෙම ව්‍යාපෘතිය මනුෂ්‍යත්වයට ප්‍රතිලාභයක් නොවන බව දැකීම ලැජ්ජාවකි.

මුල් TON මෙන් නොව, ටෙලිග්‍රෑම් වෙතින් ටොන්කොයින් ස්වාධීන වේ. නමුත් එහි කණ්ඩායමට සාර්ථක වීමට මම ප්‍රාර්ථනා කරමි. වෙළඳපොළට යාමේ නිවැරදි උපාය මාර්ගය ද ඇතුළුව, සුව්ශේෂ යමක් තැනීමට අවශ්‍ය සියල්ල ඔවුන් සතුවේ. 💪

පවෙල් ඩුරොව්, https://t.me/durov/175

Ton.org සටහන:

2020-2021: විවෘත මූලාශ්‍ර සංවර්ධකයින් කුඩා කණ්ඩායමක් - NewTON - TON හි කේත සමුදාය, මුඛ්‍ය තාක්ෂණය සහ ප්‍රලේඛනවල ගැඹුරට කිමිදෙයි. ඔවුන් TON හි මුල් ප්‍රලේඛනවල දක්වා ඇති සැලැස්මට අනුකූලව TON හි සංවර්ධනය නැවත ආරම්භ කරයි.

— ton.org, TON සංවර්ධන සිතියම, https://ton.org/en/roadmap

[35]

2020 වෙසක් මස 7 වන දින දියත් කරන ලද, [36] නිදහස් TON (ru) යනු ටෙලිග්‍රෑම් විවෘත ජාල තාක්‍ෂණය අඛණ්ඩව සංවර්ධනය කරන තවත් ව්‍යාපෘතියකි.[37] එහි කේත GNU GPL යටතේ ප්‍රසිද්ධ කර තිබෙන අතර 2021 දුරුතු මස වන විට ව්‍යාපෘතියෙහි ප්‍රජාව පුද්ගලයින් 30,000 ක් දක්වා වර්ධනය වී ඇත.[38] නොමිලේ TON හි ටෝකන "TON ක්‍රිස්ටල්" හෝ "TON" නමින් ජාලයට දායක වීම වෙනුවෙන් ත්‍යාගයක් ලෙස බෙදා හරිනු ලැබේ.[39] දියත් කරන මොහොතේ නිකුත් කරන ලද ටෝකන සිය කෝටි පහෙන්, 85% ක් පරිශ්‍රීලකයින් සඳහා ද, 5% වලංගුකරුවන් සහ 10% සංවර්ධකයින් වෙනුවෙන් ද වෙන් කර ඇත. (TON බ්ලොක්චේන් සඳහා අතරමැදි TON මෙහෙයුම් පද්ධතියේ සංවර්ධකයා වන TON ලැබ්ස් සඳහා වෙන් වූ 5% ක් ද ඇතුළුව). නිදහස් TON හි අත්‍යවශ්‍ය කොටස[40][41][36] වන මෙය 2021 දී එවර්ස්කේල් (ru) ලෙස නැවත නම් කරන ලදි.[42]

නිර්දේශ[සංස්කරණය]

  1. "TVM Overview | The Open Network". docs.ton.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-05-12.
  2. "Plaintiff Securities and Exchange Commission's memorandum of law in support of its motion for summary judgement" (PDF). January 13, 2020.
  3. Stepan Kravchenko, Nour Al Ali, and Ilya Khrennikov (11 December 2017). "This $5 Billion Encrypted App Isn't for Sale at Any Price". Bloomberg. සම්ප්‍රවේශය 8 March 2021.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  4. Butcher, Mike. "Telegram plans multi-billion dollar ICO for chat cryptocurrency". TechCrunch (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 January 2018.
  5. "TON.pdf". Google Docs.
  6. "TON.pdf". Google Docs.
  7. Mike Butcher, Josh Konstine (January 8, 2018). "Telegram plans multi-billion dollar ICO for chat cryptocurrency". TechCrunch. සම්ප්‍රවේශය 4 April 2020.
  8. Jon Russel (January 15, 2018). "Inside Telegram's ambitious $1.2B ICO to create the next Ethereum". TechCrunch. සම්ප්‍රවේශය 4 April 2020.
  9. 9.0 9.1 "Exploring Telegram Open Network". Binance Research. September 27, 2019. සම්ප්‍රවේශය 4 April 2020.
  10. Josh Nadeau (January 15, 2020). "Telegram's Pavel Durov in court over his quest to revolutionize cryptocurrency". Russia Beyond The Headlines. සම්ප්‍රවේශය 4 April 2020.
  11. 11.0 11.1 "TON & Gram: how it started and why it ended". PaySpace Magazine. October 9, 2020. සම්ප්‍රවේශය 5 April 2021.
  12. Mix. "Here is the leaked white paper for the massive Telegram ICO". HardFork (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 6 April 2018.
  13. Rachel McIntosh (October 18, 2019). "SEC vs. Telegram: Will Gram Tokens Ever Be Distributed?". Finance Magnates. සම්ප්‍රවේශය 5 April 2021.
  14. Cali Haan (August 20, 2019). "Unauthorized Telegram Token Secondary Market Transferring Risk". Crowdfund Insider. සම්ප්‍රවේශය 5 April 2021.
  15. Korolev, Igor (2 April 2018). "Under what conditions will Telegram return to investors the collected $ 2.55 billion". CNews (රුසියානු බසින්). සම්ප්‍රවේශය 12 October 2018.
  16. Liptak, Andrew (1 April 2018). "Telegram has raised a total of $1.7 billion from its two pre-ICO sales". The Verge. සම්ප්‍රවේශය 12 October 2018.
  17. Shen, Lucinda (31 March 2018). "Even as Bitcoin Languishes, Telegram Raises $1.7 Billion Ahead of Largest ICO Ever". Fortune. 9 November 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 March 2018.
  18. "Telegram Files New Form D with SEC Indicating $1.7 Billion will be Raised | Crowdfund Insider". Crowdfund Insider (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2 April 2018. සම්ප්‍රවේශය 6 April 2018.
  19. "Despite delay, Durov on track to launch his cryptocurrency in March". The Bell. January 23, 2019. සම්ප්‍රවේශය 17 March 2021.
  20. Denis Olshansky (27 May 2019). "Тестовый клиент TON (Telegram Open Network) и новый язык Fift для смарт-контрактов" [TON test client and FIft language for smart contracts] (Russian බසින්). Habr. සම්ප්‍රවේශය 7 June 2021.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  21. "Telegram может начать публичное тестирование своего блокчейна 1 сентября" [Telegram may start testing its blockchain on September 1st] (Russian බසින්). Vedomosti. 28 August 2019. සම්ප්‍රවේශය 7 June 2021.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  22. Vladislav Voytenko (7 September 2019). "Исходный код TON Blockchain теперь доступен на GitHub" [TON blockchain source code now available on GitHub] (Russian බසින්). Kod. සම්ප්‍රවේශය 7 June 2021.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  23. Sean Hollister (27 August 2019). "Telegram will launch its Gram cryptocurrency by October 31 or bust". The Verge. සම්ප්‍රවේශය 21 March 2021.
  24. Mikhail Tetkin (26 June 2020). "Самолет в никуда. Весь путь развития Telegram Open Network" [A plane to nowhere. The history of Telegram Open Network] (Russian බසින්). RBC. සම්ප්‍රවේශය 7 June 2021.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  25. 25.0 25.1 Robert A. Schwinger (May 26, 2020). "Blockchain law. A "Telegram" to SAFTs: "Beware!"" (PDF). New York Law Journal. සම්ප්‍රවේශය 15 March 2021.
  26. "SEC v. Telegram: Key Takeaways and Implications". www.cooley.com. සම්ප්‍රවේශය 13 May 2020.
  27. "Is There Life for SAFTs After the Telegram Case?". JD Supra. July 21, 2020. සම්ප්‍රවේශය 10 March 2021.
  28. David I. Miller, Charlie Berk (2020-04-01). "SEC v. Telegram: A Groundbreaking Decision in Cryptocurrency Enforcement?". Greenberg Traurig. සම්ප්‍රවේශය 10 March 2021.
  29. "What Was TON And Why It Is Over". Pavel Durov (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 12 May 2020. සම්ප්‍රවේශය 12 May 2020.
  30. Durov, Pavel (2020-05-12). "What Was TON And Why It Is Over". Telegraph – Pavel Durov. සම්ප්‍රවේශය 2020-05-22.
  31. "Telegram to pay SEC fine of $18.5 million and return $1.2 billion to investors as it dissolves TON". Techcrunch. 26 June 2020. සම්ප්‍රවේශය 28 June 2020.
  32. Павел Казарновский, Владислав Скобелев, Анна Балашова (15 March 2021). "Telegram разместил бонды на $1 млрд. На каких условиях инвесторы рискнули вложиться во внебиржевые бумаги" [What were the terms of Telegram's $1 billion bonds placement] (රුසියානු බසින්). RBC. සම්ප්‍රවේශය 15 March 2021.{{cite news}}: CS1 maint: multiple names: authors list (link)
  33. Schechner, Sam (2021-03-15). "Telegram App Is Booming but Needs Advertisers—and $700 Million Soon". Wall Street Journal (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). ISSN 0099-9660. සම්ප්‍රවේශය 2021-03-16.
  34. Ivan Sychev (14 January 2021). "Free TON вырос до $200 млн и планирует дойти до $1 млрд" [Free TON capitalisation reached $200 million and aims for $1 billion] (Russian බසින්). VC.ru. සම්ප්‍රවේශය 8 June 2021.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  35. TON. "TON's roadmap". TON (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-05-12.
  36. 36.0 36.1 "Недооцененный блокчейн: как разработчики платформы TON запустили ее под другим названием и привлекли $6 млн" [Underrated blockchain: how the developers of TON launched it under the other name and raised $6 million]. Forbes (රුසියානු බසින්). 20 May 2021. සම්ප්‍රවේශය 30 May 2021.
  37. "ton/ton-blockchain". GitHub. සම්ප්‍රවේශය 8 June 2021.
  38. Ivan Sychev (14 January 2021). "Free TON вырос до $200 млн и планирует дойти до $1 млрд" [Free TON capitalisation reached $200 million and aims for $1 billion] (Russian බසින්). VC.ru. සම්ප්‍රවේශය 8 June 2021.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  39. Vladislav Skobelev, Anastasia Skrinnikova (7 May 2020). "Блокчейн-платформу TON запустили без Павла Дурова и Telegram. Но без аудитории мессенджера проект рискует остаться нишевым" [TON blockchain was launched without Pavel Durov and Telegram. But without Telegram users it risks to remain a niche product] (Russian බසින්). RBC. සම්ප්‍රවේශය 7 June 2021.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  40. Elyas Kasmi (8 May 2020). "Основателя Telegram не взяли в его собственный блокчейн-проект" [Telegram founder wasn't accepted into his own blockchain project] (Russian බසින්). CNews. සම්ප්‍රවේශය 7 June 2021.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  41. Mikhail Kabanov (22 May 2021). "TON: каким стал один из самых громких блокчейн-проектов без Дурова" [TON: What one of the most famous blockchain projects became without Pavel Durov] (රුසියානු බසින්). RBC. සම්ප්‍රවේශය 30 May 2021.
  42. "Everscale: a rebranding history 🔥". EverKit (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-05-12.