Jump to content

ජොසොන් රාජවංශයේ ශෛලීන් සහ පදවි

විකිපීඩියා වෙතින්
(ජොසොන් රාජවංශ සමයේ ශෛලීන් සහ පදවි වෙතින් යළි-යොමු කරන ලදි)
කොරියාවේ රාජකීය පවුල, දොක්සුගුං මාලිගය

ජොසොන් රාජවංශ සමයේ ‍රාජකීය පදවි සහ ශෛලීන් (ආමන්ත්‍රණ විලාස) අතිශයින් සංකීර්ණ ආකාරයක් ගත්තේ ය‍. රජු සඳහා ව්‍යවහාරිත සාමාන්‍ය නාමය වං (왕, 王) වුවත්, කොරියාවේ ගෝජොං රජු විසින් තමන්ව හ්වංජේ (황제) හෙවත් අධිරජායා ලෙස නම්කොට ගෙන ඇත. මෙම නාමය භාවිතා කෙරුණේ චීන අධිරාජයන් සඳහා පමණකි.[1] මෙම නිල නාමයන් සහ නිල ඇමතුම් ස්වරූපයන් අමතන තැනැත්තා සහ ඇමතුම ලබන තැනැත්තා අනුව වෙනස් විය.

රාජකීය පවුල

[සංස්කරණය]

නාමකරණය

[සංස්කරණය]

කොරියාවේ පාලකයින් (චීන සම්ප්‍රදාය අනුව) සිය පදවිය අනුව වෙනස් වන නම් කිහිපයක් භාවිතා කොට ඇත. පුත්‍රයින්ට ළමා නම් ලබා දෙන ලදී. ඔවුන් කිරුළහිමි කුමරු ලෙස පත්වන විට, ඔවුනට වැඩිහිටි නමක් සමග කිරුළහිමි කුමාර නාමය ලබා දේ. ඔවුන් රජ බවට පත් වූ විට, ඔවුනට ඇමතීමට පෞද්ගලික නම් භාවිත නොකෙරේ. රජු මියගිය පසු, ඔවුනට විවිධ නාමයන් ලබා දිණි. ඉන් එක් නාමයක් නම් විහාර නාමය (묘호, ම්යෝහෝ) යි. මෙය මෙය ලබාදෙන්නේ ඔහුගේ ආත්ම ඵලකය ජොංම්යෝ විහාරයේ තැන්පත් කළ විට ය. ජොසොන් රජවරුන් සඳහා ඉතිහාසඥයින් භාවිතා කරන්නේ මෙම විහාර නාමයයි. මෙම ම්යෝහෝ නාමය බොහෝවිට අවසන් වන්නේ ජෝ (조, 祖, "ආදිකර්තෘ") හෝ ජොං (종, 宗) යන අක්ෂරයෙනි. මෙයට පෙර යෙදෙන මාත්‍රාව රජුට යෝග්‍ය නාම විශේෂණයකි. අනෙක් නාමය මරණාපර නාමය (시호, සිහෝ) යි. මෙය දීර්ඝ නාමයකි. මෙය රජුගේ පාලනයේ ගුණාංග විස්තර කෙරෙන විශේෂණ පදවලින් ගොඩනැගූවකි.[2][3][4] උදාහරණයක් ලෙස ග්යොංජොං රජුගේ මරණාපර නාමය, ග්යොංජොං ගක්ගොං දොක්මුන් ඉංග්මු සුනින් සොන්හ්යෝ දේවං (경종각공덕문익무순인선효대왕) වන අතර, ඔහුගේ විහාර නාමය ග්යොංජොං වේ.

පදවි සහ ශෛලීන්

[සංස්කරණය]

ඇමතුම් විලාස නාමය, පදවිය හෝ එම දෙකම සමග මිශ්‍රව යොදා ගැනිණි. උදාහරණ පහත දැක් වේ:

  • තේජෝ දේවං මමා ("රාජෝත්තම [වෙන් වී ගිය] මහා රජ තේජෝ")
  • දොංගුං මමා (වැඩිමහල් ඥාතීන් විසින් යොදා ගැනේ); සේජා ජොහා (රාජෝත්තම කිරුළහිමි කුමරු)
  • ගොංජු අගිසි (ළමා වියේ දී); ගොංජු මමා (වැඩිහිටි වියේ දී) (‍රාජෝත්තමාවී, කුමරිය)
පදවි නාමය ඇමතුම් විලාසය පැහැදිළි කිරීම
ප්‍රතිශෝධිත රෝමානුකරණය හංගුල් හන්ජා ප්‍ර.රෝ. හංගුල් හන්ජා
ගොංජු 공주[5] 公主 අගිසි
මමා
아기씨
마마

媽媽
රජු සහ අගබිසවගේ දියණිය මඳහා වන පදවි නාමය සහ ස්වරූපයයි. (කුමරිය) අගිසි යන්න ළමා වියේ භාවිත වූ අතර මමා යන්න වැඩිහිටි වියේ භාවිත විය.
ගුන්
වංජා
[6]
왕자

王子
දේගැම් 대감 大監 රජුට දාව උපබිසවකට උපන් පුත්‍රයකුට හෝ රජුගේ කිරුළහිමි කුමරු නොවන පුත්‍රයකුගෙන් ලැබෙන මුණුපුරකු සඳහා භාවිත පදවිය සහා ඇමතුමයි. වැඩිහිටි වියට පෙර ඔවුන්ව වංජා ලෙස අමතන ලදී.
ගුන්බුඉන් 군부인[7] 郡夫人 මමා 마마 媽媽 "ගුන්" ලෙස ඇමතෙන කුමරකුගේ බිරියයි.
ගුන්වි 군위 君尉 බුමා 부마[8] 駙馬 රජුගේ බෑනා, එනම් කුමරියකගේ සැමියායි.
ඔංජු 옹주[9] 翁主 අගිසි
මමා
아기씨
마마

媽媽
උපබිසවකට උපන් කුමරිය.
බුබුයින් 부부인[10] 府夫人 මමා 마마 媽媽 "දේගුන්" පදවිය උසුලන කුමරකුගේ බිරිඳයි.
බුදේබුඉන් 부대부인[11] 府大夫人 මමා 마마 媽媽 දේවොන්ගුන් කෙනෙකුගේ බිරිඳ
බුවොන්ගුන් 부원군[12] 府院君 දේගම් 대감 大監 අගබිසවගේ පියා, දළ වශයෙන් "කුමරු" ලෙස පරිවර්තනය කෙරෙන අතර ඔහුගේ ආමන්ත්‍රණ විලාසය "අධිපතිතුමන්" පරිදි විය.
සංවං 상왕[13] 上王 ජොන්හා 전하 殿下 හිටපු රජ, සිය පුතුට සිහසුන ලබාදීමට ස්වකැමැත්තෙන්ම සිහසුන අත්හැරි රජ.
සොන්දවං 선대왕[14] 先大王 මමා 마마 媽媽 මියගිය රජුගේ පදවිය සහ ඇමතුම් විලාසයයි. බලන්න: දේවං
දේබි 대비[15] 大妃 මමා 마마 媽媽 වැන්දඹු අගබිසව
දේගුන් 대군[16] 大君 දේගැම් 대감 大監 රජු සහ අගබිසවගේ පුත්‍රයායි, කිරුළහිමි කුමරු නොවන කුමාරකි. ("ප්‍රධාන කුමරු", "අධිපතිතුමන්")
තේසංවං 태상왕[17] 太上王 ජොන්හා 전하 殿下 සංවංට පෙර සිහසුන අත්හැරි රජ
තේසංවංබි 태상왕비[17] 太上王妃 මමා 마마 媽媽 තේසංවංගේ අගබිසව
දේවං 대왕[18] 大王 මමා 마마 媽媽 මියගිය හිටපු රජ, බලන්න: සොන්දේවං
දේවංදේබි 대왕대비[19] 大王大妃 මමා 마마 媽媽 රජුගේ මහා-මිත්තණිය
දේවොන්ගුන් 대원군[20] 大院君 මමා 마마 媽媽 රජුගේ පියා ඔහුට පෙර සිටි රජකු නොවේ නම්, ඔහුට මෙම පදවි නාමය ලබා දේ. ආසන්න වශයෙන් එහි අරුත "ප්‍රධාන කුමරු".
වං[21]
ජුසං[22]
ඉම්ගුම්[21]
නරන්නිම්[23]
ගුක්වං[24]
ගුම්සං[25]
සංගම්[26]
දේජොන්[27]
ග්වඉන්[28]

주상
임금
나랏님
국왕
금상
상감
대전
과인

下上


國王
今上
上監
大殿
寡人
ජොන්හා 전하 殿下 වත්මන් රජුයි. අමතන්නා සහ අවස්ථාව අනුව විවිධ අයුරින් ඔහුව අමතනු ලබයි.
වංබි
ජුංජොන්
왕비[29]
중전[30]
王妃
中殿
මමා 마마 媽媽 වර්තමාන රැජින.
වංහු 왕후[31] 王后 මමා 마마 媽媽 අගබිසවගේ මරණාපර පදවි නාමය.
වංදේබි 왕대비[32] 王大妃 මමා 마마 媽媽 දේබිට වඩා වැඩිමහල් රාජකීය ඥාතිවරියකි. උදාහරණ ලෙස රජුගේ මිත්තණිය හෝ නැන්දණිය වැනි
වංසේජා
සේජා
දොංගුං[33]
왕세자[34]
세자[34]
동궁[35]
王世子
世子
東宮
ජෝහා
ජෝහා
මමා
저하
저하
마마
邸下
邸下
媽媽
සිහසුනේ උරුමකරු.
වංසේජාබින්
සේජාබින්
බින්ගුං
왕세자빈[36]
세자빈[36]
빈궁[37]
王世子嬪
世子嬪
嬪宮
මමා 마마 媽媽 සිහසුනේ උරුමකරුගේ බිරිඳයි; එනම් කිරුළහිමි කුමරියයි.
වංසෙජේ 왕세제[38] 王世弟 ජෝහා 저하 邸下 කිරුළහිමි කුමරු ලෙස රජුගේ සොහොයුරකු පත්කළ විට යෙදේ. (සිහසුනට උරුමකරු ලෙස)
වංසෙසොන් 왕세손[39] 王世孫 හාපා 합하 閤下 කිරුළහිමි කුමරුගේ පුත්‍රයා.
වොන්ජා 원자[40] 元子 මමා 마마 媽媽 කිරුළහිමි කුමරු‍ ලෙස පත්වීමට පෙර රජුගේ වැඩිමහල් පුත්‍රයා අමතන පදවි නාමය සහ ස්වරූපයයි.
මූලාශ්‍ර: Royalark[41][42]

බිසෝවරු සහ උපබිසෝවරු

[සංස්කරණය]

රජුගේ අන්තඃපුරයේ (හුගුං, 후궁/ 後宮) සිටි බිසෝවරුන් සහ උපබිසෝවරුනට නිශ්චිත ශ්‍රේණියක් තිබූ අතර, ‍ඒ අනුව ඔවුනගේ පදවි නාමයක් සහ ආමන්ත්‍රණ විලාසය සකස් විණි.[41] පදවි නාමය සමග මමා (마마 / 媽媽) යන ආමන්ත්‍රණ ස්වරූපය යෙදේ.

අගබිසවගෙන් පසුව ශ්‍රේණි පහත පරිදි සකස් වේ:

හංගුල් හන්ජා ප්‍රතිශෝධිත රෝමානුකරණය ශ්‍රේණිය
බිසෝවරු (බි, 비)
귀비 貴妃 ග්වයිබි ජ්‍යෙෂ්ඨ 1 (정1품)[43]
숙비 淑妃 සුක්බි
원비 元妃 වොන්බි
덕비 德妃 දොක්බි
현비 賢妃 හ්යොන්බි
උපබිසෝවරු (ග්වයිබින්, 귀빈)
බින්[44] ජ්‍යෙෂ්ඨ 1 (정1품)
귀인貴人ග්වයිඉන්කනිෂ්ඨ 1 (종1품)
소의昭儀සෝඋයිජ්‍යෙෂ්ඨ 2 (정2품)
숙의淑儀සුගුයිකනිෂ්ඨ 2 (종2품)
소용昭容සෝයොංජ්‍යෙෂ්ඨ 3 (정3품)
숙용淑容සුග්යොංකනිෂ්ඨ 3 (종3품)
소원昭媛සෝවොන්ජ්‍යෙෂ්ඨ 4 (정4품)
숙원淑媛සුග්වොන්කනිෂ්ඨ 4 (종4품)
කිරුළහිමි කුමරුගේ උපබිසෝවරු[45]
양제良娣යංජේකනිෂ්ඨ 2 (종2품)
양원良媛යංවොන්කනිෂ්ඨ 3 (종3품)
승휘承徽ස්‍යුංහ්විකනිෂ්ඨ 4 (종4품)
소훈昭訓සෝහුන්කනිෂ්ඨ 5 (종5품)
මූලාශ්‍ර: Royalark[41][42][46]

රාජ මාලිගය

[සංස්කරණය]
ගුංන්යෝවරියන් ලෙස සැරසුණු නිරූපිකාවන්.

ගුංන්යෝ (සාහිත්‍යමය "මාලිග ස්ත්‍රීන්")[47] යනු සම්ප්‍රදායික කොරියානු සමාජයේ රජු සහ අනෙක් රාජකීයයන් වෙනුවෙන් නැවතී සිට සේවය සලසනු ලැබූ කාන්තාවන් සඳහා යොදන කොරියානු වදනකි. මෙය "ගුංජුංයෝග්වන්" යන වදනෙහි කෙටි යෙදුමක් ලෙස සැලකේ. මෙහි අරුත "රාජ මාලිගයේ නිලධාරිණිය" යන්නයි.[48]

හංගුල් හන්ජා ප්‍රතිශෝධිත රෝමානුකරණය ශ්‍රේණිය
මාලිග ස්ත්‍රීන් (ගුංන්යෝ, 궁녀)[49]
상궁尙宮සංගුංජ්‍යෙෂ්ඨ 5 (정5품)
상의尙儀සංගුයි
상복尙服සංබොක්කනිෂ්ඨ 5 (종5품)
상식尙食සංසික්
상침尙寢සංචිම්ජ්‍යෙෂ්ඨ 6 (정6품)
상공尙功සංගොං
상정尙正සංජොංකනිෂ්ඨ 6 (종6품)
상기尙記සංගි
전빈典賓ජොන්බින්ජ්‍යෙෂ්ඨ 7 (정7품)
전의典衣ජොන්ඉ
전선典膳ජොන්සොන්
전설典設ජොන්සොන්‍කනිෂ්ඨ 7 (종7품)
전제典製ජොංජේ
전언典言ජොනොන්
전찬典贊ජොන්චන්ජ්‍යෙෂ්ඨ 8 (정8품)
전식典飾ජොන්ෂික්
전약典藥ජොන්යක්
전등典燈ජොන්ද්‍යුංකනිෂ්ඨ 8 (종8품)
전채典彩ජොන්චේ
전정典正ජොන්ජොං
주궁奏宮ජුගුංජ්‍යෙෂ්ඨ 9 (정9품)
주상奏商ජුසං
주각奏角ජුගක්
주변징奏變徵ජුබ්යොන්ජිංකනිෂ්ඨ 9 (종9품)
주징主徵ජුජිං
주우奏羽ජුඋ
주변궁奏變宮ජුබ්යොංගුං
පණ්ඩකවරු (නේසි, 내시)[50]
상선尙膳සංසොන්කනිෂ්ඨ 2 (종2품)
상온尙醞සන්ගොන්ජ්‍යෙෂ්ඨ 3 (정3품)
상다尙茶සංදා
상약尙藥සන්ග්යක්කනිෂ්ඨ 3 (종3품)
상전尙傳සංජොන්ජ්‍යෙෂ්ඨ 4 (정4품)
상책尙冊)සංචෙක්කනිෂ්ඨ 4 (종4품)
상호尙弧සංහෝජ්‍යෙෂ්ඨ 5 (정5품)
상탕尙帑සංතංකනිෂ්ඨ 5 (종5품)
상세尙洗සංසේජ්‍යෙෂ්ඨ 6 (정6품)
상촉尙燭සංචොක්කනිෂ්ඨ 6 (종6품)
상훼尙煊සංහ්වේජ්‍යෙෂ්ඨ 7 (정7품)
상설尙設සංසොල්කනිෂ්ඨ 7 (종7품)
상제尙除සංජේජ්‍යෙෂ්ඨ 8 (정8품)
상문尙門සංමුන්කනිෂ්ඨ 8 (종8품)
상경尙更සංග්යොංජ්‍යෙෂ්ඨ 9 (정9품)
상원尙苑සංවොන්කනිෂ්ඨ 9 (종9품)

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ඉයන් ම්ලැඩ්ජොව්. "කොරියා (හංගුක්/ජෝසොන්)" (pdf). මිචිගන් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 2014-04-01.
  2. "රීඩිස්කවරිං ඒස්තටික්ස් ඔෆ් ජොංම්යෝ ෂ්‍රයින්". කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2015-12-09.
  3. "කොරියා: නෝට්ස්". archontology.org. සම්ප්‍රවේශය 2015-12-09.
  4. "조선시대 국왕호칭의 종류와 의미 ද කයින්ඩ්ස් අන්ඩ් මීනිං ඔෆ් කිං'ස් නේම් ඉන් ද චෝසුන් ඩයිනාස්ටි". 역사와경계 (ඉංග්‍රීසි and කොරියානු බසින්) (52). NRF: 46–67. 2004. සම්ප්‍රවේශය 2015-12-09.
  5. "공주" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
  6. "군" (කොරියානු බසින්). බ්‍රිටනිකා කොරියා. සම්ප්‍රවේශය 2014-04-03.
  7. "군부인" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
  8. "부마" (කොරියානු බසින්). කේනර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
  9. "옹주" (කොරියා බසින්). බ්‍රිටනිකා කොරියා. සම්ප්‍රවේශය 2014-04-03.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  10. "부부인" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
  11. "부대부인" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  12. "부원군" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  13. "상왕" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  14. "선대왕" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  15. "대비" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  16. "대군" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
  17. 1 2 "태상왕" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  18. "대왕" (කොරියානු and ඉංග්‍රීසි බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-01.
  19. "대왕대비" (කොරියානු බසින්). කොරියානු ඉතිහාසය පිළිබඳ ජාතික ආයතනය. සම්ප්‍රවේශය 2014-04-02.
  20. "대원군" (කොරියානු and ඉංග්‍රීසි බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-01.
  21. 1 2 "왕" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  22. "주상" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  23. "나랏님" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-01.
  24. "국왕" (කොරියානු බසින්). නේවර් හබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  25. "금상" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  26. "상감" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  27. "대전" (කොරියානු බසින්). බ්‍රිටනිකා කොරියා. සම්ප්‍රවේශය 2014-04-02.
  28. රජු තමන්ටම අමතා ගන්නේ මේ ආකාරයෙනි. "과인" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  29. "왕비" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  30. "중전" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  31. "왕후" (‍කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  32. "왕대비" (ඉංග්‍රීසි බසින්). කොරියානු ඉතිහාසය පිළිබඳ ජාතික ආයතනය. සම්ප්‍රවේශය 2014-04-02.
  33. වැඩිමහල් ඥාතීන් විසින් පමණක් භාවිත කෙරිණි.
  34. 1 2 "왕세자" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  35. "동궁" (කොරියානු බසින්). ඩෝම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-02.
  36. 1 2 "왕세자빈" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
  37. "빈궁" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
  38. "왕세제" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2015-12-10.
  39. "왕세손" (කොරියානු බසින්). නේවර් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-03.
  40. "원자" (කොරියානු and ඉංග්‍රිසි බසින්). ඩොම් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2014-04-01.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  41. 1 2 3 "ස්ටයිල්ස් ඇන්ඩ් ටයිට්ල්ස්". Royalark. සම්ප්‍රවේශය 2014-04-01.
  42. 1 2 "ග්ලොසරි". Royalark. සම්ප්‍රවේශය 2015-12-13.
  43. "정일품" (කොරියානු බසින්). කොරියානු අධ්‍යයන ඇකඩමිය. සම්ප්‍රවේශය 2014-04-15.
  44. නොයෙකුත් ප්‍රභේද පැවතිණි; උදාහරණ ලෙස 희빈 (හුයිබින්) / 숙빈 (සුක්බින්) / 경빈 (ග්යොංබින්) / 창빈 (චංබින්) / 선빈 (සොන්බින්) ආදිය දැක්විය හැක.
  45. "궁인직" (කොරියානු බසින්). කොරියානු අධ්‍යයන ඇකඩමිය. සම්ප්‍රවේශය 2014-04-15.
  46. "궁궐(宮闕)" (කොරියානු බසින්). කොරියානු අධ්‍යයන ඇකඩමිය. සම්ප්‍රවේශය 2015-12-13.
  47. හන්, හී-සූක්, pp. 141–146
  48. "කොරියන් ෆුඩ් කල්චර් සීරීස් – 5වන කොටස; රෝයල් කුයිසින් – හූ මේඩ් රෝයල් කුයිසින්ස්?". කොරියා සංචාරක සංවිධානය.
  49. "궁녀" (කොරියානු බසින්). ඩෝම් ඔස්සේ බ්‍රිටනිකා කොරියා. සම්ප්‍රවේශය 2014-04-15.
  50. "내시부" (කොරියානු බසින්). ඩෝම් ඔස්සේ බ්‍රිටනිකා කොරියා. සම්ප්‍රවේශය 2014-04-15.