ජේම්ස් කුක්ගේ පළමුවන මුහුදු ගමන
පෙනුම


1768 වසරෙහි සිට 1771 වසර දක්වා ක්‍රියාත්මකවූ ජේම්ස් කුක්ගේ පළමුවන මුහුදු ගමන, එච්එම්එස් එන්ඩේවර් නෞකාව භාවිතා කරමින්, දකුණු ශාන්තිකර සාගරය වෙත රාජකීය නාවික හමුදාවෙහි සහ රාජකීය සංගමයෙහි ඒකාබද්ධ ගවේෂණයක් විය. මෙම ගමනෙහි අරමුණු වූයේ 1769 වසරෙහි වීනස් ග්‍රහයාගේ සංක්‍රාන්තිය ටහීටි සිට නිරික්ෂණය කිරීමට සහ උපකල්පිත සංකල්පයක්ව පැවති ටෙරා ඔස්ට්‍රාලිස් ඉන්කොග්නිටා හෝ "සොයානොගත් දක්ෂිණ භූමිය" පිළිබඳ සාක්ෂි සපයාගැනීම වෙති. මෙය වනාහී කුක් විසින් ආඥාපතිත්වය සැපයූ මුහුදු ගමන් තුනෙන් පළමුවැන්න විය.