ජෙරමි අයිරන්ස්

විකිපීඩියා වෙතින්
උපත 1948 සැප්තැම්බර් 19 (අවු. 61)
කව්ස්, අයිස්ලේ ඔෆ් වේට්, එංගලන්තය
රැකියාව නළුවෙකි
ක්‍රියාකාරි වර්ෂයන් 1971 සිට වර්තමානය දක්වා
භාර්යාව(වරු) ජූලී හලම් (1969), සයිනීඩ් කසක් (1978 -වර්තමාන)

ජෙරමි ජෝන් අයිරන්ස්, එංගලන්තයේ අයිල් ඔෆ් වයිට් හිදී උපත ලැබීය. පැරණි බ්‍රිතාන්‍ය රංඟ පාසලින් සම්භාව්‍ය පුහුණුවක් ලැබූ ඔහු, 1969 දී වේදිකාව මතින් තම රංඟන දිවිය ආරම්භ කළේය. ඉන්පසු ඔහු "ද වින්ටර්ස් ටේල්" (The Winter’s Tale), "මැක්බත්" (Macbath), "මච් අඩු අබවුට් නතින්" (Much Ado About Nothing), "ද ටේමින් ඔෆ් ද ශෘ" (The Taming of the Shrew) සහ "රිචර්ඩ් II" (Richard II) වැනි නාට්‍ය වල පෙනී සිටියේය. වසර 1984 දී තම රංඟන දිවියේ වෙනසක් ඇතිකළ, ටොම් ස්ටොපාර්ඩ් ගේ "ද රියල් තින්" (The Real Thing) නාට්‍යයේ පෙනී සිටිමින් හොඳම නළුවාට පිරිනැමෙන "ටෝනි සම්මානය" දිනා ගත්තේය. ඔහු පළමු වරට සිනමාවේ ප්‍රධාන භූමිකාවක් නිරූපනය කළේ 1981 දී "ද ෆ්‍රෙන්ච් ලිටුනන්ට්ස් වුමන්" (The French Lieutenant’s Woman) නම් ආදර කතාවෙහිය. මේ වෙනුවෙන් ඔහුව හොඳම නළුවා වෙනුවෙන් පිරිනැමෙන BAFTA සම්මානය වෙනුවෙන් නිර්දේශ විය. 1982 දී තිරගත වූ "මූන්ලයිටින්" (Moonlighting), 1983 දී "බිට්‍රේයල්" (Betrayal) හා 1986 දී "ද මිෂන්" (The Mission) ආදී චිත්‍රපට වල ඔහුගේ රංගනය විශිෂ්ට වේ. ඩේවිඩ් ක්‍රොනන්බර්ග් ගේ "ඩෙඩ් රින්ගර්ස්" (Dead Ringers) නම් චිත්‍රපටයේ රංගනය නිසා ඔහු විචාරක පැසසුමට ලක්විය. ඔහු 1990 දී "ද රිවර්සල්" හි රඟපෑ යුරෝපීය රදළ චරිතය වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් දිනා ගත්තේය. ඔහුගේ අනෙකුත් සාර්ථක චිත්‍රපට අතර “ද හවුස් ඔෆ් ද ස්පිරිට්ස්” (1993), “ද ලයන් කින්ග්” (1994), “ඩයි හාර්ඩ් විත් අ වෙන්ගන්ස්” (1995), “ලොලීටා” (1997), “ද මර්චන්ට් ඔෆ් වෙනීස්” (2004), “බීන්ග් ජූලියා” (2004) සහ “ඇපලූසා” (2008) වැදගත් තැනක් ගනී. ජෙරමි කාලීන රූපවාහිනී නළුවෙකු ලෙසද ක්‍රියා කරයි. 1981 දී "බ්‍රයිඩ්ෂෙඩ් රිවිසිටඩ්" (Brideshed Rivisited) නම් ITV රූපවාහිනී කතා මාලාව වෙනුවෙන් ඔහුට තම පළමු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගැනීමට හැකි විය. "එලිසබෙත් I" (Elizabeth I) නම් ටෙලිවිෂන් කතා මාලාව වෙනුවෙන් ඔහුට තම දෙවැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයත් හොඳම සහාය නළුවා ලෙස එමී සම්මානයකුත් දිනා ගැනීමට හැකි විය.


මූලික අවධිය[සංස්කරණය]

මොහු වර්ෂ 1948 දී ගණකාධීකාරවරයෙකු වූ පෝල් ඩුගන් අයිරන්ස් ට හා බාබර ඇනී ෂාර්ප් අයිරන්ස් ට දාව අයිල් ඔෆ් වයිට් හිදී උපත ලැබීය. ඔහුගේ මව අයිරිෂ් පරම්පරාවකින් පැවත එන්නියකි. ජෙරමි හට ක්‍රිස්ටෝපර් නම් වැඩිමහලු සොහොයුරෙක්ද, ෆෙලිසිටි ඈන් නම් වැඩිමහලු සොහොයුරියක්ද සිටී. ඩෝර්සෙට් හි ෂර්බෝන් නිදහස් පාසලින් ඉගෙනුම ලැබූ ඔහු, සතර දෙනෙකුගෙන් යුත් පාසල් තූර්ය වාදන කණ්ඩායමේ බෙර වාදනයට හා හාර්මොනිකා වාදනයට ප්‍රසිද්ධියක් ඉසිලීය. මෙහි සන්දර්ශන බොහෝවිට පන්තිකාමරයට හා භෞතික විද්‍යාගාරයට පමණක් සීමා විය. ආශ්‍රමයේ හා පාසල් වාර අවසානයේ පැවැත්වෙන රාත්‍රී භෝජන වලදී දක්නට ලැබෙන විවිධ මන්දහාසී චරිත වල රඟපෑමෙන් ඔහු ප්‍රසිද්ධ විය.

"https://si.wikipedia.org/w/index.php?title=ජෙරමි_අයිරන්ස්&oldid=472595" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි