ජූරි සභාව

විකිපීඩියා වෙතින්

ජූරි සභාව

අ.න.වි.ස. 209

1. ජුරි සභාව සත් දෙනෙකුගෙන් සමන්විත විය යුතුය

2. දෙනු ලබන තීරණ ඒකමතික තීරනයක් හෝ පස් දෙනෙකු හෝ ඊට වැඩි බහුතර සංඛයාවක් විසින් දෙනු ලබන කිරණයක් විය යුතුය.

අ.න.වි.ස. 210

1. අධිකරණය අන්‍යකාරයකින් විධාන කරතොත් මිස චූදිතයා විසින් තෝරාගනු ලබන මූල මණ්ඩලයකින් ජූරි සබාව සකස්කර ගත යුතුය.

2. කුසපත් ඇදිමෙන් මුල මන්ඩලයෙන් ජූරි සබාව තොරාගනු ලැබිය යුතුය.

ජූරි සභිකයකු විමට සුදුසුකම්

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත XX වන පරිචේජදය

244- වසය අවුරුදු විසි එක සම්පුර්ණ වි සිටින්නා වුද අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් හෝ ඊට සමාන විභාගයකින් සිංහල හෝ දෙමළ භාසාව ඇතුළුව විෂයන් හයහින් සමත්වි සිටින්නා වුද මාසයකට රුපියල් තුන්සියකට නොඅඩු ආදායමක් ලබාන්නා වුද ශ්‍රි ලංකාවේ පදිංචිව සිටින්නා වුද  සෑම තැනැත්තෙකුම 245 වන හා 246 වන වගන්ති වල විධිවිධාන වලට යටත්ව ජූරි සභිකයකු වශයෙන් සේවය කිරිමට සුදුස්සකු වන අතර එසේ සේවය කිරිමට යටත්විය යුතුය. තවද එයින් යම් තැතැත්තෙකු පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිදාරියකු වන්නේ නම් එවැනි සෑම තැනැත්තෙකුම ඊට අතිරේකව විශේස ජූරි සභිකයකු වශයෙන් සේවය කිරිමට සුදුසුසකු වන අතර එසේ සේවය කිරිමට යටත්විය යුතුය.

245 - ජුරි සබිකයින් වශයෙන් සේවය නොකල යුතු තැනැත්තන්

අ. ශ්‍රි ලංකා ජනරජයේ ජනාධිපති වරයා

ආ. බලපවත්නා නීතිය යටතේ පිහිටුවා ඇති අධිකරණ වල විනිශ්චයකාරවරයෝ

ඇ. පාර්ලිමේන්තු මාන්ත්‍රි වරුන්

ඈ. විදේහිය ආණ්ඩු වල නියෝජිත වරයෝ

ඉ. පාර්ලිමේන්තුවේද අධිකරණ සහ අධිකරණ අමාත්‍යංශයේ ද නිළදාරින් සහ අනෙකුත් සේවා නියුක්තිකයේ

ඊ. අ.න.වි.ස. සංග්‍රහය යටතේ පත්කරනු ලබන පරික්ෂක වරුන්

උ. නිතිඥවරුන්

උ. පොලිස් හා රේගු නිළධාරියෝ

ඒ. ප්‍රව්‍රජිතයේ

ඒ. නිතිපති වරයාගේ බන්ධනාගාර කොමසාරිස් වරයාගේ හා පරිවාස සහ ළමා රක්ෂන සේවා කොමසාරිස් වරයාගේ දෙපාර්තමේනුතු වල සේවයේ නියුක්ත තැනැත්තන්

ඔ. එක් මාසයක් හෝ ඊට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරිමේ දඩුවමක් විද ඇති තැනැත්තන්

ඕ. ඩූරි සභිකයකුගේ කාරිය ඉටුකිරිමට තමන් නුසුදුසු බවට පත්කරවන අන්දමින් හාරිරික හා මානසික අශක්‍යතාවය කින් යුත් හෝ ජූරි සභිකයකුගේ කාර්යය ඉටුකිරිමට තමන් නුසුදුසු බවට පත්කරවන අන්දමේ ආගමික ප්‍රතිපත්ති පිළිගෙන සිටින තැනැත්තන්

246 - තමන්ගේ කැමැත්ත ඇතිව මිස ජූරි සභිකයක් වශයෙන් සේවය නොකල යුතු කැනැත්තන්

අ. ශ්‍රි ලංකා යුධ හමුදාවේ නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ පුර්ණ වැටුප් සහිත සේවයේ හෝ සක්‍රිය සේවයේ හෝ යෙදි සිටින තැනැත්තන්

ආ. තත් කාලයේ බලපවත්නා නිතිය යටතේ වෛද්‍යවරයන් ලෙස ලියාපදිංචි වි සිටින තැනැත්තන්

ඇ. ඔෂද සංයෝජකයන් වශයෙන් සේවයේ යෙදි සිටින තැනැත්තන්

ඈ. උපත් හා මරණ රෙජින්ටාර් වරයෝ

ඉ. වසය අවුරුදු 60 ඉක්මවා ඇති තැනැත්තන්

"https://si.wikipedia.org/w/index.php?title=ජූරි_සභාව&oldid=491947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි