ජුලී බිෂොප්
ගරු ජුලී බිෂොප් MP | |
---|---|
![]() | |
Minister for Foreign Affairs | |
නිලයට පත්වූයේ 2013 සැප්තැම්බර් 18 | |
Prime Minister | ටෝනි ඇබට් |
පූර්වප්‍රාප්තිකයා | Bob Carr |
Deputy Leader of the Liberal Party | |
නිලයට පත්වූයේ 29 November 2007 | |
Leader | Brendan Nelson Malcolm Turnbull ටෝනි ඇබට් |
පූර්වප්‍රාප්තිකයා | Peter Costello |
Deputy Leader of the Opposition | |
පදවිය දැරීම 2007 දෙසැම්බර් 3 – 2013 සැප්තැම්බර් 18 | |
Leader | Brendan Nelson Malcolm Turnbull ටෝනි ඇබට් |
පූර්වප්‍රාප්තිකයා | ජුලියා ගිලාඩ් |
අනුප්‍රාප්තිකයා | Anthony Albanese |
Minister for Ageing | |
පදවිය දැරීම 2003 ඔක්තෝම්බර් 7 – 2006 ජනවාරි 27 | |
Prime Minister | John Howard |
පූර්වප්‍රාප්තිකයා | Kevin Andrews |
අනුප්‍රාප්තිකයා | Santo Santoro |
Minister for Education, Science and Training | |
පදවිය දැරීම 2006 ජනවාරි 27 – 2007 දෙසැම්බර් 3 | |
Prime Minister | John Howard |
පූර්වප්‍රාප්තිකයා | Brendan Nelson |
අනුප්‍රාප්තිකයා | ජුලියා ගිලාඩ් |
Member of the Australian Parliament for Curtin | |
නිලයට පත්වූයේ 1998 ඔක්තෝම්බර් 3 | |
පූර්වප්‍රාප්තිකයා | Allan Rocher |
බහුතරය | 17.42% |
පුද්ගලික තොරතුරු | |
උපත | 1956 ජුලි 17 Lobethal, දකුණු ඕස්ට්‍රේලියාව ![]() |
දේශපාලන පක්ෂය | ලිබරල් පක්ෂය |
අනෙකුත් දේශපාලන අනුබද්ධ | Coalition |
කලත්‍රයා(යන්) | Neil Gillion (1983–1988) |
දේශීය සහකරු | Peter Nattrass[1] |
උගත් ශාස්ත්‍රාලය | University of Adelaide Harvard Business School |
ජුලී ඉසබෙල් බිෂොප් (1956 ජුලි 17), ඕස්ට්‍රේලියාවේ දේශපාලඥවරියකි. ඕස්ට්‍රේලියාවේ 38 වන විදේශ කටයුතු අමාත්‍යවරිය වන්නේද ඇයයි. බිෂොප් මහත්මිය 2013 සැප්තැම්බර් 18 වන දින, ටෝනි ඇබට් රජයේ විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.[2] වර්තමාන ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩලය තුල සිටිනා එකම කාන්තාව වන්නේද බිෂොප් මහත්මියයි.
බිෂොප් මහත්මිය ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායකවරිය වන අතර,[3] එම පක්ෂය තුල නියෝජ්‍ය නායක ධූරය ලැබූ පලමු කාන්තාවද වෙයි. ඕස්ට්‍රේලියානු ඉතිහාසය තුල විපක්ෂයේ එවැනි තනතුරක් දැරූ තුන්වන කාන්තාව ලෙසටද ඇය ඉතිහාසගත වෙයි.
1998 වසරේ සිට බිෂොප් මහත්මිය, ඕස්ට්‍රේලියානු මන්ත්‍රී මණ්ඩල සභික සාමාජිකාවක් ලෙස කටයුතු කරන අතර, 2007 නොවැම්බර් 24 දින පැවති මැතිවරණයෙන් ලිබරල්/ජාතික සන්ධානය (Liberal/National Coalition) පරාජය වන තෙක් හෝවඩ් රජයේ (Howard government) අමාත්‍යවරියක ලෙසද ඇය කටයුතු කලාය. බිෂොප් මහත්මිය රිපබ්ලිකන් මතධාරිනියකි.[4]
පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර, බිෂොප් මහත්මිය ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයෙන් (University of Adelaide) නීතිය හැදෑරූ අතර, පසුව හාවඩ් ව්‍යාපාර පාසලේ (Harvard Business School), උසස් කළමණාකරන පාඨමාලාවක් හැදෑරුවාය.
මුල් අවධිය[සංස්කරණය]
1956 ජුලි 17 දින දකුණු දිග ඕස්ට්‍රේලියාවේ Lobethal හී උපත ලත් බිෂොප් මහත්මිය,[5] ශාන්ත පීතර ජේ්‍යෂ්ඨ බාලිකා පාසලෙන් (St Peter's Collegiate Girls' School) මූලික අධ්‍යාපනය හදාරා පසුව ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූවාය. 1978 දී එම විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් හිමිකරගත් ඇය, පසුව නීති ව්‍යාපාර ආයතනයක අධිනීතීඥවරියක සහ සොලිසිටාර්වරියක ලෙස පුහුණු වූවාය.
1983 දී Neil Gillion සමග විවාපත් වූ බිෂොප් මහත්මිය, ඔහු සමග පර්ත් හී පදිංචියට පැමිණියාය. නමුත් 1988 වසරේදී ඔවුහූ දික්කසාද වූ අතර, දරුවන් නොමැති වූ බිෂොප් මහත්මිය නැවත් විවාහයක් සිදු කර නොගත්තාය.
1994 වසර තුලදී Clayton Utz ආයතනයේ පර්ත් කාර්යාලයෙහි පාලන බලය සහිත කොටස්කරුවෙකු වූ බිෂොප් මහත්මිය, 1996 දී බොස්ටන් හී හාවඩ් ව්‍යාපාර පාසලට (Harvard Business School) ඇතුලත්ව ජේයෂ්ඨ කළමනාකරුවන් වෙනුවෙන් වූ සති අටක උසස් කළමණාකරණ පාඨමාලාවක් (Advanced Management Program) හැදෑරුවාය. සිය නීතිඥ දිවියෙන් ඉවත්ව සාමූහික දේශපාලනය (Federal politics) වෙත පිවිසීමට ඇගේ එම පාඨමාලාව හේතුව වූ බව පැවසෙයි.[6][7]
පාර්ලිමේන්තු සාමාජිකාවක ලෙස[සංස්කරණය]
1998 දී මූලික තෝරා ගැනීම් වලදී Curtin කොට්ඨාෂය සඳහා ලිබරල් පක්ෂයෙන් අසුනක් හිමි කර ගත් බිෂොප් මහත්මිය, ඊලඟ වසරේ පැවැති ෆෙඩරල් ඡන්දයෙන්ද, බලයේ සිටි පිරිස පරදවා තමන් හට අසුනක් වෙන් කර ගැනීමට සමත් වූවාය.
2001 පෙබරවාරි මැතිවරණයෙන් ලිබරල් පක්ෂය පරාජය වීමත් සමග, පක්ෂයේ නායක ධූරය එනම් පාලන රජයේ විපක්ෂනායක තනතුර සඳහා බිෂොප් මහත්මිය පත්විමේ ලකුණු පහල වූ අතර, එවකට පක්ෂ නායකයාව සිටි Richard Court එම තනතුරේ දිගටම රැඳෙමින්, කටයුතු සිදුකරන ලදී. නමුත් අවසානයේදී ඔහුගේ ක්‍රියාවන් නිසා, Court හට දේශපාලනයෙන් ඉවත්වන ලෙස බලපෑම් එල්ල වූ අතර, ඔහු විසින් දැරූ එම ධුරය සඳහා පසුව Colin Barnett තේරී පත්විය.
හෝවඩ් රජයේ අමාත්‍යවරියක ලෙස[සංස්කරණය]
2003 වර්ෂයේදී හෝවඩ් රජයේ Minister for Ageing තනතුර බිෂොප් මහත්මියට හිමිවූ අතර, 2006 වසරේදී හෝවඩ් රජයේ අධ්‍යාපන, විද්‍යා සහ අභ්‍යාස අමාත්‍යධූරය (Minister for Education, Science and Training) සහ Minister Assisting the Prime Minister for Women's Issues යන තනතුරද ඇයට හිමිවිය. 2007 වර්ෂයේ මැතිවරණයෙන් සන්ධානය බිඳවැටෙනතෙක් එම තනතුරු හෙබවීමට බිෂොප් මහත්මියට හැකිවිය.
ලිබරල් පක්ෂයේ නියෝජ්‍යනායකවරිය ලෙස[සංස්කරණය]
2007 මැතිවරණයෙන් සන්ධානය පරාජය වීමත් සමග, එම වර්ෂයේ නොවැම්බර් 29 දින ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය බිෂොප් මහත්මියට හිමිවිය. එම තනතුර සඳහා පැවැති ඡන්ද විමසීමේදී, බිෂොප් මහත්මියට පක්ෂව ඡන්ද 44 ක් ලැබුණු අතර, එම තනතුරටම තරඟ කල අනෙක් අපේක්ෂකයින් දෙදෙනාටම ලබා ගත හැකි වූයේ සමස්ථ ඡන්ද 43 ක් පමණි.[8]
2008 සැප්තැම්බර් 22 දින, එවක ලිබරල් පක්ෂයේ නායකයා එනම් රජයේ විපක්ෂ නායකයා වූ Brendan Nelson විසින්, බිෂොප් මහත්මියට පක්ෂයේ Shadow Treasurer තනතුර ලබා දුන්නද, එම තනතුරේදී ඇය අසාර්ථක වීම නිසා, 2009 පෙබරවාරි 16 වන දින බිෂොප් මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වූවාය.[9] බිෂොප් මහත්මියගේ ඉල්ලා අස්වීමත් සමග හිස් වූ එම තනතුර සඳහා, Joe Hockey මහතා පත්විය.[10] 2009 දෙසැම්බර් 1 වන දින, ටෝනි ඇබට් මහතා පක්ෂයේ නායක ධූරයට පත්වූ අතර, බිෂොප් මහත්මිය නියෝජ්‍ය නායක ධූරයේම රැඳී සිටියාය.[11]
2010 ෆෙඩරල් මැතිවරණයෙන්ද සන්ධානය සුළු පරාජයක් ලැබුවද,[12] පක්ෂයේ සිය නියෝජ්‍යනායක ධූරය, විදේශ කටයුතු පිළිබඳ Shadow අමාත්‍යධූරය සහ වෙළඳ Shadow අමාත්‍යධූරය යන ධූරයන්, අභියෝගයකින් තොරව පවත්වාගෙන යාමට බිෂොප් මහත්මියට හැකිවිය.[13]
ටෝනි ඇබට් රජයේ අමාත්‍යවරියක ලෙස[සංස්කරණය]
2013 සැප්තැම්බරයේදී ටෝනි ඇබට් සන්ධාන රජය ඕස්ට්‍රේලියාවේ බලයට පැමිණීමෙන් පසු, එතෙක් එරට ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායකවරිය වූ බිෂොප් මහත්මියට, ඕස්ට්‍රේලියාවේ ප්‍රථම විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස තනතුරු හිමිවිය.[14]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "True blue to her boots". Sydney Morning Herald. 2007-09-07. Retrieved 2013-10-20.
- ↑ "Tony Abbott's cabinet and outer ministry". smh.com.au. AAP. 16 September 2013. Retrieved 16 September 2013.
- ↑ "Nelson wins Liberal leadership". The Sydney Morning Herald. 29 November 2007. Retrieved 29 November 2007.
- ↑ Abbott 'won't set back republican cause' - Ninemsn
- ↑ Joe Spagnolo (21 September 2013). "Julie Bishop is living the dream following Coalition election to government". Daily Telegraph. Retrieved 20 October 2013.
- ↑ http://www.exed.hbs.edu/programs/amp/Pages/default.aspx
- ↑ Mark Davis (11 October 2003). "True blue to her boots". Sydney Morning Herald. Retrieved 4 October 2009.
- ↑ Nelson sinks Turnbull, The Age, 29 November 2007.
- ↑ "Bishop quits as shadow treasurer". The Sydney Morning Herald. 16 February 2009. Retrieved 16 February 2009.
{{cite news}}
:|first=
missing|last=
(help); Cite has empty unknown parameter:|coauthors=
(help) - ↑ Coorey, Phillip (16 February 2009). "Bishop to quit as shadow treasurer: SMH 16/2/2009". Smh.com.au. Retrieved 13 June 2010.
- ↑ [1][dead link]
- ↑ Shanahan, Denis (10 September 2010). "Coalition minimises portfolio changes: PerthNow". Retrieved 10 September 2010.
- ↑ http://www.aph.gov.au/Library/parl/43/Shadow/index.htm
- ↑ Harris-Rimmer, Susan (2013-09-20). "Bishop joins ranks of the few". Canberra Times. Retrieved 2013-10-20.
භාහිර සබැදි[සංස්කරණය]
![]() |
Julie Bishop හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
පූර්වප්‍රාප්තිකයා Allan Rocher |
Member of Parliament for Curtin 1998–වර්ථමානය තෙක් |
පදවිය හොබවයි |
දේශපාලනික ධුර | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා Kevin Andrews |
Minister for Mental Health and Ageing (Australia) 2003–2006 |
අනුප්‍රාප්තික Santo Santoro |
පූර්වප්‍රාප්තිකයා Brendan Nelson |
Minister for School Education, Early Childhood and Youth සහ Minister for Industry and Innovation (Australia) 2006–2007 |
අනුප්‍රාප්තික ජුලියා ගිලාඩ් |
පූර්වප්‍රාප්තිකයා Kay Patterson |
Minister Assisting the Prime Minister for Women's Issues 2006–2007 |
අනුප්‍රාප්තික Tanya Plibersek Minister for the Status of Women ලෙස |
පූර්වප්‍රාප්තිකයා ජුලියා ගිලාඩ් |
Deputy Leader of the Opposition 2007–2013 |
අනුප්‍රාප්තික Anthony Albanese |
පූර්වප්‍රාප්තිකයා Malcolm Turnbull |
Shadow Treasurer of Australia 2008–2009 |
අනුප්‍රාප්තික Joe Hockey |
පූර්වප්‍රාප්තිකයා Helen Coonan |
Shadow Minister for Foreign Affairs 2009–2013 |
අනුප්‍රාප්තික Tanya Plibersek |
පූර්වප්‍රාප්තිකයා Bob Carr |
විදේශ කටයුතු අමාත්‍යධූරය 2013–වර්ථමානය තෙක් |
පදවිය හොබවයි |
පූර්වප්‍රාප්තිකයා Peter Costello |
Deputy Leader of the Liberal Party 2007–වර්ථමානය තෙක් |
පදවිය හොබවයි |