ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search


මනෝ විද්‍යාවේ ජීව විද්‍යාත්මක මනෝ විද්‍යව නොහොත් ජීව මනෝ විද්‍යාව / මනෝ විද්‍යාව යනු මානසික ක්‍රියාවන් හා හැසිරීම් අධ්‍යයනය සඳහා ජීව විද්‍යාත්මක සිද්ධාන්තයන් යොදා ගැනීමයි. උදාහරණයක් ලෙස මනෝ ජීව විද්‍යාඥයෙක් පාත්ත පැටවනුගේ හැසිරීම් ළදරුවන්ගේ හැසිරීමට ආදේශ කර ඒවා මත සිද්ධාන්ත බිහි කරයි. මීට අමතරව ඔහු ජීව විද්‍යාත්මක විචල්‍යයන් මැනීමටද විශේෂ කැමැත්තක් දක්වයි. ඒවා ගුණාත්මක හා සංඛ්‍යාත්මකව හෝ මනෝ විද්‍යාත්මක හෝ හැසිරීම විචල්‍යයකන්ට සම්බන්ධ කිරීමට උත්සාහ කරයි. අනතුරුව එය සාක්ෂි මත පදනම් වූ පුහුණුවට උපයෝගී කරයි.


ඉතිහාසය[සංස්කරණය]

මෙම අධ්‍යනයන් පර්සියාවේ මනෝ විද්‍යාඥ Avicenna (980-1037 A.D.) සහ අනුබද්ධ වෛද්‍යවරයෙක් දක්වා දිවෙයි. මොවුන් දෙදෙනා විසින් චිත්ත සංවේදන ආශ්‍රිත මනෝ රෝග සඳහා ප්‍රතිකාරයන්ට කායික මනෝ විද්‍යාවේ වටිනාකම හඳුනාගන්නා ලදි. අකුරු ආශ්‍රිත පර්යේෂණය මඟින් ශරීර අභ්‍යන්තරයේ සිදුවන නාඩිවල වෙනස්කම් කායික රෝග සඳහා හේතුවන බව මේ දෙපළ අවබෝධ කරගති.මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීම් කළ අතර සෑම විටම කායික සහ මානසික රෝග එකිනෙකට සම්බන්ධ කරන ලදී. ඔහු විසින් මොළය තුළ පවතින ආර්ද්‍රතාවය මනෝභාව රෝග සඳහා බලපාන බව පැහැදිලි කරන ලදී. සතුට වැඩි වූ විට හුස්ම ගැනීමේ ප්‍රමාණය වෙනස් වන (වැඩිවන) බවත් එමඟින් මොළය තුළ ආර්ද්‍රතාවය වැඩි කරන බවත් හඳුනාගන්නා ලදී. නමුත් එම තෙතමනය සීමාව ඉක්මවා යෑම මඟින් මොළයේ කල්පාන්විත පාලන හැකියාව නැති කිරීම මඟින් මානසික රෝග ඇති වන බව පහදා දෙන ලදී.

18 වැනි සහ 19 වැනි සියවස්වලදී විවිධ විද්‍යාත්මක සහ දර්ශනාත්මක සම්ප්‍රදායන්වලින් ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව විද්‍යාත්මක ක්ෂේත්‍රයක් ලෙස පැන නැගිණි. දර්ශනවාදයේ දී, Rene Descartes විසින් භෞතික අනුරූපක මඟින් මිනිස් සහ සත්ව හැසිරීම් පහදා දීමට යෝජනා කරන ලදී. උදාහරණයක් ලෙස ඔහු බොහෝ ජීවීන්ගේ මොළයේ මධ්‍යගතව පවතින පීනයිල් ග්‍රන්ථිය මිනිස් සිත හා දේහය අතර සන්ධිය ලෙස පවසන ලදී. මීට අමතරව දේහ තරලවල පවතින වායු ස්වභාවය මඟින් ප්‍රතීකයන් සහ අනෙක් චාලක ක්‍රියාවන් පහදන සිද්ධාන්තයක් ද ගොඩ නඟන ලදී.

අනෙක් දර්ශනවාදීන් ද මනෝ විද්‍යාවේ උපත සඳහා විවිධ අයුරින් සහාය ලබා දෙන ලදී. මුල් කාලයේ එන පාඨ ග්‍රන්ථයක් වන William James (1890) “මනෝ විද්‍යාවේ මූලධර්ම” මනෝ විද්‍යාවේ විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා ජීව විද්‍යාවේ මූලික අවබෝධයක් තිබිය යුතු බවට තර්ක කරන ලදී.


“ සිරුරේ ක්‍රියාකාරකම් සහ අත්දැකීම් විශේෂයෙන් මොළය සම්බන්ධ අත්දැකීම් සම්බන්ධයෙන් වන මනෝ විද්‍යාව සැළකිල්ලට ගත යුතු වෙයි. අධ්‍යාත්මවාදීන් සහ සංඝටනවාදීන් යන දෙදෙනාම අවම වශයෙන් ඔවුනගේ මූලධර්ම විස්තර කරන අසාමාන්‍ය ආකාරය සහ ඒවා පහදා දිය හැක්කේ මොළය සම්බන්ධ නීති මඟින් පමණක් වීම නිසා ද මොවුන් 'cerebralists,' (මස්තිෂ්කයින්) ලෙස හැඳින්විය යුතුය. අපගේ ප්‍රථම නිගමනය වනුයේ මොළයේ භෞතවේදය මනෝ විද්‍යාව තුළ යම් තාක් දුරට හෝ අන්තර්ගත කළ යුතු බවය. ”


ජේම්ස්හට, අනෙකුත් මුල් කාලීන මනෝ චිකිත්සකයින් මෙන් කායික විද්‍යාව ගැන පුළුල් පුහුණුවක් ලද්දෙකි.

ව්‍යුහ විද්‍යාවේ (විශේෂයෙන්ම ස්නායුක ව්‍යුහ විද්‍යාවේ) ආශ්‍රිතව කායික විද්‍යාව පැන නඟී. ඒ අනුසාරයෙන් මනෝ විද්‍යාව සහ ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව යන දෙඅංශයම නිත්‍යානුකූල විද්‍යාවන් ලෙස බිහි වී ඇති බව ප්‍රකාශ කළ හැකිය. විශේෂයෙන්ම කායිකවේදීන් විසින් ජිවීන් ඇසුරින් පර්යේෂණ කරන ලැබුව ද ඒවා සමකාලීන ව්‍යුහවේදීන් විසින් අනුමත නොකරන ලදහ. ක්ලෝඩ් බර්නාඩ් , චාර්ලිස් බෙලි , විලියම් හාර්වි වැනි විද්‍යාඥයින්ගේ පරීක්ෂණ “ජීවීන් ඇසුරින් කරන පර්යේෂණවලින් විශ්වාසදායී දත්ත” යන මතය විද්‍යාත්මක සමාජය තුළ ඇති කිරීමට උපකාරී විණි.

මනෝ ජීව විද්‍යාව යන පදය විවිධ ක්ෂේත්‍රයන්හි යොදා ගත්ත ද එය ප්‍රථම වරට යොදා ගත්තේ නයිට් ඩන්ලැප් විසින් රචිත “මනෝ ජීව විද්‍යාව පිළිබඳ විග්‍රහය” යන ග්‍රන්ථයේය. ඔහු විසින් මනෝ ජීව විද්‍යා සඟරාව ආරම්භ කරන ලදී. එහි ප්‍රථම එළි දැක්වීමේ දී ඔහු විසින් මානසික සහ කායික ක්‍රියාවලීන් අතර ඇති සම්බන්ධතාවය විදහා දක්වන සඟරාව ලෙස හඳුන්වා දී ඇත. එමඟින් ඔහු ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව හඳුන්වා දී ඇත.


සටහන්[සංස්කරණය]

Biological_psychology