ජැක්සන් සැලසුම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සාමාන්‍ය ව්‍යවහාරයෙහි ජැක්සන් සැලසුම ලෙසින් හැඳින්වුනු සිංගප්පූරු සුළු නගර සැලසුම.

"සිංගප්පූරු සුළු නගර සැලසුම" ලෙසින්ද හැඳින්වුනු, 1822 වසරෙහි ජැක්සන් සැලසුම යනු, වසර තුනකට පෙරදී පමණක් ඇරඹුනු, අදක්ෂ එහෙත් සඵල වර්ධනයක් පෙන්නුම් කල යටත්විජිතයක්වූ සිංගප්පූරුව තුල නාගරික සංවර්ධනයෙහි කිසියම් පිළිවෙලක් අනුගමනය කිරීම පවත්වා ගෙන යෑම සඳහා සකස් කෙරුණු නාගරික සැලසුමකි. එහි භෞතික සංවර්ධනය අධීක්ෂණය පිළිබඳ කාර්යභාරය පැවරී සිටි, යටත්විජිතයෙහි ඉංජිනේරුවා සහ භූමි මිනින්දෝරුවා වූ ලුතිනන් පිලිප් ජැක්සන් අනුව යමින් මෙය නම් කර ඇත.

මුලින්, 1819 සිට 1823 දක්වා සිංගප්පූරුව පාලනය කල විලියම් ෆාකුවාර් විසින් ඇයගේ වරාය හරහා සිදුවුනු වෙළෙඳාමෙහි හුදු ප්‍රමාණය තුලින් යටත්විජිතය සමෘද්ධිමත් වීමට ඉඩහැරිය අතර, යටත්විජිතය ක්‍රමවත්ව සැලසුම් නොකරමින් එය ආවාට ගියාට වර්ධනය වීමට ඉඩ හැරියේය. යටත්විජිතයෙහි ස්ථාපක, ශ්‍රීමත් ස්ටැම්ෆර්ඩ් රැෆල්ස්, 1822 ඔක්තොම්බරයෙහිදී යළි පැමිණෙත්ම, පැවති අවුල් සහිත බව පිළිබඳ අසතුටු වෙමින්, නගරයෙහි පිරිසැලසුම සංශෝධනය කිරීම සඳහා , ලුතිනන් ජැක්සන්ගේ නායකත්වය යටතේ සුළු නගර කමිටුවක් පිහිටුවේය. ජැක්සන් සැලසුම මෙසේ සකස්කෙරුනු අතර, වාර්ගික ලෙසින් ක්‍රියාත්මක වන්නාවූ උපකොට්ඨාශයන්ට සිංගප්පූරුව බෙදමින් ජාලක රටාවකට යටත්විජිතයෙහි වින්‍යාසය සැලසුම් කෙරෙනු ලබන රටාවක් එය විසින් නිර්මාණය කෙරිණි. ප්‍රදේශ සතරක් ලෙසින් වාර්ගික නේවාසික ප්‍රදේශ වෙන්කෙරිණි.

යුරපියන් ටවුන් තුල නිවැසියේ යුරෝපියානු වෙළෙන්දන්, යුරේසියානුවෝ සහ ධනවත් ආසියානුවෝ වූහ. කම්පුං ග්ලාම් සමන්විතවූයේ සිංගප්පූරුවට සංක්‍රමණය වූ මුස්ලිම්වරුන්, වාර්ගික මැලේවරුන් සහ අරාබිවරුන් වෙතින් වන අතර, බුගිස්වරුන්, අරාබිවරුන් සහ සුල්තාන්වරයා සඳහා ලෙසින් තවදුරටත් කොටස් තුනකට බෙදා වෙන් කොට තිබුණි.

යුරපියන් ටවුන් වෙතින් බටහිර දෙසට වන්නට පරිපාලන සහ වාණිජ දිස්ත්‍රික්ක පිහිටියේය. ගංගාවට බටහිරට වන්නට පිහිටි කඳු ප්‍රදේශයක් වෙතින් කුඩා ඉඩම් කොටසක් ප්‍රතිසංස්කරණය කරනු ලදුව එය වාණිජ චතුරස්‍රය බවට පත්වූ අතර, පසුව එය රැෆල් වෙත ගරු කරනු වස් රෑෆල්ස් ප්ලේස් ලෙසින් යළි-නම් කෙරිණි.

"https://si.wikipedia.org/w/index.php?title=ජැක්සන්_සැලසුම&oldid=431747" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි