Jump to content

ජාතික ශිෂ්‍යභට බලකාය

විකිපීඩියා වෙතින්
ජාතික ශිෂ්‍යභට බලකාය
ජාශිබ ලාංඡනය
Foundedඅප්‍රේල් 1881; වසර 145 කට පෙර (1881-04)
Country Sri Lanka
Roleස්වේච්ඡා තරුණ සංවිධානයකි
Sizeබලඇණි 30, ඛණ්ඩ 4,492 සහ 100,000 අධික ශිෂ්‍යභට පිරිසක් [1]
මුලස්ථානයNo 15, දුටුගැමුණු මාවත, පාමන්කඩ, දෙහිවල, ශ්‍රී ලංකාව.[2]
Motto(s)
  • සූදානම් නොවී නොසිටිනු
  • Sudanam Novi Nositinu
  • "Never be unprepared"

Nonquam non paratus ஆயத்தமில்லாமல் இருக்காதீர்கள்

නකදාචිද් අසං විහිතඃ
Anniversariesඅප්‍රේල් 29
Battle honoursජනාධිපති වර්ණ, බලකා වර්ණ [3]
Websitecadet.gov.lk/

ජාතික ශිෂ්‍යභට බලකාය (ජා.ශි.බ) යනු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පාසල් තුළ ක්‍රියාත්මක වන ස්වේච්ඡා තරුණ සංවිධානයකි. එහි ක්‍රියාකාරකම් (ශිෂ්‍යභට ඛණ්ඩ හා තුර්ය වාදක ඛණ්ඩ) මෙරට පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට විවෘත වන අතර එහි උපදේශකයින් පුහුණුවීම් ලැබූ රජයේ පාසල් ගුරුවරුන් හා අධ්‍යාපන පරිපාලකයන් වේ.

මේ වන විට පළාත් මුලස්ථාන 9කින් ද, පුහුණු මධ්‍යස්ථාන 2කින් ද, බලඇණි 30කින් සමන්විත වන ජාතික ශිෂ්‍යභට බලකාය තුළ ශිෂ්‍යභට බාලක බාලිකාවන් 100,000කට අධික ප්‍රමාණයක් පුහුණුවීම් කටයුතුවල නිරත වේ. ආසන්න වශයෙන් ආරක්ෂක ශිෂ්‍යභට හා පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩ 4,200ක්‌ මෙන්ම පෙරදිග හා අපරදිග තුර්ය වාදක ඛණ්ඩ 280ක්‌ ලෙස මෙම ශිෂ්‍යභටයින් ඛණ්ඩ ගත වී ඇත.[4] මෙහිදී ශිෂ්‍යභටයින් නයකත්ව පුහුණුව හා මූලික හමුදා දැනුම හදාරනු ලැබේ. වසර 140කට වඩා ඉතිහාසයක්‌ ඇති ශිෂ්‍යභට බලකාය,ශ්‍රී ලංකාවේ නිදහස් දින පෙළපාළියේදී ද පාගමනින් එක්‌ වේ.

ජාතික ශිෂ්‍යභට බලකාය අධ්‍යක්ෂවරයෙක් යටතේ ක්‍රියාත්මක වන අතර එම අධ්‍යක්ෂ තනතුර සඳහා ජේෂ්ඨ හමුදා නිලධාරියෙක්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමන් විසින් පත් කරනු ඇත. ඒ සඳහා බොහෝ විට මේජර් ජෙනරාල් තනතුරේ නිලධාරියෙකු යෝජනා වේ.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "HISTORY OF NATIONAL CADET CORPS". cadet.gov.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-10-24.
  2. "Headquarters". cadet.gov.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-02-08.
  3. "Headquarters". cadet.gov.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-02-08.
  4. සංරක්ෂිත පිටපත, http://cadet.gov.lk/history-of-national-cadet-corps/, ප්‍රතිෂ්ඨාපනය 2025-02-27
"https://si.wikipedia.org/w/index.php?title=ජාතික_ශිෂ්‍යභට_බලකාය&oldid=796105" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි