ජවාරි දේවාලය, ඛජුරාහෝ

විකිපීඩියා වෙතින්
ජවාරි දේවාලය
ඛජුරාහෝවේ ජවාරි දේවාලය
ඛජුරාහෝවේ ජවාරි දේවාලය
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ[1]
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයඡතර්පූර්[1]
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
නිර්මාපකචන්දේල පාලකයින්

ඉන්දියාවේ ඛජුරාහෝවේ ජවාරි දේවාලය යනු හින්දු දේවාලයක් වන අතර, එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයේ කොටසකි. ක්‍රි.ව. 975 සහ 1100 පමණ කාලය අතරතුර මෙය නිර්මාණය වන්නට ඇත.[1]

මෙම දේවාලය හින්දු දෙවියකු වන විෂ්ණු වෙනුවෙන් පුදකොට ඇත.[1] දේවාලයේ පිහිටි ප්‍රධාන දේව ප්‍රතිමාව කැඩීගොස් ඇති අතර, එහි හිස දක්නට නොලැබේ. (රූපය බලන්න).[2]

පිහිටීම[සංස්කරණය]

මෙම දේවාලය ඛජුරාහෝවේ නැගෙනහිර පෙදෙසේ පිහිටා ඇත.[1] වාමන දේවාලයේ සිට මීටර 200ක් පමණ දකුණින් පිහිටි මෙය එම දේවාලයේ සිට මැනවින් දර්ශනය වේ.[1]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

මෙය මනා-සමානුපාතික ගෘහ නිර්මාණ ලක්ෂණවලින් යුතු ය. මෙහි ගර්භගෘහයක්,[1] අන්තරාලයක්,[1] මණ්ඩපයක්[1] සහ ද්වාරමණ්ඩපයක්[1] දක්නට ලැබෙන මුත්, ප්‍රදක්ෂිණාපථයක් දක්නට නැත. මෙහි අලංකාර මකර තොරණක්[1] සහ ශිඛරයක් (මුදුනේ) පිහිටා ඇත. පිටත බිත්තිය කැටයම් තීරු තුනකින් සමන්විත ය. මෙම දේවාලය ඛජුරාහෝවේ චතුර්භූජ් දේවාලයට[1] සමානත්වයක් පෙන්වයි.

ප්‍රධාන දේව ප්‍රතිමාව[සංස්කරණය]

දේවාලයේ ප්‍රධාන දේව ප්‍රතිමාවේ (විෂ්ණුගේ[1]) හිස දක්නට නොමැති ඇති අතර, එයට හානි වී ඇත.[2]

මකර තොරණ[සංස්කරණය]

දේවාලයේ ප්‍රවේශ ද්වාරමණ්ඩපයේ අලංකාර මකර තොරණක්[1] දැකගත හැක. (රූපය බලන්න)

ගර්භගෘහයේ පිවිසුම[සංස්කරණය]

ගර්භගෘහයේ ප්‍රවේශ ද්වාරය මුදුනේ නව-ග්‍රහයන් නිරූපිත කැටයම් දැකගත හැක. නව-ග්‍රහ ප්‍රතිමාවලට අමතරව බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු දෙවිවරුන්ගේ රූ ද දැකගත හැක.

ප්‍රතිමා[සංස්කරණය]

දේවාලයේ පිටත බිත්තියේ ප්‍රතිමා තීරු දෙකක් දක්නට ලැබේ. (පින්තූරය බලන්න)[3]

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 1.11 1.12 1.13 1.14 1.15 "Archaeological Survey of India (ASI) - Javari Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012. {{cite web}}: |first= missing |last= (help)[permanent dead link]
  2. 2.0 2.1 Image:Main Idol in Javari Temple
  3. Image:Javari Temple

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජවාරි_දේවාලය,_ඛජුරාහෝ&oldid=414179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි