ජයමංගල ගාථා වල අර්ථය

විකිපීඩියා වෙතින්

දාහක් තරම් අවිවලින් -දිලි අත් මවාලා

ගිරිමේඛලා ඇත් රජුන් -ගොර මාර සෙන් හා

දැන් ආදි පාරමී බෙලෙන් -දිනු වීරයාණෝ

ඒ ආනුභාව බලයෙන් -සුවසෙත් සදෙත්වා


මරුවෙක් තරම් දෙවැනි වූ -මුළු රූ සටන් පත්

ආලවක යයි පතල වූ -රුදු යක්ෂයා ඒ

ඉවසුම් බෙලෙන් දිනු තිලෝ -ගුරු වීරයාණෝ

ඒ ආනුභාව බලයෙන් -සුවසෙත් සදෙත්වා


ලැව් ගින්න මෙන් දරුණු වූ -හෙන සේ බිරුම් වූ

නාලගිරියි ඇත් රජුන් -මත් වූ සුරායෙන්

මෙත් නම් මහා ජල කදින් -නිවු වීරයාණෝ

ඒ ආනුභාව බලයෙන් -සුවසෙත් සදෙත්වා


යම් පින්වතෙක් දිනපතා -මැලිකම් නොදක්වා

සැදැහෙන් මනා ජයමගුල් -ගාථා කියා නම්

දුරුවී නොයෙක් උවදුරින් -සැපතින් පිරී ගොස්

ඒ මේ සදාතනික වූ -සුවයත් ලබාමැයි

"https://si.wikipedia.org/w/index.php?title=ජයමංගල_ගාථා_වල_අර්ථය&oldid=469260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි