ජපන් ප්‍රාග් ඉතිහසය

විකිපීඩියා වෙතින්

පැලියොලිතික යුගය[සංස්කරණය]

පැලියොලිතික යුගයේ භාවිතා කරන ලද ගල් ආයුධ

පැලියොලිතික යුගය ක්‍රි.පූ.100,000 සිට 30,000 අතර කාලයේ පැවතිණි.මේ කාලයේදී මුල්ම ගල් ආයුධ නිපදවුණු අතර මෙම යුගය ක්‍රි.පූ.12,000 පමණ එනම් අයිස් යුගය අවසානයේදී නිමාවිය.මින්පසු මෙතෝලිතික යුගය අරම්භ විය.මෙම යුගයේ ආරම්භය ලෙස ක්‍රි.පූ. 35,000 නිවැරදි යැයි පොදුවේ පිළිගනියි.ක්‍රි.පූ.11,000 දී පමණ අවසාන අයිස් යුගයෙන් පසු ජපන් දූපත් සමූහය මහද්වීපයෙන් වෙන්විය.ආධුනික ගවේෂකයකු කරන ලද වංචාව හෙළිදරව්වීමෙන් පසු බහුතරයක් පහත් හ මධ්‍යම පැලියෝලිතික භූමි දැඩි ලෙස නැවත පරීක්ෂා කරන ලදි.


ජේ මොන් යුගය[සංස්කරණය]

ජේ මොන් යුගයේ භාවිතා වුණු බඳුනකි.(ක්‍රි.පූ.3000–2000)

ජේ මොන් යුගය ක්‍රි.පූ. 14,000 සිට ක්‍රි.පූ.300 දක්වා පැවතුණි.පළමු ශිෂ්ටාචාරගත වීම හා ස්ථාවර ජීවන රටා දක්නට ලැබුනේ ක්‍රි.පූ.14,000 පමණය.ඒ මෙගලිතික හා නියෝලිතික අර්ධ ද්විතීක දඩයම් ජීවන රටාව මගින් පෝෂණය වූ ජේ මොන් යුගයත් සමගය.

මේ කාලයේදී ලී මත තැනූ නිවාස හා පතල් නිවාස ( පොලව යට තැනූ නිවාස )භාවිතා විය.කෘෂිකර්මාන්තයේ ලක්ෂණද දක්නට ලැබුණි.රෙදි විවීම පිළිබඳව දැනුමක් මේ යුගයේදී නොපැවති අතර සත්ව හම්වලින් ඇඳුම් සකසා ගැනිණි.මොවුන් ගොතන ලද ලණු ඇතුලත් කර මැටි භාජන සෑදූහ.(ජේ මොන් ලණු ගෙතුම් රටාව ).විකිරණ කාබන් පරීක්ෂාවට අනුව ලොව පැරණිම මැටි වළං සමහරක් මෙම යුගයට අයත් යැයි සොයාගෙන ඇත.මේ සමග කිරිච්චි,ජේඩ්,සිප්පිකටුවලින් තැනූ පනා සහ ක්‍රි.පූ.11 වැනි සියවසට අයත් ගෘහ භාණ්ඩද හමුවී ඇත.කෙසේ වෙතත් මෙම කාල නිර්ණයන් සමග ගැටලු පවතී.මැටි ප්‍රතිමාද කැණීම්වලින් සොයාගෙන තිබේ.මෙම ගෘහ භාණ්ඩ නිසා යම් යම් ඔකිනාව වැනි ප්‍රදේශ වලත් වෙළෙඳ මාර්ග තිබූ බවට සාක්ෂි හමුවේ . EEA පරීක්ෂණවලට අනුව අයිනු ගෝත්‍රිකයන්, හොක්කයිව් හා හොන්ෂ් ප්‍රදේශවල විසූ ස්වදේශීය ජනතාව ජේ මොන්ගේ මිනිසුන්ගෙන් පැවත එන බවට සාක්ෂි සපයයි.එම නිසා ජේ මොන් මිනිසුන් ජපානයේ ප්‍රථම ආදිවාසීන් නියෝජනය කරයි.


ආශ්‍රිත[සංස්කරණය]

History_of_Japan Japanese_pre-history

"https://si.wikipedia.org/w/index.php?title=ජපන්_ප්‍රාග්_ඉතිහසය&oldid=471413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි