Jump to content

ජනාධිපති විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

විකිපීඩියා වෙතින්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලය 1978 වර්ෂයේ පෙබරවාරි 4 වන දින ආරම්භ කරන ලද්දකි. මෙම විදුහල ආරම්භ කිරීම ජේ.ආර්. ජයවර්ධන, ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වූ පසු සිදුකරන ලද ප්‍රථම නිල කාර්යයයි. මෙම විදුහල ප්‍රථමයෙන්ම ආරම්භ කරන ලද්දේ කොළඹ ටොරිංටන් චතුරස්‍රය ප්‍රදේශයේය. ඉන්පසු 1983 ජූනි 21 වන දින මෙම විද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත රැගෙන එන ලදී. 1993 වසරේදි මෙම විදුහල ජාතික පාසලක් ලෙස නම් කරන ලදී.

ඉතිහාසය

[සංස්කරණය]

පාසලේ ආරම්භය

[සංස්කරණය]

මෙම පාසල ආරම්භ කරන ලද්දේ ශ්‍රේණි දෙකක් පමණක් ඇතුලත් කරගනිමිනි. ඒ පහල බාලාංශය හා 1 ශ්‍රේණියයි. එවිට පාසලේ ගුරුවරු 4 දෙනෙක් සහ සිසුන් 351 දෙනෙක් සිටියහ.

ක්‍රීඩා

[සංස්කරණය]

1980දී පළමු නිවාසාන්තර ක්‍රීඩා උළෙල හේමා ප්‍රේමදාස මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

පළමු අ.පො.ස සා/පෙළ සිසුන් කණ්ඩායම

[සංස්කරණය]

මෙම විදුහලෙන් ප්‍රථම වරට අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා සිසුන් 160 ක් ඉදිරිපත් වූ අතර එයින් 144ක් සමත් වන ලදී. එම ප්‍රතිඵලය 1987 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පස්වන ස්ථානය ලබා දීමට හේතු විය.

උසස් පෙළ අධ්‍යාපනය

[සංස්කරණය]

උසස් පෙළ අධ්‍යාපන කටයුතු 1988 වර්ෂයේ සිට ආරම්භ විය.

මයිලෝ කුසලානය: එක්දින ක්‍රිකට් තරගය

[සංස්කරණය]

මයිලෝ කුසලානය සඳහා ජනාධිපති විද්‍යාලය කොළඹ 03, මහානාම විද්‍යාලය සමඟ එක්දින ක්‍රිකට් තරඟයක් ක්‍රීඩා කළේය. 1988-2006 අතර තරඟ 15 ක් පවත්වා ඇත. ජනාධිපති විද්‍යාලය තරඟාවලියේ ජයග්‍රහණ 8 - 7 ක් ලෙස පෙරමුණ ගෙන සිටී. ක්‍රිකට් තරඟාවලියට අනුග්‍රහය දැක්වූයේ නෙස්ලේ ලංකා සමාගම විසිනි.[1][2][3]

රග්බි

[සංස්කරණය]

රග්බි 2006 දී ආරම්භ කරන ලදී. විද්‍යාලයීය වයස අවුරුදු 20 න් පහළ රග්බි කණ්ඩායම ප්‍රථම වරට ගාල්ලේදී පැවති තරඟාවලියකට සහභාගී විය. කොළඹ 5, හැව්ලොක් පිටියේ පැවති 2 වන කොටසේ පාසල් රග්බි තරඟවලදී බඳුන ශූරතාව දිනාගත් වයස අවුරුදු 16 න් පහළ රග්බි කණ්ඩායමක් පිහිටුවන ලදී.

ක්‍රීඩා

[සංස්කරණය]
  • ක්‍රිකට්
  • බැඩ්මින්ටන්
  • මලල ක්‍රීඩා
  • පිහිනුම්
  • පැසිපන්දු
  • ජිම්නාස්ටික්
  • වුෂු
  • චෙස්
  • පාපන්දු
  • වොලිබෝල්
  • රග්බි
  • බොක්ස් ගායනය
  • මේස පන්දු

සමාජ සහ සංගම්

[සංස්කරණය]
  • ජ්‍යෙෂ්ඨ විද්‍යා සංගමය
  • වාණිජ සංගමය
  • අන්තර්ක්‍රියා සමාජය
  • ජනාධිපති විද්‍යාලයේ තොරතුරු සමාජය (ITCOPC)
  • බාලදක්ෂ භට කණ්ඩායම
  • කැඩෙට් ඛණ්ඩය
  • සාමාන්‍ය දැනුම සමාජය
  • ශිෂ්‍ය නායක සංසදය
  • නැගෙනහිර කැඩෙට් තූර්ය වාදක කණ්ඩායම

මෙයද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Editor (March 28, 2005). "President's College retain trophy". Daily Mirror Online Edition. සම්ප්‍රවේශය 2008-05-01. {{cite web}}: |author= has generic name (help) [භින්න වූ සබැඳිය]
  2. ^ Jatila Karawita (2 April 2000). "A do-or-die battle for supremacy". Daily News Online Edition. සම්ප්‍රවේශය 2008-04-27.
  3. ^ Editor (11, April 1998). "Praneeth Chamara steers President's College to victory". Daily News Online Edition. සම්ප්‍රවේශය 2008-05-01. {{cite web}}: |author= has generic name (help); Check date values in: |date= (help)

භාහිර සබැඳි

[සංස්කරණය]