ජනවාර්ගික වෛරය

විකිපීඩියා වෙතින්

ජනවාර්ගික වෛරය, අන්තර් - ජනවාර්ගික වෛරය, ජාතිවාදී වෛරය හෝ ජනවාර්ගික ආතතිය වශයෙන් හැඳින්වනුයේ විවිධ තරාතිරමේ ජනවාර්ගික කණ්ඩායම් කෙරෙහි දක්වන පක්ෂපාතී සහ විරුද්ධවාදී ක්‍රියාවන් ‍හා හැඟීම් වලටය.

ජනාවාර්ගික වෛරය හා ඒ නිසා ඇතිවන ජනවාර්ගික අරගල වලට බොහෝ මුලාරම්භ ඇත. සමහර සමාජවල එම මුලාරම්භය ගෝත්‍රික සංවිධානයකින් හටගැනෙයි. සමහර අවස්ථා වල එහි මුලාරම්භය වන්නේ සාමකාමී නොවු සහජීවනයක් නිසා සත්‍ය වු මත‍භේදයට තුඩු දෙන කරුණු පැන නැඟීමයි.

බොහෝ විට ජනවාර්ගික අරගල වර්ධනය වන්නේ දේශානුරාගය හෝ ජාතියක් උසස් කොට සැලකීම නිසාය. එම නිසා අන්තර් ජනවාර්ගික වෛරය හා ජාතිවාදය යන පද එකට යෙදෙන අතර බො‍හෝ විට එම පද දෙක එකට එකතු වේ.

තවද, අනෙක් ජනවාර්ගික කාණ්ඩයක් සැබවින්ම අත්විඳි හෝ නිරික්ෂණයෙන් අත්විඳි විවේචනද ජනවාර්ගික අරගල වල රඳා පැවැත්මට හේතු වේ.

ජනවාර්ගික වෛරය බොහෝ විට තමන්ගේ වාසි ලබා ගැනීමට දේශපාලන නායකයින් විසින් යොදා ගනු ලැබේ. එය කෙසේද යත්, තමන්ගේ ඡන්ද දායක සමූහය වැඩි කර ගැනීමට හෝ ජාතියක් කෙරෙහි තමන්ගේ බලය තහවුරු කරගැනීමටය. එසේත් නොමැති නම් සැබෑ හෝ මනඃකල්පිත සතුරෙකුට එරෙහිව එක්සත් සටනක් දියත් කිරීම මඟිනි.

බොහෝ රටවල ජනවාර්ගික හෝ ජාතිවාදී වෛරය නීති විරෝධී ක්‍රියාවකි.

"https://si.wikipedia.org/w/index.php?title=ජනවාර්ගික_වෛරය&oldid=471437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි