ඡායාරූප මුද්‍රණය

විකිපීඩියා වෙතින්

ඡායාරූප මුද්‍රණය යනු අවසාන වශයෙන් මුද්‍රිත ඡායාරූපයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය වන අතර මෙය සාමාන්‍යයෙන් පූර්වව පිළියෙල කරගත් ඡායාරූප පටල හෝ පාරදෘශ්‍ය කදාවක් ආධාරයෙන් සංවේදී ලෙස නිර්මාණය කළ කඩදාසි භාවිතයෙන් සිදු කෙරේ.

දළ සේයා පටලයකින් මුද්‍රණය කිරීම[සංස්කරණය]

මෙම ක්‍රියාවලිය ප්‍රධාන පියවර තුනකින් සමන්විත වේ. මෙය ඡායාරූපකරණ අඳුරු කුටියක් තුළ හෝ ස්වයංක්‍රීය ඡායාරූප මුද්‍රණ යන්ත්‍රයක් තුළ සිදු කෙරේ.

  • රූපය ස්පර්ශ මුද්‍රකයක් හෝ විශාලකාරකයක් (enlarger) ලෙස යොදා ගෙන සංවේදී පිටුවක් මතට අනාවරණය.
  1. බහු පියවර රසායනික මතු වීමේ ක්‍රියාවලියක් හරහා නොපෙනෙන රූපය (latent image) සැකසීම.
  • අනාවරණය කරන ලද ඡායාරූපය විකාශනය කිරීම - මෙම පියවරේදී නොපෙනෙ රූපයෙහි වූ රිදී හේලයිඩ ලෝහක රිදී බවට පත් කරයි.
  1. උදාසීනකරණයෙන්, තනුක කිරීමෙන් හෝ විකාශකය ඉවත් කිරීම තුළින් දියුණු කිරීම නැවැත්වීම.
  2. ආලෝක සංවේදී තෛලෝදයක් (emulsion) මඟින් ඉතිරි අනාවරණය නොවූ රිදී හේලයිඩ දිය කිරීම මඟින් අවසාන මුද්‍රණය සැකසීම.
  3. සැකසීමේ දී භාවිතා කළ රසායනික ඉවත් කිරීම සඳහා තදින් සේදීම, බොඳ වී යාමෙන් හා විකෘති වී යාමෙන් අවසන් කළ මුද්‍රණය ආරක්ෂා කිරීම.
  • ඔප ඇති (glossy) කඩදාසියක් මත මුද්‍රණය කරයි නම් පරාවර්තී ඔප වැටීම වැඩි දියුණු කිරීම සඳහා ෆෙරෝටයිපිං යොදා ගනී. ඡායාරූපයේ වූ රිදී සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් අනෙකුත් සායම් මඟින් ප්‍රතිස්ථාපනය කිරීමේ අතිරේක රසායනික ක්‍රියාවලි හරහා මුද්‍රණයේ අතිරේක මාත්‍රාකරණය (toning) කිරීම.
  • අවසාන මුද්‍රණය වැයීම හා වියළීම.

සකස් කිරීමෙන් පසු අතිරේකව, සකස් කිරීමට භාවිතා කළ ද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා හයිපො-ඉවත් කිරීම් කාරක සමඟ කඩදාසිය ප්‍රතික්‍රියා කරවනු ලැබේ. එසේ නොවුණහොත් එය රූපයේ දීර්ඝ කාලීන ස්ථායීතාවයට බාධා එල්ල කළ හැකිය. වර්ණ මුද්‍රණ සැකසීමේ දී තෛලෝදයෙහි වු විවිධ වර්ණ සංවේදී ස්ථරවල පූර්වකයන් මඟින් වර්ණ සායම් ඇති කිරීම සඳහා අතිරේක පියවර එකතු කර ගනු ලැබේ.