ඡායාරූප පත්‍රකලාවේදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රොබට් ජේ. සාජන්ට් විසින් ජායාරූප ගත කරන ලද ඡායාරූපයකි

ඡායාරූප පත්‍රකලාවේදය යනු පත්‍රකලාවේදයේ (ප්‍රකාශයට පත් කිරීම හෝ විකාශනය කිරීම සදහා ප්‍රවෘත්ති එකතු කිරීම සංස්කරණය කිරීම සහ ඉදිරිපත් කිරීම මෙයට අයත් වෙයි.) විශේෂිත ක්ෂේත්‍රයකි. එමගින් කිසියම් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීම සදහා ඡායාරූප නිර්මාණය කෙරේ. වර්තමානයේ මෙය බොහෝ විට නිශ්චල ඡායාරූප සදහා පමණක් අදාල වන බව පිළිගැනේ. ඇතැම් විට මාධ්‍ය විකාශන සඳහා භාවිතා වන වීඩියෝ පට සදහා ද භාවිතා වෙයි. පහත ගුණාංග මගින් ඡායාරූප පත්‍රකලාවේදය ඡායාරූපකරණයට අදාල අනෙකුත් ක්ෂේත්‍ර වලින් (වාර්තාමය ඡායාරූප කරණය, මහාමාර්ග ඡායාරූපකරණය හෝ ප්‍රසිද්ධ පුද්ගලයන් ඡායාරූප කරණය වැනි) වෙනස් වේ.

  • කාලීන බව - ඡායාරූප පත්‍රකලාවේදයේදී පළ කෙරෙන ඡායාරූප අර්ථයක් ගෙන දෙනුයේ ඒවා පල කිරීමට ආසන්න කාලයක පල වු සිදුවීම් වර්තාවන් පිළිබඳ සලකන විටය.
  • ඉලක්ක ගත බව - ඡායාරූප මගින් දැක්වෙන අවස්ථාව එහි අන්තර්ගතය සහ ඉදිරිපත් කෙරෙන විලාසය යන ද්විත්වයටම අනුව ඊට අදාල අවස්ථාවෙහි සාධාරණ සහ නිවැරදි නිරූපණයක් වේ.
  • විස්තර සහිත වීම - බලන්නාට හෝ පාඨකයාට ඡායාරූප මගින් කියවෙන කරුණු සංස්කෘතිකමය මට්ටමක සිට තේරුම් ගත හැකි ආකාරයට ඡායාරූප අනෙකුත් පුවත් කොටස් සමග සම්බන්ධ වේ.

ලිපිරචකයින් මෙන්ම ඡායාරූප පත්‍ර කලාවේදීන් ද වාර්තාකරුවෙකු වශයෙන් සැලකේ. ඔවුන් බොහෝ විට ක්ෂණික තීරණ ගත යුතු වන අතර ඡායාරූපකරණය සඳහා අවශ්‍ය වන උපකරණද රැගෙන යා යුතු වේ. බොහෝ විට මෙම කාර්යය ඉටු කිරීමේදී සැලකිය යුතු තත්ත්වයේ බාධාවන්ට මුහුණ පෑමට ද ඔවුන්ට සිදුවේ. (ශාරීරික, කාලගුණය, පිරිස් එක්රැස් වීම් ආදී)

ඉතිහාසය[සංස්කරණය]

පදනම[සංස්කරණය]

ඡායාරූප මඟින් අලුත් කතා නිර්මාණය කිරීමටත්, පිටපත් කිරීම මඟින් ක්‍රියාවට නැංවීමටත් හැකිවිය.1880 සිට1897 දක්වා කාල පරාසය තුළදී ඡායාරූපකරණය නවීකරණයට භාජනය විය. 1850 දශකයේ පමණ සිට ,ප්‍රවෘත්තිවලට යෝග්‍ය අංග රූපගත කළ අතර, 1880 තෙක් මුද්‍රණාල වලට හැකිවූයේ ඒවා මුද්‍රිත චිත්‍ර මඟින් ප්‍රචාරය කිරීමට පමණි. පැරණි ප්‍රවෘත්ති ඡායාරූප ප්‍රචාරය කිරීමට පෙර කැටයම්කරු ලවා එම ඡායාරූප නැවත අර්ථ දැක්වීම අවශ්‍ය විය. බ්‍රිතාන්‍ය මුද්‍රණ වාර්තාකරුවන් වූ විලියම් සිම්ප්සන් සහ රොජර් ෆෙන්ටන් මෙලෙස ක්‍රිමීන් යුද්ධයේ යුද්ධ භූමියේ ඡායාරූප මුද්‍රිත චිත්‍ර ලෙස ප්‍රචාරය කළහ. මෙලෙස ඇමරිකානු සිවිල් යුද්ධයේ ඡායාරූපද මැතිව් බ්‍රේඩි විසින් ප්‍රචාරය කිරීමට පෙර චිත්‍ර බවට හරවන ලදී. මහජනයා පුවත් වල තාත්වික බවට ආශා කළ බැවින් ප්‍රවෘත්තිවලට යෝග්‍ය ඡායාරූප, ඡායාරූප ශාලාවල ප්‍රදර්ශනය කිරීම සාමාන්‍යය දෙයක් බවට පත්විය. ප්‍රතිනිෂ්පාදනයක්(මුද්‍රිත චිත්‍ර වලට වඩා ඉහළ )ප්‍රථම වරට ප්‍රචාරය කරවීය. තවදුරටත් නවීකරණය සිදු විය. 1887 දී ක්ෂණික බලය (flash)සොයාගන්නා ලදී. මෙමඟින් පුවත වාර්තාකරුවන්ට වෙනත් විෂයන්ට සම්බන්ධ ඡායාරූපද ප්‍රචාරය කළ හැකි විය. 1887 වනවිට මෙම අර්ධතාන ඡායාරූප මුද්‍රණාල තුළ වඩා වැඩිවේගයකින් පිටපත් කිරීමට ඉඩ සැලසිණි. මෙම නවීකරණයන් ඇති වූවත් සමහර සීමා ද පැවතුණි. බොහෝ සංවේදනීය පුවත්පත් හා සඟරා කතාවල මුද්‍රණ චිත්‍රද ඇතුලත් විය. (1897-1927) 1921දී "wire photo" තාක්ෂණය යොදා ගැනීම නිසා වඩාත් වේගයෙන් රූප සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබිණි. කෙසේ වෙතත් එය 1925 දී මිලිමීටර 35 ලෙයිකා වාණිජ කැමරාව සාදන තෙක් නොතිබූණි. ප්‍රථම ක්ෂණික බල්බ (1927-1930) භාවිතයට යොමුවීමත් සමඟ මෙම සියලුම අංශ ඡායාරූප කලාවේ වඩාත් වැදගත් සන්ධිස්ථානයක් කරා ගෙන ඒමට සමත් විය.

ඡායාරූප පත්‍රකලාවේදයේ සදාචාරාත්මක සහ නෛතික ගැටළු[සංස්කරණය]

අනෙකුත් පත්‍රකලාවේදීන්ට බලපාන සදාචාරාත්මක සහ නෛතික ගැටළු ඡායාරූප පත්‍රකලාවේදයට ද අදාල වේ. කුමන ඡායාරූප ගත කල යුතු ද කෙසේ ඡායාරූප ගත කල යුතු ද කෙසේ සංස්කරණය කල යුතු ද යන්න පිළිබදව අවධානය යොමු කර යුතුය.


ඡායාරූප ප්‍රවෘත්ති ආයතනයකට ලැබුණු පසුව ඒවා උප කතෘවරයෙකු ගේ හෝ ඡායාරූප කතෘවරයෙකුගේ භාරයට ගැනීමෙන් සදාචාරාත්මක ගැටලු අවම හෝ උපරිම කල හැකිය. එසේ වන්නේ ඡායාරූප කෙසේ භාවිතාවේද යන්න පිළිබඳව පත්‍රකලාවේදියාට කිසිදු බලයක් නොමැති හෙයිනි.


ඩිඡිටල් ඡායාරූපකරණය මගින් ඡායාරූප හැසිරවීම ප්‍රතිනිෂ්පාදනය සහ ව්‍යාප්තිය පහසු කල හැකි නමුත් සදාචාරාත්මක ගැටළු වර්ධනය කර ඇත.


එක්සත් ජනපද ජනමාධ්‍ය ඡායාරූපකරුවන්ගේ සංගමය ඇතුලු වෘත්තීමය සංවිධාන මේ සම්බන්ධයෙන් සදාචාරාත්මක නීති පද්ධතියක් අනුගමනය කරයි.


ප්‍රධාන සදාචාරාත්මක ගැටලු නීති පොතට ඇතුළු වී තිබේ. ඡායාරූපකරණය සම්බන්ධ නීති රටින් රටට වෙනස්ය. මෙම ගැටලුව තවත් උග්‍ර වන්නේ එක් රටක ඡායාරූප තවත් රටක ප්‍රකාශනයට පත් වන විටය.

"http://si.wikipedia.org/w/index.php?title=ඡායාරූප_පත්‍රකලාවේදය&oldid=249888" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි