ඡායාරූපකරණ තාක්ෂණික උපාංග

විකිපීඩියා වෙතින්

රාත්‍රියේදී නිරාවරණය වන කාලය චලනය වන වාහන වල ලයිට් මගින් විහදෙන ආලෝකය හේතුවෙන් ඡායාරෑපය හරහා ඉරි ඇදේ.

රාත්‍රී ඡායාරූපකරණයේදි පහත ාෂෟණය සහ උපාංග භාවිතා කෙරේ.

• දිගු නිරාවරණ කාලය හේතුවෙන් ත්‍රිපාදයක් වැනි ස්ථායි පද්ධතියක් මත තබා ඡායාරූපය ගැනීම අවශ්‍ය වේ. • ෂටරය නිදහස් කරන මොහොතේ සිදුවන වේව්ලිම වැලැක්වීම සදහා ෂටරය නිදහස් කරන කේබලයක් හෝ ස්වයං මුහුර්තක් භාවිතා කෙරේ. • ආලෝකය අඩු විටදි ස්වයංක්‍රීය නාභිගත කිරීම හරිහැටි සිදු නොවන බැවින් නාභිගත කිරීම ශිල්පියා මගින් සිදුකල යුතු වේ. නුතන සංඛ්‍යාවක කැමරා මෙය සාර්ථක කරගැනීම සදහා උපක්‍රම අනුගත කර ඇත.

දිගු නිරාවරණය, කිහිප වරක් ෆ්ලැෂරය යොදා ඡයාරූප ගැනීමේ තාක්ෂණය.

මෙම ‍තාක්ෂණයේදි ජංගම ෆ්ලැෂ්රයක් මගින් ගොඩනැගිල්ලක විවිධ කොටස් හෝ ඇතුලත දිගු කාලයක් නිරාවරණය කර තබයි.

දිගු නිරාවරණය වැඩි ආලෝක ප්‍රමාණයක් කැමරාව තුළට ඇතුල් විම සදහා දිගු කාලයක් ෂටරය විවෘතව තැබීමයි. මෙමගින් ඡයාරෑපය ලා පැහැ වන අතර රාත්‍රී ඡායාරූප සහ අදුරු ඡයාරූප සදහා මෙය සුදුසු වේ.

වස්තුව විවිධාකාර දීප්තියන්ගේ දැකගැනිම සදහා ඡයාරූපය ගන්නා විට ෆ්ලැෂරය ඉදිරිපස වර්තමත් ජේල් යොදා ගනු ලැබේ. මෙසේ නිරාවරණය කොට තිබියදී විවිධ ජේල් වර්ණ යොදාගෙන ෆ්ලැෂරය කිහිප වරක් ක්‍රියාත්මක කිරීම සුලභය. මෙමගින් අවසාන ප්‍රතිබිම්භයේ හොදා වර්ණ සංකලනයක් ලබාගතක හැක. මෙම සාර්ථවන සිදු කිරිම සදහා විශේෂ දක්ෂතාවයක් සහ හොදා සිතීමේ හැකියාවක් තිබීම අශ්‍ය වේ. මෙම තාක්ෂණය භාවිතා කිරිමෙන් විවිධ කොටස් විවිධ පැහැයන්ගෙන් පෙන්වීමේ හැකියාව ඡයාරූප ශිල්පියාට ලැබේ.