Jump to content

චෝඛේර් බාලි (නවකථාව)

විකිපීඩියා වෙතින්
චෝඛේර් බාලි
කර්තෘ‍රබීන්ද්‍රනාථ් ඨාකූර්
පරිවර්තකයෝ
රටඉන්දියාව
භාෂාවබෙංගාලි
ප්‍රභේදයනවකථාව
ප්‍රකාශිත
  • මාලාවක් ලෙස සකස්වූයේ 1902-03
  • පොතක් ලෙස සකස්වූයේ 1903
ඉංග්‍රීසියෙන් ප්‍රකාශිත
1959
මාධ්‍ය වර්ගයමුද්‍රිත

චෝඛේර් බාලි (চোখের বালি) යනු 1903 දී රබීන්ද්‍රනාථ් ඨාකූර් විසින් රචිත බෙංගාලි නවකතාවක් වන අතර එය කේන්ද්‍රීය චරිතය වන බිනෝදිනී, ඇය සහ පුද්ගලයන් තිදෙනෙකු සමඟ ඇති සබඳතා නිරූපණය වෙයි. තරුණ වැන්දඹුවක් වන බිනෝදිනී සහ ඇගේ පැරණි විවාහ අපේක්ෂකයා වූ මහේන්ද්‍ර අතර ඇති අනියම් සම්බන්ධය, මහේන්ද්‍රගේ බිරිඳ ආශා සමඟ ඇති සංකීර්ණ මිත්‍රත්වය සහ මහේන්ද්‍රගේ ළමා කාලයේ හොඳම මිතුරා වූ බෙහාරී සමඟ ඇති ඇගේ අන්‍යෝන්‍ය වශයෙන් ගැටුම්කාරී හැඟීම් ගවේෂණය කරයි. මෙම නවකථාව කාන්තා සාක්ෂරතාවය, ළමා විවාහය, පවුල තුළ පීතෘමූලිකත්වය සහ එම යුගයේ වැන්දඹුවන්ගේ ඉරණම පිළිබඳ ගැටළු ද ඉස්මතු කරයි. [1]

ශීර්ෂය

[සංස්කරණය]

පොතේ මාතෘකාව "ඇසෙහි වූ වැලි කැටයක්", "ඇසට නිරන්තරයෙන් වන පීඩවක්" හෝ "ඇස් කැක්කුමක්" ලෙස පරිවර්තනය කළ හැකිය. 1914 දී සුරේන්ද්‍රනාථ් ඨාකූර් විසින් ප්‍රකාශයට පත් කරන ලද එහි පළමු ඉංග්‍රීසි පරිවර්තනය සඳහා "Eyesore" යන මාතෘකාව භාවිතා කරන ලදී. ප්‍රකාශනයට පෙර ඨාකූර් බිනෝදිනී යන වචනය තාවකාලික මාතෘකාවක් ලෙස භාවිතා කළේය. [2]

අනුවර්තනයන්

[සංස්කරණය]

ඉන්දියාව

[සංස්කරණය]

චෝඛේර් බාලි චිත්‍රපට, රූපවාහිනිය සහ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කිහිප වතාවක් අනුවර්තනය කර ඇත. වේදිකා අනුවර්තනයක් ප්‍රථම වරට 1904 දී සිදු කරන ලද අතර, [2] සහ සතු සේන් විසින් අධ්‍යක්ෂණය කරන ලද චෝඛේර් බාලි (1938 චිත්‍රපටය) 1938 දී නිකුත් කරන ලදී, [3] එය ඨාකූර් නරඹා ඇති අතර ඔහු චිත්‍රපටයේ රංගනය පිළිබඳව තෘප්තිමත් විය. [4] වෙනත් අනුවාදයන් තිරයේ සහ රූපවාහිනියේ නිෂ්පාදනය කර ඇත, උදාහරණයක් ලෙස, 2003 දී ඍතුපර්ණෝ ඝෝෂ් විසින් නිර්මිත චෝඛේර් බාලි සහ 2015 දී අනුරාග් බාසු විසින් නිර්මිත ස්ටෝරීස් බයි රබින්ද්‍රනාත් ටාගෝර් රූපවාහිනී කතා මාලාවේ ද මෙය දක්නට ලැබේ. 2015 සිට 2016 දක්වා සී බංග්ලා හි විකාශය වූ ඉන්දියානු බෙංගාලි භාෂා රූපවාහිනී කතා මාලාවක් වන චෝඛේර් බාලි මෙම නවකථාවෙන් අනුවර්තනය කරන ලදී.

පාකිස්තානය

[සංස්කරණය]

පාකිස්තානයේ ද, මෙම නවකථාව 2010 දී සර්මාද් ඛූසත් විසින් කල්මූහි ලෙස රූපවාහිනී කතා මාලාවකට අනුවර්තනය කරන ලදී.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. Kemwal, Ashmita. "Portrayal of Women Characters in Chokher Bali and Chaturanga". {{cite journal}}: Cite journal requires |journal= (help)
  2. 1 2 Rabindranath Tagore, Radha Chakravarty (16 November 2012). "Introduction". Chokher Bali. Random House India. ISBN 9788184003635.Rabindranath Tagore, Radha Chakravarty (16 November 2012). "Introduction". Chokher Bali. Random House India. ISBN 9788184003635. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Chokher Bali" defined multiple times with different content.
  3. "Chokher Bali (1938)". Indiancine.ma. සම්ප්‍රවේශය 2024-04-26.
  4. Adaptations: Some Journeys from Words to Visuals. Cambridge Scholars. 2015. p. 10. ISBN 9781443884099.
"https://si.wikipedia.org/w/index.php?title=චෝඛේර්_බාලි_(නවකථාව)&oldid=792093" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි