චූ අධිරාජිනිය (සොං රාජවංශය)

විකිපීඩියා වෙතින්
රෙන්හුවායි අධිරාජිනිය

චූ අධිරාජිනිය (1102–1127) යනු සොං රාජවංශයේ චීන අධිරාජිනියකි. ඇය සොංහි ක්වින්සොං අධිරාජයාගේ භාර්යාව වූවා ය.

චූ උපත ලැබූයේ 1102දී කායිෆෙංහි දී ය.[1] 1116දී චූ ක්වින්සොංගේ ප්‍රධාන භාර්යාව ලෙසින් ඔහු සමග විවාහ වූවා ය. 1126දී හුයිෂොං අධිරාජයා සිය පුත්‍රයා වූ ක්වින්සොං අධිරාජයා ලෙස පත් කිරීමේ අරමුණින් සිහසුන අත්හැරී ය. අනතුරුව ඔහුගේ ප්‍රධාන භාර්යාව වූ චූ අධිරාජානිය ලෙසින් අභිෂේක ලැබුවා ය.

ජින්–සොං යුද්ධ සමයේ 1127දී, කායිෆෙං අගනුවර ජුර්චෙන්වරුන් විසින් යටත් කරගන්නා ලදී. ක්වින්සොං අධිරාජයාව ධුරයෙන් පහකෙරිණි. ඔහු මෙන්ම ඔහුගේ පූර්වප්‍රාප්තිකයා වූ හුයිෂොං අධිරාජයා සහ අධිරාජකීය පවුලේ බොහෝ සාමාජිකයින් ඇතුළු මාලිගවාසීන් 3000කට අධික පිරිසක් අල්ලාගෙන මැංචූරියාව වෙත පිටුවහල් කරන ලදී. මෙම සිදුවීම ජිංකං සිද්ධිය නම් වේ.[2] පළමුව ඔවුන්ව ජුර්චෙන් අගනුවර වෙත රැගෙන යන ලද අතර, පිරිසගෙන් වැඩිදෙනා අතරමග දී මරණයට පත් විය. අල්ලාගැනුණු අධිරාජකීය බිසෝවරුන්, උපබිසෝවරුන්, මාලිග ස්ත්‍රීන් සහ පණ්ඩකයන් වහලුන් ලෙස ජුර්චෙන්වරුන් අතර බෙදාදෙන ලදී.[3] ඇගේ මාමණ්ඩියට ඔහුගේ අධිරාජිනිය ඇතුළු බිසෝවරුන් පස්දෙනකු ළඟ තබා ගැනීමට අවසර හිමිවූයේ යුධ ජයග්‍රහණයේ ස්මරණ ලෙස ඔවුන් භාවිතයට ගැනීමට වයෝවෘද්ධ වැඩි වූ හෙයිනි.[4] කෙසේනමුත් තරුණ සහ රූමත් යැයි පැවසුණු චූ අධිරාජිනියට සිය වල්ලභයා සමග සිටීමට අවසර හිමි නොවිණි. ඇගේ පැමිණීමෙන් පසුව ඇයට ස්නානය සඳහා නියෝග කෙරිණි. මින් අවමානයට පත් ඇය සිය දිවි හානිකරගත්තේ ලිංගික අතවරයන්ට භාජනය වීමෙන් වැළකීමටයි.[5]

ආශ්‍රේයයන්[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Toqto'a and Alutu (1346), liezhuan di er houfei xia
  2. Patricia Buckley Ebrey: Emperor Huizong
  3. Patricia Buckley Ebrey: Emperor Huizong
  4. Patricia Buckley Ebrey: Emperor Huizong
  5. Patricia Buckley Ebrey: Emperor Huizong

සඳහන් කළ කෘති[සංස්කරණය]

  • Toqto'a (Tuotuo 脱脱); Alutu 阿魯圖, eds. (1346). 宋史 [History of the Song] (Chinese බසින්). සම්ප්‍රවේශය 6 March 2017.{{cite book}}: CS1 maint: unrecognized language (link)
චීන රාජකීයයා
පූර්වප්‍රාප්තිකයා
ෂියාන්සු අධිරාජිනිය
චීනයේ අධිරාජිනිය
1126–1127
අනුප්‍රාප්තික
ෂිං අධිරාජිනිය