චුන්නාකම් පොලිස් ස්ථාන සංහාරය
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය කිසිදු මූලාශ්රයක් උපුටා දක්වන්නේ නැත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (මාර්තු 2020) |
චුන්නාකම් පොලිස් ස්ථාන සංහාරය | |
---|---|
![]() ශ්‍රී ලංකාවේ පිහිටුම | |
ස්ථානය | චුන්නාකම්, උතුරු පළාත, ශ්‍රී ලංකාව |
දිනය | ජනවාරි 08, 1984 (+8 GMT) |
ඉලක්කය | ශ්‍රී ලාංකික දෙමළ සිවිල් වැසියන් |
මරණ | අඩුම තරමින් 19 |
තුවාලකරුවන් | නොදනී |
අපරාධකරුවෝ | ශ්‍රී ලාංකික පොලීසිය |
චුන්නාකම් පොලිස් ස්ථාන සංහාරය යන්නෙන් අදහස් වන්නේ, 1984 වසරෙහිදී, යාපනයේ නගරෝපාන්තයක් වූ චුන්නකම් පොලිස් ස්ථානයෙහිදී, ශ්‍රී ලාංකික පොලීසිය විසින්, වාර්ගික දෙමළ සිවිල් වැසියන් 19 දෙනෙකු මරා දැමීමයි. රටෙහි සිවිල් යුද්ධය පැතිරීමත් හා සමගම, ශ්‍රී ලාංකික රාජ්‍ය හමුදාවන් විසින්දෙමළ සිවිල් වැසියන් මත සිදු කල සංහාර මාලාවක පළමුවැනි කිහිපය අතුරින් මෙය එකක් විය.[තහවුරු කරන්න]
සංහාරය[සංස්කරණය]
චුන්නාකම් පිහිටා ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ උඩුවිල් සහකාර රජයේ ඒජන්ත කොට්ඨාශයෙහිය. යාපනය නගරයෙන් කිලෝමීටර දහයක් පමණ දුරින්, කන්කසන්තුරෙයි මාර්ගයෙහි, චුන්නකම් මං සන්ධිය පිහිටා ඇත. චුන්නකම් පොලිස් ස්ථානය පිහිටා තිබුනේ මෙම මං සන්ධියට මීටර 250 ක් පමණ දකුණු දෙසටය.[තහවුරු කරන්න]