චිත්‍රපට ඉතිහාසය - 1906 සිට 1914 දක්වා - සංකේතකරණය සහ දර්ශණ ඛණ්ඩ ඇතුලත් කිරීම

විකිපීඩියා වෙතින්

මෙම කාලය තුල “කලාව” යන වචනය චලනය වන පිංතූර සබැදිව බොහෝමයක් සදහන් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කලාත්මක දේ අරමුණු කරගත් චිත්‍රපට නිපදවන්නන් වැඩි වූ අතර කවි සෘජුවම චිත්‍රපටි ලෙස පෙරළුනි. D.W. Greffith ගොසින් දුෂ්‍යමය සමාන වූ කාව්‍ය හා ධ්‍රැව සංගීතය නිර්මාණය කරමින් The way of the world (1910) දර්ශණය කර කප්පාදු කරමින් (church belle) චිත්‍රපටයේ කාල ප්‍රමාණය, විවේක කාලය අඩු කරන ලදී. කෙසේ නමුත් මෙය විශේෂිත අවස්ථාවක් වන බැවින්, මෙය 1912 වන විටත් දර්ශණ ඛණ්ඩ ඇතුලත් කරන බව සලකුණු විය. එය මිනිසුන් ඇතුලත් දර්ශණ ඛණ්ඩ වලට වඩා ද්‍රව්‍ය ඇතුලත් දර්ශණ ඛණ්ඩ විය. ඉතාලි Ambrosio චිත්‍රපට සමාගම නිෂ්පාදනය කල Mario caserini අධ්‍යක්ෂණය කල The evil plant චිත්‍රපටයෙහි එක් අවස්ථාවක් වූ විස ගසක් මතින් නයක් ලිස්සායාමේ දර්ශණයකින් විනාශ කිරීමේ අවස්ථාවක් නිරූපණය කරයි. වෙනත් කලාතුරකින් වන උදාහරණයක් ලෙස ඒ දිනවල Griffiths ගේ සමූල ඝාතනය නම් චිත්‍රපටය 1912 අගබාගය වන විට නිපදවන ලදී. මෙහි අසනීප වූ පුද්ගලයෙකුගේ ඇද ලඟ ඉටිපන්දමක දර්ශන ඛණ්ඩයක් ඇතුලත් කරමින් එම පුද්ගලයාගේ මරණය නිරූපණය කිරීමට සමර්තව ඇත. Enbrosio සමාගමේ තවත් චිත්‍රපට නිර්මාණය කිරීමේ ස්වරූපයක් ලෙස The last days of Pompeii චිත්‍රපටය හඳුන්වා දිය හැක. මෙම චිත්‍රපටයෙහි ඊර්ෂ්‍යාවේ අසහනය නමින් වූ දර්ශණ ඛණ්ඩයක් ඇතුලත් වේ. එය එක් කාන්තාවක් හට එක් පිරිමියෙක් වෙනත් කාන්තාවක් හට කරනු ලබන ආද‍රය තුලින් ඇති වන ඊර්ෂ්‍යාව දැක්වේ. එය පිළිබිඹු කිරීමට සාමකාමී පරවියන් දෙදෙනෙක් සහ පසුව ගොදුරක් වී විනාශ වන කුරුල්ලෙක් යොද‍ාගෙන ඇත.

1914දී D.W. Greffith විසින් නාට්‍යකාර ප්‍රකාශනය වන දර්ශන ඛණ්ඩ යොදා ගැනීමට පටන් ගන්නා ලදී. නමුත් ඔහු බොහෝ විට මෙය සිදු නොකරන ලදී. එය ඇත්තෙන්ම වරදට පලිගන්නා හෘර්ද සාක්ෂිය The Aavenging Conscience චිත්‍රපටයේ (1914) දර්ශන ඛණ්ඩ යොදා ගැනීමේ නව අංශයක් ලෙස ආරම්භ වූවා පමණක් විය. මෙම චිත්‍රපටයේ අතුරු මාතෘකාවක් වූ “The bird of evil thought” හිදී ප්‍රධාන නළුවා මකුළුවෙක් තවත් කෘමියෙක් ආහාරයට ගැනීම බලාසිටීමේ දර්ශන ඛණ්ඩ 3ක් චිත්‍රපටයේ කලින් පුනරූපනය කරයි. එය චිත්‍රපටයේ පසුව දැක්වෙන කාරණයක් වන ඔහු වෙනත් පුද්ගලයෙකු ඝාතනය කිරීමට සැරසෙන බවක් පෙන්නුම් කරයි. මෙම දර්ශන ඛණ්ඩ ඝෘජුවම අනවශ්‍ය පැහැදිලි කිරීම් කපාදමා ඇත. එසේම එහි සංකේතාත්මක ඇතුලත් කිරීම් සඳහන්ව ඇත. Anevinging Conscience චිත්‍රපටයේ මනෝමය වශයෙන් සිතේ ඇතිවන කලබලයන් නිරූපණය කිරීමට තදින් අත් ස්පර්ශ කරන සවිස්තරාත්මක දර්ශන ඛණ්ඩ ඇතුලත් කර ඇත. Griffith නැවත නැවතත් අධ්‍යක්ෂණයට යොමුවූ අතර නමුත් ඔහු ඔහුට දැනෙන හැගීම දර්ශන ඛණ්ඩ යොදා ගනිමින් 1915-1919 කාලය පුරා ඇමරිකානු චිත්‍රපට නිර්මාණකරුවන් සේම සමත්ව ඇත.