චන්න ජයනාත්
Appearance
චන්න ජයනාත් | |
---|---|
උපත | චන්න ජයනාත් |
මියගිය දිනය | 2022.02.26 කොළඹ |
මිය යාමට හේතුව | කොරෝනා ආසාදනය [1] |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | ගී පද රචක |
චන්න ජයනාත් යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත රචකයෙකි. 90 දශකයේ සහ 2000 මුල් දශකයේ ප්‍රසිද්ධ ගීත රැසක් රචනා කරන ලද්දේ ඔහු විසිනි. ඒ අතර අජිත් මුතුකුමාරණ ගායනා කරන සුදු අරලියා මල, කිංස්ලි පීරිස් ගායනා කරන දෙළුම් මලක්, ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කරන සීගිරියේ කුරුටු ගීත ඇතුළත් වේ.කැසට් ලොව ආදායම් වාර්තා තැබූ 'සුදු අරලියා මල' කැසට් පටයේ සියලුම ගීත ලීවේද චන්න විසිනුයි. එසේම කිංස්ලි පීරිස්ගේ දෙලුම් මලක්, ඩේලියා මලෙන්, මල් වඩමට ගීතත් ඔහුගේ පද රචනාවන් වනවා.
නිරෝෂා විරාජිනි ගැයූ, ඉගිලෙන්න තහනම්, චන්දන ලියනාරච්චිගේ කවි සී පද, සඳ යාත්‍රා කළා, ගීතවල නිමවුම්කරුවාද වන්නෙ චන්න ජයනාත්ම යි.
ජනප්‍රිය ගීත
[සංස්කරණය]- ඉගිලෙන්න තහනම් නම් දුරක්
- සියඹලා මලක්
- අඳුර ඉකි බිඳින
- පලඳවන්න බෑ මට
- රෑ කුමාරි මල්
- දේදුන්න වගේ
- කවි සී පද ඇහෙන රෑට
- සුමුදු වලාවක අඳුර වෙලා
- මෙවලම් මොකටද මෙතරම්
- සමාවෙන්න රත්තරනේ
- සඳ යාත්‍රා කලා වගෙ මතකයි
- සඳට ආදරෙයි කියලා
- සුදු අරලියා මල
- වෙහෙරහේන විහාරයේ
- නාමල් දෙකක් ළඟින්
- සංසාර සිහිනයේ
- මගේ දුප්පත් ඇස් දෙක
- සඳ රැජිනියේ
- මගෙ දුප්පත් ඇස්දෙක
- සේපාලිකා මලයි
- කඳුලු පූජාසනේ
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Fo (2022-02-26). "චන්න ජයනාත්- කොරෝනාවෙන් දිවියට සමුදෙයි". GossipLanka. Sri Lanka. සම්ප්‍රවේශය 2022-11-11.