චන්ද්‍රහිම සදහා සාක්ෂි

විකිපීඩියා වෙතින්

චන්ද්‍ර යළි සලකා බැලීමේ කාක්ෂිකයේ ලෝන්චරය චන්ද්‍ර ආවාටයක් මතට කඩා වැටීම. LCROSS ඒෂණිය විහිදුම් පොම්පයෙන් ජලය සොයා ගැනීමට උත්සාහ දරණු ඇති

ධ්‍රැවීය චන්ද්‍ර ආවාටවල මතුපිට අයිස් පැවතීමේ හැකියාව පළමු වරට යෝජනා කළේ Caltech ගවේෂකයන් වන Watson, Bruce Murray හා Harrison Brown විසිනි. 1994 දී Clementine ඒෂණිය චන්ද්‍ර දක්ෂිණත් ධ්‍රැවයේ ආවාට සිතියම් ගත කළේය. පරිගනක සමාකරණයන්ට අනුව 14000 km2 ප්‍රදේශයක සදාකාලික සෙවනැලි ප්‍රදේශය පවතින බැවින් එහි චන්ද්‍ර හිම පැවතීමට හැකියාවක් ඇත. ද්විත්ව ස්ථායි රේඩාරයක් ඇති කිරීමට ඒෂණියේ රේඩියෝ සම්ප්‍රේෂණ හැකියාව යොදා ගන්නා ලදී. Clementine මෙහෙයුමේ ද්විත්ව ස්ථායි රේඩාර් පරීක්ෂන වල ප්‍රතිඵල මතුපිටට ආසන්නව කුඩා මිදුණු ජල පැකට්ටු පැවතීමට ඉඩ ඇති බව පෙන්වා දෙයි. චන්ද්‍ර ‍ගවේෂක නියුට්‍රෝන ප්‍රකාශ මානයෙන් ලබාගත් දත්ත අඟවන පරිදි ද්‍රව‍ප්‍රදේශ වල ප්‍රාවරණ වල ඉහළ ස්ථරයේ අනියම් ලෙස ඉහළ හයිඩ්‍රජන් සාන්ද්‍රණ පවතී. Clementine හා චන්ද්‍ර ගවේෂකයෙක් දත්ත මත පදනම්ව නාසා ආයතනය ඇස්තමේන්තු කර ඇති අන්දමට ඝන කිලෝමීටර් 1 ක පමණ ජල අයිස් ප්‍රමාණයක් පවතී.

1999 ජුලි මාසයේ මෙහෙයුම අවසානයේදී චන්ද්‍ර ගවේෂකය Shovmaker ආගාධයට හිතාමතාම ගට්ඨනය කරන ලදී. චන්ද්‍රයාගේ දක්ෂිණ ද්‍රවයේදී සිදු කෙරුනු මෙයින් බලාපොරොත්තු වුයේ හදුනාගත හැකි ප්‍රමාණයේ ‍ජලය විහිදෙනු ඇති බවය. භූමි පාදක දුරේක්ෂ වලින් ලබාගත් ප්‍රකාශ මාන නිරීක්ෂණ ජල සලකුණක් හෝ ලබානොදේ.

ඉතා මෑත කාලයේ එනම් 2006 දී Arecobo ග්‍රහ‍ලෝක රේඩාරයේ නිරීක්ෂණ වලින් පෙන්නුම් කළ පරිදි ඇතැම් ද්‍රවා සන්න Clementine රේඩාර් පරාවර්තනයන් ඇතැම් විට ලාබාල අගාධ වලින් උත්ෂිප්ත පාෂාණ සමග සංයෝජනය වී ඇත. ඒ සත්‍යක් නම් මෙයින් ඇඟවෙන්නේ නියුට්‍රෝන ප්‍රතිඵල ප්‍රාථමිකව අයිස් වලට වඩා හයිඩ්‍රජන් වලින් වන බවයි. උදාහරණ ලෙස හයිඩ්‍රජන් අණු හෝ කාබනික අණු ගත හැක. කෙසේ වුවත් මෙම දත්ත වල අර්ථ නිරූපණය අනන්‍ය නොවන අතර (අයිස් හෝ මතුපිට රළු බව නිරීක්ෂිත සලකුනු වලට හේතු විය හැක. එමෙන්ම එයින් හෙලි වන පරිදි සදා කාලික අදුරු අගාධයන් හි ජලීය අයිස් පැවතීමේ හැකියාවට මෙම ප්‍රතිඵල පාදක නොවේ.

චන්ද්‍ර හිම ගවේෂණය නාසා ආයතනයේ චන්ද්‍ර යලි සලකා බැලීමේ කාක්ෂිකය (LRO) මෙහෙයුම සමග ඉදිරියට යනු ඇත. 2008 ඔක්තෝබර් වලදී එය දියත් කිරීමට නියමිතව ඇත. LRO හි පුවරුව මත උපකරණ විවිධාකාර නිරීක්ෂණ ලබාගනු ඇති අතර ඒවා ජලය පිලිබද තවත් සාක්ෂි සපයනු ඇත. මෙහෙයුමේ LCROSS සන්ඝටකය දියත් කිරීමේ රථයේ ඉහළ භාගයේ ගැටී ධ්‍රැවීය චන්ද්‍ර ආවාටයකට පතිත වනු ඇත. ඊට සමීපව කුඩා ඒෂණියක් විහිදුම් පොම්පය කරා පියාසර කොට ජලය පැවතීම හදුනා ගැනීමට උත්සාහ කරනු ඇත.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Lunar_ice#Evidence_for_lunar_ice