චතුර්භූජ් දේවාලය (ඛජුරාහෝ)

විකිපීඩියා වෙතින්
චතුර්භූජ් දේවාලය
ඛජුරාහෝවේ චතුර්භූජ් දේවාලය
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ[1]
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයඡතර්පූර්[1]
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
නිර්මාපකචන්දේල පාලකයින්

චතුර්භූජ් දේවාලය (දේවනගරි: चतुर्भुज मंदिर) යනු විෂ්ණු දෙවියන්ට පුදකළ දෙවොලකි.[1] චතුර්භූජ් (දේවනගරි: चतुर्भुज) යන වදන නිර්මාණය වී ඇත්තේ සංස්කෘත වදන් වන चतु: = සතර සහ भुजा = බාහු යන වදන් සංයුක්ත වීමෙනි. මෙහි සාහිත්‍යමය අර්ථය බාහු සතරක් ඇත්තා යන්න වන අතර එමගින් විෂ්ණු දෙවියන් අදහස් කෙරේ.

මෙම දේවාලය ක්‍රි.ව. 1100ට පමණ දින නිර්ණය කළ හැක.[1] මෙම දේවාලය එය පිහිටි ජටාකාරි[1] (දේවනගරි: जटकारी) ගම්මානය හේතුවෙන් ජටාකාරි[1] (දේවනගරි:जटकारी) දේවාලය ලෙස ද හඳුන්වයි.

මෙම දේවාලය ඛජුරාහෝවේ ශෘංගාරාත්මක ප්‍රතිමා දක්නට නොලැබෙන එකම‍ දේවාලයයි.[1]

චන්දේල රාජවංශයේ යසෝවර්මන් විසින් මෙම දෙවොල ඛජුරාහෝවේ ඉදිකරන ලදී. මෙම දේවාලයේ විෂ්ණු ප්‍රතිමාවක් තැන්පත් කොට ඇත.[2]:22

පිහිටීම[සංස්කරණය]

මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ ජටාකාරා ගම්මානය අසල ය.[1] මෙම ගම්මානය හේතුවෙන් දේවාලය ජටාකාරි දේවාලය ලෙස ද හඳුන්වයි.[1]

ඛජුරාහෝවේ දකුණුදිග පෙදෙසේ පිහිටි බැවින් මෙම දේවාලය දක්ෂිණ දේවාල සමූහය යටතට වර්ග කොට ඇත.

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

මෙම දේවාලය සක්මන් මළුවක් නොමැති ගර්භගෘහයක්, අන්තරාලයක්,[1] මණ්ඩපයක්[1] සහ ප්‍රවේශ ද්වාර මණ්ඩපයකින් සමන්විත ය.[1] දෙවොල “චබුතාරා” ආකාරයේ මණ්ඩපයක් මත ගොඩනගා ඇත.

බිත්ති වටා ප්‍රතිමාවලින් යුත් කැටයම් තීරු තුනක් දැකගත හැක.[1] (පිටත බිත්තියේ පින්තූරය බලන්න)

ප්‍රධාන දේව ප්‍රතිමාව[සංස්කරණය]

දෙවොලේ ඇති ප්‍රධාන දේව ප්‍රතිමාව අත් සතරක් ඇති විෂ්ණු ප්‍රතිමාවකි. (රූපය බලන්න) එය මීට 2.7ක් උසැති ය.[1] මෙම ප්‍රතිමාව විෂ්ණු දෙවියන්ගේ ප්‍රියතම දිශාව වන දකුණු දිශාවට මුහුණලා ඇති, මෙවැනි ආකාරයේ දකුණට මුහුණලා ඇති සැලසුමක් කාම්බෝජයේ අංකෝර් වට්හි දැකගත හැක.

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 1.11 1.12 1.13 1.14 1.15 "Archaeological Survey of India (ASI) - Chaturbhuj Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012. {{cite web}}: |first= missing |last= (help)
  2. Sen, S.N., 2013, A Textbook of Medieval Indian History, Delhi: Primus Books, ISBN 9789380607344

බාහිර සබැඳි[සංස්කරණය]