ඝූමර් (ගීතය)

විකිපීඩියා වෙතින්
"ඝූමර්"
දීපිකා පඩුකෝන් නිරූපිත ගීතය සඳහා නිමැවුමක්
ගීතය ගයන්නේ ශ්‍රේයා ඝෝෂාල් සහ ස්වරූප් ඛාන්
පද්මාවතී ඇල්බමයෙනි
භාෂාවහින්දි සහ රාජස්ථානි
මුදාහැරුණේ25 ඔක්තෝබර් 2017 (2017-10-25)
පටිගත කළේවාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි
ගණයෆිල්මි, රාජස්ථානි ජන
දිග4:41
ලේබලයටී-සීරීස්
ගීතරචක(යන්)ඒ. එම්. ටුරාස් සහ ස්වරූප් ඛාන්
Producer(s)
පද්මාවතී track listing
  1. "ඝූමර්"
  2. "ඒක් දිල් ඒක් ජාන්"
සංගීත වීඩියෝ
"ඝූමර්" යූ ටියුබ් වෙත
දීපිකා පඩුකෝන් නිරූපිත "ඝූමර්"හි නිල වීඩියෝ කවරය

"ඝූමර්" යනුවෙන් හැඳින්වෙන්නේ සංජේ ලීලා භන්සාලිගේ 2017 චිත්‍රපටයක් වන පද්මාවතී චිත්‍රපටයේ ප්‍රථම ගීතයයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ දීපිකා පඩුකෝන්, ෂාහිඩ් කපූර්, රන්වීර් සිං සහ ආදිති රාඕ හයිදරි විසිනි. මෙම ගීතය රාජ්පුතානාවේ රාජකීය ජන ගීතයක් වන "ඝූමර්"හි ආභාසය ලද ප්‍රභේදයකි. මෙම ගීතයේ පද්මාවතී චිත්‍රපට ප්‍රභේදයේ ගීතය ගායනා කරන ලද්දේ ශ්‍රේයා ඝෝෂාල් සහ රාජස්ථානි ගායක ස්වරූප් ඛාන් විසින් සංජේ ලීලා භන්සාලිගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ය. මෙහි පද රචනය සිදුකරන ලද්දේ ඒ. එම්. ටුරාස් සහ ස්වරූප් ඛාන් විසිනි.

සංවර්ධනය[සංස්කරණය]

"ඝූමර්" පටිගත‍ කෙරුණේ 2016 ජූලි 12 දිනශ්‍රේයා ඝෝෂාල් සමගින් වන අතර, එහි මිශ්‍රකරණය සහ මෙහෙයවීම සිදුකරන ලද්දේ මුම්බායිහි වාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝවේ දී තානේ ගජ්ජර් විසිනි. ඝෝෂාල් සිය ට්විටර් ගිණුම ඔස්සේ මේ පිළිබඳ ඇයගේ විස්මය පලකළ අතර, ඇය සටහන් කොට තිබුණේ, "අද මම මගේ දිවියේ සන්ධිස්ථානයක් පටිගත කළා. මනස සතුටු කරවන හෘදයාංගම සතුටු ගමනක්. මෙවැනි අවස්ථා අත්විඳීමටයි මම ජීවත්වන්නේ! #සංගීතයේ බලය". [1] ගීතයේ නර්තන රචනය කෘති මහේෂ් මිද්‍යා විසින් සිදුකළ අතර, ඝූමර් නර්තන පුහුණුව ජ්‍යෝති ඩී. තොම්මාර් විසින් ලබාදෙන ලදී. දිනක පැය තුන බැගින් මාස බාගයක් ලද මේ පුහුණුව දීපිකාට කැමරාව ඉදිරියේ සිය නර්තනය පරිපූර්ණව සිදු කිරීමට ඉවහල් විය.[2]

ගීතයේ රූගත කිරීම් අතරතුර දීපිකා භ්‍රමණයන් 66කට අධික සංඛ්‍යාවක් සිදුකළා ය. කැරකීම් සහ ඇඹරීම්වලින් යුත් මෙම අපහසු නර්තනය සිදු කිරීමේ දී දීපිකාට බරැති ආභරණවලින් සැරසූ විසිතුරු ඇඳුමක් ද ඇඳීමට සිදු විය. වාර්තා වන අතර, රිම්පල් නාරුලාලෙහෙන්ගාව 30 kg පමණ බරකින් යුතු වූ අතර, එහි ඇස්තමේන්තුගත වියදම රුපියල් ලක්ෂ 30කි.[3] එසේම ඇය 3 kg බරිකින් යුත් ආභරණ ද පැළද සිටියා ය. මේවා සැලසුම් සහ නිර්මාණය කරන ලද්දේ තනිෂ්ක් විසින් විශේෂයෙන්ම ගීතය සඳහාම විය. එමගින් චිත්‍රපටය තුළ දීපිකාට රාජ්පුති මනාලියකගේ පනුම හිමි විය. සම්පූර්ණ රන් ආභරණ කට්ටලයට ත්‍රිත්ව බෝල්රා, නාත්, චොකර්, බාසුවාන්ද්, වළලු, පායල් යනාදී ආභරණ ගණනාවක් ඇතුළත් විය.[4]

තනිෂ්ක් අනුව, දින 600ක් පුරා ශිල්පීන් 200කට අදික සංඛ්‍යාවක් රත්රන් 400kg ක් යොදා ගනිමින් පද්මාවතී හි ආභරණ නිර්මාණය කොට තිබේ.[5]

වීඩියෝව[සංස්කරණය]

මෙහි වීඩියෝව 2017 ඔක්තෝබර් 25 දින මුදාහැරුණු අතර, එහි දීපිකා පඩුකෝන් රාණි පද්මාවතී ලෙස සැරසී රාවල් රතන් සේන් ලෙස සැරසුණු ෂාහිඩ් කපූර් සහ ඔහුගේ පළමු බිරිඳ වන නාග්මතී ඉදිරියේ "ඝූමර්" නර්තනය ඉදිරිපත් කරයි.

මුදාහැරීම[සංස්කරණය]

මෙම ගීතය 2017 ඔක්තෝබර් 25 දින ටී-සීරීස් ඔස්සේ යූටියුබ් පිටුවෙන් මුදාහැරිණි. පැය 24ක් තුළ මෙම ගීතය මිලියන 10 වරක් නරඹා තිබූ අතර, පැය 24ක් තුළ ටී-සීරීස් ලද ඉහළම නැරඹුම් සංඛ්‍යාව මෙය වේ.[6][7] ලොවපුරා නැඹුරුතාවත් සමගින්, ඝූමර් ට්විටර් තුළ ඉන්දියාවේ ඉහළම ස්ථානය ලබා ගත්තේ ය.[8][9] ගායිකා ශ්‍රේයා ඝෝෂාල්, දීපිකා පඩුකෝන්, රන්වීර් සිං සහ ෂාහිඩ් කපූර් මෙම ගීතයට ලබාදුන් යහපත් ප්‍රතිචාරය වෙනුවෙන් සිය සමාජ මාද්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයනට සිය කෘතඥතාව පලකළහ. 2017 නොවැම්බර් 4 වන විට, ගීතය නැරඹුම් මිලියන 35 පසුකොට තිබිණි. [10]

මුදාහළ දිනයේම මෙම ගීතය මාර්ගස්ථව සාව්න්[11] සහ ගානා[12] ඔස්සේ ද නිකුත් කෙරිණි

දර්ශකවල ස්ථානය[සංස්කරණය]

"ඝූමර්" ගීතය 2017 ඔක්තෝබර් 31අයිටියුන්ස් ගීත දර්ශකයේ ඉහළම බොලිවුඩ් ගීත 20හි පළමු ස්ථානයේ පසු විය. 2017 නොවැම්බර් 4 දින බොලිවුඩ් සඳහා රේඩියෝමිර්චි ටොප් 20 සට‍හනේ 2වන ස්ථානයේ එය පසු විය.

වර්ෂය දර්ශකය උච්ච ස්ථානය දර්ශකයේ පැවති කාලසීමාව ආශ්‍රේ.
2017 අයිටියුන්ස් කවුන්ට්ඩවුන් චාට් 1 [13]
රේඩියෝමිර්චි ‍ටොප් 20 2

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Recording of Ghoomar". Hindustan Times. 13 July 2016. සම්ප්‍රවේශය 4 November 2017.
  2. "Making of Ghoomar". NDTV. සම්ප්‍රවේශය 31 October 2017.
  3. "Making of Ghoomar". Hindustan Times. සම්ප්‍රවේශය 31 October 2017.
  4. ""Ghoomar Jewellery by Tanishq". News18. 26 October 2017. සම්ප්‍රවේශය 31 October 2017.
  5. ""Padmavati Jewellery by Tanishq". Zee News. 13 October 2017. සම්ප්‍රවේශය 31 October 2017.
  6. "10 Million views for Ghoomar". T-Series. 30 October 2017. සම්ප්‍රවේශය 1 November 2017.
  7. "Highest Number of views for T-Series in 24 hrs". Padmavati. 27 October 2017. සම්ප්‍රවේශය 4 November 2017.
  8. "Ghoomar at #1 in India on Twitter". Times Now. 25 October 2017. සම්ප්‍රවේශය 4 November 2017.
  9. "Ghoomar trending at #1 in India on Twitter". Twitter. 25 October 2017. සම්ප්‍රවේශය 4 November 2017.
  10. "25 Million views for Ghoomar". T-Series. 30 October 2017. සම්ප්‍රවේශය 1 November 2017.
  11. "Ghoomar at Saavn". Saavn. සම්ප්‍රවේශය 1 November 2017.
  12. "Gaana Online Straming: Ghoomar". Gaana. සම්ප්‍රවේශය 1 November 2017.
  13. ""Ghoomar at #1 on iTunes"". iTunes.apple.com. 31 October 2017. සම්ප්‍රවේශය 1 November 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඝූමර්_(ගීතය)&oldid=591971" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි