Jump to content

ගෞතම බුද්ධ චරිතය හා සම්බන්ධ ස්ථාන

විකිපීඩියා වෙතින්

ඡමිබුද්දීපයේ බුදුන් වහන්සේ වැඩවාසය කළ තැන්

[සංස්කරණය]

ප්‍රඥාවෙන්ද,කරැණාවෙන්ද, උද්‍රාර බවට අයත් හැම අංගයකින්මද බුදුන් වහන්සේ අතීත-අනාගත-වර්ථමාන සියළු මිනිසුන් ඉක්මවා සිටින සේක. උන් වහන්සේගේ දේශනා “බුදු දහම” ලෙස හදුන්වයි. එය දර්ශනයක් හෝ ආගමක්හෝ නොවෙයි. එහෙත්, ඒ සියල්ලේ අංගවලින් සමන්විතය. බුදුන් වහන්සේ හැර, ලෝකයේ වෙනත් කිසිදු ආගමික ශාස්තෘවරයෙකුගේ ඓතිහාසික බව සනාත කර නැත. දුගීන්ගේද, සිටුවරැන්ගෙන්ද, ළමයින්ගෙන්ද, මහළු පඩිවරැන්ගෙන්ද, ස්ත්‍රීන්ගේද, පුරැෂයන්ගෙන්ද, රටවාසීන්ගෙන්ද, රජවරැන්ගෙන්ද, සියළු පංතිවල මිසුන්ගෙන්ද, දෙවිවරැන්ගෙන්ද බුදුන්වහන්සේ ජීවත්ව සිටියදීම ඉමහත් හරසර ලැබීය. සැළකිළි ලැබීය.වැදුමි ලැබීය. උන් වහන්සේ දේශනා කළ සියළුදේ මනුෂ්‍ය-සත්ව-පරිසර ආදි අංගවලට සාකල්යන්ම හිකතරදේවල්ය.

බුදුන් වහන්සේ වැඩවාසයකළ ස්ථාන පිළිබදව ඇති ප්‍රධානම බුද්ධ දේශනාව වන්නේ දීඝනිකායේ මහාවග්ග කෙ‍ාටසේ තුන්වන සූත්‍රය වූ “[මහාපරිනිබිබාණ සූත්‍රය]” තුලයි. මහාපරිනිබිබාණ සූත්‍ර‍ෙය් සැදැහැවත් බෙ‍ෟද්ධයෙකු වැදපුදාගෙන, පහන් සංවේගය උපදවාගැනීමට සුදුසු ස්ථාන හතරක් දේශනාකර ඇත. ඒවානමි,

01 බෝසත් උපත සිදු වූ ස්ථානය (ලුම්බිනි) 02 බුදු වූ ස්ථානය (බුද්ධගයාව) 03 දමිසක් පැවැත් වූ ස්ථානය (බරණැසඉසිපතනාරාමය) 04 පිරිණිවන් පෑ ස්ථානය (කුසිනාරා නුවර)

ලුමිබිණිය

[සංස්කරණය]

වර්ථමාන නේපාලයේ ‍‍ෛභෟරව දිස් ත්‍රික්කයේ රැමිමින්දෙයි (ලුම්බිනි) නමි ගම පිහිටා ඇත.එහිදී සිදුහත් බෝසතානන් වහන්සේගේ උපත සිදුවී ඇත..

ඉතාමත් සතුටු දායක ලෙස බුද්ධ චරිතයට අයත්, ස්ථාන සියල්ලම පුරා විද්වතුන් විසින් තහවුරැ කර ඇත. සිද්ධාර්ථ ගෞතම බෝසතානන් වහන්සේ ශාක්‍ය වංශයට අයත් සුද්ධෝදන නමි රජ කෙනෙකුගේ පුතෙකි. මව මහමායා සිද්ධාර්ථ ගෞතම බෝසතානන් වහන්සේ උපත ලැබුවේ ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සොන්රැලි දිස්ත්‍රික්කයේ නේපාල දේශ සීමා‍ෙව සිට කි.මි.10 නේපාලයතුලට ගිය පසු භෛෟරව දිස්ත්‍රික්කයේ රැමිමින්දෙයි (ලුම්බිනි) නමි ගමෙහිය. ක්‍රි.ව.1896 දී රැමිමින්දෙර් හි කැණීමි කරන ලදී. එහිදී ශිලාලේඛනයක් සහිත අශෝක අධිරාජ්‍යා පිහිට වූ ශිලා ස්ථමිභයක්ද හමුවිය. සිදුහත් උපත සිදු වූ ස්ථානය නිශ්ච්තව දැන ගැනීමට හැකි හොදම සාදකය වන්නේ එකී ලුම්බිනි ශිලා ලිපියයි. එහි සිංහල පරිවර්ථනය මෙසේය,

“....අභිෂේක කළ විසිවස් ඇත්තාවූ (ක්‍රි.පූ. 248 වසර ) දී දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු (හෙවත්, අශෝක අධිරාජ්‍යා: ක්‍රි.පූ. 268- 237 ) මෙහි ශාක්‍යමුණි වූ භාග්‍යවතුන් වහන්සේ උපන් සේකැයි තමා විසින්ම ඇවිත් පූජා කරන ලදී. ලුමිබිණි ග්‍රාමය අය බද්දෙන් නිදහස් කරන ලදී. ........”

ඉහත ශිලාලේඛන‍ෙය් සදහන් ‘ලුමිබිණි ග්‍රාමය’ සහ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්තවල සදහන් සිදුහත් උපත සිදු වූ බව කියන ‘ලුමිබිණිය’ පැහැදිළිවම එකම ස්ථනයකි. ශිලා ලිපියේ සදහන් “ශාක්‍යමුණි වූ භාග්‍යවතුන් වහන්සේ” ලෙස හදුන්වා ඇත්තේ බුදුන් වහන්සේ බව නිරවුල්ව හදුනාගෙන ඇත. ‍ෙමි අනුව, වත්මන් නේපාලයේ භෛෟරව දිස්ත්‍රික්කයේ රැමිමින්දෙර් (ලුම්බිනි) නමි ගමෙහි ක්‍රි.පූ. 566 දී පමන සිදුහත් ගෞතම උපත ලබා ඇත.

කිබුල්වත් නුවර

[සංස්කරණය]
ශාක්‍ය රාජධාණිය සහ “කපිලවස්තු” නුවර (කිබුල්වත් නුවරය),

වර්ථමාන ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් ප්‍රිපර්වා ප්‍රදේශය අතීත කපිලවස්තු නගරයයි.

ඉන්පසුව වයස 27 තෙක් සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ ජීවත්ව ඇත්තේ සුද්ධෝධන පිය රජුට අයත් කිබුල්වත් නුවරය. ෆා- හියං නමි චීන ජාතික දේශාටක භික්ෂුව ක්‍රි.ව. 5 සියවස කිබුල්වත් නුවරට ගොස් ඒ ගැන වාර්තා කර ඇත. ෆා- හියං වාර්තා අනුව ලුමිබිණියට ලීග 50 දුරින් කිබුල්වත් නුවර පිහිටා ඇත. මෙම ඉපැරණි නගරය ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් ප්‍රිපර්වා ප්‍රදේශය ලෙස ක්‍රි. ව. 1971 දී එහි කැණීමි කළ කේ. එමි. ශ්‍රී වාස්ත නැමැති පුරාවිද්වතා හදුනාගෙන ඇත. ප්‍රිපර්වා ග්‍රාමයේ තිබූ එක් ඉපැරණි ස්ථුපයක කරඩුවක තිබී අගනා ශිලා ලිපියක් හමු විය. එහි සිංහල පරිවර්ථනය මෙසේය,

“මෙය භාග්‍යවත් බුදුරජානන් වහන්සේගේ ධාතූන්වහන්සේලා ශාක්‍ය සුකිනි සහෝදරවරැන්, සොහොයුරියන් පුත්‍රයන් සහ පතිනිවරැන් සමගින් පුදකරන ලද දානයයි.........”

මෙම ධාතු කරඩුව පිහිටි ප්‍රදේශය කොතැනද එය බුදුරජානන් වහන්සේගේ “ශාක්‍ය” ඥාතීන් වාසය කළ ප්‍රදේශය බව කිසිම සැකයක් නැත. එබැවන්, බුදුරජානන් වහන්සේගේ “ශාක්‍ය” ඥාතීන් පිළිබද සදහන් මුද්‍රා ඵලක හමු වූ ප්‍රිපර්වා ස්ථූපය අවට ප්‍රදේශය අතීත ශාක්‍ය ජනපදය ලෙස හදුනාගත හැකිය. ප්‍රිපර්වා ස්ථුපයට නුදුරැ තැනක තිබු ගොඩනැගිල්ලක තන්ත්‍රයාන භික්ෂූන් ලියූ මැටි මුද්‍රා ඵලක කීපයක්ම හමුවිය. ඒවායේ, කපිලවස්තු භික්ෂු සංඝස්ස ” සහ “ මහ කපිලවස්තු භික්ෂු සංඝස්ස ” යන වැකි සහිත මුද්‍රා ඵලක කීපයක්ම හමුවිය. ඒවායේ සදහන් “කපිලවස්තු” නැමැති ස්ථානය සහ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්තවල සදහන් සුද්ධෝධන රජුගේ අගනුවර වූ කපිලවස්තු (කිබුල්වත් නුවර) එකම ස්ථානයක් ලෙස නිරවුල්ව පිළිගත හැකිය. “ කපිලවස්තු භික්ෂු ”න් වහන්සේලා පිළිබද සදහන් මුද්‍රා ඵලක හමු වූ ප්‍රිපර්වා ස්ථූපය අවට ප්‍රදේශය අතීත කපිලවස්තු නගරය බව වඩ-වඩාත් තහවුරැ විය. සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ වසර 27 පුරා ජීවත්ව ඇත්තේ, මෙම වත්මන් ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිද්ධාර්ථ නගර් නගරයේ සිට කි.මි. 20 දුරින් පිහිටි වත්මන් ප්‍රිපර්වා ප්‍රදේශයේය. ‍‍


වර්තමානයේ සිද්ධාර්ථ නගර් පිහිටා ඇත්තේ නේපාලයට අයත් භූමියේය. එහි සිට කිලෝමීටර් 21 බටහිරට වන්නට ලූම්බිනිය පිහිටා ඇත. ලූම්බින්යේ සිට කිලෝමීටර් 20 පමණ බටහිරට වන්නට කපිලවස්තු පිහිටා ඇත.[27° 34.577', 83° 3.289'] එම පෙදෙස අද හැදින්වෙන්නේ තවුලිහවා/තිලවුරකොට් යනුවෙනි. එහි සිට කිලෝමීටර් 3 ක පමණ දකුණට වන්නට කුඩාන් නම් ස්ථානයේ නීග්‍රෝධාරාමය හමුවෙයි.[+27°31'39.42", +83°2'28.68"]

අභිනිෂ්ක්‍රමණය

[සංස්කරණය]

ක්‍රි.පූ.539 දී සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ ස්වකීය ශාක්‍ය ඥාතීන්ගෙන් සමුගෙන (අභිනිෂ්ක්‍රමණය කර) මධ්‍ය ඉංදියාවෙ “මගධ” රාජ්‍ය හෙවත් විකල්ප දර්ශන මතවාදීන්ගේ අගනගරයට පැමිණියේය. මුලින්ම බිමිබිසාර රජතුමාගේ අගනුවර වූ රජගහනුවර අවට පුදේශයේ සමකාලීන ආචාර්ය වරැන්ගෙන් ගුරැ-හරැකමි ලබාලගන වසරක් පමන අධ්‍යාත්මික ගවේශනයේ නිරත විය. මෙතැන් සිට තවත් වසර පහක් මගධයේ නොයෙක් දර්ශනවාද හදාරමින් ද, උග්‍ර තපස් ව්‍රත සමාදන්වෙමින්ද කල්ගෙවීය. අවසානයේදී මධ්‍යම ප්‍රතිපදාව නමි තමන්ගේම ක්‍රමයකට අනුව ජීවත්ව - භාවනා කර චතුරාර්ය සත්‍යය නැමැති නවතම දහමක් අනාවරනය කරගත් සේක. ක්‍රි.පූ. 531 දී සිදුහත් ගෞතම බෝසතානන් වහන්සේ බුද්ධත්වයට පත්විය.

මෙහි දක්වා ඇති දින වකවානු සාවද්‍ය වේ. බෝසත් උපත ක්‍රි.පූ. 623 දී සිදුවිය.[1]

ගිහිගෙයින් නික්මුනේ 594 ක්‍රිපූ. වන අතර සම්බුද්ධත්වයට පත්වූයේ 588 ක්‍රි.පූ. දීය. පන්සාලිස් වසක් ධර්ම දේශණාවේ යෙදුනු උන්වහන්සේ ක්‍රි පූ. 543 දී පිරිණිවන් පෑවේය.



බුද්ධගයාව

[සංස්කරණය]

ක්‍රි.පූ. 531 දී බුද්ධත්වයට පත්වීම, වත්මන් ඉංදියාවෙ බිහාර් ප්‍රාන්තයේ “ගයා” නගරයේ සිට කි.මි. 11 දකුණට වන්නනට අතීත බුද්ධගයාව පිහිටා ඇත.

මෙලෙස බුද්ධත්වයට පත්වූ ස්ථානය බුද්ධගයාව ලෙස හදුන්වයි. මෙම ස්ථානයද නිවැරදිව හදුනාගන ඇත. වත්මන් ඉංදියාවෙ බිහාර් ප්‍රාන්තයේ “ගයා” නගරයේ සිට කි.මි. 11 දකුණට වන්නනට අතීත බුද්ධගයාව පිහිටා ඇත. ක්‍රි.ව. 1880 ජෙනරාල් කණිංහැමි බුද්ධගයාව අවට සංරක්ෂණය කළේය. ස්ථනය හදුනා ගැනීමට ක්‍රි.ව. 6 සියවස බුද්ධගයාවට පැමිණි හියුං-සාං නමි චීන ජාතික දේශාටක භික්ෂුව ගේ වාර්තා බෙහෙවින්ම උපකාරීවිය. එහි ගල් ගරාදි වැටකින් වට කළ ශ්‍රීමා බෝධීන් වහන්සේ පවා ඒවන තෙක් සුරක්ෂිතව තිබුණි. නමුත් ඒ පූජණිය වෘක්ෂය පසුකලෙක ඉදිරී වැටුනි. ලංකාවෙ මේඝවර්ණාභය රජතුමා බුද්ධගයාවෙහි විශ්‍රාම ශාලාවක් ඉදිකළ බව සදහන් ශිලාලේඛනය ස්ථානය තහවුරැ කිරීමට උපකාරීවිය. එහි අදත් දැකිය හැක්කේ ගුප්ත අදීරාජ්‍ය සමයේ ඉදිකරන ලද සුවිශාල විහාර මන්දිරයයි.


ඉසිපතනාරාමය

[සංස්කරණය]

ධමිමචක්කප්පත්තන සූත්‍රය දේශනාකළ වත්මන් ඉංදියාවෙ “බරණාසි” නගරයේ සිට කි.මී. 64 උතුරින් පිහිටි තැනක අතීත ඉසිපතනාරාමය පිහිටා ඇත.

බුදුන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වූ “ධමිමචක්කප්පත්තන සූත්‍රය” දේශනා ක‍ෙළ් බරණැස ඉසිපතනාරාමය (මිගදාගෙය) නැමැති මුවන් නිතර ගැවසෙන නොයෙක් ශ්‍රමණයන් නිතර වාසය කරන ස්ථානයකයි. වත්මන් ඉංදියාවෙ “බරණාසි” නගරයේ සිට කි.මී. 64 උතුරින් පිහිටි තැනක බෞද්ධ නටඹුන් හමුවිය. ක්‍රි. ව. 1836 වසරේ දී කණිංහැමි මහතා මෙහි ගවේශන පටන් ගෙන ඇත. එතැන පිහිටි මහා ස්ථූපය “ධමෙක තූපය” ලෙස ශිලා ලිපියක් අනුව හදුනාගෙන ඇත. ධමෙක තූපයට නැගෙනහිරින් පිහිටි තවත් ස්ථූපයක තිබී තඹ ලිපියක් හමුවිය. එහි සිංහල පරිවර්ථනය මෙසේය,

“.....අෂ්මසාහස්‍රිකා පඥා පාරමිතා නමි ග්‍රන්තයේ ප්‍රති ලිපියක් ධර්මචක්‍ර ප්‍රවර්ථන මහා විහාරයේ වැඩවාසය කරන භික්ෂූන්ට මහායාන භික්ෂූන් විසින් පූජා කරන ලදී......”

මෙම විහාරය “ධර්මචක්‍ර ප්‍රවර්ථන මහා විහාරය” ලෙස සුවිශේෂී වචනයකින් හැදින් වූයේ එහි සුප්‍රකට “ධමිමචක්කප්පත්තන සූත්‍රය” දේශනා කළ ස්ථානය නිසා වන්නට ඇත. මෙම විහාර භූමියේම තිබී අතිශය අලංකාර වූ කලාත්මක නිමාවෙන්ද යුත් අශෝක අධිරාජ්‍යා පිහිට වූ ශිලා ස්ථමිභයක්ද හමුවිය. වත්මන් ඉංදීය ජනරජයේ රාජ්‍ය ලාංජනය ලෙස තෝරාගෙන ඇති මෙය සිවි දෙසට මූණ ලා සිංහ නාද කරන සිංහයන් හතර දෙනෙකු (ඉදිරිපස ගාත් දක්වා කොටස) බද්ධ කර නිර්මානය කළ මූර්තියකි. එහි මුදුනේ ධර්ම චක්‍ර රෑපයකි. මෙහි අදහස බුදු දහම සිවිදෙස පැතිර යාමයි.


රජගහ නුවර

[සංස්කරණය]

අතීත රජගහ නුවර පිහිටා ඇත්තේ, වත්මන් ඉංදියාවෙ දකුණු බිහාරයේ පැටිනා නගරයේ සිට කි.මී. 100 ගිනිකොන දෙසින්ය.දැන් අතීත රජගහ නුවර රාජ්ගීර් ලෙස හදුන්වයි.

වේළුවනාරාමය

[සංස්කරණය]

බුද්ධත්වයෙන් පසු ප්‍රථම වස්කාලය, දෙවන වස්කාලය ගත කළ වේළුවනාරාමය පූජා කළේ එවක ඉංදියාව පාලනය කළ බලවත්ම අධිරාජ්‍යා වූ බිමිබිසාර රජතුමා විසින්ය. මගධ අධිරාජ්‍යයේ අගනුවර වූ රජගහනුවර අවට පුදේශය පළමුව බුදු දහම මුල් බැසගත් ප්‍රදේශයයි. බුදු දහම රැක ගැනීම සදහා සංගායනා තුනක්ම පැවැත් වූ පසු කාලීන මගධ පාලකයන් එය ලෝකය පුරා පැතිර වීමටද කටයුතු කළ රාජ්‍යයි. සැවැත් නුවර හැර, බුදුන් වහන්සේ වැඩිපුරම වාසය කළේද ‍වේළුවනාරාම‍ෙය් හෝ වෙනත් මගධ පෙදෙසකය. අතීත රජගහ නුවර පිහිටා ඇත්තේ, වත්මන් ඉංදියාවෙ දකුණු බිහාරයේ පැටිනා නගරයේ සිට කි.මී. 100 ගිනිකොන දෙසින්ය.දැන් අතීත රජගහ නුවර රාජ්ගීර් ලෙස හදුන්වයි.‍ ෙවහාර,ගිජ්ජකූට,ඉසිගිලි ආදී අති මනහර පර්වත වලින් අලංකාර වූ රජගහ නුවර ධනවත්ය.සාංචි ස්ථූපයේ කැටයමකද මෙම ‍වේළුවනාරාම පූජා කිරීම කැටයමි කර ඇත. “රාජගහෙ විහරති ‍වේළුවනේ කලන්දක නිවාපෙ............” ආදී වශයෙන් පටන් ගන්නා සූත රාශියකි.වෛහාර පර්වත පාදය පාමුළ උණු දිය ඇළිවලින් මීටර් 150 උතුරින් විශාල විලකි.‍‍ බෞද්ධ ග්‍රන්ථ වල “කරන්දක නිවාපි” ලෙස හදුන් වන්නේ මෙතැන විය යුතුය. මෙම විලට දකුණු පැත්තෙන් ඇති ඉපැරණි ‍‍ බෞද්ධ ගොඩනැගිලි සහ ස්ථූප සහිත ප්‍රදේශය අතීත ‍වේළුවනාරාමයයි. වෛහාර පර්වත පාදය පාමුළ අනෙක් පස පිහිටි සප්ත පර්ණී ගුහාව බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් සේම, අජාසත් රජුගේ අනුග්‍රහයෙන් පළමු ධර්ම සංගායනාව කළ ස්ථානයයි. ගිජ්ජකූට පර්වත පාදය පාමුළ නැගෙන හිර පැත්තේ ජීවකගේ අඹ උයන පිහිටා ඇත. “රජෝ හරණං” කමටහන අනුව චුල්ලපන්ථක හිමියන් රහත් වූයේද මෙම පිහිටි ජීවකාමිබවනාරාමයේ දීය.


ජේතවනාරාමය

[සංස්කරණය]

ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේත අචිරවතී නදිය අසල සැතපුමි 3 ½ වූ ඉපැරණි ගල් බමිමකින් වට වූ භූමිය අතීත සැවැත් නුවර සහ ජේතවනාරාමය අයත් භූමියයි.

සැවැත් නුවර

[සංස්කරණය]

මෙනැන් සිට මධ්‍ය ඉංදියාව පුරා ඇවිදිමින් තවත් වසර 45 ක් දහමි දේශනාකළ සේක. ඒ අතර කාලයෙන් වැඩිම ප්‍රමානයක් ගතකර ඇත්තේ සැවැත් නුවරයි. පසේනදී කොසොල් රජුගේ අගනුවර වූයේද සැවැත් නුවරයි. එහි ජේතවනාරාමය -පූර්වාරාමය -‍ජීවකගේ අඹ උයන ඇතුළු බොහෝ ස්ථන අන්තර්ගතය. කොසොල් රජුගේ පුත් ජේත කුමරාගේ උයන පුරා අතුරා ඒ අගයට ජේතවනය මිලදී ‍ගෙන ඇත. භාරැත් චෛත්‍ය කැටයමි පුවරැවකද මහපොළොව කහවුණු අතුරා ඒ අගයට ජේතවනය මිලදී ‍ගෙන ආරාමය කරවා පූජා කිරීම කැටයමි කර ඇත. කහවුණු 18 කෝටියක් වැය කර තැනූ මෙහි සැලැස්ම හා උපදෙස් ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේය. රජගහ නුවර වැඩ සිටි බුදුන් වහන්සේ යොදුන් හතලිස් පහක්ගෙවා, බුද්ධත්වයෙන් තුන්වන වස ක්‍රි.පූ. 528 දී ජේතවනාරාමය බුදුන් වහන්සේට පූජා කර ඇත. මංගල සූත්‍රය - පරාභව සූත්‍රය - වසල සූත්‍රය ඇතුළු සිය ගනනක් සූත්‍ර ආරමිභ වන්නේ ඒවා දේශනා කළ ස්ථානය පිළිබදව මෙලෙස අවධාරණය කිරීමෙනි. “ඒවං ‍ෙම සුතං සමයං ජේතවනං විහරති භගවතා............” මෙකී දේශනා දෙවා වදාළා වූ ජේතවනාරාමය සහ සැවැත් නුවරද හදුනාගෙන ඇත. ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේ අචිරවතී නදිය අසලක සැතපුමි 3 ½ වූ ඉපැරණි ගල් බැමිමකි. බෞද්ධ සාහිත්‍ය විස්තර අනුව මෙම පවුරෙන් වටව ඇත්තේ අතීත සැවැත් නුවරයි. නගරයේ දකුණු දොරටුව පැත්තේ විශාල ආරාමයකි. එහි ප්‍රධාන ශාලාවෙ තිබී ශිලා ලේකනයක් හමුවිය. එහි සිංහල පරිවර්ථනය මෙසේය,

“ගන්ධකූටි........ ජේතවනය අනාථපිණ්ඩිකයන් විසින්, කෝටි ගනන් ධනය වැයකර ක්ෂේම වූ නිවන් ප්‍රතිලාභ පිණිස දානය කරනු ලැ‍බි......”

මෙය ඉංදියාවේ කියවා ඇති පැරණිම ශිලා ලේඛණයයි. මජ්ජිම නිකාය අටුවාව අනුව, සැවැත් නුවර දකුණු දොරටුව පැත්තේ ජේතවනාරාමය පිහිටා තිබී ඇත. හමු වූ නගරය සැවැත් නුවර නමි එහි, දකුණු දොරටුව පැත්තේ “ජේතවනය” ලෙස හැදින් වූ ආගමික ගොඩනැගිල්ල පැහැදිළිවම බුදුන් වහන්නසේට අනාථපිණ්ඩිකස්ස සිටුතුමා පූජා කළ ජේතවනාරාමයම විය යුතුය. ශිලා ලේඛණයේ මුලින්ම “ගන්ධකූටි” ලෙස හදුන්වා ඇත්තේ බුදුන් වහන්සේ වැඩසිටි ගදකිළිය විය යුතුය. මෙහි අඩි 115 × 86 ප්‍රමානයේ මහා ශාලාව දමිසභා මණ්ඩපයය. එයට ආලද්ධ කළ අඩි 8×8 ප්‍රමානයේ කුඩා කුටිය බුදුන් වහන්සේ වැඩ වාසය කළ ගදකිළියයි. වැඩිම සූත්‍ර ගනනාවක් ජාතක කතා ගනනාවක් දේශනා කර ඇත්තේ ජේතවනාරාමයේ දීය. ඒ ජේතවනාරාමයේ දොරටුව අසල අදත් දැකිය හැකි අනෙක් අගනාම දෙය වන්නේ ආනන්ද බෝධියයි. බුදුන් වහන්සේ ජේතවනාරාමයේ නොමැති අවස්ථාවල සැදැහැවතුන්ට වැද පුදා ගැනීමට ශ්‍රීමා බෝධි අංකුරයකින් සිට වූ ආනන්ද බෝධිය වසර දෙදහස් පන්සීයක් පුරා සුරක්ෂිතව තිබීම භාග්‍යකි. මේ අසල ඇති අනෙක් ආරාමය වන්නේ භික්ෂුණින් වහන්සේලාට කොසොල් රජතුමා පූජා කළ රාජකාරාමයයි. ප්‍රජාපතී, වීශාඛා, ‍‍ෙ ඛීමා, රාහුල මාතා වැනි භික්ෂුණින් වහන්සේලා එදා වැඩ වාසය කළේ මෙම රාජකාරාමයේය. මජ්ජිම නිකාය අටුවාව අනුව, සැවැත් නුවර නැගෙනහිර දොරටුව පැත්තේ විශාකාව පූජා කළ පූර්වාරාමය තිබී ඇත. සත්‍ය ලෙසින්ම නගර පවුරේ නැගෙනහිර දොරටුව පැත්තේ තවත් විහාරයක අවශේෂ හමුවිය. එය පූර්වාරාමය විය යුතුය. මේ අනුව, සැවැත් නුවර පිහිටි ජේතවනාරාමය-පූර්වාරාමය-වෙළුවනාරාමය-‍ජීවකගේ අඹ උයන ඇතුළු සියළු ගොඩනැගිලි නූතන ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොණ්ඩා සහ බරෙමි දිස්ත්‍රික් මායිමි බද සහෙත්-හෙත් ප්‍රදේශයේ අචිරවතී නදිය අසල පිහිටා ඇත.

සිදු වූ කුසිනාරා නුවර 

කුසිනාරා නුවර

[සංස්කරණය]

ක්‍රි.පූ. 486 ඉංදියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ (ගෝරක්පූර් නගරයේ සිට කි.මී. 55 ඈතින්) දේවාරියා දිස්ත්‍රික්කයේ, කාසියා ජනපදයේ කි.මී. 34 නිරිත දිගින් අතීත කුසිනාරා නුවර පිහිටා ඇත.

සම්බුද්ධ පරිනිර්වානය

[සංස්කරණය]

45 වන වස් කාලය නිමා වී වස් පවාරණයෙන් පසු තවත් මාස තුනකින් (කාර්තිකේය හෙවත් ඔක්තෝමිබර් මස )තමන් වහන්සේ පිරිණිවන් පාන බව ප්‍රකාශ කළසේක. බෞද්ධ උපාසක උපාසිකාවන් ශෝකායන් හැඩූ, මාර්ග ඵල නොලැබූ භික්ෂූන් ශෝකයෙන් පෙලා දැමූ, මාර්ග ඵල ලැබූ භික්ෂූන් පහන් සංවේගය උපවා ඉවසා වදාළා වූ ද බුද්ධ පරිනිර්වාණය සිදුවූයේ කුසිනාරා නුවරයි. මල්ල නැමැති වංශයට අයත් රජවරැ පාලනය කළ ගණතන්ත්‍ර රාජ්‍යක් වූ මල්ල ජනපදයේ එක් අගනුවරක් වූයේ කුසිනාරා නුවරයි. හිරණ්‍යවතී ගග අසල පිහිටි රාජකීය උයන වූ උපවර්ථන සල් උයන බුදුන් වහන්සේ පිරිණිවන් පෑ ස්ථානයයි. මල්ල රජවරැ තම අභිෂේක උත්සව පවත්වන “මකුට බන්ධන නමි” ස්ථානයේ සදුන් චිතකයක, සක්විති රජකෙනෙකුට සේ ඉමහත් ගෞරව බුහුමන් සහිත උත්සවයක් පවත්වා බුදු සිරැර ආදාහනය කරවීය. මෙය ක්‍රි.පූ. 486 දී සිදු වී ඇත. හියුං-සාං නමි චීන ජාතික දේශාටක භික්ෂුව ක්‍රි.ව. 620 - 644 දී කුසිනාරා නුවර සංචාරය කර ඒ පිළිබදව වාර්තා සටහන් කර ඇත. එම වාර්තා ඇසුරින් ඇලෙක්සැන්ඩර් කණිංහැමි නැමැති පුරාවිද්වතා අතීත කුසිනාරා නුවර යලි හදුනා ගත්තේය. එම ප්‍රදේශම ආරාම සහ ස්ථූප නටඹුන් පිරී ගිය තැනකි. එහි එක් තැනක පේසාවළල්ළේ විශ්කමිභය මීටර් 34 ක් වූ මුදුණේ ගඩොල් නැති විශාල ස්ථූපයක් හමුවිය. ස්ථූප පාදම අසල මැටි මුද්‍රා ඵලක කීපයක්ම හමු විය.ඉන් එකක ගිණිගෙන දැවෙන චිතකයකට වදින ‍අයෙකුගේ කැටයමකි. එහි මෙලෙස වැකියක් ලියා තිබුණි. “ශ්‍රී මකුට බන්දේ සංඝ” ලෙසත් තවත් මුද්‍රාවක “ශ්‍රී මකුට බන්දන මහ විහාර භික්ෂු සංඝ”

ලෙසත් බ්‍රාහ්මී ලේඛන දෙකක් තිබුණි. මෙතැන සදහන් “ශ්‍රී මකුට බන්දන මහ විහාර” බුදු සිරැර ආදාහනය කරවූ “මකුට බන්ධන නමි” ස්ථානයේ පසු කළෙක ඉදිකළ විහාරයක්ම විය හැකිය. ගිණිගෙන දැවෙන චිතකයකට වදින ‍අයෙකුගේ රැව සහිත කැටයම එය වඩාත් තහවුරැ කරයි. මෙම ස්ථනයට යාර 1600 බටහිරින් තවත් විශාල ස්ථූපයකි. ක්‍රි.ව. 1867 දී ඇලෙක්සැන්ඩර් කණිංහැමි සහ කාර්ලයිල් එහි කැණීමි කළේය. එය ඉතිරිවූ කොටසේ උස අඩි 30 ක් සහ පාදම අඩි 150 බැගින් වූ ස්ථූපයකි. ක්‍රි.ව. 1911 දී හිරානන්ද ශාස්ත්‍රී මහතා ස්ථූපය මදින් හාරා පරීක්ෂාකළේය. එවිට ධාතු ගර්භයේ තිබී පුරාවස්තු සමග තඹ ලේඛනයක් හමුවිය. එහි සිංහල පරිවර්ථනය මෙසේය, “ ..........සෑම තැනම ශාක්‍ය භික්ෂූ ධර්මානන්ද තෙ‍ෙමි උත්කර්ෂයෙන් පිළිගනු ලැ‍ෙබි. මෙය පරිණිර්වාණ චෛත්‍යයේ තඹ පත්‍රයයි” මෙහි සදහන් පරිණිර්වාණ චෛත්‍ය බුද්ධ පරිණිර්වාණය හේතු කොටගෙන ඉදිකරන ලද ස්ථූපයක්විය හැකිය. මෙම අනුමානය නිවරැදි බව සහතික කරගැනීමට අසල්වැසි “මකුටබන්ධන” ස්ථූපය උපකාරී කරගත හැකිය. මකුටබන්ධන නමි ස්ථානය බුදු සිරැර ආදාහනය කරවූ ස්ථානය නමි ඒ අසල ඇති පරිණිර්වාණ චෛත්‍යය [බුදුන් වහන්සේ] පිරිණිවන් පා වදාළා වූ ස්ථානයයි. මෙතැන ධාතූන් වහන්සේලා බෙදා ගැනීම සදහා ගණ [සමූහාණ්ඩු] වාදීන් අතර අරගලයක් පවා ඇතිවිය. ඒ අවාසනාවන්ත සිදුවීම වැළැක් වූයේ සියල්ලන්ටම ගුරැවරයෙකු වූ ද්‍රෝණ බමුණා මැදිහත් වී ධාතූන් වහන්සේලා බෙදා දීමෙනි. මෙම සිදුවීමද සාංචි ස්ථූපවය් කැටයමි කර ඇත. ලෝකය යහපත් තැනක් කිරීමට ඉපිද, ලෝකය යහපත් තැනක් කිරීමට කටයුතු කළ බුදුන් වහන්සේ පවා අස්ථිර පැවැත්මකින් යුතු විය. අනෙක් පෘතක්ජන මිනිසුන්ගේ මෙන්ම, බුදුන් වහන්සේගේ ජීවිතයද මරණයෙන් කෙළවර විය. එහෙත්, උන් වහන්සේ අවුළුවාලූ ඥාණාලෝකය මනූෂ සමාජය තිබෙන තාක්කල් මිනිසාගේ පරම යහපත පිණිස පවතිනු ඇත. වැඩි විස්තර සදහා, “ රිවිර ” 2008 ජූලි 27 “ රිවිර ” 2009 අගෝ 02 කියවන්න


විකල්ප මත

[සංස්කරණය]

බුදුන් ජීවත්වුයේ ලක්දිවය යන මතය

[සංස්කරණය]

බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකා ඉතිහාසය ලියා දුන් අතර එය සැබෑ ඉතිහාසය විකුර්ති කිරීමකි. බුදුන්වහන්සේ නේපාලයේ උපත ලද බව ප්‍රකාශ කලේ ජර්මානු ජාතික ඇන්ටන් ෆියුරේ විසිනි. 1898 වන විට ඉන්දීය උසාවිය මගින් ෆියුරේගේ ප්‍රකාශය ප්‍රතික්ශේප කල අතර ඒ සම්බන්ධව ඇති සියලු ලිපි ලේඛනද භාවිතයෙන් බැහැර කිරීමට නියෝග දී ඇත. නමුත් බොහෝදෙනා මේ නියෝග ගැන දැනුවත් නැතිවා මෙන්ම තාමත් විශ්වාස කරන්නේ බුදුන්වහන්සේ නේපාලයේ උපත ලැබූ බවය. මීට අමතරව බුදුන්වහන්සේ උපන්නා යැයි කියන නේපාලයේ ( රුම්මින්දායි) ඇති සෙල්ලිපියට සමාන සෙල්ලිපියක් ඔරිස්සාවෙන් (කපිලේශ්වර් සෙල්ලිපිය) සොයා ගැනීමත් සමග බුදුන්වහන්සේ ඔරිස්සාවේ උපත ලැබුවේ  යැයි මතයක්ද ඇත.  එහෙත් රුම්මින්දායි සෙල්ලිපියේ ඇති සක්‍ය මුණි යන වචනය වෙනුවට කපිලේශ්වර සෙල්ලිපියේ ඇත්තේ සයො මුණි යන වචනයි.  මෙකී විශමතාවන් මෙන්ම රුම්මින්දායි සෙල්ලිපියේ වචන ඈත්කර තිබීමත්, සාපේක්ශව එහි ඇති අලුත් භාවය (මෑතකදී කරන ලද බවට ඇති සැකය) නිසාත් මේ සෙල්ලිපි පිලිබදව විවිධ සැක සංකා මතුවී ඇත. තවද රුම්මින්දායි සෙල්ලිපිය කරවා ඇත්තේ පියදස්සී රජුගේ අභිශේක යෙන් 20 වන වසරේදීය. එනම් ක්‍රි.පූ. 248 හෝ 249 දීය. ඒ වනවිට මහාවංශයේ සදහන් ධර්මාශෝක මියගොස්‍ ය (මහාවංශයේ සදහන් පරිදි ධර්මාශෝක මියයන්නේ ක්‍රි.පූ. 283 දී හෙවත් බු.ව. 260 දීය.  ඒ අනුව එම සෙල්ලිපිය ධර්මාශෝක රජු විසින් කරවූවා යැයි පවසන මතයද බිද වැටේ. තවද බුදුන්වහන්සේ ඇතුලු සංඝ්‍යා වහන්සේ හට පූජා කළ ලෙන් අප රටෙන් හමුවේ. Inscrioptions of Ceylon  ග්‍රන්තයේ සදහන් අංක 486 හා 656 සෙල්ලිපි මීට නිදසුන් වේ..බුදුන්වහන්සේ උපන් කෝලිය ග්‍රාමය ගැන සෙල්ලිපියක් ශ්‍රී ලංකාවේ තෙල්දෙනියේ බඹරගලින් හමුවී ඇත. ( එය inscrioptions of Ceylon ග්‍රන්තයේ අංක 815 යටතේ දැක්වේ). එය වඩාත් තහවුරු වන්නේ බුදුන්වහන්සේ සක්‍ර දෙවියන් යැයි හදුන්වන පුද්ගලයා හට සක්කපඥ සූත්‍රය දේශනා කරනු ලැබූ ඉන්ද්‍රසාල නම් ගුහාවද එකී බඹරගලින්ම හමුවීමයි.( එය inscrioption of Ceylon ග්‍රන්තයේ අංක 817 යටතේ  සදහන්ව ඇත. මෙම කරුනු සනාත වන තවත් බොහෝ සෙල්ලිපි සාධක අප රටෙන් හමුවේ.අම්පාර, දීගවාපිය, කලිඕඩය නම් ප්‍රදේශයේ ඇති සෙල්ලිපියක සිංහහනු රජතුමා, ඔහුගේ පුතෙකු වන අමිතෝදන හා ඔහුගේ පුතකු ගැන සදහන්‍ ය.[2]

එම සෙල්ලිපි දෙක මෙසේය.

  1. චොකිරිය මහ තිශහ මහරඣහ මඣ්ම බරිය  දෙවිය ලෙණෙ.
  2. ශිහහන රජහ පුත අමිචදනහ පුත චොකිරිය මහ තිශහ මහ රඣහ මඣ්ම භරිය ඣ්ත බත නමලියලෙණෙ ශගශ.

Sir James Emmerson Tennen විසින් රචිත Ceylon an account of the Island physical, historical, and Tophographical with notices of its natural history, antiquities and productions ග්‍රන්තයේ 627 පිටුවේ බුදුන්වහන්සේ මේ රටේ ඉපදුන බව සදහන් වේ. තව දුරටත් එම ග්‍රන්තයේ සදහන් වන්නේ ආර්‍යයන් හෙවත් පර්සියානු වන් යනු ඉරාන ජනතාව නොව මගධයේ ජනතාව බව මෙසේ සදහන් වේ (පිටුව 518.).

“ The Prasii, or people of Magadhe occupy a prominent place in the history of Ceylon , inasmuch as Gotama buddha, the great founder of the faith of its people , was a prince of that country.”

අපේ ඉතිහාසය

1. මහාවංශය අපේ ඉතිහාසයයි. මහාවංශයේ සංඥාපනයේම සදහන් එය ලියන්නේ හෙළ අටුවා උපයෝගී කරගෙන බව.

2. මහාවංශයේ ජම්බුදීපය විස්තර කරන්නේ සතරවටින් මුහුදෙන් වටවූ දිවයිනක් ලෙසයි. අශෝක රජකම් කලේ ජම්බුදීපයේය. ඉන්දියාවේ බිහාරය වටා මුහුදක් නැත. ජම්බුදීපය අපේ රට බවට සෙල්ලිපි තිබේ.

1. Those who are deluded and think that

India is Dambadiva, study the following inscriptions.

ephigraphia zeylanica vol.2/19

a.ගැරඩිගල සෙල්ලිපිය

සිරිසගබෝ දඹදිව ඉපදී ඇත. ඔහු මෙරට රජෙකු මිස ඉන්දියානුවෙක් නොවේ.

b. ephigraphia zeylanica   vol.2/6 මැදිරිගිරියේ ටැම් ලිපිය

5 වන කාශ්‍යපගේ පියා වන  දෙවන සේන රජු  දඹදිව පාලකයා විය. (ඔහු මේ රටේ රජකම් කල අයෙකු මිස ඉන්දියාවේ රජෙක් නොවේ)

c. ephigraphia zeylanica  vol 1/20

4 වන මහින්ද රජුගේ අභයගිරි පුවරු ලිපිය

4 වන මහින්ද රජු පැවත එන්නේ ඔක්කාක රාජ කුලයෙනි. ( මේ රජුට කිසිදු ඉන්දීය සම්බන්ධයක් නැතුවා මෙන්ම ඉන්දියාවේ ඔක්කාක රාජ වංශයක් හමු නොවේ.)

d.   ephigraphia zeylanica vol 1/9

නිශ්ශංක මල්ල රජුගේ දඹුල්ල ශිලාලිපිය

මේ රජු පැවත එන්නේ ඔක්කාක රාජ වංශයෙනි. ඉන්දියාවේ ඔක්කාක රාජ වංශය පැවති බවට කිසිදු සාක්ශියක් නැත.

e.  ephigraphia zeylanica  @Vol 2/14

හැටදාගේ slab inscription

ගිරි දුර්ග වන දුර්ග, ජල දුර්ග පසුකරමින්, සිව්‍ රග සේනා පිරිවරා නිශ්ශංක මල්ල රජු දඹදිව කරා ලගාවිය. ( එහෙත් ඉන්ග්‍රීසි පරිවර්තනයේ දඹදිව යන්න India ලෙස අර්ත ගන්වා ඇත.

f. ephigraphia zeylanica  Vol2/19

පොලොන්නරුවේ ගල්පොත

නිස්සංකමල්ල විසින් දඹදිව හා ලක්දිව  දෙරටේම ධානශාලා  කල බව සදහන් . එහෙත් ඉන්දියාවේ කලබවට සාක්ශි නැත.

g. ephigraphia zeylanica  Vol 3/22

Framentary slab inscription found at buddhist ........near eastern dagoba, Anuradhapura

4 වන මහින්ද රජු සුද්ධෝදන අයත් ඔක්කාක පරපුරෙන් පැවත ඒ.

h. ephigraphia zeylanica  Vol2/34

දිඹුලාගල මාරවීදියේ rock inscription

පළමුවන විජයබාහු රජුගේ අගමෙහෙසිය වූ සුන්දර මහා දේවිය ඔකාවස්(ඔක්කාක)  පරපුරෙන් පැවත ඒ.

3. මහා ගෝවින්ද සූත්‍රයේ කියන හැඩය ලංකාවට ගැලපේ . ඉන්දියාවට නොගැලපේ .

4 .ත්‍රිපිටකයෙ එන සූත්‍ර දේශනා 5 කට අදාල ස්තාන මේ රටේ හදුනාගෙන ඇත.

a. සක්කපන්න - බඹරගල, තෙල්දෙණිය

b.කුක්කුරවතික - හාලියද්ද, මහනුවර( අතීතයේ හලිද්ද)

C.ඛදිරවණිය රේවත සූත්‍රය - කතරගම

d. චාතුම සූත්‍රය - ආමලකීවන( නෙල්ලිවනය)= වර්තමාන නෙල්ලිකැලේ (දමන ආසන්නයේ)

e.සතර සතිපඨ්ටාන සූත්‍රය - කුරුරට කම්මාසධම්ම විහාරය = වර්තමානයේ හෙම්මාතගම සැලව රාජමහා විහාරය.

5. බුදුන් හා අගසව් හට පූජාකල සෙල්ලිපි 14 ක් දැනට හදුනාගෙන ඇත.

6. සිංහහනු, අමිතෝදන ආදීන් පිලිබද සෙල්ලිපියක් කලිඕඩයේ ඇත

7.අශෝක රජුගේ නිර්මාණ වූ හතරැස් , මුදුනේ සිංහයා සහිත කුළුණු මෙරට ඇත. ඉන්දියාවේ ඇත්තේ රවුම් කුලුනුය.

8. අශෝක රජු ඉන්දියාවේ යැයි කීවද මහාවංශයේ කියන අශෝක හා ඉන්දියාවේ අශෝක යැයි කියන පියදස්සී ගේ රාජ්‍ය කාලයන් පරස්පරය.

9. අශෝක ,බ්‍රහ්මදත්ත නමින් සෙල්ලිපි මෙරට ඇත. ඉන්දියාවේ අශෝක නම ඇතැයි කියන එකම සෙල්ලිපිය ද සැක සහිතය.

10. කෝලිය ග්‍රාමය පිලිබදව සෙල්ලිපි බඹරගල  ඇත.

11. කාලිංගයට දකුනින් ගලන ගංගානම් ගග ඇත්තේ මේරටේ මිස ඉන්දියාවේ නොවේ.

12. බුදුන් වහන්සේගේ සියලුම ධාතූන්  ඇත්තේ මේ රටේය.

13. බුදුන් ජීවමාන සමයේ ලබාගත් කේශධාතු සහිත චෛත්‍යය තිරියායේ ඇත.

14. සිදුහත් කුමරු කේශ චේධනය කල කඩුව ඇත්තේ කිරිවෙහෙරේ ය.

15. බෞද්ධ සාහිත්‍යය යේ කියවෙන සළුමිනි සෑය ඇත්තේ බඹරගල ය.

16.අශෝක සෙල්ලිපි ලියා ඇති බ්‍රාහ්මී අක්ශර  හා භාශාව අපේ කියල කේම්බ්‍රිජ් වි.විද්‍යාලය ප්‍රකාශ කරනව.

17.දන්තධාතූව වැඩම කල කාලිංගය මේ රටේම බව රාජ්‍ය ලේකනාගාරයේ ඇති අංක 5/63/159/53 දරන රඹුක්වැල්ලේ විත්ති පොත පෙන්වාදී ඇත.

18.අතීත බුදුවරුන්ගේ දෙමාපිය නම් පවා අප රටට ආවේනිකයි.

19. අශෝක පාලන කාලයේ විස්තර කරන දොරමඩලාව ඇත්තේ අප රටේ මිස ඉන්දියාවේ නොවේ.

20. බුද්ධ දේශනා වේ පරිදි සතර ස්තාන එක රේකාවක සම දුරින් පිහිටන්නේ මේ රටේ පමනි.

21. කෝනාගම හා කාශ්‍යප බුදුන්ට පිදූ ලෙන් කදුරුවැව හා මාදුරුඔය ඇත.

22. ලිච්ච්වී නගරය මුහුද අද්දර පිහිටිය යුතුයි.ඉන්දියාවේ අහලකවත් මුහුදක් නැත. (ගෝනගල සෙල්ලිපි ය , 538)

23. අවන්ති රට වඩ්ඩමාන ගම ගැන සෙල්ලිපිය, ගල්ගමුවෙන්.( 1216)

24. වත්ස හා අවන්ති ජනපද පිලිබදව සෙල්ලිපි මහමූකලන් යායෙන් (1195)හා  ගල්ගමුවෙන්

25. උදේනි රට භග්ග ජනපදයේ සුංසුමාරගිර හේසකලා වනයේ බුදුන් වැඩසිට ඇත (සෙල්ලිපි 1195)

26. බුදුන්වහන්සේ පිරිණිවන් පෑවේ මේ රටේ බව මහාවංශයේ 33 පිටුවේ සදහන් (pdf version)

34. ලිච්ච්වී පුරය මුහුද අසල විය යුතුයි. ඉන්දියාවට නොගැගපේ.

35.මල්ල ජනපද ය බෝධි මණඩලයට දකුනින් පිහිටිය යුතුයි. ඉන්දියාවේ උතුරිනි.

36. ගංගා නදිය මුහුදට වැටෙන ආසන්නයේ උනුදිය උල්පත් ඇත්තේ මේ රටේය. ඉන්දියාවේ නැත.

37. මහී ගග ගැලිය යුත්තේ නැගෙනහිරට ය. ඉන්දියාවේ එය බටහිරට ගලයි.

38. Robert knox 1817 දී ලියූ පොතේ කියනව නුවරරජ්ජුරුවො  තම දියනිය යසෝධරා වයස 16 දී  සිදුහත් කුමරුට විවාහ කර දෙන වග.

39. ශ්‍රී මහා බෝධිය වඩම්මවාගෙන ආ පිරිස අතර සිටි අට කුල පිරිස මේ රටේ අය බව මාතලේ කඩයිම් පොත විස්තර කරනව.

40. මොග්ගලී පුත්ත තිස්ස ගේ ලෙන ලෙස සෙල්ලිපියක් ඇත. මොග්ගලී පුත්ත තිස්ස යනු මුගලන් හිමිගේ ගිහිකල නාමයයි.



www.divaina.com/2009/09/23/

SPREAD OF THE MESSAGE OF BUDDHISM

  1. ^ බුද්ධ චරිතයේ එන සිදුවීම් ඒ ඒ රාජ සමයන් හා ගැලපීමේදී අශෝක අභිශේකය බු.ව. 218 (ක්‍රි.පූ. 325) දී වව මහා වංශයේ කියවේ .මෙකී දින වකවානු නිශ්චිතවම ඒ හා ගැලපේ
  2. ^ all citations are given in the text itself