ගෝලීයකරණය සහ චීනයේ කාන්තාවන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මෙම ලෝකගෝලයේ චීනය ඉස්මතු කර ඇත.

චීනයේ කාන්තාවන් හට ගෝලීයකරණයේ බලපෑම යන මෙම අධ්‍යයනය මගින් අධ්‍යනය කරනු ලබන්නේ විසි වෙනි ශතවර්ෂයේදී ගෝලීයකරණය නිසා චීන කාන්තාවන්ගේ සිදුවූ සමාජීය හා දේශපාලන පෙරලියයි. ගෝලීයකරණය යනු වෙළඳ, ආයෝජන හා තොරතුරු තාක්‍ෂණ [1] ක්ෂේත්‍ර මගින් බලගැන්වූනු, පුද්ගල, භාණ්ඩ, සමාජීය හා රාජතාන්ත්‍රික සංකලනයයි. ගෝලීයකරණය හේතු කොට ගෙන චීන කාන්තාවන්ගේ අයිතීන් බලපෑම ට ලක්වෙන අතර ගෳහස්ථ දිවියට අදාළ විවාහය සහා ප්‍රථමජන්මාධිකාරය මෙන්ම, වෘත්තීය දිවිය ද බලපෑමට ලක්විය. නූතන ගෝලීයකරණ ක්‍රියාවලිය තුලදී මෙම විපර්යාස හේතුකොටගෙන ජීවන තත්වයන් හා කාන්තාවන්ට හිමි අවස්ථාවන් නොයෙක් කාලවකවානු වල දී යම් වෙනස්කම්වලට භාජනය විය.

පවතින දේශපාලන තත්වයන් සහා මතවාදීය මූලධර්ම මත ස්ත්‍රී සහා පුරුෂයන්ට සමාජයේ ලැබෙන ස්ථානය තීරණය වේ. පෙරදිග මහත් බලපෑමක් කල කොන්ෆියුශියානු වාදය අධිරාජ්‍ය සමය (221-206 ක්‍රි.වූ) තුල පැවති අතර, සදාචාරය, චරිතය, සමාජ සම්බන්ධතාව, යථා තත්වය,[2] ජෙන්(jen) (මානව හිතවාදීත්වය), සමානාත්මතාවය සහ සැමටම අධ්‍යාපනය, කොන්ෆියුශියානු වාදයෙන් අවධාරණය කෙරිනි.[3] නව-කොන්ෆියුශියානු වාදීන් සහ අධිරාජ්‍යවාදී පාලයකයන් මෙම මතයන් විශේෂයන්ම පවුල් පසුබිමේදී කාන්තාවන්ව කායික සහ සමාජීය වශයෙන් මර්ධනය කිරීම සදහා යොදාගන්නා ලදී. 19වෙනි සහ 20වෙනි ශතවර්ෂ වලදී චීන රජය ගෝලීයකරණයට නතු වීමත් සමගම මෙම සාම්ප්‍රදායික කොන්ෆියුශියානු මත සහ කාන්තාවගේ සමාජීය භුමීකාව වෙනසකට භාජනය විය. මඔ ත්සේ-තුං(Mao Zedong) 1949දී චීන මහජන ජනරජය ස්ථාපනය කර පසු සාම්ප්‍රදායික මඔගේ මරණයෙන් පසුව කොමියුනිස්ට් වාදය පාලනය ආරම්භ වූ අතර වාණිජ, දේශපාලන සහ සමාජීය අංශයන්ගෙන් අන්තර්ජාතික මතිමතාන්තරයන්ගේ ආගමනයක් සිදුවිය.[4] 80 වෙනි දශකයේ පටන් නව කොමියුනිස්ට් පාලනය යටතේ, කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරය නව පණක් ලබා ජාතික කර්තව්‍යයක් ලෙස නවීකරණය ප්‍රකට කරයි.

ගෝලීයකරණයේ බලපෑම් විදහා දැක්වෙන, ලෝකයේ අනෙකුත් ජනාකීර්ණ නගර සිහි ගන්වන චීනයෙහි ජනාකීර්ණ වීදියකි.

ගම්බඳ පෙදෙස්හි තේ සහ වී වගාවන් සදහා කාන්තාවන් පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ සාම්ප්‍රදායික ගොවිතැනට හවුල් වෙති. නගරයන්හි, කර්මාන්ත ශාලාවල රැකියාකරන කන්තාවන්, නිවෙසින් බැහැරව වාසය කරති. මෙම කම්හල් සේවයිකින්ගෙන් බහුතරයක්, තම නිවෙස් වලට අදායම උපයන තරුණියන් ය. කර්මාන්තශාලා වල කාන්තා අයිතීන් සුරැකීම සඳහා වෘතීය සංගම් සහ සංවීධාන පිහිටවා ඈත. එම කාන්තාවන් තම නිවෙස් වල දරුවන් රැක බලාගෙන සහ ඉයුම් පියුම් කටයුතු සිදු කරනු ලැබේ.


බටහිරට ගැති බව[සංස්කරණය]

බටහිර උගතුන් අධරායනය සහ ගොදුරුකරගැනීම් (උපහටනය) සම්ප්‍රදායික කාන්තාවන් හැදින්වීම සදහා භාවිතා කර ඇත. මෙම මත බහුතරයක් සංකල්පවේදය (මතවේද) සහ දේශපාලන න්‍යායපත්‍රය මත ගොඩ නැගී ඇත්තේ මානවවංශ කේන්ද්‍රණය [5] නොසලකා ය. චීන කාන්තාවන් පිළිබඳ මුල්ම යුරෝපීය සටහන් ගෙනෙන ලද්දේ 19 වෙනි සියවසේ මිෂනාරි (ධර්මදූථයො) සහ මානවවංශ වේදයන් [5] විසිනි. මිෂනාරින්ට අවශ්‍ය වූයේ "චීනය ශීෂ්ට සම්පන්න" කිරීමටය. එය සදහා දුර්වලතා ඉස්මතු කිරීම සහ කැපකිරීම් මගින් මනා පිටුවහලක් ලැබුණි.[5] චීන සංස්කෘතිය සහ කොන්ෆියුශියානු මූලධර්ම පිළිබඳ බටහිර මතය සපත කිරීම සදහා මෙම කාන්තා අධරායනය බටහිර බුද්ධිමතුන් භාවිතා කරන දී.[5]

70 දශකයේ කාන්තා මතදාරීන් ගේ ව්‍යාපාර නැගීමත් සමගම චීන කාන්තාවන් පිළිබඳ තොරතුරු ප්‍රකට විය.මෙම වක වානුවේ දී චීන කාන්තා අධ්‍යනය මුල් තැනක් ගත්තේ කාන්තා විමුක්තිය උදෙසා වන අතර, මෙයින් කාන්තා මතදාර ව්‍යාපාරයට අනුකම්පාව යොමු විය. මෙම අධ්‍යනයේ මාතෘකා සහ ක්‍රමවේද මෙම මතයට විශාල බලපෑමක් ඇති කරේය.[5] මෙම දෘෂ්ටිකෝණී වෙනසක් සමග, අවධානය යොමු වූයේ පීතෘමූලික පීඩනයට, සහ උපහටනයට ය. මෙම අධ්‍යනය මගින් පාද බන්ධනය සහ වැන්දඹුවන්ගේ පතිවත පරීක්ෂා කිරීම ආදී මත භේදයට තුඩු දෙන කරුණු සාකච්චා කෙරිනි.[5] කාන්තා මතදාරීන් ඉදිරිපත් කර ලේඛනයන්ගේ දුර්වල, අවනත කාන්තාවන් පිළිබඳ තිබු මිථ්‍යා දුරු නොවිනි. මෙයින් පෙර නොඈඳී තිබු දිශාවකට නැඹුරුතාවයක් ඇතිවිය. කාන්තා මතදාරීන්ගේ අදහස වූයේ චීන කාන්තාවන් යනු "සකල ලෝකයේම පසු පෙළ ගන්නා ස්ත්‍රී වර්ගයක් යනුයි".[5] මෙවැනි අදහස් වලින් පෙනී යන්නේ බටහිර කාන්තාවන් විසින් තමන්ට ඇතැයි සිතා සිටි සංස්කෘතික ශ්‍රෙෂ්ඨත්වයයි. කාලය, ජාතිය, පංති භේදය, කලාප හෝ වයස් තුලින් කෙතරම් වෙනස්වූවත් චීන කාන්තාවන් පිළිබඳ ලියවූ දෑහී, ඇයව හදුන්වාදෙන්නේ නිශ්චල, චීන සංස්කෘතියේ හුදු සැරසිල්ලක් ලෙසය. ඉතිහාසය තුල සිදු වූ කලාපීය වෙනස්කම් වලට බලපෑ දේශපාලන හෝ භූගෝලීය වෙනස්කම් හෝ සමාජීය හෝ ආර්ථික වෙනස්වීම් මෙහිදී නොසලකා හැරිණි.[5]

කාන්තා පරිපීඩනයේ ඉතිහාසය[සංස්කරණය]

සාම්ප්‍රදායික ක්‍රම සහ කොන්ෆියුශියානු වාදය[සංස්කරණය]

චීනයේ හෑන් රජ පෙළපත්(Han Dynasty) (206 ක්‍රි.පූ-220 ක්‍රි.ව) සමයේ සිට නූතන යුගය (1840–1919) දක්වා, බුද්ධිමතුන් සහ පාලකයෝ විසින් පුරුෂාධිපත්‍යය පීතෘමූලික සමාජය පැවතිනි.[6].චීනයේ කොන්ෆියුශියානු වාදය, පීතෘමූලික සමාජ සංවර්ධනය අඩිතාලම විය. එය සත්‍රීපුරුෂබාවය අනුව ඔවුන්ගේ පවුලේ එකිනෙකාගේ වගකීම් පිළිබඳ වෙනස විදිහා දක්වන ලදී.[6] මෙම මතවාද ටෑන් රජ පෙළපත් (Tang dynasty)(618-907) සමයේ පැවතුණි. යුවතියන් කුඩා කල සිට තම පියවරුන්ට, තම ස්වාමිපුරුෂයාට සහ පසු කලෙක තම පිරිමි දරුවන්ට අවනත වීමට සිදුවිය.[7] සොන්ග් රජපෙළපත් (Song Dynasty) (960-1297) සමයේදී, කොන්ෆියුශියානු බුද්ධිමතුන් පීතෘමූලික සම්ප්‍රදාය වැඩිදියුණු කරන ලද්දේ ස්ත්‍රීන්ට් සහ කුඩා කල සිට පාදබන්ධනයට කල්වූ යුවතියන් හට සම්බාධක පැනවීමෙනි.[8]

විවාහ දිවිය[සංස්කරණය]

සම්ප්‍රදායක චීන විවාහ ක්‍රමය සකස් කරන ලද්දේ යුවතිපතීන්ගේ දෙමව්පියන් විසින්, ඔවුන්ගේ පවුල් අතර සම්බන්ධය පවුලේ පැවැත්ම තහවුරු වන පරිදි ය.[9] නමුත් පස කාලීනව යෝ ඩය්නස්ටීය් (Chou Dynasty) (951-960) [10] සමයේදී විවාහ විදි තුනක් ගොඩ නැගිණි. මෙම ක්‍රම 3 තුල චීන කාන්තාව මූලික කාර්‍යය වුයේ ළමුන් ප්‍රසූත කිරීමය.[11] පළමු විවාහ ක්‍රමය ග්‍රහණ විවාහයයි. එම ක්‍රමයේදී මනාලයා සන්ධ්‍යා කාලයේදී අනාගත මනාලියගේ නිවසට ගොස් මනාලියව "බලෙන් පැහැරගෙන" පැමිනෙයි.[10] දෙවැනි විවාහ ක්‍රමය වූයේ මනමාලයා විසින් මනමාලිය මුදල් ගෙවා ලබා ගැනීම හෙවත් "මිලට ගැණුම් විවාහයයි".[11] එම විවාහ ක්‍රමයේදී බිරිද, සැමියාට අයති දේපළක් බවට පත්වන අතර ඇයව විකිණීමට හෝ හුවමාරු කිරීමට හැකි වීනි.[11] තෙවැනි විවාහ ක්‍රමය වන්නේ යෝජිත විවාහය ක්‍රමයයි. මෙම ක්‍රමය ඉෂ්ට වන්නේ කපුකම ආධාරයෙනි. කපුවා පවුල් දෙකටම තැරැව්කරුවකු ලෙස ක්‍රියා කරයි.[12] මෙම ක්‍රමයට කපුවෙකු සම්බන්ධ නොවූයේ නම් එම විවාහය නොපිළිගතහැකි අතර සැමියා හට විවාහය අවලංගු කිරීමේ අය්තිය පවතී.[12] විවාහ වූ කාන්තාවගේ නිවසේ කාර්ය අධීන වන්නේ තම සැමියාගේ සමාජ පංතිය අනුවය. එනමුත් විවාහක ගැහැණියකගේ මූලික පරමාර්ථය වන්නේ පෙළපත් නාමය පවත්වාගෙන යාමට මෙලොවට පුතෙකු බිහිකිරීමයි.[13] තවදුරටත් විවාහක ගැහැණියක් තම නැන්දම්මාට සහ සුළු-පියාට සැළකිය යුත්තේ තම දෙමව්පියන් ලෙසිනි.[13]

1950 විවාහ නීතිය (New Marriage Law) පීහිටුයේ 1949දී චීන මහජන රජය ස්ථාපනයවූ පසූවය.[14] මෙම නීතිය,වැඩවසම් විවාහ සාම්ප්‍රදාය විදහා දක්වූ යෝජිත සහ අනියම් විවාහ,පුරුෂ ශ්‍රේෂ්ඨත්වය සහ ළමා අය්තිවාසිකම් පිළිබඳ නොසැලකිල්ලීමත්කම, අවලංගු කරේය.[9] මෙම නීතිය වැඩිහිටියන් දික්කසාද වීමේ අය්තිය තහවුරු කර අතර, මෙය්න් නිදහස් විවාහ මනාපය ඇතුලත් කරගත් අතර වැඩිහිටි පරම්පරාව සතු ප්‍රබලත්වය තරුණ පරම්පරාවට පැවරීමට අනුග්‍රහයක් විය.[15]

මැයි 4 ව්‍යාපාරය[සංස්කරණය]

protesters at the may fourth movement.
මැයි 4 සමූහ සටන ව්‍යාපාරයේහීදී විරෝධකයන්

"නවසංස්කෘතික" පෙරළිය ("New Culture" movement) චීනයේ ආරම්භ වූයේ 1916 වකවානුවේදී ය. මෙය 1911 විප්ලවය ජනරජ ආණ්ඩුවක් පීහිටුවීමට හේතුකොටගෙන ඇති වූ අසාර්ථක ක්‍රියාකාරීත්වයෙන් පැනනැගුණු සිදධියකි.මෙය 1920වෙනි කාලපරිච්ඡේදය මුළුල්ලේ ගෙන ගියහ.[16] 1919 මැයි 4 වෙනි දින ඇරබුණු මැයි 4 ව්‍යාපාරය (May Fourth Movement) ජාතික පීකිං විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යන් ගේ මූලිකථ්වයෙන් සිදුවූ ප්‍රදර්ශනයකි. ඔවුන් කොනෆියුශියානු වාදය සහ සම්ප්‍රදායක සාරධර්ම වෙනස්කම් අවලංගු කිරීම කෙරෙහි විරුද්ධ විය.[17] බොහෝ දෙනෙක් විශ්වාස කරනු ලැබුවේ චීනයේ පැවතෙන ප්‍රශ්න වලට විසදුම වන්නේ සමානාත්මතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පැවතෙන අපරදිග සංකල්පන භාර ගැනීමය.[16] එම ව්‍යාපාරය හවුල් උත්සාහය සහ සම්ප්‍රචාරණය කෙරහි අවධාරණය යොමු කර හෙයින් කාන්තාවෝ බොහෝ ප්‍රකාශන, නාට්‍ය නිෂ්පාදන සහ අරමුදල් රැස්කිරීම් වැනි සමූහ කර්තව්‍යයන් සදහා සම්බන්ධ විය.මෙවැනිදෑ ඔවුන්ට වැඩිපුර පුරුෂ පක්ෂය සමඟ සමාජ සම්පර්කය වර්ධන කර ගැනීමට සහ ගෞරවය දිනාගැනීමට රුකුලක් විය.[17]

චීන කාන්තාවකගේ ගෘහ ජීවිතය[සංස්කරණය]

පාද බන්ධනය[සංස්කරණය]

සාමාන්‍ය පාද ඇති ස්ත්‍රියක් (වම) සහ බද්ධ පාද ඇති ස්ත්‍රියක්ගේ සංසන්දනය.

පාද බන්ධනය යනු ස්ත්‍රියකගේ පදයේ ඇති වක්‍රය කඩා පාඟිලි පාදයට හේත්තුවන ආකාරයෙන් දැවටිමය. මෙයින් සිදුවන්නේ පාදය කුඩා තියුණු වක්‍රාකාර පෙනුමකින් සමන්විත වීමය.[18] මස් වැදුණු පාද මිනිසුන්ගේ ආශාවන් උත්සන්න කල අතර, විවාහය සදහා අවශ්‍ය වූ දෙයක් ලෙස පරම්පරාවගතව පැවැතෙන්නට විය.[18] ප්‍රමාණය කුඩාවී ඇති පාද සහිත ස්ත්‍රීන්ට පහසුකමක් ලෙස විශේෂ පාවහන් (ලෝටස් පාවහන්) නිෂ්පාදනය කර ඇත.[18] මෙය වේදනාකාරී ක්‍රියාවලියක් වූ නිසා බොහෝවිට කාන්තාවන්ට තම කාමරයට සීමිත වීමට සිදු විය.[18] පහත් පංති වලට අයති කාන්තාවන් ස්වල්පයකට පමණක් තම පාද බන්ධනය කිරීමට සිදුවන්නේ ඔවුන්ට තම නිවෙස්වල කටයුතු කිරීමට සාමාන්‍ය ලෙස ඇවිදීමට අවශ්‍ය නිසාය.[18] පාද බන්ධනය උසස් පංති වල ස්ත්‍රියන්ගේ සහ ඔවුන්ගේ ධනය ඇඟවීමේ ලක්ෂණයක් බවට පත්විය.[18] 13 වෙනි ශතවර්ශයේ සිට ආරම්භවුනු මෙම සිරිත බොහෝ වරක් නීතියෙන් අවලංගු කර ඇත.[18] එනමුත් මෙය අවසාන වශයෙන් 1949 ආසන්‍යයේදී කෝමියුනිස්ට්වාදීන් බලයට පැමිණීමෙන් පසුව තහනමට ලක්විය.[18]

කාන්තා පැහැරගැනීම්[සංස්කරණය]

පැහැරගන්නා තරුණ කාන්තාවන් මිනිස් කොල්ලකරුවන් පිරිස් විසින් දුර බැහැර පළාත් වලට රැගෙන ගොස් ඔවුන්ගේ වැදගත් ලියකියවිලි සතු කරගනු ලැබේ.[18][18] පැන ගියහොත් නීතියේ රැහැනට අසුවෙතැයි බියෙන් සිටින මේ කාන්තාවන්ව මිනිසුන් විසින් මිල දී ගනු ලැබේ.[18] ගැලවීමක් නොමැති බව දන්නා ඇතැම් කාන්තාවන් දරුවන් ලැබුණු පසු මෙම පවුල් වලටම පක්ෂ පාතීව කටයුතු කරති.[18] මාඕ ත්සි-තුන්ග්ගේ (Mao Zedong) පාළන සමයේදී මෙලස කාන්තාවන් විකිණීම නීතියෙන් තහනම් කල අතර[18] එලෙස මිලදීගන්නා පුද්ගලයන්ට සිර දඩුවම්ද මිනිස් ජාවාරම් කරුවන්ට මරණ දඩුවම්ද හිමි විය.[18]

කොන්ෆියුශියානු වාදය සහ කොමියුනිස්ට් වාදය[සංස්කරණය]

කොන්ෆියුශියානු වාදය ඇදැහු සමාජය පීතෘමූලිකවූ අතර, පෙළපත් නාමය සහ පරම්පරාව පවත්වාගෙන යාමට හැකි කම නිසා කාන්තාව නීචා වීම බලාපොරොත්තු විය.[19] කොමියුනිස්ට් වාදය යටතේ චීන සමාජයේ ව්‍යූහය වෙනස් වුන අතර එයින් චීන පවුල් ව්‍යූහයද වෙනස් විය. [20] පැරණි 4 හෙවත් පැරණි අදහස්, පැරණි පුරුදු, පැරණි චාරිත්‍ර හා පැරණි සංස්කෘතිය, සංස්කෘතික විප්ලවය සමගම අත්හැර දැමිණි.[20] ආර්ථික ප්‍රතිලාභ සම්පූර්ණයෙන්ම රජය සතු වූ අතර, ඉඩම් හා වත්කම් හිමිකරගෑනීමේ ඉඩ මහජනයාට මදි විය. සාමුහිකවගා හේතුකොටගෙන පවුල් පදනම බිඳවැටුණ මෙන්ම කම්කරුවන්ගේ ධෛර්ය හා පවුල් පක්‍ෂපාතීත්වය මත මහත් බලපෑමක් ඇති කළේය.[20]

සංස්කෘතික පෙරළියෙන් පසු සම්ප්‍රදායක සමාජීය ව්‍යූහය තවදුරටත් නොසැලිකිල්ලට භාජනය විය.[20] රතු සොල්දාදුවන් "පංති සටනට" එරෙහි වූවන් "නැවත අධ්‍යාපනය" සඳහා යැවීමත් සමග පවුල් බැදීම් ඉරි තලා ගියේය.[20] එකම පව්ලේ පුද්ගලයන් එකිනෙකා සමග පස මිතුරු විය.කාන්තාවන්ට වඩා සම ස්ථානයක් ලැබුණු අතර යෝජිත විවාහ, අනියම් භාර්යා සේවනය, දෑවැද්ද හා ළමා විවාහ තහනම් වන ලෙස නීති රැසක් පැනවිණි. [20] මේ තත්වයන් මත, කාන්තාවන්ට විවාහය සම අයිතිවාසිකමක් ලැබුණු අතර, දික්කසාද අයිතියද ලැබුණි.[20]

සමසමාජ පාළනය තුල කාන්තාවට හිමි තැන මහත් සේ වැඩි දියුණු වූ අතර, නිවසෙන් පිට රැකියා කිරීමට අවස්ථා හිමි වුනි.[21][21] පාද බන්ධනය, ළමා විවාහ, ගණිකා වෘත්තිය සහ යෝජිත විවාහ වලට ඉඩක් නොවීය.[21] පළාත්බද ගැමි ලියන් තවමත් අධික සාක්ෂරතා ඌනතාවයකින් පෙලුනද, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය බොහෝ සෙයින් අඩු වී ඇත.[22] ඊට හේතුව වූයේ පහත් මට්ටමේ සිට පවතින, ඉහත සදහන් ඍනාත්මක කරුණු මර්දනය සදහා ඇති වැඩසටහන්ය.[23]

ජනගහන පාළනය[සංස්කරණය]

ප්‍රතිසංස්කරණ කාලයේදී කොමියුනිස්ට් පාලකයන් විසින් උපත් පාලනය සීමා කරන ලදී.[20] ගබ්සා කිරීම 1953දී නීත්‍යානුකූල කරනු අතර, 1954 වන විට පවුල් සැලසුම් පිලිබඳ අධ්‍යන කණ්ඩායම් ස්ථාපනය කෙරිනි.1956දී උපත් සීමා කිරීම පිළිබඳ යෝජනා උනාද එහි ඉක්මන් ප්‍රතිපල දැකගන්නට නොලැබුණු අතර, 1979දී සම්මත කළා එක පව්ලකට එක දරුවෙක් නීතිය අද දක්වාම ක්‍රියාත්මක වේ.[20]

ගැහැණු ළදරු ඝාතනය උපත් පාලනයේ තවත් පැති කඩකි.[20] පවතින නීතිය නිසා බොහෝ පවුල් ගැහැණු දරුවෙකුට වඩා පිරිමි දරුවෙක් අගය කරති. නොයෙක් අධි තාක්ෂණික මෙවලම් (අතිධ්වනිය) මගින් නූපන් දරුවාගේ ලිංගය හදුනාගන්නා දෙමව්පියන්, ගැහැණු දරුගැබ මෙලෙස විනාශ කරති.[20] වසරකට 200000ක් පමණ ගැහැණු කළල චීනයේ විනාශ කරන බව හෙළි වී ඇත. මීට අමතරව, ඇතැම් දෙමව්පියන් උපදින ගැහැණු දරුවන් රජයේ ලියාපදිංචි නොකර හෝ අත හැර දමනු ලැබේ.[20] මෙයින් අධ්‍යාපනය සහ අනෙකුත් රජයෙන් ලැබෙන වරප්‍රසාද බුක්ති විදීමෙ අයිතිය ගැහැණු දරුවන්ට අහිමි වන අතර, මේ හේතුවෙන් චීනයේ ලිංගභේදය ඇති වී ඇත. [20]


රැකියා ස්ථානයේ චීන කාන්තාවන්[සංස්කරණය]

රැකියා හිමි කාන්තාවන් පිළිබඳ ඉතිහාසය[සංස්කරණය]

කුඹුරු වල වැඩකරන කාන්තාවන්.

අධිරාජ්‍ය සමය තුලදී, කාන්තාවන්ට නිළ තනතුරු දැරීමට ඉඩක් නොවීය. විශේෂයෙන් පාද බන්දනයට ලක්වූ කාන්තාවන්ට කම්කරු කටයුතු කිසිදා කල නොහැකි වූ නිසා ඔවුන්ට සිදු වූයේ නිවෙස්වල කටයුතු හෝ රෙදිපිළි කර්මාන්තයේ නිරත වීමටය.[24]

1949 සිට 1976 දක්වා මාඕගේ පාලනය සමයේදී චීන කාන්තාවගේ ශ්‍රම දායකත්වය ගොවිතැන් සහ නාගරික කර්මාන්ත සඳහා අවශ්‍ය විය.එත් සමගම දේශපාලනයට සහ අධ්‍යාපනයට අවතීර්ණ වීමටද ඉඩකඩ සැලසුණි.[25] රජය කාන්තාවන්ට අධ්‍යාපනය සඳහා සහය දැක්වීමත් සමග, මහජන සමූආණ්ඩුව ඇති වීමට කලින් 200%ටත් අඩු පාසල් යන ශිෂ්‍යාවන්ගේ ප්‍රතිශතය මේ වන විට 96.2% දක්වා වැඩි වී තිබේ.[26] වැඩිහිටි කාන්තාවන්ගේ අධ්‍යාපන තත්වය ඉහළ දැමීම සහ සාක්ෂරතාව වැඩි කිරීම සදහා වැඩිහිටි සහ වෘතිමය අධ්‍යාපන ආයතන පීහිටවා තිබේ. කොමියුනිස්ට් පාලනයේ මුල් වසර 30 තුලදී කාන්තාවන්ට වූ වෙනස්කම් නැති වුනත්, තීරණ ගැනීම බලතල සහිත රැකියා ඔව්නට නොවීය.[24][25]

වර්තමානයේදී වැඩි කාන්තාවන් පිරිසක් රැකියාවල නියුක්ත වෙති. එකම රැකියාව සදහා පැදියක් ඔව්න්ට හිමිය. චීන් කාන්තාව සඳහා ඉහල ආර්ථීක තත්වයක් උදා කිරීම සඳහා රජය වැඩි වැඩ කොටසක් කරනු ලැබේ. 1949දී චීන සමූආණ්ඩුව පිහිටවීමත් සමඟ වැඩි කාන්තා පිරිසක් රැකියාවල නියුක්ත වෙති. තාම අනුපාතය ශ්‍රම බලකායෙන් 44% වන චීන කාන්තාව ලෝක ශ්‍රම බලකායෙන් 34.5% වේ.

ගම්බද පෙදෙස්[සංස්කරණය]

ගොවිතැනේදී කාන්තාව මූලික වශයෙන් නිෂ්පාදන අයිතිය දරණු ලැබේ.[27] පැරණි චීනයේ කාන්තාවට ඉඩම් හිමිකමට ඉඩක් නොවීය. ඉඩම්වල අයිතිය පියා පුතු පරම්පරාවෙන් ලැබුණු අතර, පව්ලේ පුතකු නැති විට සමීප පිරිමි ඥාතියෙකුට ඉඩම් අයිතිය ලැබුණි. [27] අඩු ජනගහනයක් ඇති පළාත්වල පුරුෂයන්ට වඩා කාන්තාවන් ගොවිතැන් වලට දායක වන්නේ ඒ පළාත් වල පවතින සල ගොවිතැන් ක්‍රමය නිසාය. බොහෝ දුරට සීසාන බොහෝ ජනයා වසන පළාත්වල පුරුෂ පාර්ශ්වය කාන්තාවන්ට වැඩ කෘෂිකර්මයට සහභාගී වේ.[28] පැල සිටවන,අස්වැන්න නෙලන සහ රැගෙන යන වැඩ අධික කාල වලදී කාන්තාවන් කුඹුරු වල වැඩ සඳහා රැගෙන එනු ලැබේ. සහල් දෙවර වගා කරන ප්‍රදේශවල කාන්තා සහභාගීත්වය වැඩිය.[27] තේ වගාව, ඌරු පාලනය, කුකුල් පාලනය, කැටීම්, විවීම් සහ අනෙකුත් අත්කම් සඳහා ද කාන්තාවන්ගේ භූමිකාව ප්‍රභලය.[27]

නගරබද පෙදෙස්[සංස්කරණය]

කාර්මීකරණය පදනම් කල ක්‍රියාත්මය වන චීන ආර්ථීක ප්‍රතිපත්ති අපනයන මත බොහෝවිට රඳා පවතින අතර එහිදී අඩු ශ්‍රම පිරිවැයකින් නිෂ්පාදන ලෝක වෙළඳ පොලට පාරිබෝගික භාණ්ඩ සැපයීම යානු තීරණාත්මක සාධකයකි.[29] තරුණ ගැමි කාන්තාවන්ට මේ නිසා නගරබද කර්මාන්තකර ඇදී එන්නට සිදු විය. බොහෝවිට කර්මාන්ත මුල් කරගත් කාර්මීකරණ අපනයන අවස්ථා පදනම් කරගත් ඉලෙක්ට්‍රොනික විද්‍යව, සෙල්ලම්බඩු එකලස් කිරීම, ඇඳුම් මැසීම, සපත්තු එකලස් කිරීම වැනි ඒවායි. හොංකොං සහ ශේන්ධෙන් යානු අපනයන මුල් කරගත් වන අතර ශේන්ධිහි මිලියන 3ක් වූ ජනගහනයෙන් 70%ක්ම නගරබද පෙදෙස්වලින් නගරයට සංක්‍රමණය වූ කාන්තාවන්ය.[29]

බොහෝ පෞද්ගලික සේවයෝජකයින් කාන්තාවන් තම කාර්යමණ්ඩල වලට ගැනීමට මැලිකමක් දක්වන්නේ මතෘ ප්‍රසූත නිවාඩු සහ ප්‍රසුත ගාස්තු ඔවුන්ටම දැරිය යුතු වන නිසාය.[30]

ශ්‍රම සංක්‍රමණයට හේතු[සංස්කරණය]

සේවකයන් අවසන් පරීක්ෂා කිරීම සහ පාරිභෝගිකයන්ට යැවීමට පෙර ගුණ රක්ෂණය කිරීම ඩිස්ක ආවයනය පරීක්ෂාකිරීම ඔවුන්ගේ අඟල් 2.5 ලැප්ටොප් භාවිතය.

1984දී ස්ථිර පදිංචිය පිලිබඳ නීති ලිහිල් වීමත් සමඟ ජනතාවට නොයෙක් දිශා වලට සංක්‍රමණය පහසු විය. [31] ග්‍රාමීය පෙදෙස්වල තිබූ කාන්තාවන්ට අවස්ථා මදි කම සහ දරිද්‍රතාවයෙන් මිදීම සඳහා බොහෝ ජනයා මෑත කාලයේ නගරවලට ඇදී එන්නට විය. නගරවලිදී, බොහෝ කාන්තාවන්ට, අඩු වැටුපක් ලබාදෙන, එහෙත් පුහුණුවක් අවශ්‍ය නොවන කර්මාන්ත ආශ්‍රීත රැකියා රැසක් ලැබුණි. චීන සංඛ්‍යාලේඛන අනුව සංක්‍රමණික සේවකයන්ගේ ගැහැණු පිරිමි අනුපාතය 1ත 2ක් වන අතර හොංකොං සහ ශේන්ධෙන් නහරවල පමණක් සංක්‍රමණික සේවිකාවන් මිලියන 30ක් 40ක් පමණ ශ්‍රමයේ යෙදෙති.[31]

වසර 2003දී ශේන්ධෙන් විශේෂ ආර්ථීක කලාපයේ සිටින මිලියන 5.5ක් වූ සංක්‍රමණික ජනයාගෙන් 70% කාන්තාවෝ වූහ. ශේන්ධෙහි නන්ෂාන් දිස්ත්‍රික්කයේ මුළු ශ්‍රම බලකායෙන් 80% සාමාන්‍යයෙන් 23වෙනි පසුවන කාන්තාවන්ය.[31] සේවායෝජකයන් වැඩිහිටි කාන්තාවන්ට හෝ පිරිමින්ට වඩා තරුණ කාන්තාවන් සේවයේ යෙදවීමට නැඹුරක් දක්වති. තරුණ කාන්තාවන්ට විවාහක කාන්තාවන්ට වැඩ ඕන ස්ථානයක රැකියා කිරීමට හැකියාව ඇති බව මෙන්ම, ඔවුන්ගේ තරුණ වයසත්, එම වයසේම පිරිමින්ට වැඩ අවිවාහක වීමේ වැඩි සම්භාවිතාවක්ද පැවතේ.[31] තරුණ ගැමි කාන්තාවන්ට වැඩි අවස්ථා ලැබීමට තවත් හේතුවක් වන්නේ ගැබ් ගැනීමට අඩු සම්භාවිතාවක් පවතීම් සහ වැඩි පය ගණනක් වැය කිරීමට හැකියාවයි. ඔවුන්ගේ කඩිසරකම සහ තම අයිතිවාසිකම් ඉල්ලීම්ට තරම් දැනුවත් කමක් නැති වීමද මෙයට තවත් රුකුල් දෙති. බොහෝවිට සංක්‍රමණික කාන්තාවන්ගේ අදාළ සේවා කාලය තුලදී ගැබ් නොගන්න බවට පොරොන්දු කරගන්නා ලියවිලි ලබා ගනු ලැබේ.[31]

බොහෝ ගැමි පවුල් විසින් පිරිමින් සිටියදී කාන්තාවන් නගරයට රැකියා සඳහා යවන්නේ, උපයන ආදායමින්, උසස් අධ්‍යාපනය ලබාගැනීමට වැඩි ඉඩකඩක් ඇති පිරිමි දරුවන් වෙනුවෙන් වැයකිරීමටය.[31] පිරිමින් සඳහා අධ්‍යාපනයේදී මුල් තැනක් දීම සාමාන්‍යක් වී ඇති චීනයේ ආර්ථීක අපහසුතා දැනුණු විගසම ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය නවතා රැකියා සඳහා පිටත් කිරීම සුලබය. පව්ලේ දීර්ඝකාලීන ආර්ථීක ස්ථාවරත්වය සඳහා ගැහැණු දරුවන්ගේ බලපෑම අඩු නිසා ඔවුන්ට සෑම අතින්ම ලැබිය යුතුය යන ආකල්පය නැත. [31]

නව ක්‍රමය අනුව ග්‍රාමික වැසියන්ට නගරයට සංක්‍රමණය වීමට අවස්ථාව ලැබුනත් ඔවුන්ට ඇති ස්ථිර පදිංචියවත්, නගර වැසියන්ට ලැබෙන සුභසාධන නොලැබේ. මේ හේතුවෙන් සෞඛ්‍යය, නිවාස හෝ අධ්‍යාපන අවම පහසුකම්වත් නොමැති සංක්‍රමණික රැකියාවේදී පුද්ගලයන් රැසක් බිහි වී තිබේ. [31] විශේෂයෙන්ම බොහෝ තරුණ සංක්‍රමණික කාන්තාවෝ තම අයිතිවසිකම් ගැන දැණුමක් නොමැති අය ය.අද වනවිට, 90% පමණ සංක්‍රමණිකයන් පිරිසක් ගිවිසුම් (Labour Contract Law of the People's Republic of China) රහිතව සේවය කරති.[31]

අවක්‍රමණය[සංස්කරණය]

කර්මාන්ත ශාලාවන්හි වැඩකරනා කාන්තාවන් "ඩැගොන්ග්මෙය්" යන නාමයෙන් හඳුන්වයි. සාමාන්‍යයෙන් මොවුන් ඛණ්ඩිත ශ්‍රම වෙළඳපොළක අවිදිමත් හා අඩු වැටුප් ගෙවනා රැකියාවන් අත්විඳින තරුණ සංක්‍රමණික කාන්තාවන් වෙති. අපනයන ආශ්‍රිත කර්මාන්ත ශාලාවන්හි සේවය කරනා ශ්‍රමිකයන් අවම වැටුප් හා අවම අතිකාල ගෙවීම් ලබා ගනියි. ඔවුන් කෑම වේල් හා කර්මාන්ත ශාලාවෙහි නවාතැන් පහසුකම් සඳහා ගෙවීමක් සිදුකරන අතර කර්මාන්ත ශාලාවෙහි නීති කඩකළ අවස්තවාන්හි දඩ මුදල් ද ගෙවයි. 90 දශකය මැද භාගයේදී ෂෙන්සෙන් හි, දිනකට පැය 12ක් සෙල්ලම් බඩු නිපදවන කම්හලක සේවය කරනා සංක්‍රමණික කාන්තා ශ්‍රමිකයකුගේ දෛනික වැටුප ඇමෙරිකානු ඩෝලර් 1.10 ක් වුනි.[29]

මෙම තත්වයන් "උපරිම අතිරික්ත විසර්ජනය" ඇතිකරයි. එනම්, සේවකයන්ගේ දෛනික ජීවිතය කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය වටා ගෙතී ඇති මෙන්ම ප්‍රාදේශීය ආර්ථිකය මත ද රඳා පවතියි. රජය ස්ථානීය වෘත්තීය සමිති සඳහා ඉඩ නොදෙන අතර සේවකයන් නියෝජනය කිරීම සඳහා All-China Federation of Trade Unions (ACFTU) යොදාගනියි.[29] වෘත්තීය සමිති පිහිටුවා ගැනීමට අවසර නොමැතිව සහ රාජ්‍ය ආයතනයක් වන ACFTU ඇතිව, සංක්‍රමණික කාන්තා ශ්‍රමිකයන්ට තම අයිතීන් සහ උචිත සැලකීම් ලබා ගැනීම ඉතා අසීරුය.[31] 2003 වසරේ මහජන විශ්වවිද්‍යාල සංඛ්‍යාලේඛනවලට අනුව සංක්‍රමණිකයින් ගෙන් 90% ගිවිසුම් නොමැතිව සේවය කරයි. මෙය චීනයේ කම්කරු නීති උල්ලංඝනය කිරීමකි. ACFTUයට අනුව,සංක්‍රමණික සේවකයන්ට බිලියන 100 යුවාන් පසු වැටුප් ලෙස ගනිමින් සිටී.[31]

නොයෙකුත් සංවිධාන දැන් ශ්‍රමය ආශ්‍රිත අයිතීන් පිලිබඳ දැනුවත් කිරීම සහා නිවැරදි පුහුණු කිරීම තුලින් සංක්‍රමණික කාන්තා ශ්‍රමිකයින්ට සහය දී ඔවුන් සවිබල ගැන්වීමට උත්සහ කරයි. තම සේවා යෝජකයන්ට හා ප්‍රාදේශීය කම්කරු කාර්යාංශයන්ට එරෙහිව චෝදනා කිරීමට සහය වීමට නීතිමය සායන පටන්ගෙන ඇත.[31] බෙයිජිං හි හුආන් (Hua Yi) යී ඇඟලුම් කම්හලෙහි කළමනාකාරිත්වය මගින් සංක්‍රමණික කාන්තා සේවකයින්ට නිසි ලෙස නොසැලකීම හා 24 දෙනෙකුට වැටුප් ලබා දීමෙන් වැළකීමේ වාර්තා වූ සිද්ධීන් අතරින් එකකි. මේ පිලිබඳ පැමිණිලි කිරීමෙන් පසුව, බෙයිජිං විශ්වවිද්‍යාලයේ Center for Women's Law Studies and Legal Services සහයෝගය ද ඇතිව මෙම කාන්තාවන්ට පසු වැටුප් හා වන්දි ලෙස යුවාන් 170,000 ලැබුනි.[31]

සේවකයින් සහා සේවා යෝජකයින් අතර සබඳකම් අඩු වැටුප් කම්කරුවන් විශාල ප්‍රමාණයන්ට රැකියාවේ නියැලීමට හැකි කර්මාන්ත ශාලා සඳහා තිබෙනා අවශ්‍යතාවය මෙන්ම, තරුණ කම්කරුවන් දුර පළාත්වල ඇති කම්හල්වල නිදන ශාලාවල ගතකරන ජීවිතයේ ඇති අනාරක්ෂිත බව ද පෙන්නුම් කරයි. තනිකඩ තරුණ කාන්තාවන් කුලී සේවයට ගැනීම කළමනාකාරීත්වයේ අවශ්‍යතාවයන්ට සුදුසුය. .[29] තරුණ කාන්තාවන් සේවයට බඳවා ගැනීම තුලින් කළමනාකාරිත්වයට ශ්‍රම බලකාය උපරිම ලෙස පාලනය කිරීමට හැකිය. පිරිමි සහා වයසින් වැඩි කාන්තා සේවකයින් හා සසඳන විට, තරුණ කාන්තාවන් කළමනාකාරීත්වයේ බලධාරීන්ට හා ඉල්ලීම් වලට අවනත වීමට වැඩි නැඹුරුවක් දක්වයි. "වැඩපොළ පවුල වැනිය" යන ප්‍රසිද්ධ පරිහරණය හිමිකරුවන් සහ කළමනාකරුවන් ගේ යෝජනාවක් වූයේ කම්කරුවන් මක්නිසාද වැඩපොළ පරිසරය තුළදී උපද්වාරික භාවයක් දරා ඇත්තේ බවය. වැඩපොළ තුලදී තිබෙන අසම බලතල සබඳකම් හේතුකොටගෙන පාලකයන් තම කාන්තා සේවකයන්ගෙන් තම හිස සෝදවා ගැනීමේ සිට ලිංගික අවශ්‍යතාවයන් ඉටු කරගැනීම දක්වා වන පුද්ගලික කර්තව්‍යයන් බලෙන්ම සපුරා ගන්න ලදී. [29]


අමතර කියවීම්[සංස්කරණය]


නිර්දේශ[සංස්කරණය]

  1. Carnegie Endowment for the International Peace. (2009).What is Globalization?. Retrieved November 26, 2009. Retrieved from www.globalization101.org/What_is_Globalization.html.
  2. Main Concepts of Confucianism. (n.d.). Retrieved November 28, 2009. Retrieved from http://philosophy.lander.edu/oriental/main.html.
  3. Ng, R.M. (2009). College and character: What did Confucius Teach Us About the Importance of Integrating Ethics, Character, Learning, and Education? Journal of College & Character, vol 10(4), pp 1-7.
  4. Sung, Y. W. (1991). The China- Hong Kong Connection: The Key to China’s Open Door Policy. pp. 1-183. New York: Cambridge University Press. ISBN 0-521-38245-9
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 5.6 5.7 Teng, J. E. (1996). The construction of the “traditional Chinese woman” in western academy: A critical review. Signs, Vol 22 (1), pp. 115-151.
  6. 6.0 6.1 Tamney, J. B., & Chiang, L.H. (2002). Modernization, Globalization, and Confucianism in Chinese Societies. Westport, CT: Praeger. p. 130.
  7. Tamney, J. B., & Chiang, L.H. (2002). Modernization, Globalization, and Confucianism in Chinese Societies. Westport, CT: Praeger. p. 131.
  8. Tamney, J. B., & Chiang, L.H. (2002). Modernization, Globalization, and Confucianism in Chinese Societies. Westport, CT: Praeger. p. 132.
  9. 9.0 9.1 Tamney, J. B., & Chiang, L.H. (2002). Modernization, Globalization, and Confucianism in Chinese Societies. p. 133. Westport, CT: Praeger.
  10. 10.0 10.1 Yao, E. L. (1983). Chinese Women: Past & Present (p. 17). Mesquite, TX: Ide House, Inc.
  11. 11.0 11.1 11.2 Yao, E. L. (1983). Chinese Women: Past & Present (p. 18). Mesquite, TX: Ide House, Inc.
  12. 12.0 12.1 Yao, E. L. (1983). Chinese Women: Past & Present (p. 19). Mesquite, TX: Ide House, Inc.
  13. 13.0 13.1 Yao, E. L. (1983). Chinese Women: Past & Present (p. 22). Mesquite, TX: Ide House, Inc.
  14. China Today. (2001). Marriage law Revisions Reflect Social Progress in China. Retrieved 5 November 2009. Retrieved from http://www.chinatoday.com.cn/English/e2001/e200103/hunyin.htm
  15. Hershatter, G. (2007). Women in China's Long Twentieth Century. (p. 16) Berkley, CA: University of California Press.
  16. 16.0 16.1 Asia for Educators, Columbia University, Initials. (2009). Before and After the May Fourth Movement. Retrieved 5 November 2009. Retrieved from http://afe.easia.columbia.edu/special/china_1750_mayfourth.htm
  17. 17.0 17.1 Yao, E. L. (1983). Chinese Women: Past & Present (p. 127). Mesquite, TX: Ide House, Inc.
  18. 18.00 18.01 18.02 18.03 18.04 18.05 18.06 18.07 18.08 18.09 18.10 18.11 18.12 18.13 Hayes, Jeff (2008). "Foot Binding and Problems Faced by Women", Facts and Details: China. Retrieved 5 November 2009. Retrieved from http://factsanddetails.com/china.php?itemid=104&catid=4&subcatid=21
  19. Hayes, Jeff (2008). "Confucianism, Men and Women" Facts and Details: China. Retrieved 5 November 2009. Retrieved from http://factsanddetails.com/china.php?itemid=105&catid=4&subcatid=21#02
  20. 20.00 20.01 20.02 20.03 20.04 20.05 20.06 20.07 20.08 20.09 20.10 20.11 20.12 Guthrie, Doug. (2008). "China and Globalization: The Social, Economic and Political Transformation of Chinese Society". pp. 77- 86. London: Taylor & Francis.
  21. 21.0 21.1 21.2 Hayes, Jeff (2008). "Women Under Communism", Facts and Details:China, Retrieved 5 November 2009. Retrieved from http://factsanddetails.com/china.php?itemid=105&catid=4&subcatid=21#02
  22. Hayes, Jeff (2008). "Women in China" Facts and Details: China, Retrieved 5 November 2009. Retrieved from http://factsanddetails.com/china.php?itemid=105&catid=4&subcatid=21
  23. Hayes, Jeff (2008). "Village Women" Facts and Details: China. Retrieved 5 November 2009. Retrieved from http://factsanddetails.com/china.php?itemid=105&catid=4&subcatid=21#02
  24. 24.0 24.1 Hayes, Jeff (2008). "Working Women in China-Facts and Details". Retrieved 5 November 2009. Retrieved from http://factsanddetails.com/china.
  25. 25.0 25.1 Perry, Susan H. Chinese Feminism Faces Globalization. Retrieved 2 Nov 2009. Retrieved from http://www.questia.com/googleScholar.qst;jsessionid=KwTGhzy305KmJZ25jjkRgHQ1TmFh1gPnhzZGTyCZpv6czQ1GMLf6!101686917!1275526282?docId=5002557820.
  26. China Daily. "Chinese Women".Retrieved 5 November 2009. Retrieved from http://www.chinaculture.org/gb/en_aboutchina/2003-09/24/content_24139.htm.
  27. 27.0 27.1 27.2 27.3 Davin, Delia (1976). Woman-Work: Women and the Party in Revolutionary China. p. 115. Oxford: Clarendon. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Woman-Work" defined multiple times with different content උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Woman-Work" defined multiple times with different content උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Woman-Work" defined multiple times with different content
  28. Boserup, Ester (1970). Women's Role in Economic Development p. 35. Oxford: Allen and Unwin.
  29. 29.0 29.1 29.2 29.3 29.4 29.5 Lee, Eliza W.Y. (2003). Gender and Change in Hong Kong: Globalization, Postcolonialism, and Chinese Patriarchy.pp. 1-224. UBC Press,ISBN 0-7748-0994-9, ISBN 978-0-7748-0994-8
  30. Tatlow, Didi Kirsten. "For China’s Women, More Opportunities, More Pitfalls." nytimes.com, 25 November 2010
  31. 31.00 31.01 31.02 31.03 31.04 31.05 31.06 31.07 31.08 31.09 31.10 31.11 31.12 China-Labour. "'Dagongmei' - Female Migrant Labourers." pp. 1-8. Retrieved 5 November 2009. Retrieved from http://www.china-labour.org.hk/en

සැකිල්ල:Economy of China [[Category:චීන ශිෂ්ඨාචාරය]] [[Category:Women in China]] [[Category:Gender studies]] [[Category:Women's rights in Asia]] [[Category:චීනය වර්තමාන තත්වය]] [[Category:Globalization by location|China]]