ගොබෙක්ලි තෙපේ
| |
ගොබෙක්ලි තෙපේ ප්‍රධාන කැණීම් ප්‍රදේශයෙහි ඉහළින් බැලූ කල දසුනක් | |
| පිහිටුම | ෂන්නූර්ෆා පළාත, තුර්කිය |
|---|---|
| ප්‍රදේශය | අග්නිදිග ඇනටෝලියාව |
| ඛණ්ඩාංක | 37°13′25″N 38°55′18″E / 37.22361°N 38.92167°E |
| වර්ගය | ජනාවාසය |
| ඉතිහාසය | |
| ද්‍රව්‍යය | හුණුගල්, ටෙරාසෝ (පිළිස්සූ හුණු), සමහරවිට ලී වහළ දඬු |
| ප්‍රාරම්භය | ආ. 9500 ක්‍රිපූයු (11450 වර්තමානයට පෙර)[1] |
| අත්හැරදැමීම | ආ. 8000 ක්‍රිපූයු (9950 වර්තමානයට පෙර)[1] |
| කාලසීමා | |
| අඩවි සටහන් | |
| කැණීම් දින | 1995–වර්තමානය |
| පුරාවිද්‍යාඥයෝ |
|
| තත්ත්වය | හොඳින්-සංරක්ෂිත |
| අයිතිකාරිත්වය | තුර්කිය |
| මහජන ප්‍රවේශය | සීමිත |
| නිල නාමය | ගොබෙක්ලි තෙපේ |
| වර්ගය | සංස්කෘතික |
| උපමාන | (i), (ii), (iv) |
| නාමෝද්දිෂ්ටගත | 2018 (42වන සැසිය) |
| ආශ්‍ර අංකය. | 1572 |
| ප්‍රදේශය | බටහිර ආසියාව |
ගොබෙක්ලි තෙපේ (තුර්කි: [ɟœbecˈli teˈpe],[2] ' බණ්ඩි කන්ද ';[3] කුර්දි: ගියරෙ මීරාසන් හෝ ෂිරාබ්‍රීෂ්කෙ, 'ප්‍රාර්ථනා කන්ද'[4]) යනු, ඉහළ මෙසපොටේමියාවෙහි (අල්-ජසීරා) එනම් වර්තමාන තුර්කියෙහි නවශිලා පුරාවිද්‍යාත්මක අඩවියකි. 9500 ක්‍රිපූයු පමණ සිට අවම වශයෙන් 8000 ක්‍රිපූයු දක්වා,[5] පූර්ව-කුඹල් කර්මාන්ත නවශිලා යුගයෙහිදී මෙම ජනාවාසයෙහි මිනිසුන් වාසය කලහ. මෙය ප්‍රසිද්ධ වන්නේ – ලෝකයෙහි පැරණිතම ඥාත මහා ශිලා අතරවූ – අතිමහත් ශිලාමය ස්තම්භයන් සහිතව එහිවූ විශාල වෘත්තාකාර ව්‍යුහයන් නිසාය. මෙම ස්තම්භයන්ගෙන් බොහෝමයක් මානවත්වාරෝපිත විස්තර, වස්ත්‍රාභරණ, සහ වන සතුන්ගේ මූර්තිමය නෙරීම් වෙතින් අලංකෘත කොට තිබූ අතර, එමගින් ප්‍රාග් ඓතිහාසික ආගම සහ එම කාලසීමාවෙහි සුවිශේෂ මුර්ති විද්‍යාව පිළිබඳව පුරාවිද්‍යාඥයින්ට විරල විදසුන් විදහා දැක්විණි. 15 m (50 ft) පමණ උස සහ, 8 ha (20-acre) පමණ භූමිප්‍රමාණයක පැතිර පවතින මෙම ගොඩැල්ල මත පුරාතන ගෘහාශ්‍රිත ව්‍යුහයන්[6] සහ අනෙකුත් කුඩා ගොඩනැගිලි, ගල්වලවල්, සහ නවශිලා යුගයෙහිදී ගලෙන් නෙළූ ජල කුණ්ඩ මෙන්ම, පසුකාලීන කාලසීමාවන්හී ක්‍රියාකාරකම් සබැඳි යම් ලාඤ්ඡනයන්ද ආකීර්ණ ලෙසින් පැතිර ඇත.
නිරිතදිග ආසියානු නවශිලා යුගය ඇරඹීමත් සමගම මෙම අඩවිය මුලින්ම භාවිතා වී ඇති අතර, ලෝකයෙහි කවරතැනක හෝ පැරණිතම ස්ථීර මානව ජනාවාස දෘශ්‍යමානවීම මෙයින් සනිටුහන් විය.
සටහන්
[සංස්කරණය]- ^ a b ක්ලෙයාර් 2020.
- ^ Forvo Pronunciation Dictionary.
- ^ සිම්මෙස් 2010.
- ^ කොසෙන් 2019.
- ^ බෘෘවෙර් & කින්සෙල් 2022, p. 471.
- ^ ෂූනිකේ 2019, p. 214.