ගුරුත්වජ ත්‍වරණ‍ය

විකිපීඩියා වෙතින්
(ගුරුත්වජ ත්වරණ‍ය වෙතින් යළි-යොමු කරන ලදි)

ලක්ෂීය ස්කන්ධයක් මත වෙනත් ලක්ෂීය ස්කන්ධයක් මගින් යෙදෙන F බලයක් නිසා හටගන්නා ත්වරණය a1 යැයි සිතමු. නිවුටන්ගේ දෙවන නියමයට අනුව F = m1a1 වන අතර ඒ අනුව a = F/m1 , F හි අගය ඉහත සමීකරණවල ආදේශයෙන්,

එසේම

ගුරුත්වජ ත්වරණය (පොදුවේ ත්වරණය ද) මනිනු ලබන SI ඒකක ( සම්මත ඒකක) (m/s2 or ms-2) “තත්පර වර්ගයට මීටර්” වන අතර තත්පර වර්ගයට අඩි ගැල සහ ජී යන ඒකක මැනීමට යොදාගන්නා SI ඒකක නොවන ඒකක අතර වේ.

m1 වන ස්කන්ධයක් මත m2 වන ස්කන්ධයක් මගින් යොදනු ලබන ගුරුත්වජ බලයට සමාන බලයක් m1 ස්කන්ධය විසින් m2 ස්කන්ධය මතද යොදනු ලබයි. එමනිසා පහත සමීකරණයේ ආකාරයට එක් ස්කන්ධයක් අනෙක් ස්කන්ධයට සාපේක්ෂව ගුරුත්වජ ත්වරණයකට ලක්වේ.



m2 හා සාපේක්ෂව m1 නොසැලකිය හැකි තරම් කුඩා අගයක් ගන්නා විට ගුරුත්වජ ත්වරණයේ අගය ආසන්න වශයෙන් එකම නියත අගයක් වේ. (එබැවින් කුඩා ස්කන්ධ සඳහා ගුරුත්වජ ත්වරණය ආසන්න වශයෙන් එකම අගයක් ගනී). නමුත් m1 ස්කන්ධය විශාල ස්කන්ධයකන් නම් ගුරුත්ජ ත්වරණය ලබාගැනීමේ දී m1 හා m2 ස්කන්ධ දෙකම සැලකිය යුතුවේ. උදාහරණයක් වශයෙන් යම් ග්‍රහකයක් මතුපිට යම් දුරකින් නිකුත් කරන කුඩා ගල් හෝ පාෂාණ කැබලි එම ග්‍රහවස්තුවේ වැදී විනාශ වන තෙක්ම එය දෙසට ත්වරණය වෙමින් එකම මාර්ගයක ගමන් කරන නමුත් ග්‍රහකයේ ස්කන්ධයට සාපේක්ෂව සැලකිය යුතු හෝ ඊට විශාල වස්තුවක් පෙර සදහන් කළ ස්ථානයෙන්ම නිකුත් කළ හොත් ග්‍රහකය වස්තුව දෙසට ත්වරණය වී පළමු අවස්ථාවට වඩා ඉක්මණින් වස්තූන් එකිනෙක ගැටීම සිදු වේ.

ඇතැම් අවස්ථාවල ස්කන්ධ දෙකක් ආරම්භයේ දී එකිනෙකට සාපේක්ෂව යම් ප්‍රවේගයක් දැරීම හේතුවෙන් ‍ඒවා අතර ඇතිවන අන්‍යෝන්‍ය ත්වරණය නිසා ඒවා එකිනෙක ගැටීම සිදු නොවේ. එවන් විට එම ස්කන්ධවල චලිත පථයන් වඩාත් සංකීර්ණ වේ. කැටපෝලයක් විදිනු ලබන ගලක් ආකාරයට ගුරුත්ව ක්‍රියාකාරීත්වය නිසා ස්කන්ධ එකිනෙකින් වෙන්වීම සහ ස්කන්ධයක ගුරුත්ව කේන්ද්‍රය වටා තවත් ස්කන්ධයක් ඉලිප්සීය කක්ෂයක ගමන් කිරීම ආදිය මෙවැනි සංකීර්ණ ගමන් මාර්ගවලට උදාහරණ කිහිපයකි. මෙම ගමන් මාර්ග තීරණය කිරීමේ දී ස්කන්ධයන් දෙකක් සහභාගි වන විට සංඛේත ක්‍රමය ද යොදා ගත හැකි අතර ස්කන්ධ තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නම් සාමාන්‍යයෙන් ගණිතමය ක්‍රමය ද භාවිතා කළ යුතුය.

පෘථිවි පෘෂ්ටයට ආසන්නයේ සිට යම් වස්තුවක් නිදහසේ වැටෙන අවස්ථාවක් වැනි r හි වෙනස් වීම සාපේක්ෂව කුඩා වන අවස්ථාවක් සඳහා ගුරුත්වජ ත්වරණය නියතයක් ලෙස සැලකිය හැක. (Earth's Gravity) ග්‍රහලෝක වැනි විශාල වස්තූන්ගේ විශාලත්වය නිසා ඒවා හරහා 'r' හි සැලකිය යුතු ප්‍රමාණයකින් විචලනය වේ. මේ හේතුව නිසා ප්‍රභල උදම් බල හටගත හැක. උදාහරණයක් වශයෙන් පෘථිවියේ එක් පසක් අනෙක් පසට වඩා කිලෝමීටර 6,350 චන්ද්‍රයාට ළංව පවතී. චන්ද්‍රයා හා පෘථිවිය අතර මධ්‍යන්‍ය දුර වන කි.මී. 385,000ක් හා සසඳන කළ ඉහත කී වෙනස කුඩා වුවත් මෙම වෙනස පෘථිවියේ දෙපස ඇති සාගර මත චන්ද්‍රයා මගින් යෙදෙන ගුරුත්වජ ත්වරණය සුළු ව‍ශයෙන් වෙනස් වීමට හේතු වේ. මෙම ගුරුත්වජ ත්වරණවල වෙනස හේතුවෙන් උදම් රළ හටගනී.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගුරුත්වජ_ත්‍වරණ‍ය&oldid=464971" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි