ගිවිසුම්

විකිපීඩියා වෙතින්

ගිවිසුමක් යනු පාර්ශව දෙකක් අතර පවතින, අන්‍යෝන්‍ය බන්ධනයන් සහිත, ලිඛිත මූලාවයව සහිත හෝ විරහිත, නිත්‍යානුකූලව බලාත්මක කල හැකි සම්මුතියකි. ගිවිසුම් වාචික වශයෙන් පිහිටුවා ගත හැකිද වන්නේය (ප්‍රවාචික ගිවිසුම්). ගිවිසුමක් කඩකිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිමය ප්‍රතිකර්මය වන්නේ "අලාභ" ගෙවීම හෝ මූල්‍ය වන්දි ගෙවීම වෙයි. යුක්ති සාධාරණව, අලාභය වන්නේ ගිවිසුම හෝ නිරෝධාඥාවක් හෝ විශේෂිතව ක්‍රියාත්මක වීමයි. මෙම ප්‍රතිකර්ම දෙකම විසින් අලාභ සිදුවූ පාර්ශවයට "හෙට්ටුවේ වාසිය" හෝ අපේක්ෂිත අලාභය ලබා දෙන අතර, ඒවා පොරොන්දු පරිබාධකයකදී ලැබෙන හුදු විශ්වාසී අලාභයට වඩා අධිකය.

ගිවිසුමක් සැදීම යනු[සංස්කරණය]

පොදු නීතියේ දී ගිවිසුමක් නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන අවශ්‍යතාවන් 5 ක් තිබිය යුතු වේ. පිරිනැමීම හා පිළිගැනීම colleen & auptaree), ප්‍රතිෂ්ඨාව නෛතික සබඳතා ඇති කර ගැනීමේ අදහස, සුදුසුකම, හැකියාව හා නියමයන් ය. ප්‍රතිෂ්ඨාව සිවිල් නීති ක්‍රමයේ දී නම් අත්‍යාවශ්‍ය අංගයක් නොවන නමුත් ගිවිසුම් වලදී ඇතිවිය හැකි වංචා වැළැක්වීම සඳහා පවතින නීති හා අනුකූලවීම අනිවාර්ය අංගයක් වේ.

19 වැනි සියවසේ මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ Calill vs srnlke Ball earpary නඩුවේ දී ගිවිසුමක් සැදුම පිළිබඳව ඉතාමත් වැදගත් තීන්දුවක් දුනි. වෛද්‍ය වෙළඳ සමාගම Senake ball company විසින් උණ රෝගය සඳහා නව ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඖෂධ වර්ගයක් පිළිබඳව වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය කරන ලදී. එම ‍‍‍‍‍ඖෂධය භාවිතයෙන් රෝගය සුව නොවුවහොත් එය මිලදී ගත් අයට පවුම් 100 ක මුදලක් ප්‍රදානය කරන බවක්ද ඉන් කියවිණ. මෙහිදී කාබොලින් සමාගමේ තර්කය වූයේ මෙම දැන්වීම වැදගත් එකක් ලෙස නොසැලකිය යුතුය යන්නයි. එහි කිසිම නීතිමය බැඳීමක් නැත. එය හුදු ආරාධනාවක් පමණි. නමුත් අභියාචනාධිකරණ තීන්දුව වුයේ සාධාරණ පුද්ගලයෙකුට හැ‍ඟෙන අකාරයට සමාගම විසින් බරපතල පොරොන්දුවක් පාරිභෝගිකයන්ට දී ඇත යන්නයි. මහජනතාවට ඉන් ප්‍රතිෂ්ඨාවක් ලබා දී ඇති අතර පැහැදිලි වශයෙන් ම මෙම නිෂ්පාදනය දෝෂ සහිත නිෂ්පාදනයක් බවත් එය භාවිතාකරන්නන් ඉන් අපහසුතාවයටත් පත් වී ඇත. එම නිසා මෙය පැහැදිලි පොරොන්දුවක් බවත් අත්වැරදීමකින් ඉදිරිපත් කරන ලද්දක් නොවේය යන්නත් අධිකරණ තීන්දුව විය.

The Carbolic Smoke Ball offer

ගිවිසුමකට අදාළ කොන්දේසි[සංස්කරණය]

ගිවිසුම් කොන්දේසි යනු ගිවිසුමේ කොටසක් වන ඕනෑම ප්‍රතිපාදනයක් වේ. කොන්දේසි වලින් ගිවිසුම් බන්ධන ඇති කරන අතර ඒවා බිඳීම නඩු පැවරීමකට හේතුවක් වේ. සෑම කොන්දේසියක්ම ප්‍රකාශිතව දන්වා නැති අතර සමහර කොන්දේසි ලඝු වන අතර, ඒවා ගිවිසුමේ අරමුණු හා පරිබාහිර ඒවා ලෙස සලකනු ලැබේ.

බොයිලර්ප්ලේට්(Boilerplate)

ටීනා එල් ස්ටැක් (Tina L stak) ගේ ‘Negotiating and drafting courted’ හි විස්තර කෙරෙන අන්දමට බොයිලප්ලේට්(Boilerplate) ප්‍රතිපාදන යනු නීතීඥවරුන් විසින් කොකවන් තෛලය ලෙස භාවිතා කරන ප්‍රතිපාදනයන් ය. නමුත් සමහර නීතිඥයින් මෙම යෙදුම පටු ආකාරයකට භාවිතා කරනු ලබන අතර සමහර ප්‍රතිපාදන ගිවිසුමේ අවසානයට දක්වා ඇත.

නියම වශයෙන් මෙම ප්‍රතිපාදන පාර්ශවකරුවන් අතර සබඳතාව හා ගිවිසුම හසුරුවන්නේ කෙසේ ද යන්න විස්තර කරනු ලබයි. මේවා ද්විතීකව වැදගත් වන ප්‍රතිපාදන ලෙස සලකනු ලැබුවත්, මේවායේ නෛතික ප්‍රතිවිපාක ඉතා වැදගත් වේ. පොදු ප්‍රතිපාදන වලට නීති හසුරවන ප්‍රතිපාදන, පැවරුම් හා අභියෝජන ප්‍රතිපාදන, ජුරි නඩු අත්හැරීමේ ප්‍රතිපාදන, දැන්වීම් ප්‍රතිපාදන මෙන්ම අනුපාතික බලපෑම් ප්‍රතිපාදන ද ඇතුලත් වේ.

කොන්දේසි වර්ග කිරීම

කොන්දේසි හෝ ප්‍රතිඥාව කොන්දේසි ගිවිසුමේ මුලය හා සම්බන්ධ වන අතර ඒවා බිඳීමෙන් ගිවිසුම අවලංගු වේ. අනෙක් පාර්ශවයට ගිවිසුමේ බැඳීම් වලින් ඉවත් වීමට ඉඩකඩ සලසාදෙයි. ප්‍රතිඥාව එතරම් වැදගත් නොවන අතර ඒවා බිඳීමෙන් ගිවිසුම අවලංගු නොවේ. කෙසේ නමුත් කොන්දේසි ‍හෝ ප්‍රතිඥාවන් බිඳීම හේතුවෙන් නිවැරදි පාර්ශවයට වන්දි ලබාගැනීමට අවස්ථාව සැලසේ.

කොන්දේසි ගිවිසුමක මුලය හා සම්බන්ධ වන්නේ ද, නැද්ද යන්න විෂයානු බද්ධ කරුණකි.

උදා: නිළියන් නාට්‍යමය නිෂ්පාදනයක පළමු දින රාත්‍රියේ දී රඟපෑමට එකඟවීම කො‍න්දේසියක් වෙයි. ගායකයකු විසින් සංගීත සන්දර්ශනයක පෙරපුහුණුවීම් සඳහා පළමු දින තුන තුළ සහභාගී වීමට එකඟ වීම ප්‍රතිඥාවකි. යෙදුමන් හෝ එම යෙදුමේ ස්වභාවය අනුව එය කො‍න්දේසියක් ‍හෝ ප්‍රතිඥාවක් වන්නේද යන්න නීතිය මඟින් ප්‍රකාශ වේ. උදා: භාණ්ඩ විකිණීමේ පනතේ 15 A වගන්තියේ නාමය, විස්තරය, තත්ත්වය හා සාම්පල (පනතේ සඳහන් පරිදි) කොන්දේසි ගණයට වැටේ.

අනාමික‍ කොන්දේසි

Hong kong Vs Kawasaki නඩුවේ දී විනිසුරු ඩිප්ලොක් (Diplock) සාමිවරයා විසින් අනාමික කොන්දේසි සංකල්පය ඉදිරිපත් කරන ලදී. ඒවා බිඳීම ගිවිසුමේ මුලික පරමාර්ථය ඉෂ්ට ‍නොවීම හා සම්බන්ධ ද, නැද්ද යන වග බිඳීම් ස්වභාවය මත රඳා පවතියි. මෙම කොන්දේසි බිඳීමද අන් කොන්දේසි මෙන් වන්දි ලබාගැනීමට අවස්ථාවක් සලසා දේ. එමඟින් ගිවිසුම අවලංගු වන්නේ ද? නැත්ද යන කාරණය තීරණය වන්නේ ගිවිසුම මඟින් නිවැරදි පාර්ශවයකට සලසා ඇති නෛතික වාසි ලැබේ ද? නොලැබේ ද? යන්න මතය. විනිසුරුවරයකුවන මගව් (Magaw) සාමිවරයා විසින් 1970 දී නෛතික ස්ථාවරත්වය මුල්කරගෙන කොන්දේසි හා ප්‍රතිඥා වර්ග ඉදිරිපත් කරන ලදී.

Reardon Smith Line Ltd. v Hansen-Tangen

ගිවිසුමක තුන්වන පාර්ශවය[සංස්කරණය]

පෙරවිතා වාදය මඟින්, ගිවිසුමක වාසි ගනුදෙනුවක් බලාත්මක කළ හැක්කේ එයට සම්බන්ධ පුද්ගලයන්ට පමණි. සාමාන්‍යයෙන් ගිවිසුමක් බිඳීමේදී ගිවිසුම් පාර්ශ්වයන්ට සිවිල් නඩු පවරයි. නමුත් පසුගිය වසර කිහිපයේදී පෙරවිතා නීතිය යම් ප්‍රමාණයකට විඛාදිත විය. එමෙන්ම තුන්වන පාර්ශ්වයේ අර්ථලාභීන්ට, ඔවුන් පක්ෂ නොවූ ගිවිසුමක් බිඳීයාමේදී, වන්දි ලබාද එමඟින් අනුමත කර ඇත. තුන්වන පාර්ශ්වයක් ගිවිසුමකට යටත්වන අවස්ථා දෙකක් ඇත. එනම් තුන්වන පාර්ශ්වය, ප්‍රභාවී පාර්ශ්වයකට ණය ගෙවීමට එකඟ වන බව සදහා කරන මානකය හා පොරොන්දු ලාභීයා විසින් (පොරොන්දු සම්පණ්‍යයට අදාලව) අර්ථලාභීන්ට අදාල අර්ථ ලාභ ලබා දෙන්නේ දැයි සොයා බැලීමයි. පාර්ශවයන් වෙත අනුමත විත්තිවච්යන් ඇත්නම් මූලික ගිවිසුම තුන්වන පාර්ශවයේ අර්ථලාභීන් වෙත දීර්ඝ කරයි.

එංගලන්තය මගින් 1999 ගිවිසුම් පනත හඳුන්වා දීම මෑත කාලීනව සිදුවු ඊට උචිත උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය.

ගිවිසුමක අවිනිශ්චිතබව, අසම්පූර්ණබව සහ විභේදනය[සංස්කරණය]

නීතියේ ඇසට අනුව ගිවිසුමක් අවිනිශ්චිත හෝ අසම්පූර්ණ නම් පාර්ශවයන් හට සම්මුතියකට එලඹීමට නොහැකි වේ.එමෙන්ම එවිට පාර්ශ්වයන් අතර එකඟවීමේ සම්මුතියකට එලඹීමේ නීතියට අනුව ගිවිසුමක් ඇතිකිරිමටද නොහැකිය. අගය සහ ආරක්ෂාව වැනි මූලික වාද පදවලට එකඟවීමට නොහැකිවීම නිසා සම්පූර්ණ ගිවිසුම අසාර්ථක වීමට පුළුවන. කෙසේ වුවද උසාවිය මඟින් වෙළෙඳ ගිවිසුම් වලට බලපෑමක් ඇතිකිරීමට තැත් කරයි. මේ සඳහා උසාවිය මඟින් ගිවිසුමකට සාධාරණ විග්‍රහයක් ඉදිරිපත් කරයි. එමෙන්ම උසාවිය පිටස්තර ප්‍රමිතීන්ද සලකනු ලබයි. මේවා එම ගිවිසුම්වල සවිස්තරව සඳහන්ව ඇත.එසේ සඳහන් වී නැතිනම් අදාල විෂයෙහි සාමාන්‍යයෙන් අඩංගු වන පරිදි සිදුවේ. මීට අමතරව උසාවිය මඟින් පදමාලාවක් අනුදේශනය කරයි. වටිනාකමක් පෙන්වා නැත්නම් උසාවිය මඟින් සාධාරණ සහ අනන්‍ය අගයක් නියම කරයි. මෙය ඉඩමට සහ පාවිච්චි කළ භාණ්ඩවලට එකඟ නොවේ. ගිවිසුමක විභේධීය අන්තර්වාක්‍යයක් අඩංගු වේ නම්, ගිවිසුමේ අඩංගු විකෘත, අවිනිශ්චිත හා අසම්පූර්ණ අන්තර්වාක්‍යයන් කපා ඉවත් කල හැක. අන්තර්වාක්‍ය විභේද්‍ය දැයි බැලීමට කරන පරීක්ෂණය "වාස්ථවික පරීක්ෂාව" නම් වේ. මෙහිදී සාධාරන පුද්ගලයෙකුට ගිවිසුමේ වලංගුතාව, අන්තර්වාක්‍ය නොමැතිව දෘශ්‍යමානවේ දැයි පරීක්ෂා කරයි.


ගිවිසුම්කර සිද්ධාන්තය[සංස්කරණය]

ගිවිසුම්කර සිද්ධාන්තය ගිවිසුම් නීතියේ ප්‍රධානතම නිතිමය සිද්ධාන්තය වන අතර එමඟින් ගිවිසුම් නීතියේ නියමයන් හා සංකල්පිත සැකයන් පිළිබඳව සාකච්ඡා කරයි.මෙහිදී නැගෙන වැදගත්ම ප්‍රශ්නය වන්නේ ගිවිසුම බලාත්මක කළ යුත්තේ ඇයි ද යන්නයි. මෙම ප්‍රශ්නයට වඩාත් පිළිගත හැකි පිළිතුරු ලෙස දිය හැක්කේ, ඉන් ලැබෙන ආර්ථික වාසි හා පොරොන්දු බලාත්මක කිරීමයි. මෙම සිද්ධාන්තික විවාදයේ තවත් පැතිකඩක් වන්නේ ගිවිසුමෙහි බැඳීම් නීතිය හා පවතින පුළුල් සබඳතාවයි. බැඳීමක් සාම්ප්‍රදායිකව ගිවිසුම් දෙකකට බෙදා වෙන්කර ඇති අතර එකක් ස්වේච්ඡාවෙන් ම වගකීම බාරගන්නා අතර එය එක් පුද්ගලයෙකු‍ට හෝ කීපදෙනකුට සීමා වේ. සිවිල් වැරදි (fort) නීතිය මඟින් පනවනු ලැබූ අයිතිවාසිකම් වැරදිසහගත ලෙස කඩකිරීම් වලින් ආරක්ෂා කිරීම පදනම් කර ගනිමින් වන අතර එහිදී බහුතරයකට වගකිව යුතු වේ.

මෑතකදී ප්‍රතිෂ්ඨාපන බැඳීම් ලෙස තුන්වන ආකාරයක බැඳීම් ආකාරයක් හඳුනා ගන්න ලැබූ අතර එය අසාධාරණ ධනාරෝපනය මත පදනම් වේ. (වග උත්තරකරු පැමිණිළිකරුගේ වියදමින්) සාමාන්‍යයෙන් ගිවිසුමක වගකීම වන්නේ ගිවිසුම මඟින් බලාපොරොත්තු වන කාර්යයන් හොඳින් ඉෂ්ට කිරීමට නොහැකිවීම ය. නමුත් සිවිල් වැරදිවල ක්‍රියාවෙන් (පැහැර හැරීම නොව) තත්ත්වය නරක අතට හැරීම සහ අසාධාරණ ලෙස පැමිණිළිකරුගේ මූල්‍යමය ලාභය ගැනීම හෝ ලබා නොදී සිටීම පදනම් වේ. ඒ සඳහා වගකීම වන්නේ ඒවා ප්‍රතිස්ථාපනයයි.

එක්සත් ජනපද නීතියට අනුව ගිවිසුමක් යනු පාර්ශවයන්ගේ එකඟත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ පූර්ණ නීතිමය බැඳීමයි. නමුත් පොරොන්දුවක් ඉටු කිරීම තුලින් නෛතික යුතුකමක් ඇති කිරීම සඳහා අනිවාර්යයෙන්ම කල යුත්තේ කුමන ආකාරයේ ක්‍රියාවන් දැයි දක්වා නොමැත. අයිතිවාසිකම්වල පැවත්ම, වරප්‍රසාද හා පොරොන්දුවකින් පැවරූ බලය නීතිය විසින් හඳුනා ගන්නා අවස්ථා පොදු නීතියේ විස්තර කර ඇත.

ගිවිසුම් ඉදිරිපත් කිරීම සහ පිළිගැනීම[සංස්කරණය]

කොන්ත්‍රාත්තුවක ඉතා වැදගත් ලක්ෂණය නම් මෙම ගිවිසුම් එක් පාර්ශවයක් විසින්, පිළි ගන්නා අනෙක් පාර්ශවය උදෙසා කේවල් කිරීම පිණිස ඉදිරිපත් කෙරෙන්නකි. මෙය පාර්ශවයන් දෙකක 'අභිප්‍රායන්ගේ සමගාමීත්වය' නැතහොත් 'අදහස් එකතු වීමක්' ලෙස හැඳින්විය හැකිය. මේ සඳහා දෙපාර්ශවයම එක් අභිප්‍රායක සිටින වගට එකඟත්වය පල කරන සාක්ෂි තිබිය යුතු වීම අනිවාර්ය වේ. මෙහිදී අභිප්‍රාය ලෙස හැඳින්වෙනුයේ යමෙක් සාධාරණ නිරවද්‍ය දෘෂ්ඨිකෝණයෙන් උපස්ථිතික වශයෙන් ඉදිරිපත් කිරීමක් හෝ පිළි ගැනීමක් ප්‍රමාණවත් බවයි.

කාර්ලිල් එදිරිව කාබොලික් ස්මෝක් බෝල් සමාගම නඩු තීන්දුව 'ඒක පාර්ශවීය ගිවිසුමක්' සඳහා හොද උදාහරණයකි. එනම් බැඳී සිටීමක් බලපැවැත්විය හැක්කේ එහි දක්වා ඇති කොන්දේසියක අනුයංජනය එක් පාර්ශවයක් විසින් අනුමත කළහොත් පමණකි. එක්සත් ජනපදයේ පොදු නියමය නම් "සංශාය විතාර්කික අවස්ථාවකදී ඉදිරිපත් කිරීමක් යනු, අපර්ණලාභියා හට ඔහුගේ/ඇයගේ තෝරා ගැනීම මත ප්‍රාප්‍රේක්ශව ඉදිරිපත් වූ ඉල්ලීම ඉටු කිරීමට හෝ ක්‍රියාකාරීත්වය ප්‍රවාරණය කිරීමට ලබා දුන් ආරාධනාවක් වීමයි."

ඉදිරිපත්කිරීම සෑම විටම වාචිකව හෝ ලිඛිතව ප්‍රකාශ කිරීම අනිවාර්‍ය නොවේ. ව්‍යංගයෙන් ගිවිසුමක් යනු කොන්දේසි වචනයෙන් විස්තර නොකරන ලද එක් අවස්ථාවකි. ව්‍යංගයෙන් කොන්ත්‍රාත්තුවක පාර්ශවයන් එහි අඩංගු දෑ සදහා විශේෂයෙන්ම අධ්‍යයනය නොකර වූවද සම්මුතියකට පැමිණ සිටීමට ඉඩ ඇත. උදාහරණයක් වශයෙන් වෛද්‍ය පරීක්ෂාවක් සඳහා වෛද්‍ය වරයෙකු වෙත යන රොගියෙකු එම ලබාගත් සේවාව සඳහා වූ සාධාරණ මිලක් ගෙවීමට එකඟ වේ. යම් හෙයකින් ඔහු/ඇය එම ගෙවීම පැහැර හැරීම ගිවිසුම් කඩ කිරීමකි. ව්‍යංග ගිවිසුමක් අර්ධ ගිවිසුමක් වශයෙන්ද හැඳින්විය හැකිය. මක් නිසාද යත් එය කොන්ත්‍රාත්තුවක පාරිසිද්දියක් නොවේ. එනම් එවැනි අවස්ථාවලදි අධිකරණයට පිළියම් යෙදීමට හැකිය. උදාහරණයක් ලෙස පයිප්ප වැද්දුම්කරුවෙක් වතුර මලක් වැරදි තණකොල පිටියක සවි කළහොත්, නිවසේ හිමිකරු ඔහුගේ අසල්වාසියා නව වතුර මල් පද්ධතියක ලැබූ බව දැකීමෙන් දැන ගනී. එම දින උදයේ වැද්දුම්කරු විසින් වැරදීමකින් එය ඔහුගේ තණකොළ පිටියේ සවි කරනු දකී. නමුත් ඔහු ඒ ගැන කිසිවක් නොපවසා සිටියි, එසේම වැද්දුම්කරු බිල්පත ඔහු අතට පත් කළ විට එය ගෙවීම පැහැර හරියි. එම පුද්ගලයා ගෙවීම සඳහා බැඳී සිටීද? ඇත්ත වශයෙන්ම අධිකරණය හමුවේ ඔහු/ඇය වෑද්දුම්කරු විසින් අතපසුවීමකින් එය සවි කරන බව දැන සිටි බව ඔප්පු කළහොත් ඔහු/ඇය එම ගෙවීම සඳහහා බැඳී සිටී. එසේ ඔප්පු කළ නොහැකිනම් ඔහු ඒ සඳහා බැඳීමක් නොමැත. මෙවැනි හිමිකම් පෑමක් " සේවා ප්‍රමාණික" ලෙස හැඳින්වේ.

ගිවිසුම් ප්‍රතිෂ්ඨාව පරිබාධකය[සංස්කරණය]

ගොනුව:Scale of justice 2.svg.png
ගිවිසුම් ප්‍රතිෂ්ඨාව පරිබාධකය

ප්‍රතිෂ්ඨාව යනු පොදු නීතිය යටතේ ගිවිසුමක අන්තර්ගත වන එහෙත් විවාදයට බඳුන් වූ කාරණයකි. මෙහි මූලික අදහස නම් ගිවිසුමට අදාල පාර්ශවයන් විසින් කේවල් කිරීම සඳහා වටිනාකමක් ඇති යමක් ඉදිරිපත් කළ යුතු වීමයි. එම තත්ත්වය එක් පාර්ශවයකට වාසිදායක වීම හෝ හානිදායක විය හැකි ප්‍රතිෂ්ඨා රීතින් තුනක් මඟින් පාලනය වේ.


ප්‍රතිෂ්ඨාව


1. ප්‍රතිෂ්ඨාව සරිලන ප්‍රමාණයට විය යුතු අතර ප්‍රමාණවත් වීම අත්‍යාවශ්‍ය නොවේ. උදා: පැන්සයකට කාරයක් මිලදී ගැනිම සඳහා නෛතිකව බැඳීසිටින ගිවිසුමක් ඇතිකර ගත හැකිය. මෙහිදී ප්‍රතිෂ්ඨාව ප්‍රමාණවත් නොවීම අත්‍යාවශ්‍ය කාරණයක් නොවීම, එක් පාර්ශ්වයක ප්‍රතිෂ්ඨාවට අනෙක් පාර්ශ්වයේ ප්‍රතිෂ්ඨාව වඩා විශාල වශයෙන් වැඩි වීම එම ගිවිසුම අවලංගු වීමට බලපෑ හැකි හේතු වීමට ඉඩඇත. එවැනි ගිවිසුම් වංචාව, බලකිරීම හෝ අසමාන කේවල් කිරීමේ බලය හෝ මහජන ප්‍රතිපත්ති වලට පටහැනි වීම හෝ යනාදි හේතූන් නිසා අවලංගු කළ හැකිය. තවත් අවස්ථාවක දී සමපාර්ශ්වීය ගිවිසුම් පැවතිය හැකි අතර එහි දී එක් ගිවිසුමක් තවත් ගිවිසුමක් සඳහා ප්‍රතිෂ්ඨාවක් වේ. කෙසේ වෙතත් ප්‍රතිෂ්ඨාව අර්ථ විරහිත දෙයක් බවට පවතින විවේචන ඉතාමත් අල්පය.


2. ප්‍රතිෂ්ඨාව අතීත දෙයක් නොවිය යුතුය. Eastwoos Vs Kengon නඩුවේ දී තරුණියකගේ භාරකරු විසින්, ඇගේ අධ්‍යාපනය හා අනාගත දියුණුවටත්, විවාහය සඳහාත්, ණයක් ලබාගත් අතර විවාහයට පසුව ඇගේ ස්වාමිපුරුෂයා එම ණය ගෙවා දැමීමට එකඟ විය. අධිකරණ තීන්දුව වූයේ භාරකරුට එම පොරොන්දුව බලාත්මක කළ නොහැකි බවත් ඇගේ අධ්‍යාපනයට ණය ලබා ගැනීම අතීත ප්‍රතිෂ්ඨාවක් බවත් එය ඇගේ සැමියා ගෙවීමට පොරොන්දු වීමට පෙර සම්පූර්ණ වූ බවත් ය.


3. ප්‍රතිෂ්ඨාව පොරොන්දුව ලැබූ තැනැත්තාගෙන් විය යුතුය. A පුද්ගලයා විසින් C පුද්ගයාට B පුද්ගයා කළ සේවයට ගෙවීමට පොරොන්දු වීම එවැනි පොරොන්දු ලාභීන් කිහිපයන් සිටින වටයක දී ප්‍රතිෂ්ඨාව ඉන් එක් අයෙකුගෙන් පමණක් විය යුතුය.


සිවිල් නීති සම්ප්‍රදායේ දී නම් පොරොන්දු හුවමාරු කර ගැනීම හෝ ඒකමතිකව සිටීම හෝ වටිනා දේවල් හුවමාරු කරගැනීම හෝ වඩා නිවැරදි ක්‍රමයක් බව පිළිගැනේ.


ඔබ ම‍ට පොතක් දීමට පොරොන්දු වුවහොත් මම ඔබට කිසිවක් ආපසු නොදී එම ත්‍යාගය පිළිගන්නේ නම් මට ඒ පොත සඳහා නීතිමය අයිතිවාසිකමක් ඇති අතර ඔබ මට පොත ත්‍යාගයක් වශයෙන් දුන්නාය යන සිතුවිල්ලද මාහට වෙනස් කළ නොහැකිය.


පොදු නීති සම්ප්‍රදායේ පූර්ව ගිවිසුම් ගණුදෙනු වලදී කුල්බා සංකල්පය (Culpa) නමින් පරිබාධකය ප්‍රභේදයක් භාවිතයට ගැනීම මේ වනවිට ඉහළ යමින් පවතී. පරිබාධකය සාධාරණත්වය මත පදනම් වූ මතවාදයකි. එහි දී එක්පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට සහතික වන අතර එම පාර්ශවය එම සහතික වීම මත රඳාපැවතීමෙන් හානිදායක අවස්ථාවන් වලදී නෛතික බැඳීම ඇති කරයි. විශ්ලේෂණයන් ගණනාවක් පරිබාධකය වෙනුවට භාවිත කළ හැකි බවට ද යෝජනා කරයි. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවලට වඩා මෙම සංකල්පය ඉවත් කිරීමේ හැකියාව ඇත්තේ ව්‍යවස්ථාදායකයට ය.

ගිවිසුමක් නිශේධනය කිරීම[සංස්කරණය]

ගිවිසුමක් නිශේධ කරන ප්‍රධාන ක්‍රම 3ක් පවතී. ගිවිසුමක් ශූන්‍ය ( බල රහිත ) කිරීම, අත්හළ හැකි වීම හෝ බලාත්මක කළ නොහැකි වීම එම අවස්ථා 3 යි. බල රහිත කිරීම මගින් ගිවිසුම කිසිලෙසකින් භාවිතයට නොගත් ලෙස සැලකෙයි. අත්හැරීම මගින් දෙපාර්ශවයම ගිවිසුම තම තමාගේ සිතැඟි අනුව නොවන නිසා අත්හැරීම දක්වයි. බලාත්මක කළ නොහැකි වීම කිසිදු පාර්ශවයකට අධිකරණයට යාම මග අහුරුවාලයි. මන්ධාවදමනය යන්නෙන් ගිවිසුමක් හකුලා ගැනීම දක්වාලයි.


සාවද්‍ය නිරූපණය

සාවද්‍ය නිරූපණය යනු එකපාර්ශවයක් විසින් අනෙක් පාර්ශවය ගිවිසුමට ඈඳා ගැනීම සඳහා ඒ පිළිබඳව වැරදි අර්ථකථනයක් ලබා දී මුලා කරනු ලැබීමයි. උදාහරණයක් ලෙස යම් යම් අවස්ථාවලදී වෙළඳුන් විසින් භාන්ඩවල තත්ත්වය සහ ස්වභාවය පිළිබඳ ලබා දෙන වැරදි පොරොන්දු දැක්විය හැකිය. සාවද්‍ය නිරූපණයක් හඳුනාගත් අවස්ථාවකදී ඒ සඳහා වන්දි ලබා ගනීමට හෝ මන්ධාවදමනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ඇත.

ගිවිසුම් නීතියට අනුව සාවද්‍ය නිරූපණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. සිද්ධියක ප්‍රෝඩාව සහ ප්‍රේරිත ප්‍රෝඩාව යනු ඒවායි. සිදුවීමක ප්‍රෝඩාව මගින් ප්‍රධාන වශයෙන් අනෙක් පාර්ශවය ගිවිසුමට බැඳීමට යන වග දැන සිටියේද යන්න පිළිබඳව සලකා බලයි. එසේ නොදැන සිටියේ නම් එම ගිවිසුම බල රහිත එකකි.ප්‍රේරිත ප්‍රෝඩාවකදී අනෙක් පාර්ශවය ගිවිසුමට පෙළඹ වූ නිරූපණය පිළිබඳව සලකා බලයි. එය එම පාර්ශවය මගින් දැන සිටියේ නම් ගිවිසුම ප්‍රතික්ෂෙප කිරීමට තිබූ අවස්ථාවකදී ගිවිසුම අත් හල හැකිය.

ගෝර්ඩන් එදිරිව දුන් සෙලිකෝ තීන්දුවට අනුව සාවද්‍ය නිරූපණය කියනලද හෝ කරන ලද සියල්ල මතම සිදු නොවන නමුදු එය වචනයෙන් හෝ පැවැත්ම මගින්ද සිදු කළ හැකිය. පොදුවේ මතයක් ප්‍රකාශ කිරීම හෝ අභිප්‍රායක් දැක්වීම මේ යටතට නොවැටේ. නමුත් එක් පාර්ශ්වයක් විසින් ඒ සඳහා ඔහුගේ විශේෂ දැනුමට අය කරයි නම් එය සාවද්‍ය නිරූපණයකි.


අතපසුවීම

අතපසුවීමක් යනු පාර්ශවයක් හෝ පාර්ශව කීපයක් මගින් ලබා ගන්නා ලද වැරදි අවබෝධයකි. පොදු නීතිය මගින් ප්‍රධාන වශයෙන් වරද 3 ක් හඳුනාගෙන ඇත. ඒවා නම් ඒකපාර්ශවික වරද, අන්‍යෝන්‍ය වරද සහ පොදු වරදයි.

  • ඒකපාර්ශවික වරදක් යනු ගිවිසුමට අදාල එක් පාර්ශවයක් පමණක් එහි විෂය පථයට අනුකූලවූ වරදක් සිදු කළ අවස්ථාවකි. මෙවැනි අවස්ථාවකදී අධිකරණය විසින් වරද සිදු කළ පාර්ශවය එය දැනුවත්ව වංචනීය අදහසින් සිදු නොකරන ලද්දක් නම් එය පිළි ගනී.
  • අන්‍යෝන්‍ය වරදකදී ගිවිසුමේ දෙපාර්ශවයම වරද සිදු කර ඇත. ඔවුන් තම යම් කිසි අනෙකකට ගිවිසුන බව විශ්වාස කරයි. අධිකරණය මගින් සාමාන්‍යයෙන් නිරවද්‍ය හේතුවක් දැක හැකි නම් එය පිළිගනී. නමුත් මෙමගින් අහිතකර ලෙස බලපැවතුණු පාර්ශවය හට ගිවිසුම අත්හළ හැකිය.


  • පොදු වරද යනු දෙපාර්ශවයම එකම කරුණ පිළිබඳව වැරදි අවබෝධයකින් සිටීමයි. මෙය බෙල් එදිරිව ලිවර් සහෝදරයෝ සහ සමාගම තීන්දුව මගින් දක්වාලනු ලබයි.

උත්තර්ජනය සඳහා අයථා බලපෑම් සිදුකිරීම

උත්තර්ජනය යනු "පුද්ගලයෙකුට යම් කිසිවක් ඔහුගේ හෝ ඇයගේ සිතැඟිවලට හෝ තීන්දුවට හෝ එරෙහිව සිදු කිරීම සඳහා සිදු කරන හානිකර බලපෑම" ලෙස හඳුන්වා ඇත. උදාහරණයක් ලෙස් බාර්ටන් එදිරිව ආම්ස්ට්‍රෝන්ග් තීන්දුව, එනම් ආම්ස්ට්‍රෝන්ග් විසින් බාර්ටන්ට මරනීය තර්ජන එල්ල කර ගිවිසුමට අත්සන් ගැනීම. අධිකරණය විසින් අයථා බලපෑම යටතේ ගිවිසුම නිශේධ කරන ලදී. මෙහිදී වැරදි නොකළ පාර්ශවයට ගිවිසුම නිශේධ කිරීම සඳහා ඔප්පු කළ යුත්තේ අනෙක් පාර්ශවය විසින් ගිවිසුමට එළඹීමට බලපෑමක් එල්ල කළ බව හා එනිසාම ගිවිසුමට බැඳුනු බව පමණි.

අයථා බලපෑම යනු යමෙකු විසින් තම තත්ත්වය නොහොත් තරාතිරම භාවිතා කොට අනෙක් පාර්ශවයකට බලපෑම් කිරීමයි. නමුත් නීතිය මගින් දෙමාපිය දූදරු නීතීඥ සේවාදායක වැනි සමහරක් විශේෂ සබඳතා මත සිදු කරන එවැනි බලපැවැත්වීම් අනුමත කර ඇත. මක් නිසාදයත් මෙහිදී එක් පාර්ශවයක් විසින් අනෙකාගේ සුභසිද්ධිය උදෙසා විශේෂ අවධානමක් ගන්න බැවිනි. නමුත් මෙවැනි සාධාරණ තත්ත්වයක් සාධනය කළ නොහැකි විට අධිකරණය මගින් එවැනි ගිවිසුම් අවලංගු කරයි. ඔඩොරිස්සි එදිරිව බ්ලූම්ෆීල්ඩ් පාසල් දිස්ත්‍රික්කය බලන්න.

සීමිතභාවය


සමහර අවස්ථාවලදී සාමාන්‍ය හෝ කෘත්‍රිම පුද්ගලයන්ගේ ගිවිසුම් බලාත්මක කිරීමේ හෝ එවැනි බලාත්මක කළ ගිවිසුම් තබා ගැනීමේ හැකියාව සීමිත වේ. එනම් ළදරුවෙකුට හෝ කුඩා ළමයෙකුට ඔවුන් සතු කේවල් කිරීමේ බලය භාවිත කළ නොහැකිය. එසේම විධායක නොවන අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ සමාගම වෙනුවෙන් ගිවිසුම්වලට එළඹීමෙන් වලක්වයි. මක් නිසාදයත් එය ඔවුන්ගේ බලතල වලින් එපිටව පවතින්නක් බැවිනි. තවත් උදාහරණයක් නම් අබාධිතව හෝ බීමත්කම නිසා විකෘති හෝ මන්ද මානසිකභාවයෙන් පෙළෙන්නන් දැක්විය හැකිය. එවැන්නන් හා බැඳුණු ගිවිසුම් හෝ පොරොන්දු ශුන්‍ය හෝ අත්හළ හැකි වේ. සීමිතභාවයට අදාල නීතිය පළිහක් ලෙස හෝ පුද්ගලයන්ව ඒජන්තවරුන් ලෙස ක්‍රියා කිරීමට ප්‍රතිභාධනයක් ලෙසද ක්‍රියා කරයි.

නීති විරෝධී ගිවිසුම්

යම් ගිවිසුමක් නීතිවිරෝධී ක්‍රියාවකට හෝ පොදු පිළිවෙතකට එරෙහිව පාදක වූවක් නම් එවා ශුන්‍ය ගිවිසුම් වේ. මේ සඳහා කැනේඩියානු උදාහරණයක් ඇත.එය නම් රාජකීය කැනේඩියානු බැංකුව එදිරිව නෙවිල්, කාන්තාවක් තම සැමියාගේ අත්සන අයථා ලෙස වංචනිකව යොදා බැංකුවෙන් $58000ක් වටිනා චෙක් පත් 40ක් මාරු කරගන්නා ලදී. නමුත් ඇයව අපරාධයෙන් බේරා ගැනීමට සැමියා විසින් බැංකුව මගින් නිර්මිත "එම චෙක් පත් සඳහා වූ සියලු වගකීම් සහ බැරකම් ඔහු සතුය" යනුවෙන් දැක්වෙන ලියවිල්ලකට අත්සන් තබන ලදී. නමුත් ගිවිසුම ක්‍රියාත්මක කළ නොහැකි වූ අතර අධිකරණය මගින් එය නිශේධ කරන ලදී. මක්නිසාදයත් එහි ප්‍රධාන අරමුණ වූයේ අපරාධයක් වසන් කිරීමයි. මෙනිසා බැංකුවට එම සැමියා විසින් ගෙවූ මුදල නැවත ගෙවීමට නියෝග කරන ලදී.

එක්සත් ජනපදයේ ක්‍රියාත්මක කළ නොහැකි ගිවිසුම් වන්නේ චර පුරුෂයෙකු හෝ රහස්‍ය ඒජන්තවරයෙකු ලෙස සේවයට බැඳුණු ගිවිසුම්ය. මක් නිසාද යත් අතිශය රහස්‍යභාවය ගිවිසුමේ කොන්දේසියක් වන බැවිනි. යම්හෙයකින් චරපුරුෂයා රජයට එරෙහිව වැටුප හෝ වරප්‍රසාද පිළිබඳව නඩු පවරයි නම් එය ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමකි. මෙනිසා එය මෙය පාදක කොටගෙන මෙන්ම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ පොදු සම්මුතීන් යටතේ බලාත්මක කළ නොහැකිය. අනෙක් මෙවැනි ගනයේ ගිවිසුම් නම් නියමිත අවම වැටුපට වඩා අඩුවෙන් සේවය කිරීමට එළඹෙන ගිවිසුම්ය. මෙහිදී සේවකයාගේ වන්දි ලබා ගැනීමේ අයිතිය ඔහුද වරදකට යටත්වීම නිසා අහෝසි වී යයි.


ගිවිසුම් කඩකිරීම් සඳහා පිළියම්[සංස්කරණය]

ගිවිසුම් කඩකිරීමක් යනු එය ගිවිසුමේ සඳහන් වූ පරිදි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමකි. ගිවිසුමක් කඩ වූ පසු එය අත්හැර නොදැමූ බව සලකා පිළියම් කළ හැකි ක්‍රම රැසක් පවතී. දර්ශීය වශයෙන් ගිවිසුම් කඩවීමකට යෙදිය හැකි පිළියම නම් මුදල්මය අලාභහානි ප්‍රදානය කිරීමයි. නමුත් යම් අනන්‍ය විෂයානුබද්ධ අවස්තාවක් සමග ගනුදෙනු කිරීමේදී විශේෂ කාර්‍යසාධනයක් නියෝග කළ හැකිය.

බොහෝ රාජ්‍යන්ට අනුව එක්සත් රාජධානියේ කිරුළ දරන්නා හට 1948 ට පෙර ගිවිසුම් කඩ කිරීම් වෙනුවෙන් දඩුවම් කිරීම කළ නොහැකි විය. නමුත් ගිවිසුම්කරුවන් එවන් අවස්ථාවලදී ගිවිසුම්වලට එළඹීමට අදිමදි කිරීමක් කළහැකිය. එසේම අයිතිවාසිකම් පෙත්සම් යටතේ වූ වන්දි ගෙවීම්ද ස්වදේශ කටයුතු භාර ලේකම්වරයා හෝ ඇටෝනි ජෙනරාල් විසින් හෝ පිටසන් කළ යුතු විය.ක්‍රව්න් ප්‍රොසීඩිං ඇක්ට් නම් 1947 කිරුළ දරන්නාද අනෙක් ඕනෑම අයෙකු මෙන් උසාවිය ඉදිරියේ ගිවිසුම් කඩවීම් සඳහා වන්දි ගෙවීමට මග විවර කරන ලදී.


අලාභහානි

ප්‍රධාන වශයෙන් අලාභහානි ආකාර හතරකි.

  • ගිවිසුම කඩවීම සිදු වූ පාර්ශවයට වන්දි ගෙවිමට සිදුවන අලාභ හානි. මෙම අලාභ හානි ප්‍රධාන වශයෙන් දෙකොටසකි, එනම් අලාභ හානි සහ ඍජු අලාභහානි වේ.
  • අවම මූල්‍යමය වටිනාකමක් සහිත නාමමාත්‍රික අලාභහානි
  • වරද සිදු කළ පාර්ශවයට දඬුවම් අත් කළ හකි දණ්ඩණීය අලාභහානි. මේව බොහෝ විට වංචාකරීව හැසිරුණු අවස්ථාවලදී භාවිතා වේ.
  • අනාගතයේදී එම වරදම සිදු කරන්නන් හට එය සිදු කිරීම අධෛර්‍ය කිරීම සඳහා යොදා ගන්නා නිදර්ශනීය අලාභ හානි.


වන්දි ගෙවිය යුතු අලාභහානි ප්‍රධානය කෙරෙනුයේ පාර්ශවයක් ගිවිසුම නිසිලෙස ක්‍රියාත්මක කිරීමට සමත්වී නම් ඔහු වඩා යහපත් තත්ත්වයට රැගෙන ඒම සඳහාය. මේ සඳහා ඔවුන් ගිවිසුම ක්‍රියාත්මක කළේ නම් ලැබීමට තිබූ ප්‍රතිලාභය පිළිබඳ නිෂ්චිත ඇඟයීමක සිටිම අනිවාර්‍ය වේ. තවද ගිවිසුම් කඩවීමක් සිදුවූ විට එම කඩකිරීම සිදු නොකළ පාර්ශවයට අලාභහානිය අවම කිරීමට හෝ එය ආවරණය කිරීමට අනෙක් පාර්ශවයට වගකීමක් ඇත්තේය. එසේ දූරදර්ශිතව හඳුනාගෙන අමතර අවදානමක් හෝ වියදමක් හෝ අමානුශිකත්වයක් නොමැතිව වළක්වාගත හැකිව තිබූ කඩකිරීම් සඳහා වන්දි අය කිරීමක් සිදු කළ නොහැකිය.

හාර්ඩ්ලි එදිරිව බැක්සන්ඩේල් තීන්දුවෙන් පොදු සහ ආනුභාවිත අලාභහානි සංස්ථාපිත කෙරිණි. පොදු අලාභහානි යනු ගිවිසුමක් කඩවීමකදී ස්වභාවිකව උපදින අලාභහානි වේ. ආණුභාවිත අලාභහානි යනු එසේ ගිවිසුම් කඩ වීමකදී සාමාන්‍යයෙන් ඇති නොවන නමුත්, ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී දෙපාර්ශවය විසින්ම එකඟ වූ අලාභහානි වේ. උදාහරණයක් වශයෙන් යම් පුද්ගලයෙකු ව්‍යාපාරික හමුවක් සඳහා යාමට කාරයක් කුලියට ගෙන එම හමුව සඳහා යාමට පැමිණි විට කාරය නොමති වුවහොත්, පොදු අලාභහානිය වනුයේ වෙනත් කාරයක් කුලියට ගැනීම සඳහා යන වියදමයි. නමුත් දෙපාර්ශවයම කාර්ය කුලියට ගැනීමේ සැබෑ හේතුව දන සිටි නිසා ආනුභාවිත අලාභහානිය වනුයේ එම ව්‍යාපාරික අවස්ථාව මගහැරීමෙන් වන පාඩුවයි. කෙසේ නමුත් මෙම පාඩුව වළක්වාගත හැකිව තිබූ පාඩුවකි. මක්නිසාදයත් කාරය එම ස්ථානයේ නොතිබීම එම පුද්ගලයාට වෙනත් කාරයක් කුලියට නොගැනීමට අයිතියක් නොදෙන බැවිනි.

ඔබ ගිවිසුමකින් බැඳී ඇති ඕනෑම අවස්ථාවක එය යමක් සම්පූර්ණ කිරීමට ඉල්ලා සිටී, සහ යමෙකු ඔබට එය ඔබගේ ව්‍යාපෘතිය ආරම්භ වීමට පෙර සම්පූර්ණ කිරීමට දන්වා සිටී නම්, මෙය පූර්වාපේක්ශිත ගිවිසුම් කඩ කිරීමක් ලෙස හැඳින්වේ. එසේම එය අනපේක්ෂිත හෝ ගෙවිය යුතු වන්දි මුදල නිෂ්චිතව ගණනය කළ නොහැකි අවස්ථා වලදී අධිකරණය විසින් හානි ඌ පාර්ශවය ගිවිසුමට එළඹීමට පෙර සිටි තත්ත්වයට පත් කිරීමට උවමනා තරම් වන්දි මුදලක් ගෙවීමට නියෝග කළ හැකිය.


නිශ්චිත කාර්ය සාධනය[සංස්කරණය]

එක්සත් ජනපදයේදී ගිවිසුමක් කඩවීම නිසා වන්දි ලැබීමට හෝ නිශ්චිත කාර්ය සාධනය ලබා ගැනීමට හානි වූ පාර්ශවය විසින් සිවිල් නඩුවක් පැවරිය යුතු වේ. යම් හෙයකින් ගිවිසුමෙහි සමථකරණ වගන්තියක්/ඡේදයක් ඇතුළත්ව තිබේ නම් පීඩාවට පත් වූ පාර්ශවය ගිවිසුමේ එකඟ ඌ වගන්ති ප්‍රකාරව සමථකරන වන්දියක් ඉදිරිපත් කළයුතු වේ.

බොහෝ ගිවිසුවලට එළඹීමෙන් පසුව ඇතිවන ආරවුල් අධිකරණයට යාම වෙනුවට සමථකරණයෙන් විසඳිය යුතු බවට දක්වා ඇත. සුරකුම්පත් තැරව්කරුවන් සහ වෙළෙන්දන්ට එරෙහිව ගනුදෙනුකරුවන්ගෙන් එල්ලවන වන්දි අය කරගැනීම් බොහෝවිට හෝ සම්පූර්ණයෙන්ම පාහේ සමථකරණයෙන් විසඳෙනු ලැබේ. මක්නිසාදයත් ඔවුන්ගේ NASD හෝ NYSE වැනි ස්ව-යාමක ආයතන සමග ඇති සාමාජිකත්ව වගන්ති හා කොන්දේසි වලට අනුව එම තැරව්කාර ගිවිසුම්වල සමතකරණ වගන්ති තිබීම අනිවාර්‍ය වේ. එසේම සමහර වන්දි අය කිරීම් ඒවායේ සාමන්‍ය පොදු පිළිගැනීම ඉක්මවා යන විට (උදාහරන ලෙස එක් පාර්ශවයක් නීති විරෝධී ක්‍රියාවක යෙදීම හේතුවෙන් ඇති වන අලාභහානි වලදී) සමතකරණ වගන්ති ඇතුළත් කළ නොහැකිය. සාමන්‍ය අධිකරණ තීන්දුවක් ආකාරයෙන්ම බලපවත්වනු ලබන බවයි. කෙසේ නමුදු වංචාවකට අදාළ නොමැතිනම් සමතකරණ තීන්දුවෙන් නිදහස් කරනු ලැබේ.

එංගලන්තයේ සහ වේල්සයේ, ගිවිසුමක් කඩකිරීම වැළැක්වීමට වන්දියක් බලපැවැත්විය හැකිය. එසේ නැතහොත් හදිසි අවස්ථාවකදී අතුරු තහනම් නියෝගයක් මගින් බලපැවැත්විය හැකිය. පීඩාවට පත් වූ පාර්ශවය ගිවිසුම කඩවීම සහ එහි අනිටු ඵලවිපාක සැලකිල්ලට ගෙන එවැනි කඩවීමකදී මූල්‍යමය වශයෙන් මිළ කළ නොහැකි නම් එය වැළැක්වීම සඳහා තහනම් නියෝගයකට අයදුම් කළ හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=ගිවිසුම්&oldid=482741" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි