ග්‍රාමීය දරිද්‍රතාවය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ග්‍රාමිය දරිද්‍රතාවය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

හැඳින්වීම[සංස්කරණය]

India poverty.jpg

ශ්‍රී ලංකාවේ දිළිදුකම මුලික වශයෙන්ම ග්‍රාමීය ගැටළුවක් බවට වර්තමානයේ දී පත් වී ඇත. ලංකාවේ සමස්ථ දිළිදු ඡනතාවගෙන් 90% කට වඩා සංකේන්ද්‍රණය වී ඇත්තේ ග්‍රාමීය හෝ වතු ප්‍රදේශවලය. ආර්ථික වශයෙන් යම් යම් ඉහල ශීර්ෂ වලට අප රට මෑත භාගයේ දී පැමිණියද ග්‍රාමීය අංශයේ දරිද්‍රතාවයට සාර්ථක විසඳුම් දීමට මෙතෙක් අවකාශයක්උදා කර ගෙන නැත. ඒ නිසාම ග්‍රාමීය දරිද්‍රතාවය මෙරටට විශාල ගැටළුවක් වී ඇති අතරම එය අවම කිරීම සඳහා රඡය විසින් ද යම් යම් ක්‍රියාමර්ග ගනිමින් පවති. මෙවන් තත්ත්වයක් තුල ග්‍රාමීය දරිද්‍රතාවයෙහි නොයෙකුත් අංග පිළිබඳව මෙම වාර්තාවෙන් සටහන් කිරීමට අපේක්ෂා කරයි. ඒ යටතේ ප්‍රධාන වශයෙන්ම ග්‍රාමීය දරිද්‍රතාවය යනු කුමක් දැයි හඳුනා ගන්්නා අතර එය විවිධ අංශ ඔස්සේවිග්‍රහ කිරීමට උත්සහ දරනු ලබයි. එසේම ග්‍රාමීය දරිද්‍රතාවයට බලපාන්නා වු හේතු, ග්‍රාමීය දරිද්‍රතාවයෙන්මිදීමේ විසඳුම්, එයට රඡයෙන් ගෙන ඇති විධි විධාන යෝඡනා ආදිය කෙරෙහි ද මේ යටතේ විශේෂයෙන්ම සාකචිඡා කිරීමට අපේක්ෂා කරනු ලබයි.මෙමගින් ග්‍රාමීය දරිද්‍රතාවයෙහි යම් යම් ලක්ෂණ හඳුනා ගැනීම සහ අප සමාඡයට එම විසඳුම් ඉදිරිපත් කිරීම හරහා ග්‍රාමීය සංවර්ධනයට යම් තරමක හෝ විවරණයක් ලබාදීමට අපේක්ෂා කරයි.

ග්‍රාමීය දරිද්‍රතාවය යනු[සංස්කරණය]

දරිද්‍රතාවය යනු සරල වශයෙන්ම දුප්පත්කම ලෙස දැක්විය හැකිය. රටක ග්‍රාමීය සමාඡ ක්‍රමයක් හා නාගරික සමාඡයක්ප්‍රධාන වශයෙන්ම පැවතිය හැකි අතර ලෝකයේ බොහෝ රටවල ග්‍රාමීය දරිද්‍රතාවය එනම් ග්‍රාමීයව දුප්පත්කම ඉහල මට්ටමක පවත්නා වු බව හඳුනා ගත හැකිය. උදාහරණයක් ලෙස ලංකාෙවි නාගරික ලෙස සලකන බස්නාහිර පළාතටවඩා දරිද්‍රතාවයක් ග්‍රාමීය ප්‍රදේශ වන ඌව පළාත තුල මොණරාගල සහ අම්පාර යන දිස්ත්‍රික්ක තුල දැකිය හැකි බව පෙනෙයි.මේ ආකාරයට දරිතාවය බොහෝ රටවලට තම සංවර්ධන ඉලක්ක කරා යෑම සඳහා විශාල බාධාවක් බවත් ඒ තුලරටක් මෙම දරිද්‍රතා ගැටළුවෙන් පීඩා විදින බවත් පෙනේ. ලෝකයේ ඇතැම් රටවල දරිද්‍රතාවය යන ගැටළුව උග්‍ර වීම තුල මිය යන පිරිසක් ද සිටියි. උදාහරණයක් ලෙස සොමාලියාව, ඉතියෝපියාව, සුඩානය ආදි රටවල්. කෙසේ නමුත් ග්‍රාමීය මට්ටමෙන් පමණක් නොව නාගරික මට්ටම තුල ද දරිද්‍රතාවය ඉහල මට්ටමක පවත්නා බවට සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. එයට ප්‍රධාන වශයෙන්ම උදාහරණ ලෙස නාගරිකව පවත්නා වු මුඩුක්කු, වෙරළ බඩ නිවාස, ගංඟා නිම්න වල ජන ජීවිතය ආදිය පෙන්වියහැකිය.නාගරික යන්නෙන් අර්ථ දක්වනු ලබන්නේ රටක වැඩි ජනගහනයක් ජීවත් වන, කර්මාන්ත විශාල ප්‍රමාණයක්ඒකරාශී වී තිඛෙන රටේ සංවර්ධනය සීඝ්‍රයෙන් සිදු වෙන්නා වු ප්‍රධාන නගරය ආශ්‍රිත පදේශයයි. මෙම ප්‍රදේශ ආශිතවසිදු වන ග්‍රාමීය සංක්‍රමණ බොහොමයකි. මෙහිදී සම්පත් ඒකරාශී වීම නාගරික සමාජය තුල සිදු වන බැවින් බොහෝ විට දරිද්‍රතාවය විශාල විය හැකියි. එම නිසාම ග්‍රාමීය දරිද්‍රතාවය ඉහල ගොස් ඇති අතර රජය මඟින් ග්‍රාමීය දරිද්‍රතා මට්ටමපහල දැමීම සඳහා උත්සාහ කර ගෙන යන බැවි පෙනේ. උදාහරණයක් ලෙස ලංකාෙවි පසුගිය දශක දෙක තුල ග්‍රාමීය රිද්‍රතාවය පහල මට්ටමකට ගෙන ඒම සඳහා රජය විසින් පියවර ගෙන ඇති බැවි පෙන්වා සිය හැක. මෙහිදී රජයවිසින්දරනු ලබන දැඩි ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස නාගරික දිළිදු බව සීඝ්‍රයෙන් අඩු වී ඇති නමුත් ග්‍රාමීය අංශයේ සහ වතු අංශයේ දිළිදු බව එලෙසම පවත්නා බැවි හදුනාගත හැකිය.මෙහි දී ලංකාව තුල 2002 වර්ෂයේ කර ඇති ගණනය අනුව ග්‍රාමීය අංශයේ දිළිදුකම24% ක් ලෙස නොවෙනස්ව පැවති ඇත. මේ තත්ත්වයේ වෙනසක් 2006 සහ 2007 වර්ෂවල සිදු වීඇතිනමුත් ග්‍රාමීය දරිද්‍රතාවය පසුගිය කාලය තුල උග්‍ර වෙමින් පවත්නා වු තත්ත්වය ගැන විමසා බැලීමේ දී 2006 සහ 2007 ප්‍රතිඵල දෙස බලා ඉක්මන් තීරණයකට එලඹීම උචිත නොවන බැවි පැහැදිලිය. එසේම ලාංකීයසමාජය තුල නාගරික නොවන එනම් ග්‍රාමීය නිවැසියන්ගෙන් සෑම හතරකටම එකේ සිට තුනට එක දක්වා ප්‍මාණයක් දරිද්‍රතා රේඛාවට වඩා පහලින් ජීවත් වීම අනතුරු අඟවයි.

මෙහි දි විශේෂයෙන්ම දිලිදු අය සංකේන්ද්‍රණය වි ඇතිආර්ථිකක්‍රියාකාරීත්වය ක්ෂේත්‍ර 6 ක් ඔස්සේ ප්‍රධානව දැක්විය හැක.

1. ඉඩම් නැති කෘෂිකාර්මික කම්කරුවන්. 2. පවුල් ශ්‍රමය යොදා ගනිමින් ආහාර භෝග වගා කරන සුූළු ඉඩම් හිමි ගැමියන්. 3. ධීවර හා සත්ව පාලන ක්ෂේත්‍රය. 4. බොහෝවිට ගෘහස්ථ කර්මාන්ත මට්ටමේ සුූළු පරිමාණ කර්මාන්ත වල නියුතූ වුවන්. 5. පෞද්ගලික සහ අනෙකූත් කටයුතු වල නියැලි සුළු වෙළදුන් සහ ස්වයං රැකියාවන්හි නියුතු වුවන් 6. පෙදරේරුවන් වඩුවන් වැනි පෞද්ගලික කටයුතු කරන ශිල්පීන්.


මේ ක්ෂේත්‍ර 6 දිහාම බැලීමේ දී මෙම අංශ 6 ම ග්‍රාමීයව එක්රැස් වී සිටින පිරිසකගේ එකතුවක් බැවි පැහැදිලි වෙයි.

එසේම ශ්‍රී ලංකාෙවි ශ්‍රම බලකායේ ප්‍රමුඛ සේවා යෝජකයා කෘෂිකර්ම අංශයයි. ග්‍රාමීය අංශයේ එහි දායකත්වය 41.8% කි. ඒ අනුව ග්‍රාමීය ජනතාව කෘෂි කර්මාන්තයට නැඹුරු වීමක් පෙන්වන අතර රටේ කම්කරු පිරිසෙන් 37.3% ක් කෘෂි කර්ම අංශයේ සේවයේ යෙදී සිටියි.ලංකාෙවි මිලියන 19 ක ජනගහනයෙන් යුත් රටක් වන අතර ඉන් 74% ක්ම සිය ජීවනෝපාය සලසා ගන්නේ ග්‍රාමීය දිස්ත්‍රික්ක වල ඉහත රැකියාවන්ගෙන.මෙහි දී භූමියෙන් 40% වැවිලි භෝග සඳහා ද ඉඩම් මිලියන 1.76% සළුු ඉඩම් වශයෙන් ද යොදා ගන.ී මෙහි දී ශ්‍රී ලංකාෙවි ජන සංඛ්‍යාවෙන් 72% ක් ඉඩම් වල වාසය කරන, කෘෂිකර්ම ක්ෂේත්‍රය තුල ලැඛෙන පුර්ණ කාලීන හා අර්ධ කාලීනවැඩ සහ ආශ්‍රිත රැකියාවන්, ග්‍රාමීය ජනතාවගෙන් අඩු වශයෙන් හතරෙන් තුනක්ම ප්‍රධාන ජීවනෝපාය ලෙස යොදා ගනියි. එම ප්‍රදේශ වල නාගරික ප්‍රදේශ වලට වඩා ඉහල දිලිදු බවක් පෙන්නුම් කරයි. දිලිදුකම ශ්‍රී ලංකාෙවි නුතන ආර්ථික ක්‍රමයට අලුත් ප්‍රපංචයක් ද නොෙවි. දිලිදුකම ඇති වී තිඛෙන්නේ නවීනත්වය සහ තාක්්ෂණික ප්‍රගතිය සොයා යාමේ දී හදිසියේම නොවෙි. 18 වැනි සහ 19 වැනි ශත වර්ෂ වල ලේඛකයින්ගේ ප්‍රමාණික වාර්තා වල දැක්වෙන්නේ පැරණි ශ්‍රී ලංකාෙවි ග්‍රාමීය ජීවිතයේ ඉතාම දුර බැහැර දිස්ත්‍රික්ක වල ග්‍රාමීය ජීවිතයේ මුලික ලක්ෂණය වුයේ නිදන්ගත දිළිදුකම බවය. උදාහරණයක් වශයෙන් ග්‍රාමීය ජනයා ආහාර ආහේනිය, පොදුෙවි අයහපත් සනීපාරක්ෂක පහසුකම් පසෙන්සහ ජලයෙන් ඇති වන රෝග සහ මිනිසා විසින් නිර්මිත මෙන්මස්වාභාවිකව ද ඇති වන ව්‍යසන වලින් නිරන්තරයෙන්ම පීඩා වින්දහ.මේ ආකාරයට ලංකාෙවි ග්‍රාමීය දරිද්‍රතාවය හදුනාගත හැකි වන අතර මීලඟට අප ග්‍රාමීය දරිද්‍රතාවයට හේතු විිමසා බලමු.

ග්‍රාමීය දරිද්‍රතාවයට හේතු[සංස්කරණය]

ග්‍රාමීය දරිද්‍රතාවයට හේතු කිහිපයක් හඳුනා ගත හැකිය. මෙහි දී සෘජුව දරිද්‍රතාවයට බලපෑම් කරන දෑ සහ වක්‍රව ග්‍රාමීය දරිද්‍රතාවයට බලපෑම් කරන හේතු ගණනාවක් දැක්විය හැකිය.මෙහි දී ලංකාෙවි දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය දරිද්‍රතාවයට සෘජුව බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස හඳුනා ගත හැකිය. මෙහි දි මෙම තත්ත්වය උතුරු නැගෙනහිර ජනතාවට කෙලින්ම බලපෑ අතර සංවර්ධන ක්‍රියාවලි ආරම්භ කිරීමට යොදවන මුදල් යුද්ධයට වැය කිරීමහා විදේශ ආයෝජකයන් ලංකාවට නොපැමිිණීම හරහා ව්‍යාපාර දියුණු නොවීම තුල ලංකාෙවි ග්‍රාමීය දරිද්‍රතාවය උග්‍ර වු බවටහඳුනා ගත හැකිය. එසේම ආබාධිතයන් රැක බලා ගැනීමට සිදු වීම, වැන්දඹුවන් ප්‍රමාණය ඉහල යෑම, අවතැන් වීමහා හවිහරණක් නැති වීීම, තුවාලකරුවන් උදෙසා විශාල මුදලක් වැය කිරීමට සිදුවීම ආයුධ සහ යුද්ධ කෙරෙහි විශාල මුදලක් වැය කිරීමට සිදුවීම, ග්‍රාමීය සංවර්ධනයට යොදන මුදල් ප්‍රමාණය අවම වීම, තරුණ ශ්‍රමය යුද්ධයට යෙදවීමටසිදුවීම, තරුණ ජනගහනය විශාල ලෙස මිය යාම මෙසේ මිය යන 99% පමණ ග්‍රාමීය තරුණ පිරිස් වීම, සුභ සාධන කටයුතු සඳහා අධික මුදලක් වැය වීම ආදිය නිිසා යුද්ධය කෙලින්ම ග්‍රාමීය දරිද්‍රතාවයට හේතුවක් බවට පත්ව ඇත. එය ග්‍රාමීය දරිද්‍රතාවය උග්‍ර විමට ද හේතු වී ඇත.

එසේම ග්‍රාමීය දිලිදු බව ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රශ්නයක් වීමට බලපාන හේතු තුනකි. පළමු වැන්න රටෙහි සම්පුර්ණ දුප්පතුන්ගෙන් 90% සමන්විත වන්නේ නාගරික නොවන දුප්පතුන්ගෙනි. විවිධ හේතුන් නිසාපද්ගලයන්ට බලපාන අතුරුු අන්තරා හේතුවෙන් මිනිසුන් අලුතින් දුප්පතුන් බවට පත්වීම නිසා ග්‍රාමීය දුප්පත්කම අතිශයීන්ම උච්චාවචනයට ලක් වේ. ග්‍රාමීය දුප්පතූනට විධිමත් ණය විවෘත නැත. ඔවුන්ට මුහුණ දීමට සිදුවන අතුරු අන්තරා වලට රක්ෂණ නැත.ග්‍රාමීය දුප්පත්කම පිලිබද දෙවැනි තත්ත්වය මෙයයි.


තුන්වැනි තත්ත්වය ග්‍රාමීය අංශයට විශේෂිත වු දරිද්‍රතා උගුලයි. මෙම උගුල නිසා ග්‍රාමිීය දුප්පත්කම දැඩිි ලෙස පැතිර යයි. එසේම එය සමනය කිරීමට ද අපහසු වි ඇත. ලංකාවේ පසුකාලීන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති සකස් කරඇත්තේ මුලිකව නාගරික නැඹුරවකින් වීම නිසා නාගරික දුප්පත්කම අඩුකිරීම පහසු වී ඇත. වෙළඳාම, කර්මාන්ත,රැකියා අවස්ථා පිලිබඳ නගරයට වාසියක් පැවතිය ද දරිද්‍රතා උගුල ක්‍රියාත්මක වීමෙන් ග්‍රාමීය ප්‍රදේශ හුදෙකලා කර ඇත.පුද්ගල මට්ටමට බලපාන දරිද්‍රතා උගුලඑසේම රාජ්‍ය නොවන සංවිධාන හා රාජ්‍ය හා අනෙකුත් අංශ වලින් ලැඛෙන සහනාධාර මත ග්‍රාමීය ජනතාව ඹ්නෑවට වඩායැපීමට පුරුදු වීම ද මෙම දරිද්‍රතාවය වක්‍ර ලෙස ඉහල යෑමට හේතුවක් වි ඇත. ජන සවිය, සමෘද්ධිය ආදිය ලබා දිම තුල සිය පැවැත්ම සඳහා ජනතාව ද්‍රව්‍යමය වශයෙන් සහ මානසික වශයෙන් බාහිර නියෝජිතයතන මත යැපෙන ප්‍රමාණයටපෞද්ගලික පෙළඹවීම හා ස්වෝත්සාහය වන අතර තරගකාරී වෙළඳ පොල රාමුවක් තුල වාසි ලබා ගැනීමට ඔවුන්සතු හැකියාව මොට වේ. මෙහි දී ජනතාවගේ දිගු කාලීන සංවර්ධනය අරමුණු කර නොගෙන කෙටි කාලීන දේශපාලන වාසි උදෙසා මෙලෙස සහනාධාර ලබාදීම තව තවත් ජනතාව දරිද්‍රතාවයටම තල්ලු කිරීමකි.අඩු සමාජ පිලිගැනීම ද වක්‍රාකාරව දරිද්‍රතාවයට බලපානු ලබයි. ඔවුන්ට අඩු සමාජ පිළිගැනීමක් සහිත රැකියා පමණක් උරුම වීම තුල ප්‍රධාන වශයෙන් අර්බුුදකාරී මානසික මට්ටම් වල සිටින ඔවුන් නිතර ගැටුම් වලින් යුතු පිරිසක් ලෙසට හංවඩු ගැසීම තුල ක්‍රියාත්මක වන අතුරු ප්‍රතිඵල මොවුන් තවත් දරිද්‍රතාවයට තල්ලු කරන හේතුවක් බවටත් වි ඇත . එසේම වතුකර ජනයාගේ දරිද්‍රතාවයට අයහපත් නිවාස හා සනීපාරක්ෂක තත්ත්ව, අඩු සෞඛ්‍ය අධ්‍යාපන තත්ත්ව, භාෂා දුෂ්කරතාවය, වත්තෙන් බැහැර අය සමඟ සම්බන්ධතා නොමැති වීම, හැදුනම්පත් හා උප්පැන්න නොමැති වීම, අලෙවි කල හැකි නිපුණතා නොමැති වීම ආදිය හේතු ලෙස දැක්විය හැකියඑසේම ග්‍රාමීය ජීවන රටාව තුල පවති යම් යම් තත්ත්ව ද දරිද්‍රතාවයට බලපායි. මෙහි දි මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම් කොල වල බලපෑම අධිකය. ලංකාවේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය 1989 සිට 2001 දක්වා ස්ථාවරව ඉහල ගොස් ඇත. ග්‍රාමිය අංශයේ මෙම මත්පැන් පරිභෝජනය ඉහල ගොස් ඇත. මේ තුල ගිලන් වුවන් හා මරණ සංඛ්‍යාව ද ඉහල ගොස් ඇත. මත්පැන් සම්බන්ධ වැරදි වලට දඩුවම් ලබා බන්ධනාගාර ගත කර සිටින පිරිස ද ඉහලය. මේ අය දිලිදු සමාජ පසුබිම් වල අයයි. මෙම මත්පැන් භාවිතය නිසා ගෘහස්ථ ආදායම අඩු වීම, මුලික අවශ්‍යතාව යන්නෙන් බැහැරව මුදල් වියදම් කිරිම, කම්කරුවන් ගොවින් වැඩට නොපැමිණීම, ඔවුන් අතර විනයක් නැතිවීම, ණයගැති බව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ලෙඩ රෝග, අසල්වාසීන් සමග දබර ඇති කර ගැනීම ආදිය දරිද්‍රතාවය ඉහල යාමට ග්‍රාමීය මට්ටම තුල මත්පැන් භාවිතය නිසා හේතු වී ඇත.

ග්‍රාමීය දරිද්‍රතාවයට විසදුම් හා යෝජනා[සංස්කරණය]

ග්‍රාමීය දරිද්‍රතාවයට පිටුදැකීම සඳහා විවිධ අංශ ඔස්සේ විවිධ යෝජනා හා විසදුම් ඉදිරිපත් කල හැක.දරිද්‍රතා උගුල ගැන සාකච්ඡාවේ දි දිලිදු ගැමියන්ට තම සංවර්ධන කටයුතූ හා තම ගැටලු වලින් ගොඩ ඒම සඳහා විධිමත් ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීම වැදගත් වේ. එසේම මොවුන්ට ශුද්ධ ඉතිරි කිරිමක් කර ප්‍රාග්ධන ආයෝජනයක් කිරිමට හැකි වන ආකාරයක් සකස් කිරීම ද වැදගත් වේ. ඔවුනගේ් ප්‍රාග්ධන වත්කම් වැඩි කල යුතුය. ඒ සදහා ගොවි ජන ව්‍යුහය හා වාරි මාර්ග ජාලයක් දියුණු කල යුතුය. ගොවිපලවල් නවිකරණය කල යුතුය. ආහාර පිලිසකර කිරිමේ ක්‍රම හදුන්වා දිය යුතුය. නමුත් ඉහත වෙනස්කම් ඉතාම මන්දගාමී ලෙස සිදුවන බැවින් ග්‍රාමීය දරිද්‍රතාවය නිදන් ගත තත්ත්වයට පත් වී තිෙබි.

එසේම නිදහස් වෙළද කලාපයට, මැදපෙරදිග රැකියා වලට යොමු වන තරුණ පිරිස් වෙනුවට ග්‍රාමීය සංවර්ධනයක් ලබා ගැනීම ජනතාව පුරුදු පුහුණු කල යුතුයි. ග්‍රාමීය දරිද්‍රතාවය අවම මටිටමකට ගෙන ඒමට ග්‍රාමීය ශ්‍රමයම යොදා ගත යූතූයි. එසේම ග්‍රාමීය ජනතාවට ඉහල අධ්‍යාපනයක ලබාදීමට උත්සහ කිරීම ද වැදගත් වේ.මෙහිදී වෘත්තීය පුහණු මට්ටමෙන් හෝ ඉහල හැකියාවන් ග්‍රාමීය අංශයට ලබාදීම වැදගත් වේ. මෙලෙස අධ්‍යාපනය දීමේ දී ඔවුන් තුලපවත්නා වු පහත් යැයි සම්මත රැකියා පිලිබඳ දෘෂ්ටිය වෙනස් කිරීමට අධ්‍යාපන ක්‍රමවේදය තුලින්ම කටයුතු කරන්නේ නම් එය ග්‍රාමීය දරිදුතාවයෙන්මිදීමට මගක් වනු ඇත. එසේම ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ද ඉහල මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරිම වැදගත් වේ. මන්ද පෝෂණතත්ත්ව අවම කොට සමබර ආහාර වේලක් ලබාදීම වැදගත් වේ. එසේ නොමැති වු විට ග්‍රාමීය දරුවන් ද ඔවුන්ගේ මව්පියන්ගේ් තත්ත්වයටම ඇද වැටෙනු ඇත.

එසේම ග්‍රාමීයව ජනතාව පාදක කර ගත් සංවර්ධනයක් මගින් දිලිදු බව පිටු දැකීමට කටයුතු කල යුතුය. එය දේශපාලනිකවුවමනා තෘප්ත කර ගැනීම අරමුණු කර නොගත යුතුය.දිලිදු ජනතාව අතර ව්ිරැකියාව අඩු කිරිම සඳහා පියවර ගැනීම වැදගත් වේ. නව රැකියා අවස්ථා ජනිත වන ආකාරයට කර්මාන්ත ආයතන ග්‍රාමීයව ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම වැදගත් වේ.ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද වැදගත් වේ. ඒ තුලින් ග්‍රාමීය දරිද්‍රතාවයට පිටුදැකීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගත හැක


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

1. ආර්ථික විමසුම 2000 නොවැම්බර්/ දෙසැම්බර් 2000 ඔක්තෝම්බර්් / නොවැම්බර් 2008 ජුනි /ජුලි 2003 ජනවාරි/ මාර්තු

2. විමුක්ති 2006 අගෝස්තු 3. ලාංකීය ආර්ථිකයේ ඉරණම හා ලෝක මුල්‍ය අර්බුදයරාජා වසන්ත 4 කෘෂි කාර්මික ආර්ථික විද්‍යා -සේනානායක එස්.එම්.පී

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රාමීය_දරිද්‍රතාවය&oldid=361931" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි