ග්රස්තීය අනිවාර්යතා අක්‍රමතාවය
| ග්රස්තීය අනිවාර්යතා අක්‍රමතාවය - OCD | |
|---|---|
| වෙනත් නම් | ග්රාස්තික-අනුත්සාහයිකතා අක්‍රමය, උමතු-බලකිරීම් ආබාධය, උමතු-සම්පීඩන ආබාධය |
| ග්රස්තීය අනිවාර්යතා අක්‍රමතාවය ඇති ඇතැම් පුද්ගලයන් නිතර හා අධික ලෙස අත් සෝදති. | |
| විශේෂඥතාව | මනෝ වෛද්‍ය විද්‍යාව |
| රෝග ලක්ෂණ | දේවල් නැවත නැවත පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් දැනීම; ඇතැම් අනිවාර්ය චර්යාවන් සිදු කිරීම; ඇතැම් ග්රස්තීය සිතුවිලි ඇතිවීම[1] |
| සාමාන්‍ය ආරම්භය | වයස අවුරුදු 35ට පෙර[1][2] |
| හේතූන් | නොදනී[1] |
| අවදානම් සාධක | ළමා අපයෝජනය, ආතතිය[2] |
| රෝග විනිශ්චය ක්‍රමය | රෝග ලක්ෂණ මත පදනම්ව[2] |
| වෙනත් විනිශ්චයන් | කාංසා අක්‍රමතාවය, ප්‍රධාන අවපීඩන අක්‍රමතාවය, ආහාර ගැනීමේ අක්‍රමතා, ග්රස්තීය අනිවාර්ය පෞරුෂ අක්‍රමතාවය (obsessive–compulsive personality disorder)[2] |
| ප්‍රතිකාර | උපදේශනය / මනෝචිකිත්සාව, SSRIs – මොළයේ serotonin මට්ටමට බලපාන විෂාදනාශක ඖෂධ, clomipramine[3][4] |
| සංඛ්‍යාතය | 2.3%[5] |
ග්රස්තීය අනිවාර්යතා අක්‍රමතාවය (Obsessive–compulsive disorder – OCD) යනු පුද්ගලයෙකුට ඇතැම් දේ නැවත නැවත සිදු කිරීමට අවශ්‍යතාවක් දැනෙන හෝ ඇතැම් සිතුවිලි නැවත නැවත ඇතිවන මානසික අක්‍රමතාවයකි. නැවත නැවත සිදු කිරීමට බල කරන ක්‍රියා, අනිවාර්යතා (compulsions) ලෙසත්, නැවත නැවත ඇතිවන අනවශ්‍ය සිතුවිලි, ග්රස්තීය සිතුවිලි (obsessions – තමන්ට අවශ්‍ය නොවුණත් නැවත නැවත මතුවන සිතුවිලි) ලෙසත් හැඳින්වේ.[1] පුද්ගලයාට මෙම සිතුවිලි හෝ ක්‍රියා තමන්ට පාලනය කර ගැනීමට හැකි වන්නේ කෙටි කාලයක් පමණි.[1] පොදු අනිවාර්යතා අතරට අත් සේදීම, දේවල් ගණන් කිරීම සහ දොරක් අගුළු දමා ඇත්දැයි තිබේදැයි නැවත නැවත පරීක්ෂා කිරීම ඇතුළත් වේ.[1] ඇතැම් පුද්ගලයන්ට දේවල් ඉවත දැමීමට හෝ අත්හැරීමට ද අපහසු විය හැක.[1] ඇතැම් පුද්ගලයන්ට දේවල් ඉවත දැමීමට හෝ අත්හැරීමට ද අපහසු විය හැක.[1][2] බොහෝ වැඩිහිටියන් තමන් සිදු කරන මෙම ක්‍රියා සාධාරණ නොවන බව හෝ අර්ථවත් නොවන බව අවබෝධ කර ගනී.[1] ග්රස්තීය අනිවාර්යතා අක්‍රමතාවය සමඟ ටික් අක්‍රමතා (tic disorders – කැමැත්තෙන් තොරව නැවත නැවත සිදුවන චලනයන් හෝ ශබ්ද) සහ කාංසා අක්‍රමතාවය සම්බන්ධ විය හැකි අතර, සියදිවි නසාගැනීමේ අවදානම ද ඉහළ විය හැක.[2][6]
ග්රස්තීය අනිවාර්යතා අක්‍රමතාවය ඇති වීමට නිශ්චිත හේතුව තවමත් හඳුනාගෙන නොමැත.[1] එයට ජානමය සංරචක යම් දායකත්වයක් ඇති බව පෙනී යයි. උදාහරණයක් ලෙස, සමාන නිවුන් දරුවන් දෙදෙනාටම ග්රස්තීය අනිවාර්යතා අක්‍රමතාවය ඇතිවීම, සමාන නොවන නිවුන් දරුවන් දෙදෙනාටම එය ඇතිවීමට වඩා බහුලව දක්නට ලැබේ.[2] අවදානම් සාධක අතරට ළමා අපයෝජන ඉතිහාසයක් හෝ වෙනත් ආතතිය ඇති කරන සිදුවීමක් ඇතුළත් වේ.[2] සමහර අවස්ථා ආසාදනවලින් පසුවද මෙම අක්‍රමතාවය ඇති වූ බව වාර්තා වී ඇත.[2] රෝග විනිශ්චය ප්‍රධාන වශයෙන් රෝග ලක්ෂණ මත සිදු කරන අතර, ඖෂධ හෝ වෙනත් වෛද්‍ය තත්ත්වයක් නිසා එවැනි රෝග ලක්ෂණ ඇති වී ඇත්දැයි පරීක්ෂා කර බැලීමද අවශ්‍ය වේ.[2] ග්රස්තීය අනිවාර්යතා අක්රමතාවයේ බරපතළකම තක්සේරු කිරීම සඳහා යේල්–බ්‍රවුන් උමතු සම්පීඩන පරිමාණය (Y-BOCS) වැනි ශ්‍රේණිගත කිරීමේ පරිමාණයන් භාවිතා කළ හැකිය.[7] සමාන රෝග ලක්ෂණ සහිත අනෙකුත් ආබාධ අතර කාංසා ආබාධය, සායනික විශාදය, ආහාර ගැනීමේ අක්‍රමිකතා, ටික් ආබාධ සහ ග්රස්තීය අනිවාර්ය පෞරුෂ අක්‍රමතාවය (obsessive–compulsive personality disorder) ඇතුළත් වේ.[2]
ප්‍රතිකාර සඳහා ප්රජානන චර්යා ප්‍රතිකාර ක්‍රමය (CBT) වැනි මනෝචිකිත්සාව සහ සමහර විට තෝරාගත් සෙරොටොනින් නැවත ලබා ගැනීමේ නිෂේධක (SSRIs) හෝ ක්ලෝමිප්රමයින් වැනි විෂාදනාශක ඇතුළත් වේ.[3][4] OCD සඳහා ලබා දෙන CBT ප්‍රතිකාරයේදී පුද්ගලයාට ගැටලුව ඇති කරන දේවල් හෝ තත්ත්වයන්ට ක්‍රමයෙන් මුහුණ දීමට අවස්ථාව ලබා දෙන අතර, ඒ සමඟ සාමාන්‍යයෙන් සිදු කරන නැවත නැවත හැසිරීම සිදු කිරීමෙන් වැළකී සිටීමට පුහුණු කරයි.[3] ක්ලෝමිප්රමයින් (Clomipramine) ඖෂධය SSRIs තරම්ම ඵලදායී බව පෙනී ගියද, එහි අතුරු ආබාධ වැඩි බැවින් සාමාන්‍යයෙන් දෙවන පෙළ ප්‍රතිකාරයක් (පළමු ප්‍රතිකාරය ප්‍රමාණවත් නොවන විට භාවිත කරන ප්‍රතිකාරයක්) ලෙස භාවිත කරයි.[3] සාම්ප්‍රදායික නොවන මනෝවිකාරනාශක ඖෂධ, ප්‍රතිකාරයට ප්‍රතිචාර නොදක්වන අවස්ථාවලදී SSRI ඖෂධයක් සමඟ අමතරව භාවිත කිරීමෙන් ප්‍රයෝජනවත් විය හැක. කෙසේ වෙතත්, මෙම ඖෂධ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම වැඩි කළ හැක. ප්‍රතිකාර නොලැබුණහොත්,[4][8] ප්‍රතිකාර නොමැතිව, මෙම තත්ත්වය බොහෝ විට දශක ගණනාවක් පවතී.[2]
ග්රස්තීය අනිවාර්යතා අක්‍රමතාවය පුද්ගලයන්ගේ ජීවිතයේ යම් අවස්ථාවකදී ආසන්න වශයෙන් 2.3%කට බලපායි.[5] ඕනෑම වසරකදී මෙම අක්‍රමතාවය ඇති පුද්ගලයන්ගේ ප්‍රතිශතය ආසන්න වශයෙන් 1.2%ක් වන අතර, එය ලොව පුරා දක්නට ලැබේ.[2] වයස අවුරුදු 35කට පසුව රෝග ලක්ෂණ ආරම්භ වීම සාමාන්‍යයෙන් දුර්ලභය. ග්රස්තීය අනිවාර්යතා අක්‍රමතාවය ඇති පුද්ගලයන්ගෙන් අඩක් පමණට වයස අවුරුදු 20ට පෙර මෙම ගැටලු ආරම්භ වේ.[1][2] පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම මෙම අක්‍රමතාවය ආසන්න වශයෙන් සමාන ප්‍රමාණයකින් බලපායි.[1] "obsessive-compulsive" යන යෙදුම ග්රස්තීය අනිවාර්යතා අක්රමතාවයට සම්බන්ධ නොවන සාමාන්‍ය කතාබහේදීද භාවිත වේ. එහිදී යම් පුද්ගලයෙකු අධික ලෙස පිළිවෙළට වැඩ කරන, පරිපූර්ණත්වයට (perfectionism) අධික ලෙස අවධානය යොමු කරන, යම් දෙයකට දැඩි ලෙස ඇලී සිටින හෝ වෙනත් ආකාරයකින් යම් දෙයක් පිළිබඳ අධික අවධානයක් දක්වන පුද්ගලයෙකු ලෙස විස්තර කිරීමට එම වචනය භාවිත කළ හැක. එවැනි සාමාන්‍ය භාවිතය තිබුණද, එය අනිවාර්යයෙන්ම ග්රස්තීය අනිවාර්යතා අක්‍රමතාවය (OCD) අදහස් නොකරයි.[9]
මූලාශ්‍ර
[සංස්කරණය]- 1 2 3 4 5 6 7 8 9 10 11 12 The National Institute of Mental Health (NIMH) (January 2016). "What is Obsessive-Compulsive Disorder (OCD)?". U.S. National Institutes of Health (NIH). 23 July 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 July 2016. සංරක්ෂිත පිටපත, http://www.nimh.nih.gov/health/topics/obsessive-compulsive-disorder-ocd/index.shtml, ප්‍රතිෂ්ඨාපනය 15 September 2026
- 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Diagnostic and statistical manual of mental disorders : DSM-5 (5 ed.). Washington: American Psychiatric Publishing. 2013. pp. 237–242. ISBN 978-0-89042-555-8.
- 1 2 3 4 Grant JE (14 August 2014). "Clinical practice: Obsessive-compulsive disorder". The New England Journal of Medicine. 371 (7): 646–53. doi:10.1056/NEJMcp1402176. PMID 25119610.
- 1 2 3 Veale, D; Miles, S; Smallcombe, N; Ghezai, H; Goldacre, B; Hodsoll, J (29 November 2014). "Atypical antipsychotic augmentation in SSRI treatment refractory obsessive-compulsive disorder: a systematic review and meta-analysis". BMC Psychiatry. 14: 317. doi:10.1186/s12888-014-0317-5. PMC 4262998. PMID 25432131.
- 1 2 Goodman, WK; Grice, DE; Lapidus, KA; Coffey, BJ (September 2014). "Obsessive-compulsive disorder". The Psychiatric Clinics of North America. 37 (3): 257–67. doi:10.1016/j.psc.2014.06.004. PMID 25150561.
- ↑ Angelakis, I; Gooding, P; Tarrier, N; Panagioti, M (25 March 2015). "Suicidality in obsessive compulsive disorder (OCD): A systematic review and meta-analysis". Clinical Psychology Review. 39. Oxford, England: Pergamon Press: 1–15. doi:10.1016/j.cpr.2015.03.002. PMID 25875222.
- ↑ Fenske JN, Schwenk TL (August 2009). "Obsessive compulsive disorder: diagnosis and management". American Family Physician. 80 (3): 239–45. PMID 19621834. 12 May 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සංරක්ෂිත පිටපත, http://www.aafp.org/afp/2009/0801/p239.html, ප්‍රතිෂ්ඨාපනය 15 September 2026
- ↑ Decloedt EH, Stein DJ (2010). "Current trends in drug treatment of obsessive-compulsive disorder". Neuropsychiatr Dis Treat. 6: 233–42. doi:10.2147/NDT.S3149. PMC 2877605. PMID 20520787.
- ↑ Bynum, W.F.; Porter, Roy; Shepherd, Michael (1985). "Obsessional Disorders: A Conceptual History. Terminological and Classificatory Issues.". The anatomy of madness: essays in the history of psychiatry. London: Routledge. pp. 166–187. ISBN 978-0-415-32382-6.