ගල්මඩුව රජ මහා විහාරය, අම්පාර

විකිපීඩියා වෙතින්
ගල්මඩුව රජ මහා විහාරය
විහාරීය දාගැබ සහ නටඹුන් ගල් කණු
මූලික තොරතුරු
පිහිටීමගල්මඩුව, හිඟුරාණ
භූගෝලීය ඛණ්ඩාංක07°15′44.9″N 81°41′20.5″E / 7.262472°N 81.689028°E / 7.262472; 81.689028ඛණ්ඩාංක: 07°15′44.9″N 81°41′20.5″E / 7.262472°N 81.689028°E / 7.262472; 81.689028
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයඅම්පාර
පළාතනැගෙනහිර පළාත
රටශ්‍රී ලංකාව
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (26 දෙසැම්බර් 2014)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ සිද්ධස්ථානය

ගල්මඩුව රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ගල්මඩුව පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වේ. එය හිඟුරාණ – අම්පාර මාර්ගයෙහි හිඟුරාණ නගරයේ සිට කිලෝමීටර 6ක් පමණ දුරින් පිහිටයි. විහාරය සද්ධාතිස්ස රජ (ක්‍රි.පූ.137-119) සමයේ ඉදිකරවන ලද්දක් බැව් විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2014 වර්ෂයේ ඔක්තෝම්බර් 10වන දිනදී රජයේ ගැසට් අංක 1895 යටතේ සිදුකොට තිබේ.[1]

විහාරය[සංස්කරණය]

අම්පාර කලාපය අවට ක්‍රියාවට නැංවූ, ගල්ඔය සංවර්ධන වැඩසටහනේ ආරම්භයත් සමග නටඹුන්ව ගිය ගල්මාඩුව පිහිටි විහාරය සොයා ගන්නා ලදී. පසුව නූතන විහාරස්ථානයක් ලෙස එම භූමියෙහි නැවතත් බෞද්ධ සිද්ධස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගැනුණු අතර මේ හේතුවෙන් වර්තමාන විහාරයෙහි දැකගත හැකි බොහොමයක් ගොඩනැගිලි මෑතකාලයට අයත් ඒවා වේ. නමුදු ගල් කණු, සදකඩපහණ කොටස්, කොරවක් ගල්, ඡත්‍ර ගල් හා පාදම් ආදී ඉපැරණි ඉදිකිරීම් තවමත් විහාර භූමි පරිශ්‍රයෙහි දැකගත හැකිවේ පුරාණ විහාරයට අයත් දාගැබ වර්තමානය වන විට සම්පූර්ණයෙන්ම පාහේ ගරාවැටී තිබේ[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ගැසට් 1895 26 දෙසැම්බර් 2014, පිටු අංකය: 1148.
  2. "හිඟුරාන ගල්මඩුව රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 31 අගෝස්තු 2017.

බාහිර සබැඳි[සංස්කරණය]