ගර්භණී සමයේදී ඇතිවන කැසීම
| ගර්භණී සමයේදී ඇතිවන කැසීම | |
|---|---|
| වෙනත් නම් | බෙස්නියර්ගේ ගර්භණී කාලයේ ප්රුරිගෝ රෝගය ;[1] ගර්භනී සමයේ මුල් අවධියේ ඇතිවන කැසීම;[2] ගර්භණීභාවයේ රේඛීය IgM ඩර්මැටෝසිස්;[2] ගර්භණී සමයේදී ඇතිවන පැපුලර් ඩර්මැටිටිස්;[2] ගර්භණී සමයේදී ඇතිවන ස්පැන්ග්ලර්ගේ පැපුලර් ඩර්මැටිටිස්[2] |
| ගොනුව:PMC4318058 IJD-60-28-g006.png | |
| 29-හැවිරිදි බහුගර්භිණී කාන්තාවකගේ ගර්භනී සමයේ මුල් අවධියේ ඇතිවන කැසීම | |
| විශේෂඥතාව | චර්ම රෝග විද්‍යාව, ප්‍රසව විද්‍යාව |
| රෝග ලක්ෂණ | කැසීම, අත්, කකුල් සහ කඳ මත කුඩා ගැටිති [3][4] |
| සාමාන්‍ය ආරම්භය | ගැබ්ගැනීමෙන් සති 20 සහ 34[5] |
| කාලය | ගැබ් ගැනීම අවසන් වී මාස 3ක් දක්වා[6] |
| හේතූන් | අපැහැදිලිය[7] |
| අවදානම් සාධක | දද ඇතිවීමේ පෙර ඉතිහාසය[6] |
| රෝග විනිශ්චය ක්‍රමය | වෙනත් විය හැකි හේතු බැහැර කිරීමෙන් පසු රෝග ලක්ෂණ සහ පරීක්ෂණය මත පදනම්ව[8][6] |
| වෙනත් විනිශ්චයන් | ගර්භණී සමයේදී ඇතිවන අභ්‍යන්තර කොලෙස්ටැසිස්, ස්කැබීස් රෝගය (පණු හොරි)[6] |
| ප්‍රතිකාර | ස්ටෙරොයිඩ් ක්‍රීම්, ප්‍රති අසාත්මිකතා ඖෂධ, බෙන්සොයිල් පෙරොක්සයිඩ්, UVB ආලෝකය[8][5][6] |
| සංඛ්‍යාතය | ගර්භනී කාන්තාවන් 300 න් 1 ක්[4] |
ගර්භණී සමයේදී ඇතිවන කැසීම යනු ගර්භණී සමයේදී ඇතිවන සමේ රෝගයක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අත්, කකුල් සහ ශරීරයේ කැසීම, කුඩා ගැටිති ඇති වේ.[3][4] මේවා කුඩා කණ්ඩායම් වශයෙන් මතුවන අතර සීරීමෙන් සම තුවාල වීම සිදු වේ.[4][6] රෝග ලක්ෂණ වල ආරම්භය සාමාන්‍යයෙන් ගැබ්ගැනීමේ සති 20 ත් 34 ත් අතර වේ.[5] එය දරුවාට අවදානම් ඇති නොකරයි.[4][5]
මේ රෝගය සඳහා නිශ්චිත හේතුව පැහැදිලි නැති නමුත්, එය පණුකැවිල්ලක්/දදයක් නිසා ඇති වන දැවිල්ලක් විය හැකිය.[7][5] දද පිළිබඳ පූර්ව ඉතිහාසයක් තිබීම අවදානම් සාධකයක් බවට විශ්වාස කෙරේ.[6] රෝග විනිශ්චය සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ සහ පරීක්ෂණය මත පදනම් වේ.[6] එය බැහැර කිරීමේ රෝග විනිශ්චයක් එනම් රෝගියෙකුගේ රෝග ලක්ෂණ සඳහා අනෙකුත් සියලු සාධාරණ, දන්නා හේතු බැහැර කිරීමෙන් වෛද්‍ය නිගමනයකට එළඹීමක් ලෙස සැලකේ.[8] එයට බෙස්නියර්ගේ ප්‍රුරිගෝ ගර්භණීභාවය ලෙස හඳුන්වන තත්වයන්, නර්ස්ගේ මුල් අවධියේ ඇතිවන කැසීම් තත්වය සහ ගර්භණී සමයේදී ඇතිවන ස්ප්ලැන්ග්ලර්ගේ පෝපලාර් ඩර්මැටෝසිස් යනාදී රෝග තත්ව ඇතුළත් වේ.[6] එය ගර්භණී සමයේදී ඇතිවන ඇටොපික් අසාත්මිකතා ප්‍රවණතා (AEP) වර්ගයක් වන අතර, ගර්භණී සමයේදී ඇතිවන දද සහ ගර්භණී සමයේදී ඇතිවන කැසීම සහිත රෝමකූපාශ්‍රිත ආසාදනය සමඟද ඇති වේ.[9]
ප්‍රතිකාරය සඳහා ස්ටෙරොයිඩ් ක්‍රීම් භාවිතා වේ.[5] ප්‍රති අසාත්මිකතා ඖෂධ ද උපකාරී විය හැක.[6] අනෙකුත් විකල්ප අතර බෙන්සොයිල් පෙරොක්සයිඩ් සහ UVB ආලෝකය ඇතුළත් විය හැකිය.[8] එම ප්‍රතිකාර වල ප්‍රතිඵල යහපත් වන අතර, ගැබ් ගැනීමෙන් මාස තුනක් ඇතුළත රෝග ලක්ෂණ පහව යයි; නමුත් අනාගත ගැබ්ගැනීම් වලදී එය නැවත ඇති විය හැක.[6] ගර්භණී සමයේදී ඇතිවන කැසීමේ රෝගය ගර්භනී කාන්තාවන් 300 න් 1 කට පමණ බලපායි.[4] එය ගර්භණීභාවය නිසා ඇතිවන කුෂ්ඨ වලින් 6% ක් පමණ නියෝජනය කරයි.[6] මෙම තත්ත්වය 1904 දී අර්නස්ට් හෙන්රි බෙස්නියර් විසින් නම් කරන ලදී.[6]
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ Ambros-Rudolph CM, Black MM, Vaughan Jones S (29 August 2008). "9. The Papular and Pruritic Dermatoses of Pregnancy". In Black MM, Ambros-Rudolph C, Edwards L, Lynch PJ (eds.). Obstetric and Gynecologic Dermatology E-Book. Elsevier Health Sciences. pp. 73–77. ISBN 978-0-7234-3445-0. 24 March 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 February 2022.
- 1 2 3 4 Rapini RP, Bolognia JL, Jorizzo JL (2007). Dermatology: 2-Volume Set. St. Louis: Mosby. ISBN 978-1-4160-2999-1.
- 1 2 Kurien, G; Badri, T (January 2023). "Dermatoses of Pregnancy". StatPearls. PMID 28613614. 30 June 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 December 2023.
- 1 2 3 4 5 6 Roth, MM (1 February 2011). "Pregnancy dermatoses: diagnosis, management, and controversies". American journal of clinical dermatology. 12 (1): 25–41. doi:10.2165/11532010-000000000-00000. PMID 21110524.
- 1 2 3 4 5 6 James, William D.; Elston, Dirk; Treat, James R.; Rosenbach, Misha A.; Neuhaus, Isaac (2020). "21. Chronic blistering dermatoses". Andrews' Diseases of the Skin: Clinical Dermatology (ඉංග්‍රීසි බසින්) (13th ed.). Edinburgh: Elsevier. p. 466. ISBN 978-0-323-54753-6. 2023-07-01 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-05-15.James, William D.; Elston, Dirk; Treat, James R.; Rosenbach, Misha A.; Neuhaus, Isaac (2020).
- 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Ingber A, Lebwohl M (18 December 2008). Obstetric Dermatology: A Practical Guide. Springer. pp. 151–. ISBN 978-3-540-88398-2. 24 March 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 May 2010.Ingber A, Lebwohl M (18 December 2008).
- 1 2 Sterry W, Paus R, Burgdorf WH (8 March 2006). Dermatology. Thieme. pp. 331–. ISBN 978-1-58890-258-0. 24 March 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 May 2010.
- 1 2 3 4 Horn TD (2003). Dermatology. Elsevier Health Sciences. pp. 454–. ISBN 978-0-323-02578-2. 24 March 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 May 2010.
- ↑ Stefaniak, AA; Pereira, MP; Zeidler, C; Ständer, S (March 2022). "Pruritus in Pregnancy". American journal of clinical dermatology. 23 (2): 231–246. doi:10.1007/s40257-021-00668-7. PMC 8860374. PMID 35191007.
සැකිල්ල:Pathology of pregnancy, childbirth and the puerperium