ගණශත්‍රැ
පෙනුම
| ගණශත්‍රැ | |
|---|---|
| අධ්‍යක්ෂණය | සත්‍යජිත් රායි |
| රචනය | හෙන්රික් ඉබ්සන් (නාට්‍යය) සත්‍යජිත් රායි |
| රංගන ශිල්පීන් | සෞමිත්‍ර චැටර්ජී රුමා ගුහා ඨාකූර්තා මමතා ශංකර් ධ්‍රිතිමාන් චැටර්ජී භීෂ්ම ගුහාඨාකූර්තා දීපංකර් දේ ශුභේන්දු චැටර්ජී මනෝජ් මිත්‍රා |
| සිනෙමාරූපණය | බරුණ් රාහා |
| සංස්කරණය | දුලාල් දත්තා |
| සංගීතය | සත්‍යජිත් රායි |
නිෂ්පාදන සමාගම | |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | 100 මිනිත්තු |
| රට | ඉන්දියාව |
| භාෂාව | බෙංගාලි |
ගණශත්‍රැ ( බෙංගාලි: গণশত্রু Gônoshotru ජනයාගේ සතුරා / ගණ සතුරා) යනු සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කරන ලද 1990 ඉන්දියානු චිත්‍රපටයකි. එය හෙන්රික් ඉබ්සන්ගේ 1882 දී රචිත ඇන් එනිමි ඔෆ් ද පීපල් නාට්‍යයේ අනුවර්තනයක් වන අතර එය එම නමින්ම එක්සත් රාජධානියේ නිකුත් කරන ලදී. මෙහි රංගනයෙන් දායක වන්නේ රායිගේ ප්‍රියතම නළු සෞමිත්‍ර චැටර්ජි සහ ධ්‍රිතිමාන් චැටර්ජී, ශුභේන්දු චැටර්ජී, මනෝජ් මිත්‍රා සහ රූමා ගුහාඨාකූර්තා වැනි ප්‍රවීණ නළුවන් ය. රායි මෙම නාට්‍යය ඉන්දියානු පසුබිමකට අනුවර්තනය කරයි: මෙහි නගරයේ බැතිමතුන් මෙන්ම සංචාරකයින් ද ආකර්ෂණය කරන දේවාලයක් වේ. සෞඛ්‍ය ගැටලුවක් සොයාගැනීමත් සමඟ, සෞමිත්‍ර චැටර්ජී විසින් රඟපාන වෛද්‍ය අශෝක් ගුප්තා ජනයාගේ අප්‍රසාදයට පත්වේ. 1989 කාන් චිත්‍රපට උළෙලේදී තරඟයෙන් බැහැරව චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලදී. [1]
ආශ්රිත
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- චිත්‍රපටය පිළිබඳ සත්‍යජිත් රේ
- UCSC පිටුව
- Ganashatru (Enemy of the People),গণশত্রু හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- ගණශත්‍රැ at the TCM Movie Database
- ↑ "Festival de Cannes: Ganashatru". festival-cannes.com. 3 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-08-03.