කෝණික ගම්‍යතාවය
පෙනුම
| කෝණික ගම්‍යතාවය | |
|---|---|
![]() භ්‍රමණය වෙද්දී විභ්‍රමේක්ෂය සෘජුව පවතින්නේ එහි කෝණික ගම්‍යතාවයෙහි සංස්ථිතිය නිසාය. | |
පොදු සංකේත | L |
| SI මූලික ඒකක}} අනුසාරයෙන් | kg⋅m2⋅s−1 |
| සංස්ථිත? | ඔව් |
වෙනත් රාශීන් වෙතින් ව්‍යුත්පන්න කිරීම් | L = Iω = r × p |
| මානය | |
කෝණික ගම්‍යතාවය (සමහරවිට ගම්‍යතාවයෙහි ඝූර්ණය හෝ භ්‍රමණ ගම්‍යතාවය ලෙසින්ද හැඳින්වෙයි) යනු, රේඛීය ගම්‍යතාවයෙහි භ්‍රමණ සාදෘශ්‍යය වෙයි. එය වැදගත් භෞතික රාශියක් වන්නේ එය සංස්ථිත රාශියක් වන බැවිනි – එනම් සංවෘත පද්ධතියක කෝණික ගම්‍යතාවයෙහි මුළු එකතුව නියතයක් වෙයි. කෝණික ගම්‍යතාවය සතුව දිශාවක් සහ විශාලත්වයක් යන පරාමිතීන් දෙකම ඇති අතර, එම පරාමිතීන් දෙකම සංස්ථිත රාශියන් වෙති.
