කොරල් බහුබාවාගේ ව්‍යුහ විද්‍යාව.

විකිපීඩියා වෙතින්

කොරල් බහුබාවාගේ ව්‍යුහ විද්‍යාව.


කොරල් පරවල තැනුම් ඒකක වන්නේ කැල්සියම් කාබනේට් වලින් තැණුනු පර ගොඩනගන සහ අනෙක් ජීවී පරම්පරාවන්ය. උදාහරණයක්ලෙස, කොරල් හිස වර්ධනය වීමේදී සෑම අළුත් බුහුබාවාටම සැකිලිමය ආකෘතියක් සාදයි.මුහුදු රළ, තණ උලාකන මසුන් (parrot මසුන්), මුහුදු ඉකිරි,ඉස්සන් සහ අනෙකුත් ශක්තීන් සහ ජීවීන් කොරල් සැකිළි කැබලි වලට කඩා දැමීමෙන් කොරල් පර සැකිල්ලේ අවකාශ සාදයි.කොරල් පර ප්‍රජාවේ අනෙකුත් බොහෝ ජීවීන්ද මේ ආකාරයටම ඔවුන්ගේ කැල්සියම් කාබනේට් සැකිල්ල දායක කරයි.කොරල් පර වල සිටින ඇල්ගී (zooxanthellate, සූත්‍රිකමය) වේගවත් රළ පහර ඇති ප්‍රදේශ වල කොරල් පරවල ව්‍යුහය සඳහා වැදගත් දායකත්වයක් ලබදෙයි.(විවෘතවූ මුහුදට මුහුණ දෙන කොරල් පර ප්‍රදේශ ) මෙම ඇල්ගී හුණුගල් තල අධාරයෙන් පරය මතුපිට තැම්පත් කරමින් කොරල් පර ගොඩනැංවීමට දායක වන අතර කොරල් පරයේ සම්පූර්ණ හැඩය සඳහාද දායක වේ.

පර ගොඩනගන හෙවත් hermatypic කොරල් හමුවන්ගේ ප්‍රකශ කළාපයේ (50m ට වඩා නොගැඹුරු ) එනම් ප්‍රභාසංස්ලෙෂණය වීමට තරම් ප්‍රමණවත් හිරු එළිය ලැබෙන ගැඹුරු මට්ටම තෙක් පමණී.කොරල් බහුවාවන් ප්‍රභාසංස්ලෙෂණය නොකලත්, ඒක සෛලික ඇල්ගාවක් වෙන zooxanthellate සමඟ සංකේතාත්මක සම්බන්ධතාවයක් පවතී.මෙම ඇල්ගී සෛල කොරල් බහුවාගේ පතක තුල ප්‍රභාසංස්ලෙෂණය කරමින් නිපදවන අමතර කාබනික පෝෂක කොරල් බුහුබාවන් විසින් ප්‍රයෝජනයට ගනු ලබයි.මේ සබැඳියාව නිසා වැඩි හිරු එළිය ප්‍රමණයක් ලැබෙන පැහැදිලි ජලයේදී කොරල් පර වේගයෙන් වැඩේ. මෙම සහජීවනය නොමැතිනම් කොරල් පර ඒවායේ චමත්කාර ජනක ව්‍යුහය තෙක් වර්ධණය වීම ඉතාමත් සෙමෙන් සිදුවනු ඇත. කොරල් ලිංගික හා අලිංගික යන ආකාර දෙකෙන්ම වර්ගයා බෝකරගනී.තනි බහුබාවකු සිය ජීවිත කාළය තුලදී මේ අකාර දෙකම උපයෝගීකරගෙන වර්ගයා බෝකර ගැනීමට හැකිය.කොරල් ලිංගිකව තම වර්ගයා බෝකිරීම අභ්‍යන්තර හෝ බාහිර සංසෙචනයෙන් සිදුකරයි. ප්‍රජනක සෛල උදර කුහරයේ රේඛාලෙස ඇති පටක ස්ථරයකින් ඇතුලට විහිදුනු මධ‍යාන්ත්‍රක පටල වල ඇත.ඇතැම් වැඩුනු වයස්ගත කොරල් ද්විලිංගික වේ.අනෙක් කොරල් වෙන්වෙන් වශයෙන් ස්ත්‍රීලිංග හෝ පුරුෂලිංගිකවේ. ඔවුන් වැඩෙන විට ඉතා සුළු ඒකාකාරී ලිංගික වෙනසක් දැකිය හැකිය.