කොමියස්

විකිපීඩියා වෙතින්

කොමියස් යනු, මුලින්ම ගෝල් දේශයෙහිද, ඉන්පසුව බ්‍රිතාන්‍යයෙහිද, ඇට්‍රබේට්ස් නම් බෙල්ජීය ජාතිය ක්‍රිපූ පළමුවන සියවසෙහිදී පාලනය කල ඓතිහාසික රජෙකු විය.

වින්චෙස්ටර් නිධානය (ක්‍රිපූ 50 පමණ). මෙම ආභරණ, ඇට්‍රිෙබ්ට්ස්හී කොමියස්ට බොහෝ විට සබැඳි, දක්ෂිණ බ්‍රිතාන්‍යය පාලනය කළ වර්ග නායකයෙකුට ප්‍රදානය කෙරුණු රාජ්‍යතාන්ත්‍රික ත්‍යාගයක් විය හැකිය.

,

සීසර්ගේ මිත්‍ර පාක්ෂිකයා[සංස්කරණය]

ක්‍රිපූ 57දී, ජුලියස් සීසර් විසින් ඇට්‍රබේට්ස් යටත්කරගැනුමෙන් පසුව, [1] ඔහුගේ කොමෙන්ටාරි ඩි බෙල්ලො ගාලිකෝ ප්‍රකාර, ඔහු විසින් ගෝත්‍රයෙහි රජු ලෙසින් කොමියස් පත් කෙරිණි. ක්‍රිපූ 55 දී බ්‍රිතාන්‍යය වෙත සීසර්ගේ පළමු ගවේෂණයට පෙර, සීසර්ට ප්‍රතිරෝධ සටන් නොකරන ලෙසට බ්‍රිටන්වරුන් කැමැති කරවා ගැනීමට සීසර්ගේ රාජ්‍යතාන්ත්‍රික තානාපතියෙකු ලෙසින් කොමියස් යැවුනේ, දිවයිනෙහි කිසියම් අධිකාරියක් තමන් වෙත ඇති බව සීසර් විශ්වාස කල හෙයිනි. [2] කෙසේවෙතත්, ඔහු සපැමිණි විගසින් අත්අඩංගුවට ගැනිණි. සීසර් ගොඩබැසීම වලක්වා ගැනුමට බ්‍රිටන්වරු අපොහොසත්වූ විට, ගනුදෙනු කතිකාවන්හී කොටසක් ලෙසින් කොමියස් බාර දෙන ලදි. [3] තවදුරටත් පැමිණි බ්‍රිතාන්‍ය ප්‍රහාර පරාජය කිරීමට, සහාය වනු ලෙස තම ගෝත්‍රයෙන් කුඩා අශ්වාරෝහක සෙබල කණ්ඩායමක් සැපයීමට කොමියස්හට හැකි විය. [4] බ්‍රිතාන්‍යය වෙත සීසර්ගේ දෙවන ගවේෂණය තුලදී, කොමියස් විසින්, බ්‍රිතාන්‍ය නායක කැසිවලෝනස්ගේ යටත්වීම පිළිබඳ කතිකාකොට මන්ත්‍රණය කරන ලදි.[5]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ජුලියස් සීසර්, කොමෙන්ටාරි ඩි බෙල්ලො ගාලිකෝ පොත 2
  2. සීසර්, ඩි බෙල්ලො ගාලිකෝ 4.21
  3. සීසර්, ඩි බෙල්ලො ගාලිකෝ 4.27
  4. සීසර්, ඩි බෙල්ලො ගාලිකෝ 4.35
  5. සීසර්, ඩි බෙල්ලො ගාලිකෝ 5.22
"https://si.wikipedia.org/w/index.php?title=කොමියස්&oldid=310315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි