කොඩිකාරගොඩ සුනීත හිමි

විකිපීඩියා වෙතින්

මේ රටට ඕන රොබෝවරු නෙමෙයි... ගුණධර්ම වලින් පොහොසත් දරු පිරිසක්‌.

==========================

පූජ්‍ය කොඩිකාරගොඩ සුනීත හිමි---

===========================

-------ඉරිදා දිවයින පුවත්පත-----

අප රටේ සිංහල ගීත කලාව පෝෂණය කිරීමෙහිලා අතීත සඟ පරපුරෙන් ලැබුණු දායකත්වය ඉමහත්ය.තොටගමුවේ ශ්‍රී රාහුල, ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද යන හිමිවරුන් අතින් ලියෑවුණු කාව්‍ය සංදේශ, කවි, ගී සංකල්පනා ඒ බව මොනවට පැහැදිලි කරයි. පරපුරෙන් පරපුරට පැවත එමින් කලාකෙත අස්‌වද්දන අතරතුර ජාත්‍යන්තර ගුවන්විදුලි සේවයක නිවේදක කටයුතු කරන ලොව ප්‍රථම නිවේදක භික්‍ෂූන් වහන්සේ වීමේ භාග්‍යලත් කොඩිකාරගොඩ සුනීත හිමියන් සමග කතාබහක නියෑළෙන්න අපට හැකිවුණා.

================

ඔබ වහන්සේගේ කුඩාකාලෙ තොරතුරු දැනගන්න අපි කැමතියි..

================

මම ඉපදුණේ 1982 වර්ෂයේ ජනවාරි 02දින මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ආසනේ මොරවක කොඩිකාරගොඩ කියන කුඩා ගමේ. අම්මා තේ දළු නෙලන්නියක් ලෙස කටයුතු කලා. තාත්තා පෙදරේරුවෙකු විදියට තමයි වැඩ කලේ. මගේ මුල්ම පාසල උනේ මාර/රඹුකන කොඩිකාරගොඩ කිණිටු විදුහල. මට අවුරුදු 12 දී ඒ කියන්නේ 1994 දී මම පැවිදි වුනා. පැවිදි වීමෙන් පසු මතුගම හොරවල ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනෙන් හා පාදුක්ක උඩුමුල්ල ශ්‍රි විමලජෝති පිරිවෙනෙන් මුලික දහම් අධ්‍යාපනය ලැබුවා. උසස් අධ්‍යාපනය සදහා ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙණට මා ඇතුලත් වුනා. පසුව ශ්‍රිලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යලයෙන් ප්‍රථම උපාධිය ලබා ගත්තා.

=================

ඔබ වහන්සේ නිවේදකයෙකුට වඩා ගීත රචකයෙකු ලෙස නේද බොහෝ දෙනා හඳුනන්නේ..

===================

2010 වර්ෂයේ පැවති ජාතික නිදහස් දින උළෙලේ තේමා ගීතය, දැයට කිරුළ තේමා ගිතය,පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තේමා ගීතය, පාදුක්ක වාර්ෂික ප්‍රාදේශීය කලා උලෙලේ තේමා ගීතය හා උඩගම කණිටු විදුහලේ පාසල් ගීතය මගේ අතින් ලියවුණු ඒවා.

දෙරණ ලිටිල් ස්ටාර් තරඟයෙන් ජය ලැබූ හිමාෂ මනුප්‍රිය දිසානායක, ඔෂානි සංදීපා, පසිඳු සචින්ත අාදී ළමා ගායක ගායිකාවන්ට කුළුඳුල් ළමා ගීතය ලියල දුන්නෙත් මම.

ඔබ වහන්සේ මාධ්‍ය ක්‍ෂේත්‍රයට එක්‌ වෙන්නේ කෙහොමද?

2001 වර්ෂයේ උසස්‌ පෙළ හදාරද්දී නුගේගොඩ සුභද්‍රරාම විද්‍යායතනය තුළ මාධ්‍ය ඒකකයක්‌ පිහිටුවලා මා එහි නිවේදක ලෙස කටයුතු කළා. උසස්‌ පෙළින් පසු ජනමාධ්‍ය ඩිප්ලෝමාව හැදැරුවා. 2004 වර්ෂයේදී මම ගුවන්විදුලි සංස්‌ථාවේ කටහඬ පරීක්‍ෂණයකටත් සහභාගි වුණා.

=============

එයින් ඔබ වහන්සේ සමත් වුණාද?

==============

ඔව්. එහි සිටි විනිසුරු මඬුල්ල කිව්වා කටහඬ නම් හොඳයි නිවේදකයෙක්‌ විදියට වැඩකරන්න පුළුවන් ඒත් සිවුර නිසා අවස්ථාව දෙන්න බෑ කියල කිව්ව.මේ අංශයට යොමුවෙද්දී මගේ ලොකු හාමුදුරුවොත් ඇහුව මේ දේවල් කරන්නෙ සිවුරු අරින්නද කියලා. ඒ අවස්‌ථාවේ මම නැහැ කිව්වත් උන්වහන්සේ ඒවා පිළිගත්තේ නෑ.

==============

එවැනි බලාපොරොත්තුවක්‌ ඇතිවුණාද?

==============

කොහෙත්ම නෑ. මට ඕන වුණේ මහණකමත් රැකගෙන නිවේදකයකු වෙන්න.

===============

මේ කටයුතු වැඩිදියුණු කරගත්තේ කෙසේද?

===============

පන්සල්වල තිබුණ විවිධ ආගමික උත්සව මෙහෙයවීමට මට අවස්‌ථාව ලැබුණා. විවේකයක්‌ ලැබුණු වෙලාවට කවි නිසඳැස්‌ ගීත රචනාවටත් පුවත්පත්වලට ලිපි ලිවීමටත් මා යොමුවුණා. ගුවන් විදුලියේ හඳමාමා වැඩසටහනට දිගටම සම්බන්ධ වුණා. ඒ කටයුතුවලදී ලැම්බට්‌ පෙම්මාවඩු, ජූඩ් අයිවන් මහත්වරු සුමනා ජයතිලක මහත්මියත් මට විශාල සහයෝගයක්‌ ලබාදුන්නා.

===================

පූර්ණ වශයෙන් නිවේදන කටයුතුවල නියෑළුණේ මොන කාලෙදිද?

===================

උපාධිය කරල අවසන් වුණාට පස්‌සේ මම ගුවන් විදුලි නාලිකා කිහිපයකටම අයදුම්පත් යොමුකළා. එහිදී රංගිරි දඹුලු ගුවන් විදුලියෙන් මාව තෝරා ගත්තා. සුළු කාලයක්‌ එහි සේවය කළත් පාදුක්‌කේ සිට දඹුල්ලට නිතර යන්න එන්න අපහසු නිසා එයින් ඉවත් වුණා. එතැනින් පසසේ මට බෞද්ධයා ගුවන් විදුලියේ වැඩකරන්න අවස්‌ථාව හිමිවුණා.

මා එහි වසර එකහමාරක පමණ කාලයක්‌ සේවය කළා. ඒ අතරතුර මම 2010 වසරේදී රාජ්‍ය සේවයට එක්‌ව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකයට සම්බන්ධව කටයුතු කළා. අද වන විට මම ගුරු වෘත්තියේ නියෑළෙනවා.

=================

ගුරුවරයකු ලෙස ඔබ වහන්සේගේ අද දවසේ කලාවට කරන සේවය සඳහන් කළොත්..

==================

මම සේවය කරන්නේ මොරටුව වේල්ස්‌ කුමරි විදුහලේ. එහිදී මම මට අදාළ බෞද්ධ ශිෂ්ටාචාරය සහ බුද්ධ ධර්මය යන විෂයන් දෙකට අමතරව දරුවන් කලාවට යොමු කිරීමට අවශ්‍ය මග පෙන්වීම කරනවා. මේ රටට අපි දායාද කරන්න ඕන රොබෝවරු නෙමෙයි ගුණධර්මවලින් පොහොසත් දරු පිරිසක්‌. ඒ නිසාම තමයි මම වැඩිපුර ළමා ගීත ලියල ඒ ගීත ඇතුළත් කරල හිඹුටු කැලේ කියන සී. ඩී. තැටිය නිකුත් කළෙත්.

=================

ඔබ වහන්සේගේ වෙනත් කලා කටයුතු ගැන සඳහන් කළොත්..

=================

2009 වසරේදී "අත්තම්මා" නමින් ළමා වේදිකා නාට්‍යයක්‌ රචනා කොට වේදිකා ගත කළා. "සිරි රජ සිරි" චිත්‍රපටයට රංගනයෙන් මෙන්ම හඬ කැවීමෙන් දායක වුණා. බෞද්ධයා නාලිකාවේ විකාශය වූ අභය දානය ඒකාංගික ටෙලි නාට්‍යයේ තේමා ගීතය රචනා කිරීම සහ රංගනයෙන් දායක වීමට අවස්‌ථාව ලැබීම මේ අතර විශේෂයි.

=================

අවසාන වශයෙන් ඔබ වහන්සේ ලොව ප්‍රථම නිවේදක භික්‍ෂුව වූ ආකාරය අපට පැහැදිලි කරන්න.

==================

මම විවිධ ගුවන් විදුලි නාලිකාවල සම්පත් දායකයකු ලෙස සමබන්ධ වෙමින් වැඩසටහන් ඉදිරිපත් කළ හිමිනමක්‌. ඒ අනුව චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ පොහෝ දින ආගමික වැඩසටහන් මෙහෙයවන්නා ලෙස කටයුතු කිරීමේ අවස්‌ථාව හිමි වීමත් සමග ප්‍රථම නිවේදක භික්‍ෂුව වීමේ අවස්‌ථාව මාහට හිමිවුණා.මේ අවස්ථාව උදා කර දුන් ප්‍රවීණ මාධ්‍යවේදී සීලරතන සෙනරත් ගුරු පියාණන් සහ මාධ්‍යවේදී කසුන් සමරවීර මල්ලිවත් සිහිපත් කරන්න ඕන.

=================

ඔබ වහන්සේ කලාවෙන් හම්බ කරනවද?

==================

ඔව් මං හම්බ කරනව යහපත් මිනිස්සු ඒ අය මිල කරන්න බෑ.මන් නිතරම උත්සාහ කරන්නේ සල්ලි හම්බ කරන්න නෙමෙයි.මට පුළුවන් උපරිමයෙන් ශාසනයට සහ මේ කලාව පෝෂණය කිරිම සඳහා කළ හැකි දේ කරන්න.ඒක මගේ අප්පච්චි මට කියල දීපු දෙයක්.මං ඒ ඉල්ලීම ඉටු කරනව.

ඔබ වහන්සේට මේ ගමන එන්න උදව් කරපු සිහි කරනවනම්..

කුඩා කාලයේ ඉඳලම මාධ්‍ය ජීවිතයට පන්නරයක් වූ සුමනා ජයතිලක නැන්දා සහ අස්ත්‍රික චන්ද්‍රසෝම අයියා (ගුවන් විදුලි සංස්ථාව) ඉන්දුමතී කොඩිතුවක්කු අක්කා (ලක් හඬ) සහ එඩ්වින් ආරියදාස ගුරුතුමා රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ සහ අපවත් වී වදාල විලගම ජිනරතන ලොකු හාමුදුරුවන්වත්,කිරිඇල්ලේ දේවානන්ද ගුරු හාමුදුරුවන්වත්, බණ්ඩාරකුඔුක්වැවේ ශාන්තිදේව ලොකු හාමුදුරුවන්වත් ආදරයෙන් සිහිපත් කරනවා.

විශේෂයෙන්ම ගුවන් විදුලියේ හඳමාමා වැඩසටහනෙන් ලබපු පන්නරය නිසා තමයි මාත් අද මෙතන ඉන්නේ. ඒ වගේම පුංචි කාලේ ඉදලම මා මේ තත්වයට එනතුරුම මා පිටු පසින් මට ශක්තියක් වු පිරිස බොහෝයි. එකවසරේ සිට මේ දක්වා ගුරු හරුකම් දීපු පැවිදි සහ ගිහි ගුරු දෙමාපියන් ආදරයෙන් පිහිපත්කළයුතුයි.මා කරන හැම දෙයක්ම ඒ හැමෝගෙම උත්සාහයක ප්‍රතිඵල.

------------------------

සටහන-ධම්මික හේවාවසම්

"https://si.wikipedia.org/w/index.php?title=කොඩිකාරගොඩ_සුනීත_හිමි&oldid=470200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි