කෙසෙල්
Jump to navigation
Jump to search
| කෙසෙල් | |
|---|---|
| කෙසෙල් ගෙඩි | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Plantae |
| (unranked): | Angiosperms |
| (unranked): | Monocots |
| (unranked): | Commelinids |
| ගෝත්‍රය: | Zingiberales |
| කුලය: | Musaceae |
| ගණය: | Musa |
තවද බලන්න[සංස්කරණය]
කෙසෙල් වගාව
උද්භිත විද්‍යාත්මක - මියුසා විශේෂ
කෙසෙල් ගසේ සම්භවය වී ඇත්තේ මලයාසියාව ආශ්‍රිත අග්නිදිග ආසියාවේය. කෙසෙල් ජනප්‍රිය පළතුරක් මෙන්ම එළවළුවකි. දැනට ලෝකයේ වගා කරන වැදගත්ම බෝගයක් වන වී, තිරිගු සහ බඩඉරිගුවලට පසුව හතරවන වැදගත්ම බෝගය වශයෙන් සැලකෙන්නේ කෙසෙල්ය. එසේම ලෝකයේ වගා කරන පළතුරු අතරින් දෙවැනි වන්නේ දොඩම්වලට පමණි.
ශ්‍රී ලංකාවේ වගාකර ඇති මුළු භූමි වපසරියෙන් 54% ක්ම ඇත්තේ කෙසෙල්ය. අප ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය තන්තුමය කොටස් මෙන්ම පොටෑසියම් වැනි ලවණ වලින්ද පොහොසත්ය. එබැවින් කෙසෙල් ආහාරයට ගැනීම කෙනෙකුගේ නීරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමට ඉවහල් වේ.