Jump to content

කෙබේහා

විකිපීඩියා වෙතින්

ට්!එබේහාව හෙවත් කෙබේහාව (ච්!ඕසා: [ᶢǃʱɛ̀ɓéːxà]; ඉංග්‍රීසි: Gqeberha /kɛˈbɛərxə/ keh-BAIR-khə) යනු දකුණු අප්‍රිකාවේ නැඟෙනහිරි කේප් පළාතෙහි වන ප්‍රධාන මුහුදු තොටක් මෙන් මැ ජනාකීර්ණතම පුරයකි. පෙරින් පෝට් එලිසබත් ලෙස හැඳින්වුණු ට්!එබේහාව කටවහරෙහි පී.ඊ. ලෙස හැඳින්වේ. එය වපසරියෙන් දකුණු අප්‍රිකාවේ දෙවන කුඩාතම මෙට්‍රොපොලිටන් මහ නගර සබය වන නෙල්සන් මැන්ඩෙලා බේ මෙට්‍රොපොලිටන් මහ නගර සභාවේ අසුනයි. එය දකුණු අප්‍රිකාවේ ස-වැනි ජනාකීර්ණතම පුරය වන අතර නැඟෙනහිරි කේප් හි සංස්කෘතික, ආර්ථික හා  මූල්‍ය මැදිතැන වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කෙබේහා&oldid=729288" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි