Jump to content

කෙටමින්

විකිපීඩියා වෙතින්
කෙටමින් (කෙටමයින්)
(S)-Ketamine ball-and-stick model
Systematic (IUPAC) name
(RS)-2-(2-Chlorophenyl)-2-(methylamino)cyclohexanone
Clinical data
AHFS/Drugs.com Monograph
Licence data US Daily Med:link
Pregnancy cat. B3 (AU) ? (US)
Legal status ?
Identifiers
ATC code ?
Chemical data
Formula ?

කෙටමින් (කෙටමයින්) යනු නිර්වින්දනය (අඥාන තත්ත්වයක් ඇති කිරීම) ආරම්භ කිරීම සහ පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන ඖෂධයකි . [1] එමඟින් වේදනාව අඩු කරමින්, රෝගියා සන්සුන් කර, සහ මතක ශක්තිය තාවකාලිකව නැතිවීමක් ලබා දෙන අතරම ට්‍රාන්ස් වැනි වෙනස් වූ සිහිකල්පනා තත්වයක් ඇති කරයි. [2] අනෙකුත් භාවිතයන් අතර දැඩි සත්කාර ප්‍රතිකාර ඒකකවල රෝගීන් සන්සුන් කිරීමට සහ වේදනාවට සහ මානසික අවපීඩනයට ප්‍රතිකාර කිරීමට ද භාවිතා වේ. [3] [4] [5] [6] [7] හෘද ක්‍රියාකාරිත්වය, හුස්ම ගැනීම සහ ශ්වසන මාර්ග ප්‍රතික්‍රියාවන්ට සාමාන්‍යයෙන් බලපාන්නේ නැත. [2] එන්නත් කිරීමෙන් පසු බලපෑම් සාමාන්‍යයෙන් මිනිත්තු පහක් ඇතුළත ආරම්භ වන අතර ආසන්න වශයෙන් මිනිත්තු 25 ක් පමණ පවතී. [1] [8]

ඖෂධයේ බලපෑම අඩුවන විට ඇතිවන පොදු අතුරු ආබාධ අතරට කලබල වීම, ව්‍යාකූලත්වය හෝ දෘෂ්ටිමායා (ඇදහිය නොහැකි දේ දැකීම හෝ ඇසීම) ඇතුළත් වේ. [1] [9] [10] රුධිර පීඩනය වැඩිවීම සහ මාංශ පේශි වෙව්ලීම ද සාපේක්ෂව සුලභ වේ. [1] [10] ස්වරාලයෙහි කැක්කුම කලාතුරකින් ඇති විය හැක. [1] කෙටමින් යනු NMDA ප්‍රතිග්‍රාහක ප්‍රතිවිරෝධකයක් (මොළයේ ඇති විශේෂ ග්‍රාහකයක් අවහිර කරන ඖෂධයක්) වුවද, එය වෙනත් ආකාරවලින් ද ක්‍රියා කළ හැකිය. [11]

කෙටමයින් 1962 දී සොයා ගන්නා ලද අතර, 1964 දී ප්‍රථම වරට මිනිසුන් යොදා ගෙන පරීක්ෂා කරන ලද අතර, 1970 දී එක්සත් ජනපදයේ භාවිතය සඳහා අනුමත කරන ලදී. [8] [12] වියට්නාම් යුද්ධයේදී එහි ආරක්ෂිත භාවය හේතුවෙන්, සැත්කම් වල නිර්වින්දනය සඳහා බහුලව භාවිතා විය. [12] එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ ඇතුළත් වේ. [13] එය සාමාන්‍ය ඖෂධයක් ලෙස ලබා ගත හැකිය. [1] සංවර්ධනය වෙමින් පවතින රටවල තොග මිල, කුප්පියකට ඇමරිකානු ඩොලර් 0.84 ත් 3.22 ත් අතර වේ. [14] කෙටමයින් වල ඇති දෘෂ්ටිමායා ජනනය කරන සහ විඝටන (ආශ‍්‍රය බාධක) බලපෑම් නිසා විනෝදාත්මක ඖෂධයක් ලෙසද භාවිතා කරයි. [15]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b c d e f "Ketamine Injection". Drugs.com. 10 December 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 December 2014.
  2. ^ a b Green SM, Roback MG, Kennedy RM, Krauss B (May 2011). "Clinical practice guideline for emergency department ketamine dissociative sedation: 2011 update". Annals of Emergency Medicine. 57 (5): 449–61. doi:10.1016/j.annemergmed.2010.11.030. PMID 21256625.
  3. ^ Zgaia AO, Irimie A, Sandesc D, Vlad C, Lisencu C, Rogobete A, Achimas-Cadariu P (2015). "The role of ketamine in the treatment of chronic cancer pain". Clujul Medical. 88 (4): 457–61. doi:10.15386/cjmed-500. PMC 4689236. PMID 26733743.
  4. ^ Zapantis A, Leung S (September 2005). "Tolerance and withdrawal issues with sedation". Critical Care Nursing Clinics of North America. 17 (3): 211–23. doi:10.1016/j.ccell.2005.04.011. PMID 16115529.
  5. ^ Zhang K, Hashimoto K (January 2019). "An update on ketamine and its two enantiomers as rapid-acting antidepressants". Expert Review of Neurotherapeutics. 19 (1): 83–92. doi:10.1080/14737175.2019.1554434. PMID 30513009.
  6. ^ Kraus C, Rabl U, Vanicek T, Carlberg L, Popovic A, Spies M, et al. (March 2017). "Administration of ketamine for unipolar and bipolar depression". International Journal of Psychiatry in Clinical Practice. 21 (1): 2–12. doi:10.1080/13651501.2016.1254802. PMID 28097909.
  7. ^ Ritter JM, Flower RJ, Hendersen G, Loke YK, MacEwan D, Rang HP (2018). Rang and Dale's Pharmacology (Ninth ed.). Elsevier. p. 560. ISBN 9780702074462.
  8. ^ a b "Ketamine – CESAR". Center for Substance Abuse Research. University of Maryland. 12 November 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 September 2014.
  9. ^ Strayer RJ, Nelson LS (November 2008). "Adverse events associated with ketamine for procedural sedation in adults". The American Journal of Emergency Medicine. 26 (9): 985–1028. doi:10.1016/j.ajem.2007.12.005. PMID 19091264. 8 September 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  10. ^ a b "Ketamine Side Effects". drugs.com. 10 December 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 December 2014.
  11. ^ Tyler MW, Yourish HB, Ionescu DF, Haggarty SJ (June 2017). "Classics in Chemical Neuroscience: Ketamine". ACS Chemical Neuroscience. 8 (6): 1122–1134. doi:10.1021/acschemneuro.7b00074. PMID 28418641.
  12. ^ a b Domino EF (September 2010). "Taming the ketamine tiger. 1965". Anesthesiology. 113 (3): 678–84. doi:10.1097/ALN.0b013e3181ed09a2. PMID 20693870. 28 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 9 August 2020.
  13. ^ World Health Organization (2019). World Health Organization model list of essential medicines: 21st list 2019. Geneva: World Health Organization. hdl:10665/325771. WHO/MVP/EMP/IAU/2019.06. License: CC BY-NC-SA 3.0 IGO.
  14. ^ "Ketamine". 23 August 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 January 2016.
  15. ^ Morgan CJ, Curran HV (January 2012). "Ketamine use: a review". Addiction. 107 (1): 27–38. doi:10.1111/j.1360-0443.2011.03576.x. PMID 21777321. 28 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 August 2020.
"https://si.wikipedia.org/w/index.php?title=කෙටමින්&oldid=744485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි