කුළු හෝරාව
කුළු හෝරාවක් හෙවත් කඩිනම් වේලාවක් (ඉංග්රීසි: peak hour හෝ rush hour) යනු මාර්ගවල රිය තදබදයත් පොදු ප්රවාහනයේ තදබදයත් දවසේ වැඩිම වන කොටසෙකි. සැමැනියෙන්, සතියේ දිනක මෙය උදාසනැ එක් වරකුත් සවසැ එක් වරකුත් විසින් දෙ වරෙකි. බොහෝ අය සරන වේලාවන් මේවා යි. බොහෝ අය නිවසට යාමට රැකියාවෙන් හෝ පාසලින් හෝ නික්මුම බොහෝ විට කුළු හෝරාවේ වඩාත් සුලබ අවස්ථාව යි. මේ පදය බොහෝ විට පැයක් ඉක්මැ පවතින කුළු තදබද සමයකට යෙදේ.
මෙම පදය ඉපුළුල් යැ. නමුත් බොහෝ විට වෙසෙසින් තැනැති සරවු (පුද්ගලික මෝටර් රථ) ප්රවාහන ගමනාගමනය සඳහා යෙදේ. මාර්ගයක බොහෝ දෙනෙක් නොමැති නමුත් විශාල සරවු ප්රමාණයක් තිබෙන විට, මෙන් මැ ප්රමාණය සැමැනි වුවත් වෙයට යම් සරසක් ඇති විට පවා යෙදේ. රිය ගමනාගමනයට සමාන ව, දත්ත පැකැට්ටු පමාවන් සහ මන්දගාමී බෙදා හැරීම සිදු වන කුළු දත්ත දැලටි භාවිත සමයන් විස්තර කිරීමට Internet rush hour යන යෙදුම භාවිතා කෙරී ඇත.