Jump to content

කුලක (ගණිතය)

විකිපීඩියා වෙතින්
කුලක දෙකක ඡේදනය සමන්විත වන්නේ කුලක දෙකෙහිම අඩංගු වන්නාවූ වස්තූන්ගෙන් වන අතර, එය වෙන් රූපසටහනක දක්වනු ලබයි.

කුලකයක් යනු ප්‍රභින්න වස්තූන් සමූහයක එනතුවක් වන අතර එම එකතුව තවත් වස්තුවක් ලෙස හැඳින්වීම සාධාරණ යැයි සැලකේ. කුලක යනු ගණිතයෙහි අතිශයින් මූලික සංකල්පයන් අතරින් එකකි. 19වන සියවසෙහි අගභාගයෙහිදී වැඩිදියුණුවට පත්කෙරලුනු කුලක වාදය වර්තමානයේ ගණිතයෙහි සාර්වචක්‍රවර්තී කොටසක් වෙමින් ගණිතයෙහි සමස්තයම පාහේ ව්‍යුත්පන්න වන්නාවූ පදනමක් ලෙසින් භාවිතා කල හැකිය. ගණිත අධ්‍යාපනයෙහිදී, වෙන් රූපසටහන් වැනි මූලික කරුණු බාල වියෙහිදී උගැන්වෙන අතර, වඩාත් ප්‍රගත සංකල්ප උගැන්වෙන්නේ විශ්වවිද්‍යාල උපාධියන්ගේ කොටස් ලෙසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=කුලක_(ගණිතය)&oldid=779930" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි