කුරුමිණියාගල

විකිපීඩියා වෙතින්

කුරුණෑගල පුරවරයේ පිහිටලා තිබෙන ඇතෙකුගේ හැඩය ගත් ඇතුගල එහෙමත් නැත්නම් ඇතාගල බොහොම ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙන ස්ථානයක්. ඒ වගේම මේ සුප්‍රසිද්ධ ඇතාගල ඇතුළු කුරුණෑගලට අයත් බොහෝ දැවැන්ත පර්වත, කඳු, හෙල් ආශ්‍රය කරගෙන ජනප්‍රවාද රැසක් වගේම තවමත් සැඟවී තිබෙන ඉතිහාසයක් තිබෙනවා. ඇතුගල හෙවත් ඇතාගල සම්බන්ධයෙන් අපිට අසන්නට ලැබෙන එක් ජනප්‍රවාදයක් ඒ අසලම පිහිටලා තිබෙන ඉබ්බාගල, එළුගල, කුරුමිණියාගල, ආඳාගල ආදී සත්ත්ව හැඩය නිසා නම්පට බැඳුණු පර්වත සහ කුවේණිය සමග බැඳී තිබෙනවා. විජය රජු විසින් නෙරපා හරින කුවේණිය ඉතාමත් දුකින් සහ විශාල කෝපයකින් යම් ශාපයක් සිදුකළ බවත්, ඒ ශාපය සිදුකළ ස්ථානයේ රැඳී සිටි ඇතෙක්, කුරුමිණියෙක්, ඉබ්බෙක්, එළුවෙක් සහ ආඳෙක් ශාපයේ ප්‍රතිඵලයක් විදිහට මේ ආකාරයෙන් ගල් පර්වත හැඩයට පරිවර්තනය වූ බවත් මේ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ සෑම ගලකම අදටත් සැඟවී තිබෙන ඓතිහාසික කාරණා බොහෝමයක් තිබෙන බව කුරුණෑගල ජනතාව විශ්වාස කරනවා.

"https://si.wikipedia.org/w/index.php?title=කුරුමිණියාගල&oldid=470188" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි