Jump to content

කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව

විකිපීඩියා වෙතින්
කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව
ශ්‍රී සත්බුදු මහා සෑය
ශ්‍රී සත්බුදු මහා සෑය
කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව is located in Sri Lanka
කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමමහමෙව්නාව භාවනා අසපුව,කුඹල්වෙල,ඇල්ල,ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක6°52′47.8″N 81°01′40.7″E / 6.879944°N 81.027972°E / 6.879944; 81.027972
අනුබැඳියාවථේරවාද
රටශ්‍රී ලංකාව
වෙබ්අඩවියවෙබ් අඩවිය
ගෘහනිර්මාණ විස්තර
ආදිකර්තෘකිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සම්පූර්ණ කෙරුණේ2024
සම්පූර්ණ විස්තර
උස (උපරිම)අඩි 120 කි.

කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව ඇල්ල පුරවරයේ කුඹල්වෙල, මුහුදු මට්ටමේ සිට මීටර් 1300 ක් පමණ ඉහළ කඳු මුදුනක පිහිටා ඇත. ශ්‍රී සත්බුදු මහා සෑ විහාරය ලෙසද හදුන්වන මෙම අසපුව වර්ෂ 2007 දී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මඟපෙන්වීම යටතේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ තවත් එක් ශාඛාවක් ලෙස ඇරඹුණු අක්කර 48 ක් පුරා පැතිරුණු මේ අසපුවේ වැඩ නිම වන්නේ වර්ෂ 2024 අගෝස්තු මස දීය.[1]

ශ්‍රී සත්බුදු මහා සෑය

[සංස්කරණය]

කල්ප සියයක් ඇතළත ලොව පහළ වී වදාල විපස්සී, සීඩී, වෙස්සභු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සත්බුදු රජාණන් වහන්සේල වෙනුවෙන් ලෝකයේ ඉදී වූ එකම සෑය වේ. අඩි 120 ක් වන මෙය පොළව මට්ටමේ සිට අඩි 20 ක විහාර මන්දිරයකින් සහ අඩි 100 ක උස සෑයකින් යුතු වේ.කොතේ උස අඩි 15 කි.වැය වී ඇති සමස්ත ගඩොල් ප්‍රමාණය; ගඩොල් 18 ලක්ෂය කි.

නමුණුකුල කඳු ප්‍රධාන කරගත් කඳු යායකින් වට වූ පරිසරයේ පිහිටි මෙය ඌව පළාතේ උසම සෑයක් ලෙස ද සැලකනු ලබයි.(මහියංගණ මහා සෑය ද අඩි 120 ක උසකින් යුතු වන බැවින් මෙම මහා සෑයේ සම්පූර්ණ උස මහියංගණ ස්ථූපයේ උසට සමාන වේ.)

මෙම ස්තූපය ඌව පළාතේ සුපිහිටි මහියංගණ මහා සෑය ඉදිකළ සුමන සමන් දෙවියන්ගේ ශ්‍රී නාමයේ "සමන්" යන කොටසත්, මුතියංගණ මහා සෑය ඉදිකළ ඉන්දක දෙවියන්ගේ ශ්‍රී නාමයේ "ඉන්දක" යන කොටසත් යොදා උන්වහන්සේලාගේ ශ්‍රී නාමයට උපහාර පිණිස සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය ලෙස නම් කර ඇත. හැදින්වීමේ පහසුව තකා වර්තමානයේ ශ්‍රී සත්බුදු මහා සෑය ලෙස හදුන්වනු ලබයි.

ප්‍රධාන ධාතු ස්ථූපයක් හා ඒ වටා පරිවාර ස්ථූප 6 කින් සමන්විත වන සේ නිමවා ඇති "ශ්‍රී සත්බුදු මහා සෑය" සෑදීම සදහා මුල්ගල් තබන්නේ 2011 වර්ෂයේ දී වන අතර විහාර මන්දිරය සහිත ස්ථූපයේ වැඩ නිම වන්නේ 2024 වසරේ දී ය.

ප්‍රධාන ස්ථූපය ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසාත්, පරිවාර ස්ථූප විපස්සී බුදුරදුන්ගේ සිට කාශ්‍යප බුදුරදුන් දක්වා වන බුදුරජාණන් වහන්සේලා උදෙසා ඉදිකර ඇත.

සත්බුදු මහා සෑයෙහි ඉදිකිරීම් අතරතුර

2018 වසරේ නොවැම්බර් මස 18 වන දින ඉරු දින හිමිදිරියේ මහා සංඝරත්නයේ වැඩිවීමෙන්,දහස් ගණන් සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේ ත්‍රිවිධ මංගල්‍යය, දම්සක් දෙසුම, සමනොළ ගිරි හිස සිරිපා පිහිටුවීම වැනි සම්බුද්ධ චරිතයේ සුවිශේෂ අවස්ථා දැක්වෙන පිළිම නිර්මාණ, සිතුවම් නිර්මාණ, රන්කම්, ලියකම් ආදී නොයෙක් නිර්මාණයන්ගෙන් අලංකෘත සත්බුදු මහා සෑයේ ප්‍රධාන ධාතු ගර්භය තුළ ශ්‍රී සර්වඥ ධාතූ මංජුසා, මහරහත් ධාතූ මංජුසා තැන්පත් කොට ගර්භයේ රන් ද්වාර නැවත කිසි දිනක විවෘත කල නොහැකි පරිදි වසා ශක්තිමත් ආරක්ෂාවක් සැලසී ය.

තවද,එක් එක් ස්ථූපයන්ගේ ධාතු ගර්භයන් 7 හිම සහ සතරැස් කොටු 7 හිම සොඳුරු සිතුවම් සහ ඉදිකිරීම් සහිත විහාර මන්දිර 14 ක් නිර්මාණය කර ඇත. එසේම සෑම ස්ථූපථකම සර්වඥ ධාතූන් වහන්සේලා ද, දඹදිවවැසි, ලංකාවැසි බොහෝ මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේල බොහෝ ප්‍රමාණයක් ද, තඹ පත්තිරුවල ලියන ලද ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය ද තැන්පත් කර ඇත.පරිවාර ස්ථූපයන්ගේ ඒ ඒ බුදුරජාණන් වහන්සේලාගේ සම්බුද්ධ චරිතයේ විශේෂ අවස්ථාවන් ද සිතුවම් කර ඇත.[2]

සත්බුදු මන්දිරය

[සංස්කරණය]

අඩි 120 ක් උසැති ස්ථූපයේ පොළොව මට්ටමේ අඩි 20 ක් උසකින් ප්‍රධාන බුද්ධ මන්දිරය ලෙස මෙම සත්බුදු මන්දිරය නිමවා ඇත.වර්ග අඩි 7000 ක් පුරා පැතිරුණු මෙම සත්බුදු විහාර මන්දිරයේ එක් එක් සත්බුදු රජාණන් වහන්සේල උදෙසා වෙන වෙනම ප්‍රතිමාවන් ද එම එක් එක් බුදුරජාණන් වහන්සේගෙන් අපගේ මහා බෝසතුන් ගෞතම නමින් සම්බුද්ධත්වයට පත් වීමට නියත විවරණ ගැනීම, බුදුරජාණන් වහන්සේ සමනොළ ගිරි හිස සිරිපා තැබීම, මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩම වීම ආදී අවස්ථාවන් කැළණි විහාර සිතුවම් සම්ප්‍රදායට නවීන වර්ණ සංකලනයන් භාවිතයෙන් සිතුවම් කර ඇත.

කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදිකිරීම් අතරතුර

දකින විටම බුද්ධ ගෞරවය ඇතිවන පරිදි ජීවමාන පිළිරුවක් මෙන් ඉදිකර ඇති මෙම සෑම සත්බුදු ප්‍රතිමාවක ම තායිලන්තයේ ස්වාමීන් වහන්සේල සහ දායක පිරිසක් විසින් එරටින් ගෙනෙන ලද සැබෑ රන් ලෝහ පත්‍ර ආලේප කර ඇත.

සත්බුදු මන්දිරයේ බිම මොරගහකන්ද ජලාශය ඉදිකරන සමයේ කපා ඉවත් කල කුඹුක් ගස් වල ලෑලි අතුරා ඇති අතර ප්‍රධාන උළුවස්ස තනි ගසකින් නිර්මාණය කර ඇත.එය ලංකාවේ දෙවැනියට උසම උළුවස්ස ලෙස ද සලකනු ලැබේ.

සත්බුදු මන්දිරයේ සියුම් කැටයම්, ලියකම් නිර්මාණ වලින් හා විවිධ වර්ණ සංකලන සංයෝජනයන් වලින් මෙම සත්බුදු මන්දිරය තව තවත් අලංකාර කොට ඇත.[3]

විශේෂත්වය

[සංස්කරණය]

මෙම මහා සෑය ; සත්බුදු රජාණන් වහන්සේලගේ ශ්‍රී නාමය වෙනුවෙන් ලෝකයේ ඉදිවූ එකම ස්ථූපය වන අතර අක්කර 48 ක් පුරා දිවයන පුදබිමේ බෝධීන් වහන්සේල 1000 නමක් රෝපණය කර ඇත. එම නිසා මෙම කන්ද ශ්‍රී බෝධි පර්වතය ලෙස හදුන්වනු ලබයි.

කුඹල්වෙල වන වගා කලාපය

[සංස්කරණය]

මෙම වන වගාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන අතර මෙය අක්කර සිය ගණනක් පුරා පැතිරුණු වන වගාවක් වේ.[4] සාමාන්‍යයෙන් කෑලෑ ගිනි තැබීම් නිසා නිරන්තරයෙන් ගිනි ගැනීමට ලක්වන ස්ථානයකි. 2016 වසරේ ඇතිවුනු ගිනි ගැනීමක් නිසා මෙහි අක්කර 2000 කට ආසන්න ප්‍රමාණයක වන වගාවන් විනාශ වූ බවට වාර්තා වන අතර 2019 වර්ෂයේ දෙවතාවක්, 2022 වර්ෂයේ එක්වරක් ද ගිනි ගැනීමට ලක්විය. මේ කාලය වනවිට අවසාන වශයෙන් කුඹල්වෙල මහමෙව්නා අසපුව කන්දෙහි වන වගා ප්‍රදේශය ගිනි ගැනීමට ලක්වූයේ 2024 වසරේ සැප්තැම්බර් මාසයේ දීය. එහි දී ද සැලකිය යුතු හානියක් වන වගා කලාපය වෙත සිදුවිය.[5]

මෙම කඳු මුදුනේ පිහිටා ඇති මහමෙව්නාව අසපුව නිසා මෙම වන වගා කලාපය සහිත කන්ද කුඹල්වෙල මහමෙව්නා අසපුව කන්ද නැතහොත් බෝධි පර්වත කන්ද ලෙස බොහෝ දෙනා හදුන්වනු ලබයි. නිරන්තර ගිනි ගැනීම් නිසා වන වගා කලාපයට සිදු වන හානිය අවම කිරීම උදෙසා නිතර ගිනි ගන්නා ඵලදායි නොවන ආක්‍රමණකාරී ශාකයක් වන ෆයිනස් ගස් වෙනුවට නැවත විශාල ප්‍රමණයේ කුඹුක්, මී ගස්, නා, කොස්, දෙල්, අලිපේර වැනි දේශීය ශාක සහිත වන වගාවන් සිදු කොට නැවත මේ තත්ත්වයට පත් කිරීමට විශාල වෙහෙසක් අසපුව මගින් දැරීය. ඊට අමතරව මේ කන්ද පුරා බෝ ගස් ම 1000 ක් රෝපණය කර ඇත.

මෙම කන්ද ඉත්තෑවන්, මීයන්, හාවන්, වැලිමීයන්, මීමින්නන්, රිලව් වැනි ක්ෂීරපායින් මෙන්ම පක්ෂීන්, උරගයින්, සමනලුන් ආදී සත්ත්ව විශේෂ කිහිපයකට නිවහන සපයයි.

වැඩි දුර කියවීම

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ https://mahamevnawa.lk/sri-sathbudu-mahase-viharaya/
  2. ^ https://mahamevnawa.lk/bandarawela-seya-dhathu-nidhanothsawaya/
  3. ^ https://raajatv.lk/2024/10/23/kumbalwelamahamewunaasapuwa/[permanent dead link]
  4. ^ ඇල්ල මහමෙවුනා අසපු කන්දේ වන වගා ප්‍රදේශයේ හට ගෙන ඇති ගින්නෙන් අක්කර 10ක් විනාශයි - ITN News දේශීය පුවත් https://share.google/HaO5pxVpd0kzHRxpl
  5. ^ https://www.lankadeepa.lk/news/92/101-658302