කිරිබුරුල්ලේ ප්‍රදාහ රෝගය
| කිරිබුරුල්ලේ ප්‍රදාහ රෝගය | |
|---|---|
| වෙනත් නම් | බුරුලු ප්‍රදාහය, ස්තන ප්‍රදාහය, බුරුළු ප්‍රදාහය |
| 1900 ගණන්වල මුල් භාගයේ බුරුළු ප්‍රදාහයේ චිත්‍රයක් | |
| උච්චාරණය | |
| විශේෂතාව | නාරිවේදය |
| රෝග ලක්ෂණ | පියයුරු වේදනාව සහ රතු පැහැ ගැනීම, උණ[1] |
| Usual onset | වේගවත්[1] |
| රෝග විනිශ්චය ක්‍රම | රෝග ලක්ෂණ මත පදනම්ව[2] |
| Differential diagnosis | සිර වුණු කිරි නාලය,[3] පියයුරු ඉදිමීම,[4] පියයුරු පිළිකා (දුර්ලභයි)[1] |
| වැළක්වීම | හොඳ තාක්ෂණයක් සහිතව නිතර මව්කිරි දීම[2] |
| ප්‍රතිකාර | ප්‍රතිජීවක (සෙෆලෙක්සින්), ඉබුප්‍රොෆෙන්[2][1] |
| සංඛ්‍යාතය | මව්කිරි දෙන කාන්තාවන්ගෙන් 10% ක්[2] |
කිරිබුරුල්ලේ ප්‍රදාහ රෝගය යනු පියයුරු හෝ බුරුල්ලේ ඇති වන දැවිල්ලක් වන අතර එය සාමාන්‍යයෙන් මව්කිරි දීම සමඟ සම්බන්ධ වේ.[1][5][6] රෝග ලක්ෂණ අතර සාමාන්‍යයෙන් එම ප්‍රදේශයේ වේදනාව සහ රතු පැහැ ගැනීම ඇතුළත් වේ.[1] බොහෝ විට ඒ ආශ්‍රිත උණ සහ සාමාන්‍ය වේදනාවක් ඇති වේ.[1] ආරම්භය සාමාන්‍යයෙන් තරමක් වේගවත් වන අතර සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පසු පළමු මාස කිහිපය මෙය තුළ සිදු වේ.[1] සංකූලතා අතරට සැරව ගෙඩි සෑදීම ඇතුළත් විය හැකිය.[2]
අවදානම් සාධක අතරට ළදරුවා පියයුරු අල්ලා ගැනීම දුර්වල වීම, ඉරිතලා ඇති තනපුඩු, පියයුරු පොම්ප භාවිතා කිරීම සහ කිරි වැරීම ඇතුළත් වේ.[1] බහුලවම මේ සම්බන්ධ වන බැක්ටීරියා වන්නේ ස්ටැෆිලොකොකස් සහ ස්ට්‍රෙප්ටොකොකුස වේ.[1] රෝග විනිශ්චය සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මත පදනම් වේ.[2] සැරවගෙඩි; විස්ඵෝට තිබේ දැයි හඳුනා ගැනීම සඳහා අල්ට්‍රා සවුන්ඩ් (අතිධ්වනි පරිලෝකනය) ප්‍රයෝජනවත් විය හැකිය.[1]
මෙම රෝගය වැළැක්වීම සඳහා සුදුසුම ක්‍රමය වන්නේ නිසි මව්කිරි දීමේ ක්‍රම අනුගමනය කිරීමයි.[2] ආසාදනයක් ඇති විට, සෙෆලෙක්සින් වැනි ප්‍රතිජීවක නිර්දේශ කළ හැක.[2] පියයුරු හිස් කිරීම සුව කිරීම සඳහා වැදගත් වන බැවින්, මව්කිරි දීම සාමාන්‍යයෙන් දිගටම කරගෙන යා යුතුය.[2][1] ප්‍රෝබයොටික් වලින් ප්‍රතිලාභ ලැබෙන බවට තාවකාලික සාක්ෂි සහාය දක්වයි.[1] මව්කිරි දෙන කාන්තාවන්ගෙන් 10% ක් පමණ මෙම රෝගයට ගොදුරු වේ.[2]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b c d e f g h i j k l m Berens PD (December 2015). "Breast Pain: Engorgement, Nipple Pain, and Mastitis". Clinical Obstetrics and Gynecology. 58 (4): 902–14. doi:10.1097/GRF.0000000000000153. PMID 26512442. 2021-08-28 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-01-22.Berens PD (December 2015). "Breast Pain: Engorgement, Nipple Pain, and Mastitis". Clinical Obstetrics and Gynecology. 58 (4): 902–14. doi:10.1097/GRF.0000000000000153. PMID 26512442. Archived from the original on 2021-08-28. Retrieved 2020-01-22. සංරක්ෂණය කළ පිටපත 2021-08-28 at the Wayback Machine
- ^ a b c d e f g h i j Spencer JP (September 2008). "Management of mastitis in breastfeeding women". American Family Physician. 78 (6): 727–31. PMID 18819238.Spencer JP (September 2008). "Management of mastitis in breastfeeding women". American Family Physician. 78 (6): 727–31. PMID 18819238.
- ^ Ferri, Fred F. (2009). Ferri's Clinical Advisor 2010 E-Book: 1 හි පොත් 5 (ඉංග්‍රීසි බසින්). Elsevier Health Sciences. p. 593. ISBN 9780323076852. 2019-09-16 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2017-12-09.
- ^ බුටාරෝ, ටෙරී මහන්; ට්‍රයිබුල්ස්කි, ජෝආන්; බේලි, පැට්‍රීෂියා පොල්ගාර්; සැන්ඩ්බර්ග්-කුක්, ජෝආන් (2007). ප්‍රාථමික සත්කාර: සහයෝගීතා පිළිවෙතක්. එල්සෙවියර් සෞඛ්‍ය විද්‍යාව. p. PT1608. ISBN 978-0323078412. 2019-09-25 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2017-12-09.
- ^ The Worldwatch Institute (2015). State of the World 2006: Special Focus: China and India (ඉංග්‍රීසි බසින්). Island Press. p. 36. ISBN 9781610916332. 2018-10-03 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2017-12-09.
- ^ Ratcliffe, Stephen D. (2008). Family Medicine Obstetrics (ඉංග්‍රීසි බසින්). Elsevier Health Sciences. p. 634. ISBN 978-0323043069. 2018-10-03 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2017-12-09.