කිර්ස්ටි කොවෙන්ට්‍රි
![]() |
මහමාන්‍ය කිර්ස්ටි කොවෙන්ට්‍රි | |
---|---|
![]() 2018 වසරෙහි ක්‍රිස්ටි කොවෙන්ට්‍රි මහත්මිය | |
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තේරීපත්වූ සභාපතිනිය | |
පදවි ප්‍රාප්තිය 2025 ජූනි 23 | |
අනුප්‍රාප්තික | තෝමස් බැච් |
තරුණ, ක්‍රීඩා, කලා සහ විනෝදාස්වාද අමාත්‍ය | |
තනතුර දරමින් 2018 සැප්තැම්බර් 10 – 2025 මාර්තු 25 | |
ජනාධිපතිවරයා | එමර්සන් ම්නන්ගග්වා |
නියෝජ්‍ය අමාත්‍ය |
|
පූර්වප්‍රාප්තිකයා | කසෙම්බේ කසෙම්බේ සිතෙම්බිසෝ නයෝනි |
අනුප්‍රාප්තිකයා | අන්සෙලෙම් නාමෝ සන්යාත්වේ |
පුද්ගලික තොරතුරු | |
උපත | කිර්ස්ටි ලී කොවෙන්ට්‍රි 16 සැප්තැම්බර් 1983 හරාරේ, සිම්බාබ්වේ |
දේශපාලන පක්ෂය | ස්වාධීන |
කලත්‍රයා | ටිරෝන් සෙවාර්ඩ් (වි. 2013) |
ළමයි | 2 |
උගත් ශාස්ත්‍රාලය | ඕබර්න් විශ්වවිද්‍යාලය, (විද්‍යා උපාධිය) |
ක්‍රිස්ටි ලී කොවෙන්ට්‍රි සෙවාර්ඩ් (ඉංග්‍රීසි: Kirsty Coventry); උපත 1983 සැප්තැම්බර් 16) යනු සිම්බාබ්වේ ජාතික දේශපාලනඥයෙකු, ක්‍රීඩා පරිපාලකයෙකු සහ පිහිනුම් ක්‍රීඩිකායෙකු වෙයි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිනිය ලෙස තේරී පත් වූ ඇය, එම තනතුරට පත් වූ පළමු කාන්තාව, පළමු සිම්බාබ්වේ ජාතිකයා සහ පළමු අප්‍රිකානු සම්භවයක් ඇති පුද්ගලයා ද වේ.[1] ඇය 2025 ජූනි මාසයේදී එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.[2] ඒ මහත්මිය 2018 සැප්තැම්බර් සිට 2024 මාර්තු දක්වා සිම්බාබ්වේ රාජ්‍යයේ තරුණ, ක්‍රීඩා, කලා සහ විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස කටයුතු කළේය.
ඇය එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේ ඕබර්න් විශ්වවිද්‍යාලයේ තරඟකාරී පිහිනුම් විෂය ඉගෙන ගෙන ඇත. ග්‍රීසියේ ඇතන්ස් නුවර පැවති 2004 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී, ඇය ඔලිම්පික් පදක්කම් තුනක් දිනා ගත්තේය: රන්, රිදී සහ ලෝකඩ. චීනයේ බෙයිජිං නුවර පැවති 2008 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී, ඇය පදක්කම් හතරක් දිනා ගත්තේය: රන් එකක් සහ රිදී තුනක්. අප්‍රිකාවෙන් වැඩිම ඔලිම්පික් පදක්කම් දිනූ ක්‍රීඩිකාව ඇයයි.[3]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නව සභාපතිනිය ලෙස කිර්ස්ටි කොවෙන්ට්‍රි තේරීපත් වෙයි". හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 20 මාර්තු 2025. සම්ප්‍රවේශය 28 මාර්තු 2025.
- ^ "ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට". අද දෙරණ. 20 මාර්තු 2025. සම්ප්‍රවේශය 28 මාර්තු 2025.
- ^ රන්සර, මීදුම් (21 මාර්තු 2025). "ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් කමිටුවේ සභාපති පුටුව කාන්තාවකට". දසත ලංකා නිව්ස් වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 28 මාර්තු 2025.