කැරම්

කැරම් හෝ කැරම්ස් යනු මේසයක මතුපිටක් උපයෝගී කර ගනිමින් කෙරෙන ක්‍රීඩා පවුලට අයත් වන බිලියඩ් හෝ මේස් ෂෆල්බෝඩ් අතර ක්‍රියාකාරීත්වයට සමාන වන ක්‍රීඩාවකි. මෙයට තවත් නොයෙකුත් නම් ලෝකය පුරා භාවිතා වේ. ඒ අතර (කරම්) carrom,carrum, carum, karam, karom, karum වේ. ඉන්දියානුවන් හෝ නේපාල වැසියන් හෝ විසින් ඇඟිලි බිලියඩ් ලෙස ද මේ හැඳින්වේ. මෙම ක්‍රීඩාව ඔප දැමූ ලී පුවරුවක් මත කෙරෙන අතර ඒ සඳහා අඟල් 29 ක හෝ සෙන්ටිමීටර් 74 ක සමචතුරස්‍රාකාර මතුපිටක් භාවිතා කෙරෙයි. මෙහි දාර ලී වලින් ආවරණය කර ඇත. බිලියඩ් ක්‍රීඩාවේ දී යොදා ගැනෙන බෝල වෙනුවට මෙහි දී ඉත්තෙක් (disk) උපයෝගී කර ගැනෙයි. මෙම ක්‍රීඩාවේ දී බලාපොරොත්තු වන්නේ පහර දීම හෝ ඇඟිලිවල නිය මඟින් සංසන්දනාත්මකව වැඩි බරක් ඇති පහර දෙන්නා නම් වන ඉත්තෙක් මඟින් පහර දීම යි. එහි දී එය ඊට වඩා බරින් අඩු කැරම් මිනිස්සු (ඉත්තන්) ලෙස හඳුන්වන බිම්බයක ගැටී ඒවා ලෑල්ලේ මුළු හතරේ ඇති වළවල් තුළට වැටිය යුතුය.
ඉත්තන් වර්ග
[සංස්කරණය]- සුදු පැහැති ඉත්තන් 9
- කළු පැහැති ඉත්තන් 9
- රතු පැහැති ඉත්තන් 1 (රැජිණ)
කැරම් පුවරුව
[සංස්කරණය]ක්‍රීඩා මතුපිට
[සංස්කරණය]
කැරම් පුවරුවේ මතුපිට සුමට කරන ලද ප්ලයිවුඩ් ගේ වෙනත් දැවයකින් විය යුතු අතර ඝනකම වි.වි. 8 න් හා සෙ.මී. 73.50 හෝ 74 කින් යුත් සමචතුරස්‍රාකාර විය යුතු යි.
රාමු
[සංස්කරණය]කැරම් පුවරුවේ ක්‍රීඩා මතුපිට සම්බන්ධ කරන්නා වූ කොටස් ද රාමු විය යුතු අතර, ඇතුළත නෙලු මුලු රෝස්බ්‍රඩ් හෝ වෙනත් ඝන දැවයකින් විය යුතු අතර එය ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත විය යුතු යි. අවම උස සෙ.මී. 1.90 හා ක්‍රීඩා මතුපිටින් සෙ.මී. 2.54 වඩා නොවැඩි විය යුතු යි. රාමුවේ පළල සෙ.මී. 6.23 නොඅඩු විය යුතු අතර සෙ.මී. 7.60 නොවැඩි විය යුතු යි.
සාක්තු (මුලු)
[සංස්කරණය]කැරම් පුවරුවේ මුලු හතර ඇතුලට රවුම් විය යුතු අතර වට ප්‍රමාණයෙන් සෙ.මී. 4.45 විය යුතු අතර එහි වෙනස සෙ.මී. 0.15 නොඉක්මිය යුතු යි. මුලු සම්බන්ධ වන ප්ලයිවුම් කොටස කපා දැමිය යුතු යි.
ආධාරක ඉරි
[සංස්කරණය]කෙලින් ඉරි දෙකක් සෙ.මී. 47 දිගින් කළු පාටින් එක හා සමානව සෑම පැත්තකම තිබිය යුතු අතර මෙය රාමුවේ සෑම පැත්තකටම සමාන්තරව තිබිය යුතු යි. මෙය රාමුවේ සිට සෙ.මී. 10.15 දුරකින් විය යුතු අතර 2 වන ඉර සෙ.මී. 3.18 කින් මුලික ඉරේ පහළ කොටසින් දුරස් විය යුතුය. මුලික ඉරි සෙ.මි. 3.18 කින් යුත් රවුම් වලින් වැඩි විය යුතු අතර. මෙය සෑම මුල්ලකම විය යුතුය. මෙම රවුම මැද සෙ.මී. 2.54 යුත් කොටස ක් රතු පැහැයෙන් වරෟණ කළ යුතු යි. මෙම වෘත්ත බේස් සර්නල්ස් යනුවෙන් හැඳින්වෙන අතර මෙම වෘත්ත අඳිනු ලබන්නේ බේස් ලයින් 2 කට ස්පර්ශ වන ආකාරයට හා යාබද බේස් ලයින්ස් ද අනුමානව දීර්ඝ යැ යි සිතා මබ්ස් සර්නල් එකක දුර තුනෙන් පැත්තේ එන් අතර සෙ.මී. 1.27 විය යුතු යි.

කැරම් ඉත්තෝ
[සංස්කරණය]කැරම් ඉත්තෝ බොහෝ විට ලීයෙන් තැනෙන අතර ඒකාකාර හැඩයකින් යුත් කැරම් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා පෙත්තකි. කැරම් ලෑල්ලේ පැතිළි තලය මත සුමට ආකාරයෙන් චලනය වන අතර, ක්‍රීඩකයා විසින් එය නියමිත නීතියට හසුරුවනු ලබයි. කැරම් පෙත්ත පාට දෙකකින් එන අතර, සාම්ප්‍රදායිකව මෙය සුදු හා කළු වර්ණයෙන් යුක්තය. බ්රේකර් (කඩන්නා) නිතරම සුදු පාටින් යුත් පැත්ත භාවිතා කරන අතර, විශේෂිත කැරම් පෙත්තක් රතු පාටින් වර්ණවත් කර ඇති අතර, එය රැජින ලෙස හඳුන්වයි. අන්තර්ජාතික කැරම් සංගමය (ICF) අනුව කැරම් පෙත්ත විෂ්කම්භයෙන් සෙ.මි 3.18 හා 3.02 වඩා නොවිය යුතු අතර මි.මි. 9 ක ඝනකමින් යුක්ත විය යුතු යි. බර ග්රෑම් 5.5ක් විය යුතු යි.
රතු හා සමහර අවස්ථාවන්හි රෝස පැහැය වන අතර කැරම් පෙති අතර වඩා ප්‍රබල එක වන්නේය. එය කවයේ මධ්‍යයේ තිබෙන අතර ICF නීතියට අනුව ක්‍රීඩකයන් රැජින සමඟ තරඟයෙන් ජය ගත්විට ඔහුට රැජින ලකුණු 3 ක් හිමිවේ. ක්‍රීඩකයෙක් හට රැජින ස්ථානගත කිරීමට හා තමන්ගේ අනෙක් කැරම් පෙති ස්ථානගත වී ඇත්නම් අයිතියක් ඇත.
රැජීණ
[සංස්කරණය]රතු හා සමහර අවස්ථාවන්හි රෝස පැහැ වන අතර කැරම් පෙති අතර වඩා ප්‍රබල එක වන්නේ යි. එය නවයේ මධ්‍යයේ තිබෙන අතර ICF නීතියට අනුව ක්‍රීඩකයෙන් රැජිණ සමග තිරයක් ජය ගත හොත් ඔහුට රැජිණ ලකුණු 3 ක් හිමි වේ. ක්‍රීඩකයකුට රැජිණ ස්ථානගත කිරීමට හා තමන් ගේ අනෙක් කැරම් පෙති ස්ථානගත වී ඇත්නම් අයිතියන් ඇත.